PDA

View Full Version : Taken [2008] සිංහල උපසිරැසි සමඟ

HEDZ
07-31-2012, 10:01 AM
Taken [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=173)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=173))

http://www.zoom.lk/forums/downloads/subs/taken/taken2.jpg
ඔන්න අද මම අරගෙන ආවේ සුපිරිම සුපිරි මැක්සා Thriller/Action ‍ෆිල්ම් එකක්,‍ෆිල්ම් එකේ නම නම් Taken නම ඇහුවම කතාව මොකක්ද කියලා හිතාගන්න පුළුවවන්නේ.මේ ‍ෆිල්ම් එක IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.9 (http://www.imdb.com/title/tt0936501/)ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තියෙනවා.මේ ‍ෆිල්ම් එකේ දෙවනි කොටසත් ලගදීම එන්න නියමිතව තිබෙනවා.(ඔක්තෝම්බර ් 5)ඉතින් දෙවනි එක බලන්න කලින් පලවෙනි එක බලලා හිටියම ගොඩක් හොදයිනේ,ඔන්න ඒක නිසා මම දෙවනි එකට කලින් පලවෙනි ‍ෆිල්ම් එක සිංහල උපසි‍රැසි සහිතව අරගෙන ආවා.

චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුප්‍රකට නලු Liam Neeson විසින්.කතාව ගැන කියනවනම් බ්‍රයන් මිල්ස් (Liam Neeson) කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිළධාරියෙක්.ඇගේ දියණිය ඇගේ යාළුවෙකු සමග ප්‍රංශයේ විනෝද චාරිකාවක් යාමට ඔහුගෙන් අවසර ඉල්ලා සිටිනවා,ලෝකේ ගැන ඔහු දන්න නිසා ඔහු කියා සිටින්නේ ගැහැණු ළමුන් දෙදෙනෙක් තනියම විනෝද චාරිකාවක් යාම අනතුරුදායක බවයි,කෙසේ නමුත් ඇගේ දියණියගේ සහ ඇගේ බිරියගේ ඉල්ලීමට සවන් දී ඔහු යාමට දියණියට අවසර දෙනවා,දියනිය ප්‍රංශය බලා පිටත්ව යනවා.ඉන්පසු ඇගේ දියනිය ඔහුට පවසා සිටින්නේ තමා ලොකු කරදරයක වැටී සිටින බවයි.ඔහු තම ආදරණිය දියණියව සොයා ප්‍රංශයට යාමට සිදුවෙනවා.මෙම පියාට තම දියණියව සොයාගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවෙනවා.පියෙකු විසින් තම දියණියව සෙවිමට ගන්න උත්සහය මනා ලෙස පෙන්වීමට මෙම චිත්‍රපටියට හැකි වී තිබෙනවා.පියාට තම දියණියව සොයාගැනීමට හැකිවේවිද? තම දියණිය වැටී සිටින කරදරය කුමක්ද?

කට්ටියම අරගෙන බලන්න ලස්සන කථාවක් අඩංගු චිත්‍රපටියක්,චිත් රපටිය ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.තවත් චිත්‍රපටයක් සමග ඉක්මනින්ම හමුවෙමු, ඔබට සුභ දවසක් !

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
07-31-2012, 10:14 AM
දෙවැනි එක බලන්න කලින් පලවෙනි එක දුන්න එකනම් හොදයි මොකද මේක මමත් තාම බලලා නෑ.
බොහෝම ස්තුතියි නවීන්.දැන් එක දිගට උපසිරැසි දෙනවා නේද :): ගොඩක් හොදයි ඒක නම් :yes:

CJA
07-31-2012, 10:17 AM
නවීන් සහෝගෙන් තවත් සුපිරි වැඩක්, එල, එල මේක බලන්නම හිටපු එකක්, මේකට උපසි‍රැසි කරපු එකට ගොඩක් ස්තූතියි, ජයවේවා සහෝ... :thumbsup::clap::40_002:

Demax
07-31-2012, 10:33 AM
එල එල බොහොම ස්තුතියි මචන්!

Udara|රොකියා
07-31-2012, 10:56 AM
මේක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. මම මේ චිත්‍රපටය දැනට 3 පාරක් බලල තියෙනවා. මුල්ම වතාවට බැලුවේ සැට් එකේ. ඊළඟට දැනට අවුරුදු 3කට විතර උඩදී බැලුවා. ඊට පස්සේ ලඟදි නවින් එක්ක කරපු චැට් එකකදී අයෙ මතකයට ඇවිල්ලා බැලුවා. බලපු ලස්සන චිත්‍රපටයක්. Liam Neeson කියන අසහාය නළුවට අවුරුදු 60ක් කියල කියන්නවත් බෑ ඔහුගේ මෙම චිත්‍රපටයේ යෙදෙන සටන් ජවනිකා බැලුවහම. දෙවෙනි කොටසටත් නවින් ඉක්මනටම උපසිරසි දෙයි කියල විශ්වාස කරනවා.

Naveen
07-31-2012, 11:01 AM

මේකේ දෙවනි කොටසටත් උපසි‍රැසි ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා.

Viraj_rox
07-31-2012, 11:03 AM
සුපිරි ගණයේ චිත්‍රපටියක් වගේ රේටින් බැලුවම එක් පෙනවා බොහෝම ස්තුතිය මචෝ :clap:

Hash
07-31-2012, 11:11 AM
වැඩි වැඩි යෙන් අපි වෙනුවෙන් උපසිරැසි දාන්න හැකියාව ලැබේවා

Time Traveler
07-31-2012, 11:44 AM
ලස්සන කථාවක් වගේ. මහන්සිවෙලා කරපු තවත් හොඳ වැඩක්. උපසිරැසි වලට බොහොම ස්තුතියි නවින්!

BLacK HuNTeR
07-31-2012, 01:07 PM
එලනේ මචන් සබ් නම් සුම් තමා ඉතින්!! නවින් ලොක්කට බොහෝම ස්තුතියි

gamage
07-31-2012, 01:51 PM
thanks machan :)

super
07-31-2012, 02:01 PM
ඔබේ මහන්සිය බොහෝම අගේ කරනවා.අපි වෙනුවෙන් වෙහෙස වී මෙවැනි දෙයක් ලබා දීම වෙනුවෙන් ස්තූතියි බොහෝම සහෝ.එළ ආ...............
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap::clap:

Anushiz
07-31-2012, 02:28 PM
ලස්සන කතාවක් තියන චිත්‍රපටියක් වගේ.අනිවාර්යෙන් අරන් බලන්නම් බොහෝම ස්තුතියි නවීන්

1118lakmalkumara
07-31-2012, 02:52 PM
Aiyyoooooo mage laga 1080p eka thiyenne yify ge ekata suppurt nahene aiypoooooooooooooo

PASANJAYASINGHE
07-31-2012, 03:00 PM
හොද Film එකක් වගේ. Thanks Friend........

imax
07-31-2012, 03:00 PM
thanks machan :)

මරු හිරා
07-31-2012, 03:18 PM
:thumbsup:

Punisher
07-31-2012, 06:33 PM
නවීන් තවත් අලුත් එකක් දිලා නේද.මේක සිංහල එක්කම දුන්න එක නම් හොදයි අදම අරන් බලන්න ඕන.

CREATIVEN
07-31-2012, 06:38 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

sujeewa
07-31-2012, 06:50 PM
තැන්ක්ස් මචන් මේක දුන්නට.

copper
07-31-2012, 07:36 PM
ගින්දර වගේ ෆිල්ම් එකක් දිලානේ නියමයි මචෝ. ඊලග එකත් සුපිරිම සුපිරි එකකට දෙන්න

1118lakmalkumara
07-31-2012, 07:57 PM
Aiyyoooooo mage laga 1080p eka thiyenne yify ge ekata suppurt nahene aiypoooooooooooooo

meakata visadumak ganna bariweida

Punisher
07-31-2012, 08:00 PM
meakata visadumak ganna bariweida

YIFY 1080P මැච් වෙනවා නේද බන්?

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Crime | Thriller
[FILE SIZE]:....................[ 550MB
[RESOLUTION]:...................[ 1280*544p
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 1h 33mn
[SOURCE]:.......................[ 720p

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Thriller
[FILE SIZE]:....................[ 1.3GB
[RESOLUTION]:...................[ 1920*816
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 33mn
[SOURCE]:.......................[ 1080p

Run ටයිම් එක එකයි.මමනම් 720 එක බාන්නේ

RaviTH
07-31-2012, 09:12 PM
thanks machan

Zen
07-31-2012, 10:20 PM
මේක නම් නියම ෆිලමක් කියලා අහලා තිබුනට බලන්න වෙලා තිබුනේ නෑ.නවින්ට පිංසිද්ද වෙන්න මේක දැන් සිංහලෙන්ම බලන්න පුලුවන්.

පොඩ්ඩා
07-31-2012, 10:25 PM
දෙනවත් කියලා මෙහෙමත් ෆිල්ම් දෙනවද නියමයි මචන් ඉදලා ඉදලා සුපිරි එවමයි නේද අරන් එන්නේ.මේ වගේ එවා පරණ උනත් මැක්සා තමයි.අනිවාර්යෙන් මේක නම් බලන්න ඕන.

1118lakmalkumara
08-01-2012, 05:58 AM
YIFY 1080P මැච් වෙනවා නේද බන්?

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Crime | Thriller
[FILE SIZE]:....................[ 550MB
[RESOLUTION]:...................[ 1280*544p
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 1h 33mn
[SOURCE]:.......................[ 720p

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Thriller
[FILE SIZE]:....................[ 1.3GB
[RESOLUTION]:...................[ 1920*816
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 33mn
[SOURCE]:.......................[ 1080p

Run ටයිම් එක එකයි.මමනම් 720 එක බාන්නේ

ne machan set wenne nahe sub eka 15sec vithara issarahin yanne

mama issara wela bala thibbe eka ekai den ithin 720p banna wenawa

Thanks for comment machan

sanjewa87
08-01-2012, 07:51 AM
වැදගත් ෆිල්මකට වැදගත් සබ් එකක් වගේ අද නිවාඩු දවසේ මේක එහෙනම් අරන් බලන්න පුලුවන්.

Castiel
08-01-2012, 09:54 AM
ස්තූතියි මචෝ උපසිරැසියට,

tharaka
08-02-2012, 01:00 AM
ගොඩක් ස්තූතියි සහෝ.
මේක බලපු නැති ෆිල්ම් එකක්.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා.
ජයවේවා