PDA

View Full Version : අංගම්පොර සම්ප්‍රදායේ ඉතිහාසය



මරු හිරා
08-02-2012, 07:12 AM
ඈත අතීතයේ සිට පැවත එන මෙම අංගම් පොර ශිල්පය අයත්වනුයේ ලංකාවේ විසූ ආදිතම යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. ඈත අතීතය වසර 30,000 කට කිට්‌ටු කාලයක සිට ගෝස්‌සර නම්වූ ශාක පොතු වර්ගයක ලියන ලද වර්ග පූර්ණිකාව හා පංචරක්‌ඛාවලිය නම්වූ ඉපැරණි ග්‍රන්ථ වලින් දැක්‌වෙන මෙකී සටන් කලාව එවකට විසූ ඉසිවරුන් 9 දෙනකු විසින් ඇරඹීයෑයි සැලකේ. අදින් වසර 30000කට එපිට මේ ලක් දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය මෙහෙයවමින් තමන් උගත් සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවන නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදුව සිංහල ‍‍‍‍‍බෞද්ධ සමාජයට හිමිකර දීමේ මහා කර්තව්‍ය අරඹයි. පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දීමේ මහඟු කාර්යයට උරදෙයි.


http://www.thearchitect.lk/wp-content/uploads/2011/01/08.jpg

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකා ඉතිහාසය වූ කලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුධ ඉතිහාසයක් බව පැහැදිලි ය. ඒ බව සාහිත්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අධ්‍යනය කිරීමෙන් පෙනී යයි. මහා සම්මත මනු යුගය තෙක් රාජාවලියක් ඇති මේ රටේ රාජ්‍යත්වය ආරම්භ වන්නේ මින් වසර 40000කට පෙරාතුව යුගයකදී බව ඉතිහාසඥයින්ගේ මතයයි. අරාජිකව පැවති මේ රටේ රාජ්‍යත්මවක් ඇති කිරීමට අදහස් කළ දේව මණ්ඩලය විසින් "සාදික් අංගං සොන්දෙත්තා..." ආදී වශයෙන් වූ යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් ලංකාවේ සතර දික් භාගයේ දවුල භාවිතා කරමින් යැවූ අඬ බෙරයට සවන් දුන් සටන් කාමීන් අතුරෙන් මනු නම් පුද්ගලයෙකු රුහුණෙන් පැමිණ මන්නාරමේදී හරඹ පා රාජ්‍යත්වයට පත් වූ බවත් ඒ නිසාම මනු+ආ+අරම = මන්නාරම වූ බවත් සඳහන් වේ. එවක මෙම විරුවන්ට සටන් කිරීමට ක්‍රමවත් හා දියුණු සටන් ක්‍රමයක් තිබූ බව මනු රජ විසින් එක් ටැම් උණ ගසක සිට අනෙක් සටන් කරුවන් 14 දෙනෙක් විසින් විදින ලද ඊතල තමන් සිටගෙන සිටින උණ ගස වටා නෙලුම් මලක හැඩයට කැපී ‍වැටෙන සේ කඩු හරඹ දැක්වූ බව කියවීමෙන් පැහැදිලි වේ. කඩු හෙල්ල ආදීආයුධ සකස් කිරීමට අදාල තාක්ෂණික දැනුම අප මුතුන් මිත්තන් සතු වූ බවත් එවන් ආයුධ ක්‍රමානුකූලව අධ්‍යනය කොට සතුරන් මැඩීමට තරම් ප්‍රභල සටන් ක්‍රමක් පැවති බවත් පැහැදිලි වේ. බලි, තරු, රාවණ ආදී ශ්‍රේෂ්ට නරපතියන්ගේ පහස ලත් මෙම සටන් ක්‍රමය එදා ලක්දිව කාලයෙන් කාලයට විවිධ නම් භාවිතා වූ බවත් අද වන විට අංගං යන නාමය බවට එය පත් වී ඇති බවත් පැහැදිලි වේ.


රාවණ යුගය

බෞද්ධ ආගමික ආභාෂය කාශ්‍යප බුදුන් වැඩසිටි රාවන යුගයේදී අංගම්පොර ශිල්පයට එකතුවී ඇති බවට සැලකේ. මෙම ශිල්පයේ පුරෝගාමියා ලෙස සැලකිය හැකි ස්‌කන්ධ කුමරුන්ගේ මහසෙන් නම්වූ සෙන්පතියාගෙන් අනතුරුව එවකට දිවයින පුරාම පැතිරී ගිය ශිල්පයක්‌ වන අතර අනතුරුව වැඩ විසූ මහා පුලතිසි, අගස්‌ති, නාරද හා කපිල යන ඉසිවරුන් මෙයට පුනර්ජීවයක්‌ දීමට කටයුතු කළේ ය. මෙයිනුත් රාවණා රජුගේ ඥාති අගස්‌ති සෘෂිවරයා මගින් රාවණයෝ මෙකී සකල කලා අඩංගු අංගම් ශිල්පය මනාසේ ප්‍රගුණ කළහ. ඒ බවට සාධක එමට ඇත. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය ප‍්‍රගුණ කළහ.


විජයාමනයෙන් පසු යුගය

මෙසේ ශත වර්ෂ ගණනාවක්‌ හෙලදිව අසහාය රණශූරයන් බිහිකළ මෙම අංගම් ශිල්පය විජයාගමනයෙන් හා කුවේණිගේ සමයේ සිදුවූ කුමන්ත්‍රණයෙන් අනතුරුව සී. සී. කඩව විසිර ගිය යක්‍ෂ, රාක්‍ෂ හා නාග ගෝත්‍රිකයන් විසින් පරම්පරාගතව රැකගත් නමුත් එකල පැවති ඉන්දීය ආක්‍රමණිකයන්ගේ අමානුෂික සමූලඝාතන වලදී නෂ්ඨාවශේෂ බවට පත් විය.

සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.

"ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති...."

සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල

"සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය. දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කමිසයක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට 'ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව' යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි‍ ....."

එදා රාජසිංහ රජතුමාගේ මරණින් පසු පෘතුගීසීන් විසින් අංගංපරම්පරාවල අයට නොයෙකුත් අඩම්තේට්ටම්, කරදර කොට ඇත. සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගං සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බිරිතාන්‍යයන් පියවර ගත්තේ ය. එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය


ඉංශ්‍රීසින්ගේ මර්දන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .

“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”

මරු හිරා
08-02-2012, 07:13 AM
වර්තමාන තත්ත්වය

දඩුමස්නාමානය හා අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත්වෙයි. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගනී. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.
බැලූ බැල්මට යම් යම් සමානකම් අංගම්පොර සටන් ශිල්පය හා පැවතුනද කඩුවක් හෙල්ලයක් භාවිතා කළ පමණින් අංගම්පොර යයි හදුන්වාදීම අතිශයින්ම ම්ලේච්ච හා නින්දිත කාර්යයකි. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ.


http://www.dailynews.lk/2007/09/01/z_p30-Angampora01.jpg

කඩුවෙල කොරතොට රනපිල කලායතනයේ වෙබ් අඩවියෙන් කල උපුටා ගැනීමකි. හොඳයි නම් සලකලා ගියාට කම්නැත

Castiel
08-02-2012, 08:21 AM
You must spread some Reputation around before giving it to මරු හිරා again.

වටින තොරතුරු ටිකක් මචෝ,

නලුබබා
08-02-2012, 08:25 AM
Rep +

Punisher
08-02-2012, 08:32 AM
නියමයි පොරක් නේ!
ඔන්න රෙප්++++

Time Traveler
08-02-2012, 09:57 AM
http://www.picturesanimations.com/w/wow/ookwow.gif
වටිනා ත්‍රෙඩ් එකක්.
රෙප්+

පොඩ්ඩා
08-02-2012, 10:21 AM
කරාටි පරාදයි අංගම් පොර දන්නවා නම්

Time Traveler
08-02-2012, 01:48 PM
මෙන්න මගෙනුත්............................. ..................


දඬුබස්නාමානය ටෙලි නාට්‍යයෙන්...


http://www.youtube.com/watch?v=4tFI6f9xYlc


http://i905.photobucket.com/albums/ac254/othmansoi/35k22wx.gif

අංගම්පොර සටන්කලාවේ ඉතිහාසය පිළිබඳව යූටියුඛයෙන්...


http://www.youtube.com/watch?v=bQHg2VLynQg&feature=related


http://i905.photobucket.com/albums/ac254/othmansoi/35k22wx.gif

වර්ථමානයේ අංගම්පොර සටන්කලාව පිළිබඳව යූටියුඛයෙන්...

රිටිගල අංගම්පොර


http://www.youtube.com/watch?v=vNLRzPossj0


http://www.youtube.com/watch?v=t-Xs10UVTpo


http://www.youtube.com/watch?v=_-NLJE94IMI


http://www.youtube.com/watch?v=r8ZYcOQuxfY


http://www.youtube.com/watch?v=J3HCguudCbc&feature=related


දැයට කිරුළ-2012


http://www.youtube.com/watch?v=SxP9L3ZNLPY


http://www.youtube.com/watch?v=Osu3wq5pE9I


http://www.youtube.com/watch?v=cCt2BJI9364


http://www.youtube.com/watch?v=jCHyzuFDmLU

මරු හිරා
08-02-2012, 05:42 PM
වටින තොරතුරු ටිකක් මචෝ,


Rep +


නියමයි පොරක් නේ!
ඔන්න රෙප්++++


http://www.picturesanimations.com/w/wow/ookwow.gif
වටිනා ත්‍රෙඩ් එකක්.
රෙප්+


කරාටි පරාදයි අංගම් පොර දන්නවා නම්


මෙන්න මගෙනුත්............................. ..................


දඬුබස්නාමානය ටෙලි නාට්‍යයෙන්...


http://www.youtube.com/watch?v=4tFI6f9xYlc


http://i905.photobucket.com/albums/ac254/othmansoi/35k22wx.gif

අංගම්පොර සටන්කලාවේ ඉතිහාසය පිළිබඳව යූටියුඛයෙන්...


http://www.youtube.com/watch?v=bQHg2VLynQg&feature=related


http://i905.photobucket.com/albums/ac254/othmansoi/35k22wx.gif

වර්ථමානයේ අංගම්පොර සටන්කලාව පිළිබඳව යූටියුඛයෙන්...

රිටිගල අංගම්පොර


http://www.youtube.com/watch?v=vNLRzPossj0


http://www.youtube.com/watch?v=t-Xs10UVTpo


http://www.youtube.com/watch?v=_-NLJE94IMI


http://www.youtube.com/watch?v=r8ZYcOQuxfY


http://www.youtube.com/watch?v=J3HCguudCbc&feature=related


දැයට කිරුළ-2012


http://www.youtube.com/watch?v=SxP9L3ZNLPY


http://www.youtube.com/watch?v=Osu3wq5pE9I


http://www.youtube.com/watch?v=cCt2BJI9364


http://www.youtube.com/watch?v=jCHyzuFDmLU

:thumbsup::thumbsup::thumbsup:

sujeewa
08-02-2012, 08:11 PM
;) REP +

මරු හිරා
08-02-2012, 08:47 PM
;) REP +

තෑන්ක්ස්

MANJU
08-02-2012, 09:00 PM
එල
තෑන්ක්ස්:):

මරු හිරා
08-02-2012, 09:01 PM
එල
තෑන්ක්ස්:):

එල