PDA

View Full Version : හොල්මන් කතාවක් අහමුද? (13+ බයගුල්ලන්ට නොවේ

elakiriya
08-02-2012, 10:09 AM
අපේ කට්ටිය ලග තියෙන හොල්මන් කතා හැමෝම එක්ක බෙදාගන්න එකතු වෙන්න..
ඔන්න මම පලවෙනි එක දැම්මbump ekak comment ekak Rep+ ekak denna kamathi nam

Check This - Free SMS ඕනද? ඕනද? ඕනද? (http://www.zoom.lk/forums/showthread.php?t=4344)

මේක මගේ හොදම මිතුරෙක් මුහුණ දුන්න . භයානක අමනුස්ස අද්දැකීමක් .

ජනිත් .... ජනිත් කියන්නේ යකෙක්ටවත් බය නැති තරුණයෙක් කිව්වොත් හරි ඒ වගේම හරි දැඩි හිතක් ඔහුට තිබුනා .වෙලාවක් අවේලාවක් තැනක් නොතැනක් නැතිව ඕනෑම තැනකට හිතේ චකිතයකින් තොරව යන එන ජනිත් වගේ කෙනෙක් හොල්මනකට බය උනා කියන ඒක හිතාගන්න බැරි දෙයක්
.... එහෙත් ඒක සිදු උනා...

අපේ ගමේ සැලුන් ඒක කියන්නේ හවසට කොල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා යන තැනක්.. ඔක්කොම එන්නේ කොන්ඩේ කපගන්නමත් නෙමෙයි .. සැලුන් ඒක පිටි පස්සට වෙලා පොඩි අඩියක් එහෙම ගහන්න සෙට් වෙන්නත් එක්ක ...

කාටත් හොරෙන් ඔතනට සති අන්තයේ සෙට් වෙන කොල්ලෝ දෙතුන්දෙනා හෝ හත් අට දෙනා ... අයෙමත් ඔතනින් පිට වෙලා ගෙවල් දොරවල් වලට යන්නේ මහා රැ එකොළහ දොළහ වෙලා..එතෙනකල් බොනවමත්ම එහෙම නෙවේ.. ඒක ඒක මතෘකා අතර දිව යන කතාවල අවසානයක් දකින තුරු ගෙවල් ගැන මතකයක් නැති වීම නිසයි...

ඔන්න ඒක දවසක් උදේ අමුතු කතාවක් ගම පුරා පැතිරුනා ජනිත් අවතාරයකට බයවෙලා කියලා.. තවත් සමහර උන් කිව්වා ජනිත් කොලුවට යකෙක් ගහලා කියල.. ජනිත් කියන්නේ යකෙක් ගහන්න ආවත් යාකාට උනත් ගහල යන තරමේ එකෙක් කියලා මම දන්නා නිසා මුලින් ඔය කතාව පිලිගන්නත් ටිකක් මැලි උනා.. කෝකටත් ඇත්ත නැත්ත බලාගන්න අපිත් ගියා ජනිත්ගේ ගෙදර..

ගේ පිරෙන්න සෙනග.. ජනිත් කාවවත් අදුරන්නේ නැහැ වගේ ඉන්නේ. ඒක පාරම දගලන්න ගන්නවා. කවුරු හරි ඌව මරන්න එනවා වගේ .. ජනිත්ගේ මූන බලපුවම මට පෙනුනේ මොකක් හරි දෙකට නොසැහෙන්න බය වේලා ඉන්න විත්තියක්..
ඒ මදිවට වටේටම යන්ත්‍ර මන්ත්‍ර දන්නා අය පිරිලා.. අතේ නුල් ගැට ගානවා .. වතුර වලට මතුරලා මුනට ඉහිනවා . ඒක විකාරයයි .. එත් ජනිත් නෙමේ ඒ එකකටවත් සැරෙන්ඩර් වෙන්නේ . ..
මේක බලාගෙන ඉන්න බැරි තැන මම උන්ගේ අම්මා ලගට ගිහින් කථා කළා.. උන්දැත් මහා මේර ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ හරි අසරණ කමකින් හිටියේ.

නැන්දේ අපි ජනිතව දොස්තර කෙනෙක් ලගට එක්ක යමුද?

මේවට දොස්තර බෙහෙත් හරියන්නේ නැහැ පුතේ.. කොලුවට . අමනුස්ස දෝෂයක්.

මොකද නැන්දේ උනේ….

කොලුවා පාන්දර 1 ට විතර බිසිකල් ඒකත් තල්ලු කරගෙන අව සිහියෙන් වගේ කියව කියව ඇවිත් තියෙනවා.. එත් එක්කම බයිසිකලෙත් එක්කලම වැටිලා . ඔලුව ගලක හැපිල සිහි මුර්ජා වෙලා .. එහා ගෙදර බේකරියේ වැඩ කරන කොලුවා එලියට ආව වෙලාවේ තමයි මේක දැකල තියෙන්නේ. ඌ කියනවා හය්යෙන් දොඩව දොඩව . දගල දගල ඇවිත් වැටුනලු..
එයිට ටික වෙලාවකට පස්සේ සිහිය ආවත්. කාටදෝ බයෙන් දගලනවා. කොලුවා රැ මැදියමේ තනිපංගලමේ ඇවිත් මොකකට හරි බයවෙලා පුතේ..

ගොඩ කාලයක් යනකල් ජනිත් ට නොයෙක් විදියේ ප්‍රතිකාර කළා. යන්ත්‍ර මන්ත්‍ර අතින් . එහෙම කරලා කාලයක් යනකොට සාමාන්‍ය තත්වයට පත් උනා .. ඒ ත් අපි කව්රුත් එයාගෙන් අර සිද්ධිය ගැන අහන්න ගියේ නැහැ. මොකද අයෙමත් ඔය ගැන මතක් කරන එකෙන්. ජනිත්ගේ අසනීප තත්වය නරක් වෙයිදෝ කියන බයට .

එත් දවසක් මම ජනිත් එක්ක රැයක කථා කර කර ඉන්න කොට මට හිතුනා නිකමට වගේ එදා සිද්දිය අහල බලන්න.

ජනියා මොකෝ බං උබට එදා උනේ උබ හොල්මනක් දැක්කද?

ඒක ඇහුව විතරයි ජනිත් .. අස් ලොකු කරලා මගේ දිහා බලාගෙන හිටියා ටික වෙලාවකට.. සමහර විට එදා උන බියකරු සිදුවීම නැවතත් ජනිත්ට මැවී පෙනෙන්න ඇති...

මෙතැන් සිට ජනිත්ගේ වචනයෙන්..

එදා අපි පිටත් වෙනකොට ටිකක් රැ වුනා .. කඩින් කඩ වැස්සක් කුත් තිබුනනේ.. කොහොම හරි අපේ පැත්තට යන්න හිටියේ වෙනද වගේම මම විතරයි.. මට ඉතින් ඔය පාරේ රැයක දවලේක වෙනසක් නැහැනේ . නිතරම යන එන පාර.....

( ජනිත් ලගේ ගෙදරට යන පාර සැලුන් එක ලග ඉදන් කියනවනම්.. සැලුන් එක තියෙන්නේ තුන්මං හන්දියක... එතන ඉදලා කෙලින්ම උඩහට යන පාරේ යන්න ඕනේ ජනිත් ගෙදර යන්න.. වෙල් යායක් මැදින් වැටුන පාරක ටික දුරක් ගිහින්.. පුංචි කදු පාරකට වැටෙනවා.. ඒ පාරේ එක පැත්තක තියෙන්නේ ලොකු පොල් වත්තක්... ඔය පාරේ අවසානයේ තියෙන්නේ සොහොන් පිට්ටනිය....ඒ හරියේ ගෙවල් එහෙම නැහැ.. පාලුවට ගිය වත්තක් තියෙන්නේ..සොහොන් පිට්ටනිය ඉස්සරහින් හැරිලා යන ගුරු පාරේ යනකොට පාර දෙපැත්තේම විශාල ගස් වැවුණු ..ප්‍රභූ පවුලකට අයත් ඉඩමක් තියෙන්නේ .. ඔය පාර. මහා දවල්ටත් හරි අදුරුයි .. මුසල පාටයි...
ඒ පාරේ කෙලවරින් පොඩි කදු ගැට්ටක් උඩට නගිනකොට තමයි ජනිත්ලගේ ගෙදර තියෙන්නේ... )

පොද වැස්සේම මම ගෙදර යන්න එලියට බැස්ස... ඉතුරු බයිට් ටිකත් උරේක දාලා බයිසිකලේ හැඩල් එකේ එල්ල ගත්තා යනකොට කකා යන්න කියල... හිකිස්‌.. එක තමයි මට වැරදුනේ....
වෙල පහු කරලා . කන්ද හරියේ මම සිකලෙන් බැහැල තල්ලු කරගෙන කන්ද නගිනකොට මට නිකන් අමුත්තක් වගේ තේරුනා .. නිකන් මගේ පිටි පස්සෙන් තව හතර පස් දෙනෙක් ඇවිදගෙන එනවා වගේ..හැරිලා බැලුව තුන් හතර වතාවක්ම එත් මොකෙක්වත් නැහැ.. අඩු තරමේ බල්ලෙක් වත් පාරේ නැහැ...
එහෙම බයිසිකලෙත් තල්ලු කරගෙන ටික දුරක් කන්ද නගිනකොට .. පොල් වත්තේ කෙලවරේ ඉදලා බල්ලෙක් අමුතු තාලෙකට එක දිගටම උඩු බුරන්න ගත්තා .. මගේ හිතටත් හරි අමුත්තක් තේරුනා ඒ වෙලාවේ...

එතකොට තමයි මතක් උනේ බයිසිකල් එකේ ඉස්සරහා එල්ලගෙන ඉන්න උරේ තියෙන්නෙත් පුළුටු නේද කියලා.. ඒ උරෙත් ගලවලා පාරට විසි කරලා...ඉක්මන් කරලා ගෙදර යන්න ගිතාගෙන මම සිකලේට නැගලා කන්ද පදින්න ගත්තා..

කන්ද උඩටම යනකන් අයේ කිසිම සද්දයක් තිබුනේ නැහැ.. ඇතින් උඩු බුරන බල්ලාගේ සද්දේ ඇරෙන්න ..

මේ අතර පොද ගහමින් තිබුන වැස්ස ටිකක් වැඩි වෙමින් තිබුනා . මම සොහොන් බිමත් පහු කරගෙන ඉස්සරහට යනකොට... එක පාරටම සයිකලේ දෙපැත්තට පැද්දෙන්න ගත්තා ..හරියට නිකන් පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා වගේ.. මම සයිකලේ පදින ගමන් පිටිපස්සේ රෝදේ දිහා බල බල අවේ හුලන් බැහැලවත්ද කියල.. එත් එහෙම වෙනසකුත් නැහැ...
බයිසිකලේ ඉස්සරහට යන්නේ නැති තරම් බරයි..
මම පිටි පස්ස බලලා අයෙත් ඉස්සරහ බලනකොට...දැක්ක දේ මතක් වෙනකොටත් මාව තාම ගැහෙනවා.. තඩි කළු මහත මිහිහෙක් මගේ බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන...ඒ මිහිනගේ මුළු ඇගම තෙමිලා.. කළු පාට කෝට් එකක් ඇදගෙන උන්නේ .. ඉස්සරහ බලාගෙන හිටපු නිසා මුණ පෙනෙන්නේ නැහැ..

මම බයට පුළුවන් තරම් හය්යෙන් කැගැහුවා .. එත් බයටම උගුර කට වේලිලා.. සද්දේ පිටවන්නේ නැහැ.. මම මොකක්ද කරන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා මට හරියකට තේරුමක් නැතුව ගියා. බයටම..
මම පුළුවන් තරම් හය්යෙන් බයිසිකලේ පැද්දා..පදින්න බැරි තරම් බයිසිකලේ බරයි..එත් බයටම මම හය්යෙන් පැදගෙන ආවා.. පාළු පාර දිගේ...ඉස්සරහ ඉන්න කෙනා එහෙම්මම ඉන්නවා හෙලවෙන්නේවත් නැතුව ...බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන..

කොහොම හරි මම අවසිහියෙන් වගේ පැදගෙන ආවා . අපේ ගෙවල් ගාව කන්ද මට පැදගන්න බැරි උනා..වැස්සේ උනත් මුළු ඇගම මගේ දාඩියෙන් පෙගිලා හිටියේ.. එතකොටයි මම දැක්කේ . ඒ මිනිහගේ කකුල් දෙක නැහැ. දනිස්සෙන් පහලට කකුල් නැහැ. ඊට පස්සේ මම මෙතුවක් කාලෙකට ජිවිතේ දැක්ක භයංකාරම දසුන දැක්ක...

ඉස්සරහා බලාගෙන හිටපු කෙනා මගේ දිහා බැලුවා... මුළු ශරීරයම ඉස්සරහට හැරිලා තියෙනකොට.. බෙල්ල විතරක් සම්පුර්ණයෙන්ම හරවලා මගේ දිහා බැලුව...හරියට එම්බාම් කරලා කුණු උන මිනියක් වගේ .. මුළු මුනේම කැලි ..කැලි. ගැලවිලා කුණු වෙලා .. ඇස්දෙක එලියට පැනල ..රතුම රතු පාටයි...

මම පුළුවන් තරම් හයියෙන් කෑගහගෙන.. අපේ ගෙවල් පැත්තට දිව්වා.. මම ඒ වෙලාවේ හිටියේ පියවි සිහියෙන් නෙමේ වෙන්න ඇති... එතනින් එහාට කිහිම දෙයක් මට මතක නැහැ...

කොහොම උනත් හොල්මන් අවතාර කියල දෙයක් නැහැ කියලා හිතාගෙන හිටපු මගේ ඒ අදහස වෙනස් උනේ.. ජනිත් කිව්වා ඒ සිද්දියෙන් පස්සේ තමා..
කව්රු කොහොම කිව්වත් . පියවි ඇසට නොපෙනෙන ලෝකයක් තියෙනවා..

ප.ලි. :- මම දැන් රැ දහය එකොළහ පහු උනාට පස්සේ ඔය කියන කනත්ත ගාවින් නම් තනියම යන්නේ නැහැ... කියන්න බැහැනේ . කකුල් නැති අය්යා මගේ බ්යිසිකලෙටත් ගොඩවෙලා ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලුවොත් ..මොන දෙය්යන්ට කියන්නද .......හිකිස්!!!!!

gamage
08-02-2012, 10:14 AM
:O :O
කියවන්න ආස කියවන්න බය තමයි හොල්මන් කතා කියන්නේ

elakiriya
08-02-2012, 10:25 AM
(මෙම කතාව රොබට් යනුවෙන් හදුන්වන පුද්ගලයාට වූ සත්‍ය සිදුවීමකි )

මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........

ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවත නෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා.....

එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්...... කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව

මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......

ගුඩ් නයිට් එව්රිවන්............

කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාම අර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර යකා උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත.....

කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත් ඉතින් ඕන මගුලක් නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......

ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්ක ඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි අර යකා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් කන පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම.......
එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටියව යැවුව......... එදා කතන්දරේ ඉවරයි.........

කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන මගුලක් වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ.......

මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... .### කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල මගුලයි ...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාව ඉවකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ.....

එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... මට මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........

කෝ බලන්න මූ රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් ඉතින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත.......

බුදු අම්මෝ.......

බුදු අම්මෝත් හොඳ එක......

පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.

ඇරපිය යකෝ දොර..........

මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ....

ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........

මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........

උගේ සිද්දිය කෙටියෙන්......

ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල......
අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........

කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල.....

අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ......

අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......

මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ.
විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක් බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........

මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම.

ප.ලි :- මෙම කථාවේ මම යනුවෙන් හදුන්වන්නේ රොබට් යන පුද්ගලයවයි .කථාව ලියා ඇත්තේ ඔහුගේ මානයෙනි

පොඩ්ඩා
08-02-2012, 10:43 AM
තව කතා දාන්න රෙප්++

Time Traveler
08-02-2012, 11:04 AM
වෙනස් ත්‍රෙඩ් එකක්.
මමත් ආසයි භූත කතා වලට
රෙප්+

http://images.fanpop.com/images/image_uploads/Haunted-House-halloween-250818_1024_768.jpg

ඔන්න මගෙනුත් කතාවක්.

තමන් අකැමැති දේ ලැබීම මෙන් ම කැමැති දේ නොලැබීම ද දුකට හේතුවකි. කායික මානසික දුක් පීඩාවලට මිනිස්සු පමණක් නොව තිරිසන් සත්තු ද අකැමැතිය. ලෙඩ රෝග දුක් කරදර එළඹෙනවාට පමණක් නොව එසේ දුකට පත්වූවෙකු උදේ පාන්දර දකිනවාට ද අකැමැතිය. එසේ ම ප්‍රසන්න වූ ජීවී අජීවී වස්තු නොලැබීම දුකකි. එවැනි දේ ධනයෙන් හෝ බලයෙන් ලබාගත නොහැකි කල ඒ සඳහා වෙනත් උපාය මාර්ග ද යොදති. මේ එවැන්නක් නිසා සිදුවූ විපතක් අනාවරණය වූ කතාවකි.

ඔහු විජය. බැංකු සේවයෙන් විශ්‍රාම ගත් නිලධාරියෙකි.

ඔහුගේ බිරිය ධර්මා ප්‍රසන්න කඩවසම් තරුණ කාන්තාවකි. දැනට අවුරුදු කීපයක පටන්ම ඇයට ඇඟපත රුදාව හා රාත්‍රියට නින්ද නොයෑම නිසා වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොවීය. ඊට අමතරව රාත්‍රි කාලයේ නිවස තුළ බඩුමුට්ටු පෙරළන, එහා මෙහා කරන ශබ්ද ඇසෙන්නට විය.

මේ දුක්ඛදායක, බලාපොරොත්තු නොවූ, හිරිහැරයක් වූ, බිය ජනක වූ, තත්ත්වයෙන් මිදීම සඳහාත් බිරිය මුදාගැනීම සඳහාත් විජය ධර්මා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණියේය.

මධ්‍යස්ථානයට පැමිණි සැටියේම ධර්මා සිහිසුන්ව ඇද වැටුණාය. ඉන්පසු ගවේෂකවරයා ඉදිරියේ වැඳ වැටී “අනේ මගේ දුව බේර දෙන්නැ”යි කන්නලව් කළාය.

”කව්ද මේ ශරීරයට රිංගාගෙන සිටින්නේ?”

”මම නෝනාහාමි”

”කව්ද මේ නෝනාහාමි කියන්නේ?”

”මේ දුවගෙ අම්මා”

”තමුන් දැන් කව්ද?”

”දේවතාවියක්”

”දේවතාවියක් මේ දුඟද හමන පිළිකුල් කටයුතු ශරීරවලට රිංගනවද?”

”නැහැ. මම ජීවත්ව සිටියදී වැරදි වැඩ කළේ නැහැ. මගේ මව් පිය දෙදෙනාට වගේම නැන්ද මාමා දෙන්නටත් ගෞරව කළා. සාත්තු සප්පායම් කළා.

වෙනසක් නැතුව සැලකුවා. අනුන්ට ඊර්ෂ්‍යා කළේ නෑ. අනුන්ගේ අඩුපාඩු දොස් කතා කළේ නෑ. අනුන්ගේ හිත රිදෙන්න පරුෂ වචන කතා කළේ නෑ. ඕපාදූප හිස් වචන කතා කළේ නෑ. බොරු කීවේ නෑ. පන්සිල් පද ආරක්ෂා කළා. මම දුගතිගාමීව ඉපදුණේ නෑ. දුවට තියෙන ආදර බැඳීම නිසා ඉහළට යන්න බැරිවුණා. මා හිතාගෙන ඉන්නේ මම දේවතාවියක් කියා. පත්තිනි දේවියගෙන් අවසර වරම් අරගෙනයි ආවේ දුව ආරක්ෂා කරගන්න. මම මගේ දරුවට උදව් කරනවා.”

”මොනවාද ඔබ දුවට කළ උදව්?”

”මගේ දුවට මම උදව් කරනවා. මෙයාට හොඳට මුදල් තියෙනවා. තට්ටු තුනක ගෙයක් හැදුවා. ඒ හැම දේකටම උදව් කරනවා. පත්තිනි දේවියගේ ආශිර්වාදයෙන්.”

”පත්තිනි දේවියගෙයි ඔබෙයි සම්බන්ධය මොකක්ද?”

”මම සුමානෙකට දවසක් නවගමුවේ පත්තිනි දේවාලයේ තේවාවට ගිහින් උදව් වෙනවා. ඒ නිසා එතුමිය මට ආශිර්වාද කරනවා. එතුමිය තමයි මේ ස්ථානයට එන්නත් යොමු කළේ.”

”ඉතින් එහෙම නම් මේ දුවට ලෙඩ දුක් කරදර වෙන්නේ කොහොමද?”

”මගේ දුව බිල්ලට ගන්න බලගතු යක්ෂයෙක් බන්ධනය කරලා. රෑ දොළහටත් දවල් දොළහටත් ඒ යක්ෂයා මගේ දුව මරාගෙන යන්න එනවා. මා නිසා ඒ යක්ෂයාට දුව අරගෙන යන්න බැහැ. මම දුව ළඟ ඉඳගෙන හැමවිටම දුව බේරා ගත්තා. මේ යකා ඒ තරහට දුවගෙ ලොකු පුතාව බිලි ගත්තා. පුතා පැදපු මෝටර් සයිකලය බස් එකකට තල්ලු කරලා”

”කව්ද? මේ බන්ධනය කළේ?”

”අල්ලපු ගෙදර සුනිල්. මීට අවුරුදු පහළොවකට කලින් මගේ දුව යාලු කරගන්න ඌ උත්සාහ කළා. ඌ නිතර නිතර කරදර කරන කොට මගේ බෑණයි දුවයි පොලිසියට ගිහින් පැමිණිලි කළා. පොලිසියෙන් ඌට අවවාද කළා. ඒ ලැජ්ජාවට තමයි ඌ මේ යක්ෂ බන්ධනය කැරෙව්වේ.”

මේ විස්තරයෙන් පසු ධර්මාගේ ශරීරයෙන් නෝනහාමි ගේ භූතාත්මය ඉවත් කොට, යක්ෂයා ගේ ආත්මය ගෙන්වීය. ඔහු බොහෝම සැරපරුෂ ලෙස හැසිරෙන්නට වූ අතර වේවැල භාවිත කොට පාලනය කළේය.

”තමුන් කව්ද?”

”මම ෆයිසාල්”

”ෆයිසාල් කියන්නෙ කව්ද?”

”මම මුස්ලිම් යක්ෂයෙක්”

”කොහොමද මේ ශරීරයට රිංගුවේ?”

”රිංගුවා නොවෙයි බන්ධනය කළා. අවුරුදු පහළොවකට ඉස්සර මේකිව මරා ගෙන යන්න මට බාර දුන්නා.”

”ඇයි ඉතින් බැරිවුණේ?”

”අර නාකි ගෑනි මේකිව ආරක්ෂා කරනවා. මම එන්නේ දවල් දොළහටයි රෑ ;ඟළහටයි. ඒ හැම වෙලාවකම අර නාකි ගෑනි කොහේ හිටියත් මේකි ළඟට ඇවිත් ආරක්ෂා කරනවා. කොයි වෙලාවෙ හරි මම මේකිව මරාගෙන යනවා”

”ඉතින් අර පුතාව මැරුවෙ මොකද?”

”අවුරුදු එකහමාරකට ඉස්සර මුන් පුත්තලමෙ දේවාලෙකට ගිහින් මාව පිච්චුවා. මම ආයෙත් ආවා. අර පුච්චපු තරහට උගේ බයිසිකලය හප්පලා මැරුවා.”

මේ ගැන විජයගෙන් විමසූ විට ඒ සියල්ල සත්‍ය බව අනාවරණය කළේය. “විශාල ඉඩමක ඉඩම් කට්ටි කීපයක් මැද කට්ටිය මිලට ගෙන ගෙයක් හදාගෙන පදිංචිව සිටිනවා. වටේම ඉඩම් කට්ටිවල ඉන්නේ එකම පවුලේ නෑදෑයෝ. අවුරුදු පහළොවකට විතර ඉස්සර අල්ලපු ගෙදර මිනිහා මගේ බිරියට අයුතු යෝජනාවක් කර තිබුණා. ඒ කාලෙ බිරිය හරිම ලස්සනයි. එයා විතරයි ගෙදර හිටියේ. අර මිනිහගෙන් කරදර නිසා අපි පොලිසි ගියා. ඒකට ඒ මිනිහා නයි වෛර වුණා. දවසක් රෑ අපේ මුළු ගේම හෙල්ලුම් කෑවා. එදා ඉඳල තමයි මගේ නෝනා අසනීප වෙන්න ගත්තේ. තොවිල් පවිල්වලට දැනට ලක්ෂ විස්සකට වඩා වියදම් කළා. අපි පුත්තලමේ දේවාලයකට ගිහින් පිළිවෙතක් කළා. ඊට පස්සෙ තමයි පුතා බයිසිකලය හැපිලා මැරුණේ”යි අතීත විස්තරය පැවසුවේය.

දින දහහතරක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

එදින ද යක්ෂයා දරුණුවට හැසිරෙන්නට වූ බැවින් ආධ්‍යාත්මික ශක්තියෙන් යක්ෂයා පිච්චුවේය. එහෙත් ඔහු ධර්මා අතහැර යන්නට අකැමැති විය. නැවතත් බෝධි පූජා පවත්වමින් දින දෙකක් ගෙන්වා යක්ෂයාට තරවටු කොට පිච්චුවේය.

අන්තිම දිනයේ යක්ෂයා ඇය අතහැර යෑමට කැමැති විය.

”තමුන් යනවද? අදත් පුච්චන්නද?”

”එපා .. එපා. මම යන්නම්”

”කොහේට ද යන්නේ?”

”කියන තැනකට යන්නම්”

”එහෙනම් කලින් හිටපු තැනටම යන්න පුළුවන්”

නැවතත් නෝනාහාමිගේ භූතාත්මය ගෙන්නුවේය.

”දැන් කොහොමද?”

”දැන් සතුටුයි. මහත්තයට පින්සිද්ධ වෙන්න දැන් මගේ දුවට අනතුරක් නෑ”

”දැන් තමුන් කොහේද යන්නේ?”

”මම නවගමුවට යනවා”

නිවසේ සාංඝික දානයක් දී මළගිය ඥාතීන්ටත්, විශේෂයෙන් මෑණියන්ටත් පැන් වඩා පින් දෙන ලෙස නියම කොට එදින රාත්‍රිය පුරා භික්ෂූන් වහන්සේ ලවා පිරිත් දේශනයක් පවත්වන්නට ද නියම කළේය.

මේ පිළිවෙත්වලින් නිවසේ අය සුවපත් වෙද්දී ෆයිසාල් නමැති මුස්ලිම් යක්ෂයා නිකම් සිටියේ නැත. තමන් නිදහසේ සැරිසරමින් සිටියදී මන්ත්‍ර බලයෙන් තමා බන්ධනය කළ බැවින් කීපවතාවක්ම පිච්චෙමින් දඬුවම් විඳින්නට සිදුවූයේ ඇදුරෙකු හා සුනිල් නිසා බව සිතා ඒ දෙදෙනාගෙන් පළිගන්නට අධිෂ්ඨාන කළේය.

හ මඟ ගමන් කරමින් සිටි විනකළ ඇදුරා වාහනයකට යට වී මළේය. සුනිල් අංශබාධ රෝගය වැලඳී ඔත්පල ව එක්තැන්ව දුක් විඳී.

අනුන්ගේ වුවමනාවන් පිරිමහන්නට සුළු මුදලකට යක්ෂ බන්ධන කරන, හදි හූනියම් කරන ඇදුරෝ මෙයින් පාඩමක් ගනිත්වා. හදි හූනියම් කරන ඇදුරෝ අනිවාර්යයෙන් ම දුගතිගාමී වෙති. ඔවුන්ට කිසිදිනක නිවනක් නැත.

උපුටාගැනීම facebook වෙබ්අඩවිය ඇසුරෙනි.

gayan159
08-02-2012, 01:13 PM
KO THAWA DANNA KO

gayan159
08-02-2012, 01:13 PM
THAWA KATHA ONNEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

nadun25
08-02-2012, 04:46 PM
එල එල!!!!!!!!!!!:hypnotised::hypnotised::hypnotis ed::hypnotised:

මරු හිරා
08-02-2012, 05:39 PM
නියම ත්‍රෙඩ් එකක්.. දිගටම කතා දාන්න

elakiriya
08-02-2012, 07:15 PM
කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ. ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.

මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.

එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල් රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම් කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි

“කවුද ඔය …”

කියලා අහගෙනම දොර ලඟට ගියා.

“මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”

මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.

“ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”

කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.

තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.

මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !

මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනලු !!!!!

super
08-02-2012, 07:17 PM
කෝ කෝ තව කතා දාපල්ලකෝ................නිය වැඩක්.
:hell_boy::hell_boy::hell_boy:

elakiriya
08-02-2012, 07:20 PM
අවිස්සවෙල්ල පත්තෙ ඉඩල රුවන්වෙල්ල පත්තට යනකොට (ඪන් අවුරුඩු 2කට විතර කලින්) එතන එක ලග ගප් 2ක් එක්ක ඩකුනු අත පත්තෙ කොරටුවක හරි කුබුරක හරි ලකුනු තියෙන තනක්..පර ටිකක් විතර පටුඉ...පර පත්තකින් කඩිල කියල එක පත්තක බෙරල් තිබුන නිස තෙරුම් ගත්ත...වෙලව රෙ 11 පහුවෙල...පරත් තෙතඉ...මන් ගප් 2 ලගටම එඩ්ඩි තමඉ එක පරටම ඩක්කෙ...එතන මීඩුම ගතියකුත් තිබුන..ඉතින් මම ගප් එක ඩක්ක ගමන් බ්‍රේක් ගහුව...එත් එක්කම කොරටුව පල්ලෙහඉන් ගනියෙක් යටි ගිරියෙන් කෙ ගහන සඩ්ඩයක් අහුන...මම එක පරටම එ පත්ත බලුව...එත් මුකුත් න..එතකොට තමඉ ඩක්කෙ කොරටුවක් හරි වෙලක් හරි කියල...මන් බය උන..අනික් ගප් එකත් උඩින් ගිය...කොහොම හරි ගප් 2ම බෙරන්න බරි උන...2වනි ගප් එක පන්නට පස්සෙ මීඩුම නතිවෙල ගිය...පිටිපස්සෙ හිටපු යලුව කිව්වෙ එ අහුනෙ ට්ය්‍රෙ අඩන සඩ්ඩෙ කියල...එත් මට නම් අහුනෙ ගනු කටහඩක් කියල සුරෙ...මොකඩ මගෙ වහනෙ ට්ය්‍රෙ සඩ්ඩෙ මන් හොඩට අඩුනන නිස..එත් යලුව කියපු ඩෙ අහල හිත හය්ය කරන් හිත හඩන් ගමනන්තෙට ගිය...මගෙ යලුව එඩ උඩෙ තමඉ කිව්වෙ..මටත් අහුනෙ බන් ගනු කෙනෙක්ගෙ කටහඩක්ය මමත් බය උනඉ...උබෙ හිත හඩන්නේ එහෙම කිව්වෙ කියල...අවිස්සවෙල්ල ...රුවන්වෙල්ලෙ...ඩෙහ ඔවිට යලුවො ඉන්නව නම් මෙතන අත්ත තත්වෙ මොකඩ්ඩ කියල හරියටම කියන්න...මට එක ඩනගන්න ඔන..මෙතනට අවිස්සවෙල්ලෙ ඉඩන් වෙඩි ඩුර නෙ...මතක විඩියට ඩෙහිඔවිට පහුවෙල වගෙ..එත් හරියටම සුරෙ න..එ ඩවස් වල අවිස්සවෙල්ල රුවන්වෙල්ල පරෙ ගප් එකක් තිබුනෙ එතන විතරඉ වගෙ තමඉ මතක...ඔයල හොල්මන් ගෙන කත කරන නිස මටත් හිතුන මගෙ ජීවිත කලෙටම ලබපු එකම අත්ඩකීම ගෙන ඔයලටත් කියල එතන අත්තටම උන සිඩ්ඩිය මොකඩ්ඩ කියල ඩනගන්න...එ ට්ය්‍රෙ සඩ්ඩෙඩ ??? හොල්මනක් අවතරයක්ඩ ??????

elakiriya
08-02-2012, 07:21 PM
මෙන් තව කතාවක්... මෙ කතාවත් කැගල්ල පැත්තේ සිද්ද වෙච්චි ඇත්ත කතාවක් අදටත් මෙ තැන මෙ වගේ දෙවල් සිද්ද වෙනවා.

ස්තානය කොළඹ නුවර පරේ අන්නාසිගල හන්දිය. මෙතන පොඩි තුම්මන් හන්දියක්. ප්‍රධාන පාරේන් විහිදිගිය අතුරු පාරක් තියනවා බොලගම පැත්තට යන්න. මෙ හන්දිය දවාලටනම් මිනිස්සු නිතරම යන එන ජනාකිර්න තැනක්. මෙතන තියෙනවා පෙඩි තේ කඩයක්, පාරේන් අනික් පැත්තේ එක ගොඩනැගිල්ලක තියෙනවා පොඩි සිල්ලර කඩයක් හා සමුපාකාර ප්‍රදේශිකයක්, එ වගේම තවත් පොඩි ගොඩනැගිල්ලක තියෙනවා දැල් ගහපු පොඩි සිල්ලර කඩයක්, එතන තමයි බස් හොල්ට් එක තියෙන්නේ එක පොඩියි. වැස්සට එහෙම ඉන්න බැ. අර දැල් ගහපු සිල්ලර කඩේ වහපු වෙලාවටත් එක ඉස්සරහා තියෙන ඉඩහි කිහිප දෙනෙකුට උනත් නොතෙමි ඉන්න පුලුවන්...

කතාව පටන් ගන්නේ මෙහෙමයි. මම අදුරන යහලුවෙක් දන්න කියන අන්කල් කෙනෙකුට තමයි මේ සිදුවිමට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ අන්කල් දවසක්දා රැ පාන්දර 1ට විතර තමන්ගේ පුතාව ගමනක් පිටත් කරන්න තමන්ගේ මොටර් සයිකල් එකේන් අන්නාසිගල හන්දියට එක්කන් ඇවිදින් කොළඹට යන බස් එකක් අල්ලාගන්න. මේ වෙලාවෙ ටිකක් වැස්ස ගතියකුත් තිබිලා. ටික වෙලාවක් යනකොට බස් එකක් ඇවිදින් අර අන්කල් තමන්ගේ පුතාව බස් එකට නග්ගලා. එ නංගනකොටම බස් එකේ අනික් දොරේන් මනුස්සයෙක් බැහැලා. එ මනුස්සයා අන්කල් දිහා බලලා බස් එක ගියාට පස්සේ පාර මාරු වෙලා අර බොලගම පැත්තට යන්න තියෙන පාරේන් යන්න ගිහින්. එත් මේ අන්කල් වැස්ස අඩු වෙනකම් කියලා එතනටම වෙලා ඉදලා. මේ අන්කල්ට අර මනුස්සයා ගැන අමුත්තක් දැනිලා බලපු වෙලාවෙම.

මෙහෙම විනාඩි කිහිපයක් ඉන්නකොට අර මනුස්සයා අයෙත් අපහු ඇවිදින් හදිස්සියෙන් වගේ ඇවිදින් අන්කල්ට කිවාලු වැස්සට කලින් යන්න බැලුවෙ එක් වැස්ස වැඩි නිසා අපහු අවා කියලා. අන්කලුත් හිනාවෙලා ටිකක් කතා කර කරා ඉදලා ඔය අනම් මනන් ටිකක් රැ තනියෙන් ඉන්නවාට වඩා කවුරු හරි එක්ක ඉන්න එක හොදයිනේ කියලා. මේ කතාව අතර තමයි අන්කල් දැකලා තියෙන්නේ අර මනුස්සයා අත් දෙකට සුදු පාට අත් මෙස් දෙකක් දාගෙන කියලා. අන්කලුත් හිතලා. වැස්ස නිසා වෙන්න ඇති කියලා. ටික වෙලාවකින් අර මනුස්සයා අර අත් මෙස් දෙක ගලවලා අර දැල් කඩේ දැලක එල්ලලා. විනාඩි 20ක් විතර යනකොට වැස්ස පායලා. අන්කල් කඩ පිලෙන් එලියට ඇවිදින් බයික් එක ලගට ගිහිල්ලා අර මනුස්සයාවත් දාගෙන යන්න කියලා හිතලා අපහු හැරිලා බලලා එතකොට අර මනුස්සයා එතන ඉදලා නැ. කතාකර කර ඉදලා විනාඩියක් වත් යන්න කලින් අතුරුදහන් වෙලා. එච්චර වෙලාවක් අර දැලක එල්ලලා තිවුන අත් මෙස් දෙකත් නැහැ. අන්කල් ටිකක් බය වෙලා. එහෙම්ම බයික් එකේ නැගලා එක හුස්මට බයික් එකේ ගෙදර ඇවිදින්. එකකොටත් දැනුනලු බයික් එකේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ එත් නොබලාම ගෙදර ඇවිදින්. මගදි කනත්තක් හම්බ වෙලා එ කනත්ත ලගදි බයික්එකේ බර අඩු වුනාලු පස්සෙන් කවුරු හරි ඉදලා බැහැලා ගියා වගේ.

අන්කල් ගෙර යනකොට හොදටොම උන ගැනිලා. පස්සේ බොධිපුජාවක් එහෙම කරනකොට අන්කල්ට සනිප වෙලා. ටික දවසක් ගියපුවාහාම අන්කල් දවල් වරුවක අර දැල් කඩේ ගාවට ඇවිදින් එ කඩේ මුදලාලිට විස්තරේ කියලා. පස්සේ ඒ මුදලාලි කියුවාලු එ කඩේ ලග රැට ඔය වගේ දෙවල් වෙනවා. කඩේ හවසට පිරිත්වත් දාන්න බැ කියලා. පිරිත් සි ඩි එකක් දාලා ගියොත් එලි වෙනකොට එ සිඩි එක වෙන තැනක විසික්කරලා තියනවාලු. හැබැයි කාටවත් තාම කරදරයක් නම් වෙලා නැ. බය වෙන එක හැරෙන්න

elakiriya
08-02-2012, 07:22 PM
මේ කියන කතාව සිද්ධ වුණේ මීට අවුරුදු 3කට විතර කළින්. ඒ කාලේ මම හිටියේ ගෙදරට පිටින් තියන වෙනම කොටසක. මොකද මාර නිදහස්නේ. මේ කොටසට වෙන කාටවත් එන්න බෑ මම ඇතුලෙන් දොර ඇරියොත් මිසක. ඒ දවස් වල මම හැමදාම නිදා ගන්න කළින් film එකක් බලලා නිදා ගන්න පුරුදු වෙලා හිටියා. පුරුදු විදිහටම දවසක් මම කොම් එකේ film එක Play කරලා light off කරලා ඇඳට ඇවිත් ඇල වෙලා නිදහසේ ඒක බලන්න කියලා ලෑස්ති වුණා. ඉතින් මම ඔහොම බල බලා ඉන්න අතරේ මට නොදැනීම ටිකක් නින්ද ගිහින්.

එක පාරටම මට ඇහැරුණා. ඇස් ඇරලා බලද්දි ඇඳ උඩ කවුද ගෑණූ කෙනෙක් ඉන්නවා. මගේ දෙපා අද්දරින්ම වාඩි වෙලා. ඇත්තටම මේ හිටියේ තරුණ කෙනෙක් කියලා මට විශ්වාසයි. ඒත් මට එයාගේ මූණ පේන්නේ නෑ. ‍මොකද කොම් එක තියෙන්නේ ඇඳට කෙළින්ම ඉස්සරහින්. එයා ඉන්නේ කොම් එකත් මාත් අතරේ. එයා ඇඳන් හිටියේ දිග ඇඳුමක්. හරියට night dress එකක් වගේ. ඇඳුමේ පාටක් පේන්නේ නෑ මට, මගේ පැත්තට කරුවල නිසා. එයා කොණ්ඩේ කඩා දාලා තමයි හිටියේ. මට එවෙලේ බයක්නම් ඇති වුණේ නෑ. මොනවා වුණත් හැඩ කෙල්ලෙක්නේ. අනික එවෙලේ බය වෙන්න තරම් සිහියක් තිබුණේ නෑ මට. ඊට වැඩිය මේ කෙල්ලගේ මූණ බලා ගන්නයි මට උවමනාව තිබුණේ. එයා මගේ දිහා බලාගෙන කොණ්ඩේ පීරනවා කියලා මට පෙනුණා. තත්පර කිහිපයක් එයා එහෙමම ඉඳලා මගේ ඇස් පනාපිටම හෙමින් බොඳ වෙලා ගියා.

මේ කියන දේ වෙන්න ගත වුණේ තත්පර 30ක් විතර කාලයක්. ඇත්තටම ඒ වෙලාවේ මොකක්ද වුණේ කියලා මම කල්පනා කළා. වැඩි වෙලාවක් ගත්තේ නෑ, අවසාන නිගමනයකට ආවා මම දැක්කේ මනෝවිකාරයක් කියලා. එහෙම හිතලා මම කොම් එකත් off කරලා දාලා නිදා ගත්තා. ඒත් දවස් දෙක තුනකින් ආයෙත් අර විදිහටම film එකක් බල බල ඉන්න අතරේ නින්ද ගියා.

එක පාරටම මට ඇහැරුණා. ඇස් ඇරලා බලද්දි අදත් කෙනෙක් ඉන්නවා. හැබැයි එදා හිටිය අර කෙල්ලනම් නෙමෙයි අද ඉන්නේ. සුදුම සුදු ලොම් ගොඩක් තියන ලොකු බල්ලෙක්. මගේ පා අද්දරම තමයි ඌත් හිටියේ. මගේ පාමුල දිගා වෙලා අර විදිහටම මගේ දිහා බලාගෙන හිටියා. කරුවල වුණත් මට උගේ මූණ හොඳට පෙනුණා. එහෙම ඉඳලා ටික වෙලාවකින් බොඳ වෙලා ගියේ මගේ ඇස් පනා පිටමයි. ‍

මේ කාමරේ ඉන්නකල්ම මට ඔය වගේ පොඩි පොඩි සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. ඒත් ඒ ගැන මම ගෙදර අයට කිව්වේ නෑ. මොකද එහෙම කිව්වොත් මට මේ කාමරේ අත් ඇරලා ගේ ඇතුලට යන්න වෙන නිසා. මොනවා වුණත් මේ නිදහසට මම හරිම කැමතියි. අනික මොනදෙයක් සිද්ධ වුණත් මට කරදරයක් වුණේ නෑනේ.

elakiriya
08-02-2012, 07:23 PM
මම මේ කියන්න යන්නේ මීට අවුරුදු 10කට විතර කලින් ඒ කියන්නේ 2002 දි විතර මට ඇත්තටම වෙච්ච සිද්ධියක්. මේක සිද්ද වෙද්දි මගේ වයස අවුරුදු 12ක් විතර ඇති. ශිෂ්‍යත්ව විභාගය සමත් වුණායින් මගේ වාසනාවකට වගේ මට මේ රටේ ගොඩක් ප්‍රසිද්ධ ජාතික පාසලකට යන්න වාසනාව ලැබුණා. එත් ඉතින් මට ගෙදර ඉඳන් පාසල් යන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා මාව බෝඩිමක නතර කරලයි තිබුණේ. ඔය අතරේ මගේ පන්තියේ යාලූවෙක් මට කතා කළා හොස්ටල් එකේ නවතින්න එන්න කියලා. ඌ කියපු විස්තර අනුව මගේ බෝඩිමට වැඩිය මේ හොස්ටල් එක දාහෙන් සම්පතයි කියලා මටත් හිතුණා.

ඉතින් කොහොමින් කොහොම හරි මමත් ගෙදරට කියලා හොස්ටල් එකට සෙට් වුණා. එත් එදා මම දැනගෙන හිටියේ නෑ යාලූවා මට නොකියපු දේකුත් තියන බව. ඉතින් මේ හොස්ටල් එකට ආව දවසේ ඉඳන් මට රෑට නින්ද ටිකක් අඩු වුණා. මොකද හොස්ටල් වල නීති රීති අනුවනේ වැඩ. රෑට නිදා ගන්න කළින් රෑ 10 වෙනකල් පාඩම් කරන්න ඕන. ඒ නිසා නිදා ගන්නේ ගොඩක් රෑ වෙලා. ඉතින් ඔහොම ඉඳලා රෑ 11ට විතර නිදාගත්තම මට නින්ද යන්නේ 11.45 ට විතර. කොහොම හරි යන්තම් නින්ද යාගෙන එනකොටම මට දවසක් ඇහුණා ගෑණියෙක් මර හ~ දෙනවා, යටි ගිරියෙන් කෑගහනවා. මම ඇස් ඇරලා බලද්දි මුළු හොස්ටල් එකම කට්ට කරුවලයි. ඒත් හිතේ බයක්නම් නෑ. මොකද හොස්ටල් වල නිදා ගන්න ඇඳන් එක දිගටම හෝල් එකකනේ තියෙන්නේ. මගේ ඇඳට දකුණු පැත්තේ ඇඳේ තව මල්ලි කෙනෙක් ඉන්නවා. වම් පැත්තේ ඇඳනම් හිස්. මට ඒ කාලේ ඉඳන්ම පුරුද්දක් තිබුණා වතුර බෝතලේකුයි අත් ඔරලෝසුවකුයි ලඟ තියාගන්න. මම ඔරලෝසුව අරන් වෙලාව බැලූවා. වෙලාව 12.04යි. මට ඒක අද වගේ මතකයි. මම හිතුවා ලඟ ගෙදරක ගෑණු කෙනෙක් වෙන්න ඇති කියලා. වතුර ටිකක් බීලා නිදා ගත්තා. පහුවදා රෑත් නිදා ගන්න ගියා. යන්තම් නින්ද යාගෙන එද්ද මට ඇහෙනවා ගෑණියෙක් අ~නවා වගේ. මට නින්ද ගිහින් ඉන්න ඇති. එක පාරටම ගෑණියෙක් විලාප දෙන්න පටන් ගත්තා. මම ගැස්සිලා ඇහැරුණා. ඇඳේම ඉඳගෙන ටිකක් අහගෙන හිටියා දැන් සද්දේ ඇහෙන්නේ නෑ. මම වෙලාව බැලූවා. 12.04යි . මට යන්තමට වගේ මතක් වුණා කලින් දවසෙත් මේ වෙලාවටම නේද මේක ඇහුණේ කියලා. මට ටිකක් බය හිතුණා. ඒත් නිදාගත්තා. ඊලඟ දවසෙත් නිදා ගන්න ගියාම මේ විදියටම වුණා. අර ගෑණි මරහ~ දෙනවා දැන් මට ඒ සද්දේ පළවෙනි දවසේ ඇහුණට වැඩිය හොඳට ඇහෙනවා. මොනවා වුණත් දැන්නම් මට බයයි. අනේ දෙවියනේ මට කරදරයක් නැතිව හොඳට නින්ද යන්න, හොඳට නින්ද ගිහින් උදේට ඇහැරෙන්න කියලා ඉතිපිසෝ ගාථාවත් 7 පාරක්ම කියවලා නිදා ගත්තා. අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ. 5ට පාඩම් කරන්න නැගිට්ටේ නැත්නම් සර්ගෙන් පේර කෝටු පාර කන්න වෙන නිසාම නැගිටිනවා මිසක. ගෙදරදි එහෙමනම් ඒ නින්දෙන් ඇහැරවන්න කන ලඟ බෝර දැම්මත් බැරි වෙනවා. එදායින් පස්සේ මම හැමදාම නිදා ගන්න කලින් අර කියපු හැම වචනයක්ම කියලා, ඉතිපිසෝ ගාථාවත් 7පාරම කියලා තමයි නිදා ගන්නේ. ඉන් පස්සේනම් ඒ ගෑණි කෑ ගැහුවද නැද්ද දන්නේ නෑ. මම මැරුණ වගේ නිදියනවානේ හොඳට.

ඔහොම කාලයක් ඉන්න කොට මට හැමදාම ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න එක පුරුද්දක් වෙලා තිබුණා. ගෙදර ආවත් නිදාගද්දි ඒ විදිහටම ඒක කරනවා. කොහොම හරි ටික කාලෙකින් මොකක්දෝ ක්‍රිකට් මැච් වගයක් යන කාලයක් ආවා. ඉතින් දවසක් ලංකාවෙ ටීම් එකත් සෙල්ලම් කරනවා කියලා කට්ටියම සර්ට බැගෑපත් වෙලා එක් දවසක් මැච් එක් බලන්න වරයක් ඉල්ල ගත්තා. අනේ ඉතින් මටනම් දේව වරයක්ම තමයි. පාඩම් කරන්න නෑනේ. කට්ටිය මැච් එක බලනවා. මම මැච් බලන කෙනෙක් නෙමෙයි. කට්ටිය ටීවී එකේ ඇලිලා ඉද්දි මම ඉතින් ඇඳට වෙලා ඔහේ කල්පනා කර කර හිටියා කවදාද සිකුරාදා වෙන්නේ කියලා. මොකද ගෙදර එන්න හම්ඛෙන්නේ එදාටනේ. මම නෙට් එකත් (මදුරු දැල) දාගෙනමයි මනෝ පාර දාගෙන හිටියේ. ඔහොම ඉන්න අතරේ මට දන්නෙම නැතිව නින්ද ගිහින්. එක පාරටම මට තේරුණා කවුදෝ එකෙක් මගේ බඩ පහුරු ගානවා වගේ. මම ඇහැරුණා. හ්්ම්ම්ම්... මොකෙක්වත් නෑ. හීනයක් වෙන්න ඇති කියලා මම නිදා ගත්තා. ඇස් දෙක පියාගෙන හිටියා විතරයි නින්ද යන්නනම් වෙලාවක් ලැබුණේ නෑ. ආයෙත් මාව පහුරු ගානවා. ටිකක් ලොකු අත් දෙකක්. මට හිතුණෙම ලොකු පැත්තේ අයියලාගෙන් එකෙක් (හොස්ටල් වල ලොකු අයයි පොඩි අයයි වෙනම කොටස් දෙකක තියන්නේ ) මාව බය කරන්න මේ වැඩේ කරනවා වෙන්න ඕන කියලා. හා එහෙනම් කියලා මම වටේම නෙට් එක යට කරන්න කියලා බැලූවම නෙට් එකත් හොඳට මෙට්ටෙට යට කරලා. මට නොතේරෙන්න මුන් නෙට් එකත් යට කළාද? මම ආයෙමත් නිදාගත්තා. නින්ද යන්න වෙලාවක් නෑ. යන්තම් ඇස් පියා ගන්න හදන කොටම මගේ බඩ අල්ලලා හයියෙන් තද කළා. කවුරු වුණත් මට රිද්දුවේනම් නෑ එකම සැරයක්වත්. මට කිති කැවෙන එක තමයි වෙන්නේ. මම ඇස් ඇරියා කවුරුත් නෑ. ඒත් ඇස් ඇරලා තත්පර කිහිපයක් යනකල් අර අත් දෙක මාව අල්ලගෙන බව මට දැනුණා. පස්සේ මාව අත ඇරියා. මම ඇඳේම වාඩි වෙලා වටේම බැලූවා. එදා ටිකක් දුර ලයිට් එකක එළියක් ජනේලෙන් ඇතුලට වැටිලා තිබුණේ. කෑම කාමරේ ලයිට් ඕෆ් කරලා නැතුව වගෙයි මතක. පේන්න කිසිම දෙයක් නෑ. කට්ටියම නිදි. වෙලාවත් බැලූවා. ගොඩක් රෑ වෙලා නෑ. තවම දහයයි ගාණක් වෙලාවත්. කොහොම හරි මම දැන් හොඳටම බයවෙලා ඉන්නේ. මට එක පාරටම මතක් වුණා එදා මම නිදා ගන්න කලින් පුරුදු විදිහට ගාථාව කිව්වේ නෑනේ මට හදිස්සියේමනේ නින්ද ගියේ කියලා. මම ගාථාව කියලා නිදා ගත්තා. ඊට පස්සේනම් ඒක වුණේ නෑ. හැබැයි එදානම් මම සෑහෙන්න බය වුණා.

elakiriya
08-02-2012, 07:24 PM

08-02-2012, 07:26 PM
මචන් අපේ තේ වත්තක් තියෙනවා අපේ ගෙවල් වලට ටිකක් එහායින්..ඒ කියන්නේ මීටර් 500 ක විතර දුරින්..ඔය වත්තෙම උඩ ටික තාම මුඩු කැලේ..මමත් ඉතින් තීරනය කලා ඔය මුඩු කැලේ ටිකේ තේ නොදා කුරුදු දැම්මොත් හොදයි කියල..ඉති ඔන්න කොහොමහරි කුරුදු දාන්න ඉඩම එහෙම හදලා කුරුදු පැලත් ගෙනාවා..ඒත් කුරුදු ඉඩමටම පැල ටික ගෙනියන්න බෑ.. එක නිසා තේ වත්තේ දලු කඩනකොට මිනිස්සුන්ට තේ එහෙම බොන්න මඩුවක් ගහලා තියෙනවා..(මඩුවක් කිව්වට ඒක සිමෙන්ති දාල හොදට හැදුව මඩුවක්..)කොහොමහරි පැල ටික ඔන්න ඔය මඩුව ලග බාලා පස්සෙ හිටවන දවසට උඩට අදින්න තමා ප්ලෑන් කලේ.

ඉතින් පැල ගෙනාව දවසේ මම අපේ ගෙවල් පැත්තේ තව මගේ යාලුවො දෙන්නෙක් එක්ක පොඩ්ඩක් රෑ ජාමේ ඔය පැත්තෙ රවුමක් දාල එන්න තීරනේ කලා... නිකම්ම නෙවේ.සැර කොටන්න ඕනි දෙවලුත් එක්කම..ඔන්න ඉතින් ඔය අඩුම කුඩුමයි තව ලොකු Malti Sonic ටෝච් එකයි අරන් අපි කට්ටියම එක්ක ඔන්න දැන් මහ රෑ ගියා අර මම කලින් කිව්ව මඩුවට..දැන් අරුන් දෙන්න බොන්න උන්ගෙ බාගේ එලියට එහෙම අරන් මටත් දුන්න මගෙ බියර් එක.. බයිට් එකට තිබ්බේ බැදපු මාලුයි කඩලයි...දැන් ඔන්න කට්ටියත් එක්කම කයියක් ගහගෙන සැර කොටනවා. ඔය අතරෙ මම දැක්ක කප්පාදු කරපු ලාඩප්පා (මේවා තේ වතු වල වවන ගස් ජාතියක්..ඒවායෙ කාලයක් යනකොට තියෙන අතු පාහිනවා...ඒකට තමා කියන්නෙ කප්පාදු කරනවා කියල..නොදන්න උන්ගෙ දැන ගැනීමට කිව්වේ)ගහක් එහා පැත්තේ ඉදන් කව්ද අපි දිහා බලන් ඉන්නවා කියල..මොකෙක් උනත් ටෝච් ගැහුවොත් දුවන නිසා මම එහෙමම බලන් හිටියා. වැඩි දුරක් නෑ ඔය ගහ ලගට අපි ඉන්න තැන ඉදන්.. ඕනිනම් මීටර් 10ක් ඇති..(ඔන්න අහන්න එපා කොහොමද යකෝ එච්චර ඈත පේන්නේ ඔය මහ රෑ කියල.. හද එලියට තේ වත්තක ඉන්නකොට පොඩි චායවක් උනත් පේනවා.)

…මම ඔහොම බලන් ඉන්නකොට ඒ මනුස්සයා අපි දිහාට එන්න වගේ ආවා.. අඩි 6ක් විතර උස උස ප්‍රමානෙටම ගැලපෙන මහත කොන්ඩෙ සුදු උඩු රැවුලක් තියෙන කොන්ඩෙ හොදට පිටිපස්සට පීරපු සුදු අත් දිග සරමකුයි කමිසෙකුයි ඇන්ද මිනිහෙක්.. මම හොදටම දැක්ක.. මූ අපි දිහාට ආවෙ අවිදගෙන නෙවේ..නිකන් පාවෙලා වගේ.. මොකෙක් ආවත් මිනිස්සු ටිකක් ඉන්න තැනකට එනකොට කතාකරලා එන්න එපැයි..අනික මේ තේ වත්තක් අස්සේ මේ මහ රෑ මොනවා කරනවද..මම ඒ ක්ශනිකයෙන්ම ටෝර්ච් එක අරන් ඒ පැත්තට ගැහුවා.ඒත් එතකොට මොන බල්ලෙක්වත් නෑ..මේ ටික වෙන්න මහ වෙලාවක් ගියේ නෑ.. ඕනිනම් තත්පර 30ක් යන්න ඇති..එතකොටම මගෙ යාලුවො දෙන්නත් මොකද බන් කියලා ඇහුවා.. ඒත් මම ඕක දැන් උන්ට කිව්වොත් ඕකුන් මට කින්ඩි කරන නිසා මම කිව්වා නෑ බන් ඉත්තෑවෙක් වගේ දැක්ක ඒකයි කියල..මම ඒත් හිතුවා මට මනෝ විකාරයක් පේන්න ඇත්තේ කියලත්.. ඉතින් දැන් ඕක අමතක කරලා දාලා මම ආයෙත් බියර් එක ගහන්න පටන් ගත්ත.. එත් මට අර පැත්ත ඉබේට බැලෙනවා.. ඒත් මොකුත් වෙනසක් පෙනුනේ නෑ මට ආයේ.

…දැන් අපි කට්ටිය බීල එහෙම ඉවරවෙලා ආයේ chat එකක් දාගෙන ඉන්නවා.. මේ වෙනකොට මගෙ හිතෙත් අර සිද්දිය අමතක වෙලා. වෙලාව කොහොමත් රෑ 12ට කිට්ටු ඇති. මගෙ යලුවො දෙන්නගෙන් එකෙක්ට කියන්නේ "ශොර්ට්" කියලා..ඌ මෙලො දේකට බය එකෙක් එහෙම නෙවේ..අනිත් එකා "උදයා".. කොහොමහරි ඔහොම ඉන්නකොට ශෝර්ටා එක පාරටම නැගිට්ටා අම්මවත් මතක් කරගෙනම.. කුනුහරප වරුසාවක් එක්කම ඌ මට කිව්ව ගහපන් ටෝච් එක මෙ පැත්තට කියලා. මම ටෝච් එක ගැහුවා එත් මොන බල්ලේක්වත් නෑ ..මටයි උදයටයි දෙන්නටත් නිකන් මොන්ගල් වගේ..මූ මොකාට බැන්නද මොනවත් හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ...උගෙන් මම අහුවම මොකද බන් කියලා ඌ කිව්ව මම මිනිහෙක් දැක්ක ඕයි ඔන්න ඔතන කියලා.. මට එක පාරටම මතක් උනේ මම දැක්ක සීන් එක..උදයා හොදටම බය වෙලා.. මම ඉතින් කිව්වා චායවක් දකින්න ඇත්තේ බන් කියලා.. ඌ කිව්ව අනේ පල මගෙ ඇස් දෙක මට බොරු වෙන්නේ කොහොමද යකො මම දැක්ක එකෙක් ඉන්නවා අතන මේ පැත්ත බලාගෙන කියල..පස්සේ මම ඇහුව මම දැක්ක එකාගෙ හැඩරුවම උගෙන්.බැලුවම ෂෝටා දැකපු එකයි මම දැක්ක එකයි දෙකම එකයි..ඒත් අරුන් දෙන්නටම ප්‍රශ්නෙ තිබ්බේ මම කොහොමද ඔය හැඩරුව තියෙන එකා දන්නේ කියන එක. පස්සෙ මම කිව්ව ඉස්සෙල්ල මමත් ඕක දැකල තමයි ටෝච් එක ගහලා බැලුවෙ, ඒත් උබලා හිනාවෙයි කියලයි කිව්වේ නැත්තේ කියලා.

කොහොමින් කොහොමහරි මටයි ශෝටටයි උවමනාව තිබ්බා වෙන දේ මොකක් උනත් තව වෙලා ඉදලා බලන්න. ඒත් උදයා අපි දෙන්නටම වඩා බයවෙලා හිටියේ..ඉතින් අපි ගෙවල් වලට ආවා.

…පහුවදා මම ඕක අපේ තාත්තත් එක්ක කිව්වම තාත්තා කිව්ව ඔය වත්තේ ඉස්සර ඉදන් ඔහොම සීන් තියෙනවලු.. ඒවත් එකින් එක මම පස්සේ කියන්නම්..හැබයි එක දෙයක්.. මම හොල්මන් තියෙන බව විශ්වාස කල එකෙක් නෙවේ.. ඔය සිද්දියෙන් පස්සේ අවන්කවම මම පිලිගන්නවා ඔහොම දේවල් මේ ලොකේ තියෙනව..මොකද මගෙ ඇස් වලට දැක්ක දේ එකක්.. අනිත් එක තමයි මම දැක්ක දේම එහෙනම් කොහොමද ශෝටත් දකින්නේ.අනික ශෝටා ලෙසියෙන් බය වෙන එකෙකුත් නෙවෙයි.බොරු කියන එකෙකුත් නෙවෙයි.අනිත් එක මම ඕනි තරම් මහ රෑ වෙලා ගෙදර එනවා තාමත්..ඒත් මට වෙන කිසිම සීන් එකක් වෙලාම නෑ තවම ...

elakiriya
08-02-2012, 07:28 PM

08-02-2012, 07:30 PM
මේක ඉඹුල්ගොඩ පැත්තේ ගොඩක් ප්‍රසිද්ධ කතාවක් 1970 ගණන් වල සිද්ද වෙලා තියෙන දෙයක්.............යක්කල පැත්තේ තරුණ ජෝඩුවක් ඔය කාලේදී ...කසාද බැඳලා උත්සවේ ඉවරවෙලා කොළඹ පැත්තේ හෝටලයකට මග යනකොට ජෝඩුව ගිය වාහනේට පුසෙක් පැනල ...පුසව බේරන්න ගිහින් වාහනේ ඉඹුල්ගොඩ හරියේදී ලොකු මාර ගහක හැප්පිලා තියෙනවා ......තරුණ ජෝඩුව එතනම් මැරිලා ලු .....ඉතින් ඔය සිද්දියෙන් තුන් මාසයක් විතර ගියාම ...ඔය මාර ගහ ලගින් විලාප දෙන සද්ද හිනා වෙන සද්ද ඇහෙනවලු .....ඉතින් මිනිස්සු ඒවා හිතට අරන් නෑ ලු ....ඊට පස්සේ තමයි ටිකක් මිනිස්සු මේ ගැන හොයන්න හිතිලා තියෙනවලු ....ඒ මොකෝ මහා රෑ වහනෙක ගිය කට්ටියකට .....ගම්පහ මිරිස්වත්ත හන්දියේදී අත වනලා කොන්ඩෙ බොකුටු කෙල්ලෙක් අහල තියෙනවලු අයියේ ඔයාල යන්නේ කොළඹ නම් මට පොඩි ලිෆ්ට් එකක් දෙනවද කියලා ඉතින් මෙයාලත් හා නංගි කියලා වාහනේට නග්ගවගෙන .........යනකොට හරියට ඉඹුල්ගොඩ ඔය මාර ගහ ලගදීම එකපාරටම ඒ කෙල්ල ගේ මුණ අමුතු කරගෙන වාහනේ එලවන කෙනාගේ බෙල්ල මිරිකන්න හැදුවලු එත් එක්කම වාහනේ පාලනය කරගන්න බැරුව අර මාර ගහේ වැදුනලු .........ඩ්‍රයිවර් එතනම මැරුනලු එත් වාහනේ ඇතුලේ කෙල්ලෙක් හිටිය කියලා මෙලෝ සාක්ෂියක් නෑ ලු .......පොලිසියේ අයට කිවම ගැණු කෙනෙක් වාහනේට නැගලා ඩ්‍රයිවර් ගේ බෙල්ල මිරිකුවා කියලා කීවත් ....ඩ්‍රයිවර්ගේ මල මිනියේ කිසිම ඇගිලි සලකුණක්වත් නෑලු උගුරු දණ්ඩ තැලිලා නෑලු ........අන්තිමේ පොලිස් මරණ සහතිකෙට ලියල තියෙන්නේ අදික නින්ද නිසා වාහනේ පාලනය කරගන්න බැරුව අනතුර සිදුවුන කියලා ..........පස්සේ ඔය මාර ගහ ලග ගොඩක් අනතුරු උනාලු ......ඔය හැම අනතුරක්ම වෙලා තියෙන්නේ අර ගෑනු අවතාරය වාහන යනකොට පාර පැනල හරි නැත්තම් බෙල්ල මිරිකලා වගේ දේවල් වෙලා ලු ........ඔය සිද්දිය කොච්චර ප්‍රසිද්ද උනාද කියනවනම් ........මේ දවස් වල යක්කල මෝහිනී රාගම සුදු අක්ක වගේ හෙන ප්‍රසිද්දියක් ලැබුන හොල්මන් කතාවක් උනාලු .......ඒ කාලේ රේඩියෝ වල වැඩසටහන් වලත් මේ සිද්දිය ගැන කතා උනාලු .......වාහන එහෙම ඔතනින් ගියේ පුදුම වේගයකින් ..ඔය පාර දිගට තිබුන කඩ වලට මේ සිද්දිය නිසා බිස්නස් නැති උනාලු ........අන්තිමේ ........දොරකඩ මාරව කියලා ෆිල්ම් එකක් හදන්න තරම් මේ සිද්දිය ජනප්‍රිය උනාලු .පස්සේ ගමේ මිනිස්සු හොරෙන් සාස්තරයක් බලපුවම කියලා තියෙනවලු ............ඒ වාහනේට හැප්පුන ආත්ම තමයි මේ විදිහට මිනිස්සු බිලිගන්නේ .......ඒ ආත්ම දන්නේ නැලු මේකෙන් මිනිස්සුන්ට කරදරයක් වෙනවා කියලා කිවලු .......අන්තිමේ ...මිනිස්සු පිරිත් කියලා .......පින්කම් කරලා අර මාර ගහ කපල දැම්මලු එකෙන් පස්සේ ඔය විදිහට දවස් දෙකක් විතර අනතුරු සිද්ද උනාලු ......පස්සේ ඔහොම අනතුරු වෙන එක නැතිවෙලා ගියාලු මිනිස්සුන්ටට්ත් ඔය සිද්දිය අමතක උනාලු ..........................

Punisher
08-02-2012, 07:35 PM
බයවෙන්නත් එක්ක හොදා...

sujeewa
08-02-2012, 07:40 PM
REP +

elakiriya
08-02-2012, 08:02 PM
මේ සිදුවීමට සම්බන්ධ එක අයෙක් සුජිත් ලෙසත් අනෙත් පුද්ගලයා අසංක ලෙසත් හදුන්නන්නෙමු ..(මේ නම් මනකල්පිත නම්ය. ) 2008 මැයි මාසයේ එක්තරා දවසක මොවුන් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට නිෂ්පාදන ප්‍රවර්දන කටයුත්තක් සඳහා බණ්ඩාරවෙල යාමට සුදානම් වුයේ සවස 5.00 ට පමණය .
තම තමන්ට අයත් ප්‍රවර්ධන රථ වෙත මොවුන් ගොඩ වුයේ හැකි ඉක්මනින් තම නවතන් පොළ වෙත යාමේ අටියෙනි.
එක රථයක් අලුත් පන්නයේලොරි රථයකි . අනෙක 43- —- නම් අංකයක් දරණ පැරණි ලොරි රථයකි.මොවුන් දෙපිරිසම සිනාමුසු මුහුණින් විහිලු තහළු කරමින් ඉදිරියට ගමන් කලෝය .රැ කෑමට රථ දෙකම නතර කරේ බලන්ගොඩ NIGHT කඩයක් ළඟය. ඉන් අනතුරුව මොවුන් නෙවතත් ගමන ආරම්භ කලෝය . මොවුන් බණ්ඩාරවෙලට ලඟාවනවිට මධ්‍යම රාත්‍රී 12 හා පසුවී සුළු මොහොතක් ගතවුනා පමණි. බදුල්ල බණ්ඩාරවෙල පාරේ යම් කිසි අවහිරයක් නිසා මොවුන් වැලිමඩට පැමිණ බණ්ඩාරවෙලට ගමන් කලෝය . වැලිමඩ බණ්ඩාරවෙල පාරේ සුළු දුරක් ගමන් කරනවිට එකවරම ඉදිරියෙන් ගමන් කල රථය නතර විය.ලොරි රථ දෙකම වේගයෙන්ගමන් කල නිසා පිටුපස ලොරියේ රියදුරු පරුස වචන කියා බැන වැදුනේය. නමුත් එම රථයත් දෙපසට වැනෙන්නට වුයෙන් සියලෝම බියෙන් ත්‍රස්ත විය. ලොරි රථ දෙකෙහිම විදුලි පහන් රියදුරුගේ පාලනයෙන් තොරව නිවෙන්න දැල්වෙන්න පටන් ගත්තේය . ඉදිරියෙන් තිබුණු ලොරිය පහතින් තිබුණු ප්‍රපාතයට යමෙක් අදින ස්වරුපයක් පෙනුන නිසා සියල්ලෝම බැස එය ආරක්ෂා කර ගැනීමට වෙර දැරුහ.කරකිය ගැනීමට කිසිවක් නොහැකි තැන සුජිත් අසල නිවසක් තිබෙදි බැලීමට අසංක සමග මාර්ගයේ ඉදිරියට ගමන් කළේය. ඇතින් තිබුණු ඉපැරණි නිවසක ඉදිරිපිට යමෙක් සිටිනු දැක ඔවුන් එම ස්ථානයට යන්නට සුදානම් වුවත් ඒ පුද්ගලයා අතුරු දහන් වූ නිසා මොවූන් දෙදෙනා තව තවත් බියට පත්විය. ඔවුන් හඬ නඟා කෑ ගසන්නට විය.. අසල නිවසක පුද්ගලයෙක් මේ හඬ ඇසි දුවගෙන විත් ඔවූන්ගෙන් කරුණු විමසුවිට
“හා යමු එහෙනම් එතනට “
කියා ඔහු මේ දෙදෙනා සමග ලොරි රථ තිබෙන තැනට ගියෝය.
ඔහු මන්ත්‍ර වැනි යමක් මුමුණ
“උඹ මුන්ට මොකට කරදර කරනවද.. උන්ට යන්ට දීපන් ” යනුවෙන් කිවේය.
එවිට පුද්ගලයාට සියල්ලෝම ස්තුති කළේය.
“මහත්තයල මස් වර්ග මොනවහරි කැවද?
ආයේ එනකොට මස්කාල එන්න එපා . ඔතන ඉන්නවා අර ඉස්සරහ පාලු ගෙදර හිටපු තරුණ ගැණු ළමයෙක් මීට කාලෙට ඉස්සර බීසන කාලේ අතවර කරලා මෙතනදී මරල දාලා. අදත් ඒ ළමයාගේ අවතාරේ ඔතන ඉන්නවා. ගමේ උදවියට කරදරයක් නැ එත් මස් කාල එන අයට කරදර කරනවා. මහතයලට තුනුරුවන්ගේ සරණයි මම යන්නම් “.
එසේ කියූ ඔහු යන්න ගියේය. සියලු දෙන බණ්ඩාරවෙල තමන්ගේ නවාතැන( HOTEL ) පිටත් විය. පසුව මේ පිළිබඳව හෝටලයේ කළමණාකරුගෙන් විමසු විට ඔහුත් බියපත් වී කියූ දෙය අදහ ගැනීමට නොහැකි විය.
“ඒ ආවේත් මනුස්සයෙක් නෙවෙයි සර් ඒ මේ පළාතේ කාලෙකට ඉස්සර හිටපු මුලදැනි කෙනෙක් මියගිහින් එයා තාමත් ගම රකිනවලු.”
“සර්ල බේරුනා තරමක් … “

elakiriya
08-02-2012, 08:07 PM
ඉතින් යාලුවනේ කොමද life එක ..මම මේ කියන්න හැදුවේ හොල්මන් කතාවක් නෙමෙයි ...මම හදපු website එකක් ගැන......http://pluggedme.com (http://www.pluggedme.com) <<<<< මෙන්න මේක තමි site එක Join වෙලා බලල හොදද කියන්න

elakiriya
08-02-2012, 08:08 PM
පේ‍්‍රමදාස මහතා නැව් ඒජන්ත සමාගමක සේවය කළ විධායක නිලධාරියෙකි. දිනය 1990 වර්ෂයේ මැයි මස එක්තරා සෙනසුරාදාවක් බව ඔහුට මතකය. පේ‍්‍රමදාස මහතා සේවය කළ නැව් සමාගමේ
ම රැකියාව කළ මිත‍්‍රයකු වූ කුරේ මහතා විවාහ වී ස්වකීය නිවසට පැමිණි දිනය යි.

ගම්පහ සිට කිලෝමීටර හතළිහක් පමණ දුරින් වූ නාවල පිහිටි කුරේ මහතා ගේ නිවසේ පැවැති එම මංගල උත්සවයට පේ‍්‍රමදාස මහතාට ද ඇරියුම් ලැබී තිබිණි. එදින සවස 5 සිට රාති‍්‍ර 10 දක්වා පැවැති එම උත්සවයට සහභාගිවීමට ප්‍රේමදාස මහතා තනිවම යෑමට සූදානම් වීය.

මේ අතර කැලණිය වරාගොඩ පදිංචිව සිටි නැන්දණිය ගේ අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බැවින් වහාම පැමිණෙන ලෙස දුරකතන පණිවුඩයක් ලැබිණි. දුරකතන පණිවුඩය ගත්තේ පේ‍්‍රමදාස මහත්මියයි. තමන්ගේ මෑණියන්ගේ අසනීප තත්ත්වය අසා කලබල වූ ඇය ද එහි යෑමට සූදානම් වූවාය.

පේ‍්‍රමදාස මහත්මයාත්, බිරියත්, පුතුන් දෙදෙනාත් තමන්ගේ ම ජීප් රථයෙන් ගමන පිටත්වූහ. පේ‍්‍රමදාස මහතා නාවල මඟුල් ගෙදර බස්සවා, මවත් පුතුන් දෙදෙනාත් වාහනයෙන් ම වරාගොඩ යෑමට යොදා ගැනිණි. එවකට දහඅට හැවිරිදි වියේ සිටි වැඩිමහල් පුතු වාහනය පදවා ගෙන ගියේය. ඒ අයුරින් ම රාති‍්‍ර 7 ට පමණ පේ‍්‍රමදාස මංගල උත්සවය පැවති නිවසට ගිය අතර, අනිත් තිදෙනා වරාගොඩ බලා පිටත්ව ගියහ. වරාගොඩ ගොස් මෑණියන් බලා ආපසු එන ගමනේදී නැවත පේ‍්‍රමදාස මහතා ඒ වාහනයෙන් ම ආපසු නිවසට පැමිණීමට ගිවිස ගෙන තිබිණි.

පේ‍්‍රමදාස මහතා හොඳින් දන්නා හඳුනන, ඒ මහතා ගේ ජීප් රථයේ අලුත්වැඩියාවන් පවා සිදු කැර ගනු ලබන නිමල් නමැති මෝටර් රථ කාර්මිකයා ද මේ මගුල් ගෙදරට ආරාධනා ලැබ පැමිණ සිටියේය. එහිදී මේ දෙදෙනා සාමීචියේ යෙදිණි.

“ආ… මහත්මයා කොහොමද ආවේ. මම නම් ආවේ බස් එකෙන්. ඒ නිසා රෑ වෙනකම් ඉන්න බැහැ. මම නම් ටිකක් ඉක්මනින් යන්න ඕනෑ”යි නිමල්, පේ‍්‍රමදාස මහතා සමඟ කීවේය.

“නිමල්ට මා එක්ක යන්න පුළුවන්. මම ආවේ ජීප් එකෙන්. නෝනයි පුතාල දෙන්නයි හදිසියකට කැලණියට ගියා. ඒගොල්ලත් එන ගමන් මෙහෙට එනවා මා එක්ක ගෙන යන්න. හැබැයි ටිකක් පරක්කුවේවි එන්න නිමල්ටත් මා එක්ක ම යන්න පුළුවන්” යැයි පේ‍්‍රමදාස මහතා කීවේය. නිමල් ද ඊට එකඟ වීය.
මේ දෙදෙනා රාති‍්‍ර ආහාරයෙන් පසු මනාල යුවළට තෑගි බෝග ද පිළිගන්වා වාහනය එනතුරු පැත්තකින් වාඩි වී සිටියහ. ඉතා ඉහළින් පැවැති මේ මංගල උත්සවයේ සංගීත කණ්ඩායමක් විසින් සපයනු ලැබු මියුරු සංගීතය නිසා මේ දෙදෙනාට කාලය ගතකිරීම අපහසු කාර්යයක් ද නොවීය.

විශාල ගෙමිදුලේ දැල්වෙන නිවෙන විදුලි බුබුලුවලින් වර්ණවත් වූ පරිසරයේ අනිකුත් අමුත්තන් අතර මේ දෙදෙනා ද කාලය ගෙවූහ. එහෙත් රාති‍්‍ර දහය වනතුරුත් ජීප් රථය පැමිණියේ නැත. උත්සවයට පැමිණි අය එක්කෙනා දෙන්නා නික්ම යමින් උත්සව ස්වභාවය අවසන් වෙමින් පැවැතිණි.
පේ‍්‍රමදාස මහතා නිමල් සමඟ උත්සව භූමියෙන් ඉවත්ව ප‍්‍රධාන මාර්ගයට පැමිණ ජීප් රථය එනතුරු බලා සිටියේය. තවත් පැයකට පමණ පසු ජීප් රථය පැමිණියේය.

රෝගියාගේ තත්ත්වය අනතුරුදායක ලෙස සීනි මට්ටම ඉහළ ගොස් තිබුණු බැවින් ඇය ජයවර්ධන රෝහලට ඇතුළත් කරන්නට සිදුවූ නිසා පැමිණෙන්නට පරක්කු වූ බව පේ‍්‍රමදාස මහතාගේ බිරිය පැවසුවාය.

යළිත් ගමන ආරම්භ වීය. දැන් ජීප් රියේ පස් දෙනෙකි. ලොකු පුතා වාහනය පදවන අතර ඉදිරිපස අනිත් ආසන්නයේ පේ‍්‍රමදාස මහතා ය. පසු පස ආසනයේ පේ‍්‍රමදාස මහත්මිය, බාල පුතා සහ නිමල් වූහ. මේ වන විට පේ‍්‍රමදාස මහතාගේ බිරිය හා පුතුන් දෙදෙනා රාති‍්‍ර ආහාරයත් නොගෙන සිටි බැවින් කඩවත නගරයේ ආප්ප කඩයක් අසල නතර කොට ආප්ප කා තේ පානය කළහ.
න් නිමල් නිවසට ඇරලිය යුතුය. ගම්පහ ජාඇල පාරේ කිලෝමීටර හතරක් පමණ ගොස් අත්තනගලු ඔය හරහා පාලමෙන් එගොඩ වී කිරිඳිවිට පිහිටි නිමල් ගේ නිවසට ගොස් ඔහු බස්සවා ආපසු එමින් සිටියහ. වේලාව රාති‍්‍ර එක පමණ වී ඇත.

මේ මාර්ගයේ කිසිම වාහනයක් පවා පෙනෙන තෙක් මානයේ නැත. මුළු පරිසරය ම මූසලය. පාළුය. ජීප් රියේ හඬ හැරෙන්නට වෙනත් කිසි ම හාහූවක් නැත. රථය මඳ වේගයෙන් ගම්පහ දෙසට ඇදෙයි. කිරිඳිවිට හන්දියේ ඇති දැවැන්ත රුක් අත්තන ගස හඳ එළියෙන් පැහැදිලිව පෙනේ.
රුක්අත්තන ගසට යාර සියයක් පමණ තිබියදී වාහනයේ වේගය මඳක් බාල විය. වාහනය පාර පුරා ගමන් කරන බවක් පෙනිණි. පුතාට නින්ද ගොස් ඇත්දැයි පේ‍්‍රමදාස මහතා බැලුවේය.

“පුතා…”
“ඇයි තාත්තා…”
“නෑ. මොකුත් නෑ. පුතාට නින්ද ගිහින්දැයි බැලුවා.”
“නැහැ.”
රුක්අත්තන ගස අසලින් විශාල විලාපයක් ඇසෙයි. “අනේ මාව බේරා ගනියෝ”යි කියන හඬ ඇසෙන්නට වීය. ඒ විලාපය මිනිස් කටහඬට වඩා බොහෝ වෙනස් බවක් දැනේ. ඒ අතර කීප දෙනකු එකවර හූ කියන හඬක් ද ඇසෙන්නට වීය.
“ගෝරියක් වගෙයි…” වාහනයේ වේගය තවත් අඩු කරමින් ලොකු පුතා කියයි.
“අපි අයින් කැරගෙන යමු යන්නැ”යි පේ‍්‍රමදාස මහතා කීවේය.
මේ අතර සුදු ඇඳුමින් සැරසුණු පස්දෙනෙක් ජීප් රථයට ඉදිරිපසින් පාර හරහා පැන්න අතර ලොකු පුතා තිරිංග තදකර වාහනය නතර කළේය. පාර හරහා පැන්න පස් දෙනාගෙන් හතර දෙනෙක් පාරෙන් එහා කුඹුරට පැන ගත් අතර එක් අයෙක් නැවතී වාහනයේ දකුණු පස රියැදුරු අසුන පැත්තේ විවර කැර තිබු වීදුරු කවුළුවෙන් අත දමා සුක්කානම වැරෙන් කරකවා වාහනය දකුණු පැත්තට හැරවීය. වම් පැත්තේ සිට පාරේ දකුණු පැත්තට සෙමෙන් ඇදී ගිය වාහනය කුඹුරට ආසන්නවම නතර කැර ගැනීමට පුතාට හැකිවිය.
නැවත වාහනය තුළට අත දැමු ඔහු සුක්කානම වැරෙන් අල්ලා ගෙන සිටියේ යළිත් කුඹුර දෙසට හරවා ගන්නටය. ඔහුගේ අත දිගට සුදු අත් වැස්මක් දමා තිබු අතර පේ‍්‍රමදාස මහතා “ගන්නවා ඕයි අත” යැයි කෑ ගසා ඒ අතට වැරෙන් පහරක් ගැසීය.
ඒ සමඟ ඔහු අත එළියට ගත්තේය. පේ‍්‍රමදාස මහතා “ඔය වීදුරුව වසා ගන්නැ”යි පුතාට කීවේය. පුතා වීදුරුව වසා ගත්තේය. වාහනය තුළ ඉතාම අපි‍්‍රයජනක දුගදක් පැවතිණි. ඔහුගේ අතට පහරදුන් පේ‍්‍රමදාස මහතාගේ අතින් ද දුගඳ හැමුවේය. මේ වන විට වාහනයේ ඇන්ජිම නතරව තිබිණි. වාහනය යළි පණ ගැන්වීමට පුතා උත්සාහ කරද්දී “හෙඩ්ලයිට් නිවලා ස්ටාර් කරන්නැ”යි පියා දුන් උපදෙසට අනුව වාහනය පණ ගැන්විණි.

සුක්කානම ඇල්ලූ පුද්ගලයා තවමත් පිටත සිටිමින් වාහනයේ දොර අසල සිටගෙන වීදුරුව පිරිමදිමින් සිටි අතර මේ වන විට කුඹුරේ සිටි සතරදෙනා ද යළිත් වාහනය වෙත එමින් සිටියහ. වාසනාවකට මෙන් වාහනය පණ ගැන්වී ඉදිරියට යෑමත් සමඟ ඔවුන් පස්දෙනාම කුඹුර මැදට දිව ගියහ.

පුරන් වූ කුඹුර සිසාරා සඳ එළිය හොඳින් වැටී ඇත. පරිසරය පැහැදිලිය. නුදුරින් බල්ලකු උඩුබුරනු ඇසේ. සුදු ඇඳුමෙන් සැරසුණු අය රවාගෙන බලා සිටිති. කුඹුර මැදින් දුමාරයක් නැගී අර පස්දෙනාම ඉහළට ඇදී නොපෙනී ගියහ.
වාහනය ඇතුළත දැඩි දුගඳක් පැතිරුණු අතර පේ‍්‍රමදාස මහතාගේ අතින් ද දැඩි දුගඳක් හැමුවේය. ඒ කිසිත් නොතකා පුතා නිහඬව ම ප‍්‍රවේශමෙන් හා දැඩි කල්පනාවකින් වාහනය පදවා ගෙන නිවසට පැමිණියේය.

වෙහෙසව සිටි පිරිස වෙහෙස නොතකා සබන් ගා ඇඟපත සෝදාගෙන නින්දට ගියහ. නිදන්නට ගිය පේ‍්‍රමදාස මහතාට සියල්ල චිත‍්‍රපටයක් සේ මැවී පෙනේ. වමේ සිට දකුණට වාහනය ඇදී යද්දී ඉදිරියෙන් හෝ පසුපසින් තවත් වාහනයක් පැමිණියා නම් මහා අනතුරක් සිදුවන්නට ඉඩ තිබිණි.

පසුදින ඉරිදාවකි. පෙර දින නිදිවරා සිටි බැවින් උදේ 8 වනතුරු පවුලේ සියලු දෙනාටම නින්ද ගොස් තිබිණි. එදා මේ ගෙරද උදවිය අවදි වූයේ නිමල් පැමිණ කතා කරන හ¾ඩිනි.
“ඇයි? නිමල් මේ පාන්දරම” පේ‍්‍රමදාස මහතා ඇසීය.
“පාන්දර නෙවෙයි මහත්තයා. දැන් අටත් පහුවෙලා” නිමල් පිළිතුරු දුන්නේය.
“ඇත්තටම මොකද? හදිස්සියක්ද?”
“නැහැ මහත්තයා. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා මගේ නෝනාගෙන් බේරෙන්න බැහැ. ගිහිල්ලා මහත්තයාලව බලල එන්න. කරදරයක් නැතුව ගියාද කියාල.”
“ඇයි? නිමල් එහෙම කියන්නෙ?”
“මහත්තයා! ඔය කිරිඳිවිට රුක්අත්තන ගහ ළඟ හරිම අනතුරු දායක තැනක්. 1988/89 කාලයේ ඔතන මිනීමැරුම් ගණනාවක් සිද්ධ වුණා. ඒ වගේ ම ඔතන මළමිනී ගණනාවක් ටයර් උඩ පිළිස්සුනා.
ඊට පස්සෙ රෑට ඔතන හරියට වාහන අනතුරු සිද්ධ වෙනවා. මේ ළඟදිත් ඔතන රෑ ලොරියක් පෙරළුණා. ලොරියේ හිටපු අයටත් තුවාලයි. ලොරියටත් හානි සිද්ධ වුණා. ඔය ස්ථානය ගැන දන්න කෙනෙක් රෑට ඔතැනින් වාහනේකින්වත් යන්නෙ නෑ.” නිමල් එතැන පවතින අනතුරු දායක තත්ත්වය පැහැදිලි කළේය.
“නිමල්! ගිහින් අපේ ජීප් එකේ දොර ඇරලා බලන්නැ”යි පේ‍්‍රමදාස මහතා කීවේය. නිමල් වාහනය අසලට ගොස් රියැදුරු අසුන පැත්තේ දොර හැරියේය. ඔහු නාසය අතින් වසාගෙන පස්සට පැන්නේය.

“හප්පා හරිම ජරා ගඳක්.”

පේ‍්‍රමදාස මහතා ඊට පසුව වාහනයට සුවඳදුම් ඇල්ලුවේය. ඒත් ගඳ ඉවත්වූයේ නැත. නිවසේ තිබුණු සෙන්ට් පව්ඩර් ඉස්සේය. ඒත් දුගඳ එසේම පැවැතිණි. බැරිම තැන ගෙයි තිබුණු බැදපු කෝපි කුඩු පවා ඉස්සේය.

“මහත්තයා! වාහනයට ආරස්සාවක් කැර ගන්නැ”යි වැඩිදුරටත් උපදෙස් දුන් නිමල් පේ‍්‍රමදාස මහතාගෙන් සමුගෙන ආපසු ගියේය.

ඉන්පසු පේ‍්‍රමදාස මහතා වාහනය සෝදා පිරිසුදු කැර ගැනීමට සේවා ස්ථානයකට ගෙන ගියේය. වාහනය සේදු සේවකයා “මහත්තයා! වාහනයෙන් පෝර පටවාගෙන ආවාදැ”යි ඇසූ බවද පේ‍්‍රමදාස මහතාට මතකය.
පේ‍්‍රමදාස මහතා හොල්මන් නොපිළිගත් නමුත් මේ සිද්ධිය තවමත් ඒ මහතාගේ මනසේ හොල්මන් කරයි. හොල්මන් අවතාර බොරු යැයි දැඩි මතයක සිටි ඔහු තවදුරටත් ඒ මතයේ ම සිටිය හැකිදැයි අපෙන් අසයි.

මේ පිළිබඳව ගලිගමුවේ ඥානදීප හිමියන්ගෙන් විමසුයෙමු.
“ඔය වගේ මරණ සිදුවූ ස්ථානවල එහෙම සිද්ධි වෙනවා. රටේ සමහර ස්ථාන තියෙනවා අවුරුද්දකට සැරයක් බිලිගන්නා තැන් කියලා. මේවා ගැන අපේ රටේ කිසිම ගවේෂණයක් සිද්ධ වෙන්නේ නෑ.

ඔය කියන තැනත් ඒ වගේ තැනක් වෙන්න පුළුවන්. සමාජ වෙරයෙන් මැරුණු පිරිසක් එහෙම කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිනී පිච්චෙන කොට පිළිස්සෙන මිනීමස් කන්න ආ අය හෝ දැවෙන මළ මිනීවලින් නිකුත් වෙන පුරුණු තෙල් ආහාරයට ගන්න ආ අමනුස්සයෝ වෙන්නත් පුළුවන්. ලේවලට කැමති අය වෙන්නත් පුළුවන්.

එවැනි භූතයෝ තමන්ගේ අප‍්‍රසන්න ශරීර ප‍්‍රදර්ශනය කරන්නත් කැමැති නැහැ. දුර්ගන්ධය හමන කුණු වූ ශරීර ඇති අමනුස්සයෝ ඉන්නවා. ඒ ශරීරය පෙනෙනවාට අත්මේස්වලින් ආවරණයක් ඝන ශරීරයත් සමඟ මවාගත්තා වෙන්නත් පුළුවන් යැයි ද පැවසූහ

elakiriya
08-02-2012, 08:09 PM
මේ කතාව කියන්න කලින් එක ඉල්ලීමක් කරන්න ඕනේ....මේ කතාවේ එන ඒ පුජක යතිවරයාගේ නම හෙළිකරන්න බෑ....එයා මොන අගමේද කොහෙද ඉන්නේ කියලවත් කියන්න බෑ ......එතුමා ඉල්ලපු එකම ඉල්ලීම එක.......මේ යතිවර තුමා මගේ කිට්ටු යාලුවෙකුගේ හොදම යාලුවෙක් මොකද ඒ යාලුවත් එක්ක එකට ඉගෙන ගත්ත කෙනෙක් නිසා......මේ යතිවර තුමා ඔය පුනරබව සිද්දි ගැන පරයේෂණ කරනකොට සිදුවුන අකරතැබ්බයක් ගැනයි මේ........[මෙතුමා මොහොනය කරලා ඒ ඒ අයගෙන් අසන ප්‍රශ්න පිළිතුරු රෙකෝඩ් කරගන්නවා ]...........මෙයා ලගට ගෙනත් තිබුනා.....මොනරාගල පැත්තේ පිරිමි ළමයෙක්ව....හිටි හැටියේ ...මේ ළමයා හැසිරෙන්නේ සම්පුර්ණ ගැනු ළමයෙක් විදිහට ලු කතාකරන්නේ ඇවිදින්නේ ඔක්කොම ඒ විදිහටලු ඉතින් මේ ලමයව මේ යතිවර තුමා ලගට ගෙනල්ල මොහන ප්‍රතිකාර කරන්න........ඔහොම මනස අඩ නින්දට පත්කරලා මොහන ප්‍රතිකාර කරනකොට එක පාරටම මේ ළමයා ගැහැණු කැඩිච්ච සිංහල කතා කරන්න ගත්තලු(දෙමල අය සිංහල කතා කරන විදිහට ) කතා කරන්න ගත්තලු.....සිද්ද උනා කතාව දෙබසක් විදිහට දන්නම්...

යතිවර තුමා-ඔහේ කවුද????
ආත්මය- අනේ සාමි මව එලවන්න එපා .....
යතිවර තුමා- තමුසේ මොකෝ මේ කොල්ලගේ ඇගට රින්ගන් කරන්නේ කෙල්ලේ??? තමුසේ කවුද???
ආත්මය- අනේ සාමි එක දිග කතාවක් මට මෙහෙම නපුරු විදිහට කතා කරන්න එපා මම අහිංසකයි.....
යතිවර තුමා- අහ් දුවේ මට සමාවෙන්න දැන් කියන්නකෝ ඔයාගේ කතාව......
ආත්මය- අනේ සාමි මට මේ දුබුරු පාට ලෝකෙන් ගොඩ එන්න උදව් කරන්න......
යතිවර තුමා- අහ් දුවේ කොහොමද ඔයාට මෙහෙම උනේ.....ඔයා කොහොමද මැරුණේ??
ආත්මය- මම ජයසිකුරු ෆයිට් එකේදී අර්මි එකට ගහන්න ගිහින් මැරුණා.....මම පනටත් වැඩිය ආදරේ කරපු චන්දරේ (චන්ද්‍රදසන්) මැරුණා......
යතිවර තුමා- ඇයි දුවේ ඔයා ඔයා වගේ භයානක දෙයක් කරන්න ගියේ??? ඇයි මේ වගේ නපුරු උනේ ???
ආත්මය- එයාල අපිට බොරුකලා අපිට වෙනම රටක් දෙනවයි කියල අපේ නායකයෝ අපිව රවට්ටුව නැත්තන් මම අද මම චන්දරේව බදිනවා.......
යතිවර තුමා-ඉතින් ඔයා කොහොමද මැරුණේ???? කියන්නකෝ.....

ආත්මය- මමයි චන්දරෙයි 9 වසරේ ඉදන් යාලුවෝ අපි ගොඩක් ආදරය කලා එත් අපේ අම්මල තාත්තලාට හුගක් කරදර කලා(එවක සිටි ප්‍රධාන ඇමැතිවරයකුගේ නමක් නිසා එයා නොකියමි) ඉතින් එයාගෙන් පලිගන්න තමයි මම කොටි සංවිධානෙට බැදුනේ........පස්සේ අපි දවසක් රෑ අපේ මේජර් කිවා අර්මි කැම්ප් එකකට ඇම්බුෂ් එකක් දෙන්න යන කණ්ඩායමට අපිවත් තෝරගත්ත කියලා ඉතින් අපි කොළ අතු ඇදගෙන ගිහින් අර්මි කැම්ප් එකට ෆයර් කරනකොටම මගේ ඔලුවට වෙඩි වැදිලා මැරුණා මම දැක්ක මගේ ඔලුවෙන් ලේ ගලන ඇග මම මොහොතක් එක දිහා බලන් හිටිය ෆයිට් එක මැද්දේ.......පස්සේ මම කල්පනා කලා මට සිද්ද උන දේ චන්දරේට වෙන්න දෙන්න හොද නෑ කියලා මම ෆයිට් එක මැද්දේ චන්දරේ කීප වතාවක්ම බේරා ගත්තා එත් අන්තිමේ ග්‍රෙන්ඩ් පාරක් වැදිලා මගේ චන්දරෙත් මැරුණා මට මතකයි චන්දරේ මැරෙන මොහොතේ මව දැක්ක කියලා එයා මා දිහා බලලා හිනා උනා එත් එයට මොකෝ උනේ කියලා හොයන්න යනකොටම මව දුඹුරු පාට ලෝකෙක පාවෙලා ගියා...මම මේ කොල්ලගේ ඇගට එන්න කලින් හිටියෙත් ඒ ලෝකෙමයි......

යතිවර තුමා-ඒ දුඹුරු පාට ලෝකේ මොන වගේද ????
ආත්මය-කිසිම දෙයක් පෙන්නේ නෑ දුබුරුම දුබුරු පාටයි හරිම රස්නෙයි.........එත් තැනින් තැන නිල්පාට එලි පේනවා.........

යතිවර තුමා-ඉතින් ඔයා කොහොමද මේ පොඩි එකාගේ ඇගට අවේ??
ආත්මය-මට හිතුන ඒ නිල්පාට එළියක් තියෙන තැනකට යන්න මම එතනට ගියාම එතනට වෙන එක්කෙනෙක් ඇවිත් මව එළවගත්ත මම ඉතින් බලෙන් තමයි අම්මගේ බඩේ හිටියේ.....අනේ සාමි මට අපු එලවන්න එපා සාමි...

යතිවර තුමා-හරි ඔයා මම කියනකොට මේ දේවල් කියන්න(යතිවර තුමාගේ දැඩි ඉල්ලීම මත නොකියමි) [ඉතින් ඔවා ටික කියවල ඉවර උනාට පස්සේ ]

ආත්මය-අනේ බොහොම ස්තුතියි සාමි දන්නම් මම ඒ දුබුරුපට ලෝකේ නෑ ........හරිම සැහැල්ලුවක් ඇගට දැනෙනවා..........
යතිවර තුමා-දැන් මේ කොල්ලගේ ඇගෙන් අයින් වෙලා හොද තැනක හොද අම්ම කෙනෙකුගේ බඩේ පිළිසිද ගන්න ......ඔයා මේ ලෝකෙට ආපුවම කවද හරිද දවසක් මම ජිවත් වෙලා හිටියොත් මව හමුවෙන්න එන්න..........

ආත්මය-බොහොම ස්තුත්යි සාමි මම එන්නම් කවදාහරි දවසක මම දැන් යන්නම් බොහොම ස්තුතියි සාමි .......

යතිවර තුමා-පුතා දැන් නැගිටින්න හිමිට ඇස් අරින්න ඔයාට යන්න පුළුවන්
[පසුව සාමාන්‍ය පිරිමි කෙනෙකු බවට මේ කොල්ලා පත් විය]

විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි.........මෙහි මා වසන් කර ඇති නම් ගැන මගෙන් විමසන්න එපා

tanuja
08-02-2012, 08:09 PM
තැන්ක්ස් මචෝ.

elakiriya
08-02-2012, 08:21 PM
දශක හයකට පමණ පෙර කඩවත - ගනේමුල්ල පාරේ (දැනට අංක 223 දරන බස්‌ මාර්ගය) හතරේ කණුවට යාබද පාර දෙපැත්තේම ඇති ඉඩම් අක්‌කර ගණනාවක්‌ම මහ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. ඒ ස්‌ථානයට පේනතෙක්‌ මානයේ ගෙයක්‌ දොරක්‌ ද නොවීය. පාරේ වංගුව ද 'හතරේ කණුව' පෙදෙසටම හසු වී ඇත.

පාරේ විදුලි එළිය ද නොතිබූ ඒ අවදියේ හොල්මන්වලට බියෙන් 'හතරේ කණුව' ළඟින් ගමන් යැමට බොහෝ දෙනෙක්‌ අදිමදි කළහ. රාත්‍රි කාලයේ හතරේ කණුව පෙදෙසේදී බොහෝ දෙනකු හොල්මන්වලට බිය වූ බවට කටකතා ගම් පළාත හතරවටේ පැතිරුණේය.

ගනේමුල්ල දුම්රිය ස්‌ථානයට හතරේ කණුවේ සිට කිලෝමීටර් දෙකක්‌වත් නැත. සතියකට දෙවතාවක්‌ පැවැත්වුණු ගමේ වෙළෙ¹ම් පොළට හතරේ කණුවේ සිට ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරකි. 'උළු කඩේ හන්දියේ පොළ' නමින් හැඳින්වුණු ඒ පොළ බුලත් වෙළෙ¹ම ගැන ද ප්‍රසිද්ධය. ගම්පහ නගරයේ තොග මධ්‍යස්‌ථානයට බුලත් සැපයෙන 'උප මධ්‍යස්‌ථානයක්‌' වශයෙන් ද 'උළුකඩේ පොළ' දැක්‌විය හැකිය.

මගේ තාත්තා කී හතරෙ කණුව හොල්මන් කතාව මට තාම මතකය. කලින් දින සැන්දැවේ පොළට යන කරත්තයකට විකිණීමට ඇති බුලත් තොගය භාර දුන් තාත්තා පසු දින පාන්දර තුනට පමණ පොළට යැමට පිටත් විය. හුළු එළ§යෙන් ගමන් යන තාත්තාට මඟදී කිසිවකු හමු වී නැත. ගෙදර සිට හතරේ කණුව පෙදෙසට ඒමට පැය භාගයක්‌වත් ගත නොවේ.

හතරේ කණුව පෙදෙසේදී කැලෑවේ සිට බල්ලෙක්‌ තාත්තා දෙසට දිව ගෙන එයි. පාර ළඟටම ආ බල්ලා දෙසට තාත්තා හුළුඑළිය අල්ලයි. එවිට ඌ වේගයෙන් කැලය දෙසට ආපසු දුවයි. නැවතත් ආපසු හැරෙන බල්ලා වේගයෙන් දිව එන්නේ තාත්තා දෙසටය. හුළුඑළිය වනමින් මඳක්‌ නැවතුනු තාත්තා ඌ දෙස බලයි. යළිත් ආපසු හැරුණු බල්ලා කැලයේ ඈතටම යයි. බල්ලා නැවතත් පාර දෙසට දිව එන්නේ කැලය ද කඩා බිඳගෙන බව තාත්තා දකියි. හුළුඑළියෙන් ම ඌට දමා ගැසීමේ අදහසින් තාත්තා පාරේ නැවතී බලා සිටියි. ඒ වතාවේත් පාර ළඟමට ආ බල්ලා සැඟවී ගියේය. පොළට ගිය පසු තාත්තා මේ සිද්ධිය කිහිපදෙනකුට කියා ඇත. 'හතරේ කණුව හොල්මන' බල්ලන් වැනි සතුන් හැටියට ද දිස්‌වෙන බව තාත්තා දැනගත්තේ එදාය. හොල්මන ගැන නොදැනුවත්කම නිසා තාත්තා දිනුවේය. පැරදුනේ හොල්මනයි.

කඩවත - ගණේමුල්ල පාරේ පොකුණෙ හන්දියට කිට්‌ටු නිවාසයක වූ 'හොල්මන් සිද්ධිය' වසර සියයකටත් වඩා අතීතයට දිවෙන කතාවකි. මහලු වියේදී ඇය ජීවත් වී ඇත්තේ තනිවමය. අගහිඟකම් නැති ජීවිතයක්‌ ඇය ගත කළාය. හදිසියේ රෝගාතුර වූ ඕ දින කිහිපයක්‌ ඇවෑමෙන් මිය ගියාය. සතියකට පමණ පසු ඇය ජීවත් වූ ගෙදරට ආ හොල්මන ගැන පුවත ගම් ප්‍රදේශයේ පැතිර ගියේය. සන්ධ්‍යා භාගයේදී ගෙමිදුළට රැස්‌වන ගැමියෝ හොල්මන එනතුරු බලා සිටිති. බල්ලා බුරාගෙන වත්තේ වැට පැත්තට දුවයි. හොල්මන වත්තට ඇතුළු වූ බව බල්ලාගේ හැසිරීමෙන් කවුරුත් දැන ගනිති. බළලා 'C¹ව්' කියාගෙන කුස්‌සිය පැත්තට යයි. හොල්මන කුස්‌සියේ ඉහුම් පිහුම් වැඩ අරඹයි. පොල්ගාන ශබ්දය හා මිරිස්‌ අඹරන ශබ්දය ද මිදුලේ සිටින අයට ඇසෙයි. දර මිටිය බිමට දමන ශබ්දය පවා කුස්‌සිය පැත්තෙන් එයි. වළං සේදීමද හොල්මනට පැවරී ඇති කාර්යයක්‌ බැව් මිදුලේ සිටින ගැමියන් දන්නා කාරණයකි. ශබ්ද මිසක්‌ කුස්‌සියේ කිසිවකු පෙනෙන්නට නැති බව ද ඔවුහු දනිති. කටහඬ ද ඇසුණි නම් මෙදා ගුවන් විදුලි නාට්‍යයකින් ලැබිය හැකි විනෝදස්‌වාදය විඳින්නට එදා ගැමියන්ට ද හැකිවනු ඇත. කෙසේ වෙත් පාළු ගෙදරට ආ 'හොල්මනේ' සේවය කෙටි කාලයකට සීමා වූයේ මියගිය තැනැත්තියගේ ඥාති පවුලක්‌ ඒ ගෙදර පදිංචි වූ නිසා ය.

අද බොහෝ දෙනෙක්‌ 'ග්‍රීස්‌ යකුන්' ගැන කතා කරති. ග්‍රීස්‌ යකුන් ගැන කියද්දී මට මතක්‌ වන්නේ කැන්දලියද්ද පාළුව ගමේ වැලිපිල්ලෑව කඩමණ්‌ඩිය පැත්තේ ගැමි ගෙදරට ආ යකකු පිළිබඳ මා ඇසූ කතාවයි.

මැදියම් රැයේ ගැමි ගෙදරට විත් ගෙහිමියාගේ පිටට තට්‌ටු කරන යකා ග්‍රීස්‌ යකා මෙන් බියකරු යකෙකු නොව ගුණ යහපත් යකෙකු විය හැකිය.

එදා බොහෝ ගෙවල්වල ඉස්‌තෝප්පුව තිබේ. ඉස්‌තෝප්පු කාමර තිබෙන ගෙවල් ද ඇත. ඉස්‌තෝප්පුවට ගොඩවීමට දොරක්‌ ද නැත. ඉස්‌තෝප්පුවේ නිදා සිටින ගෙහිමියා ඇහැරවා ගන්නට දොරට තට්‌ටු කරන්නට ද අවශ්‍ය නොවන්නේය. ගැමි ගෙදර බොහෝ තාත්තලා ඉස්‌තෝප්පුවේ නිදා ගත්හ.

මැදියම් රැයේ ඒ යකා ගැමි ගෙදරට එන්නේ ගෙහිමියාගේ වැඩපළ කර දී උදව් පදව් කරන්නටය. වත්තෙ පිටියෙ හා කුඹුරේ වැඩ මිස යකකු ලවා කරවා ගන්නට තරම් බර වැඩ ගෙහිමියාට නැත. තම 'සේවය' නොමිලේ ලබා දෙන්නට සැරසෙන මේ 'අරුම පුදුම යකාගේ' 'සේවය' ලබා ගැනීමට හැකි දැනුම, අවබෝධය හා උපාය ගැමියා තුළ නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොගන්නා නිසා යකා ගැමියා ද කඳවාගෙන ගමේ වතුවලට යයි. ගස්‌ නැග පොල් කඩන යකා ඒ පොල් ගොඩවල් ද ගැමියාගේ වත්තටම ඇද දෙයි. ගැමියා තුෂ්ණිම්භූතව බලා සිටිද්දී යකා දිගටම කරගෙන ගියේ 'සොරකම්' වැඩය.

මැදියම් රැයේදී එන 'පුද්ගලයා' පිළිබඳ රහස රහසක්‌ වශයෙන් ම තබා ගත යුතු බවට යකා මුල් දිනදීම ගැමියාගෙන් පොරොන්දුවක්‌ ගෙන තිබිණි. රහස රැකගන්නට ගැමියා අපොහොසත් විය. ගෙදර ඇත්තෝ ද 'රහස්‌ දැන ගත්හ. යකා ඒ පැත්ත පළාතේවත් නොඑන රහස ගැමියාට නම් රහසක්‌ නොවීය.

මරු හිරා
08-02-2012, 08:55 PM
තව දාපන් මචෝ

MANJU
08-02-2012, 09:02 PM
;)

Kaputa
08-02-2012, 10:10 PM
බයේ බැ

Kaputa
08-02-2012, 10:11 PM
තව දාපන් මචෝ

Time Traveler
08-03-2012, 12:40 AM
:rolleyes:

elakiriya
08-03-2012, 07:40 AM
mekata log wela matath podi help ekak denna
ඉතින් යාලුවනේ කොමද life එක ..මම මේ කියන්න හැදුවේ හොල්මන් කතාවක් නෙමෙයි ...මම හදපු website එකක් ගැන......http://pluggedme.com (http://www.pluggedme.com) <<<<< මෙන්න මේක තමි site එක Join වෙලා බලල හොදද කියන්න

Isuru1990
08-03-2012, 08:47 AM
:):

elakiriya
08-03-2012, 09:05 AM
මේ කතා වලට අදාල සිදුවීම් තවමත් ඒ පාසලේ සිද්ද වෙනවා.නම් වෙනස් කරලා දාන්නේ ඒක නිසා .
මේ ඉස්කෝලේ ලංකාවේ පරණම ඉස්කෝලයක්.
සිදුවීම් අංක 1
මේ ඉස්කෝලේ තියනවා ලොකු නුග ගහක්. එතන ප්‍රසිද්ද කිවිඳියක් කවි ලියපු තැනක්. දැන් ඉතින් දැනගත්තනම් තැන කියල කොමෙන්ටු දාන්න එපා.ඔය ඉස්කෝලේ හැම අවුරුද්දෙම පිරිතක් කියනවා එදාට රෑ එළිවෙනකන් කට්ටිය ඉස්කෝලේ ඉන්නවනේ ඒත් ඉස්කෝලේ ලමින්ට ඔය ඉස්කෝලේ තියන ගහ ගාවට යන්න දෙන්නේ නැහැ. එකට හේතුවක් තියනවා. ඔය ඉස්කෝලෙට සම්බන්ද ඔක්කොම ආත්ම ඔය ගහ ගාවට එනවා කියල මතයක් තියනවා. කොහොම හරි ඒක පිරිත් දවසක ශිෂ්‍ය නාය්කාවක් ඔය ගහ ලගින් ගිහින් තියනවා රෑ 11 ට විතර ඉතින් ටිකවෙලාවක් යනකොට මෙයා කෑ ගහන සද්ද ඇහිලා අනිත් පිරිත් අහ අහ හිටපු කට්ටිය එතනට එනකොට මෙයා සිහිනැතුව වැටිලා ඉන්නවලු.ඊට පස්සේ කට්ටියට පිරිත් පැත්තක දාල අර ශිෂ්‍ය නාය්කාවට ආරක්ෂක පිරිත් කියන්න උනාලු. වැඩේ කියන්නේ මෙයාට උන කිසිම දෙයක් මතක නැහැල්ලු.

සිදුවීම් අංක 2
මේ ඉස්කෝලේ පටන් ගන්න මුලික උන විදුහල්පතිනිය තාමත් ඒ ඉස්කෝලේ ඉන්නවා. එයා ඒ ඉස්කෝලේ හැම විදුහල් පතිනියකටම පේනවා. හොඳ විදුහල්පතිනියක් නම් ඒ මුල් විදුහල්පතිනි එයාව බයකරන්නේ නැහැ. හබඊ නරක කෙනෙක්නම් (ජරා පප්පියෙක් වගේ කෙනෙක් ) සිහි නැතිවෙන්නම බය කරනවා. ඒ මුල් විදුහල්පතිනි ඉස්කෝලෙට හරිම අදරෙඉලු..................

සිදුවීම් අංක 3
රෑට ඔය ඉස්කෝලේ වටේ අස්ව කුර සද්දයක් ඇහෙනවලු. ඒ ඔය ඉස්කෝලේ තිබ්බ තැන පරණ රජදානියක් තිවිල තියෙන්නේ, ඒකෙ හිටපු අසරුවොන්ගේ අවතාර තමඊ ඒ ඉස්කෝලේ වටේ යන්නේ............

සිදුවීම් අංක 4
ඔය ඉස්කෝලේ වැඩට ඉඳල තියෙන්නේ එකම ඒක කොල්ලෙක් විත්රෛ. පොරට වයස 24 - 25 ක් විතර. ඌ ඉඳල තියෙන්නේ මම විතරි නියම කුකුළා වගේ :පී . මිනිහට ලොකු පන්ති වල හැම grade 1 කින්ම කෙල්ලෝ ඉඳල තියනවා. මිනිහ ඉස්කෝලේ ම පැත්තක පොඩි කාමරයක ඉඳල තියෙන්නේ. ඔය ඉස්කෝලේ අස්කරන මැදිවයසේ ගැණු කෙනා දවසක් උදේ පාන්දර 4.00 ට විතර ඇවිත් ඔය කොල්ලට කතා කරන්න හදනකොට සද්දයක් නැතිනිසා ටෝච් එක ජනේල්ලෙන් ගහල බලනකොට මේ කොල්ල එල්ලිලා මැරිලා. මරණෙට හේතුව හොයාගෙන නැහැ. ඔකෛය් අතීත කතාව......
මේ කතා මට කිව්වේ මම දාන්න ගැණු ළමයෙක් මේ සිදුවීම් වෙන්නේ එයා ගියපු ඉස්කෝලේ .ඉතින් අර මම කිව්වේ ඉස්කෝලේ අවුරුද්දකට වතාවක් පිරිත් තියනවා කියල.මේ ගැණු ළමයත් ඒ ඉස්කෝලේ ශිෂ්‍ය නාය්කාවක් . එයත් ඔය පිරිත් දවසක තව ගෑනුලමිය් කට්ටියක් (යාලුවෝ 10 ක් ) එක්ක කෑම කන්න 8 වසර පන්ති තියන තරන පන්තියකට ඇවිල්ල තියනවා. වෙලාව රෑ 12 ට විතර . දන්නවනේ ඉතින් ගැණු සෙට් උනාම ඔපදුපමනේ ඉතින් මෙතන ඉන්න කෙනෙක් කිව්වලු ආ ප්‍රදීප් අය්යත් අද පිරිත් අහන්න ඇවිත් ඇතිනේද කියල මට කියන්න අමතක උනා ප්‍රදීප් කියන්නේ අර මැරුණ කොල්ල. ඉතින් ඔය ගැන කතාකරකර කට්ටිය කෑම කාල එලියට ඇවිත් තියනවා. කට්ටිය දන්නවා නේද ඉස්කෝලවල තියෙන්නේ කොරිඩෝව ඒකෙ දිගටම තියෙන්නේ tube light හඊ කරලනේ . ඔය කොරිඩෝවේ අනිත් කෙරවල වැටෙන්නේ අර මැරුණ කොල්ලගේ කාමරේ ඉස්සරහට.(ඒ කොල්ල මරුනෛන් පස්සේ ඒ කාමරේ වහල දැම්මලු. කිසිදේකට භාවිත කරන්නේ නැහැල්ලු අදටත්.) ඉතින් මෙයාල එලියට එනකොටම අර tube light 1 1 පිලිවලට නිවීගන මෙයාලගේ පැත්තට ආවලු. මෙයාල හිටි තැන tube light 1 විතරක් තියෙද්දී අනික් ඔක්කොම නිවීගන ගියාලු. ඔයාල දන්නවනේ කරන්ට් යනකොට ඔක්කොම නිවෙනවා මිසක් එක එක ඩිම් වෙවී නිවෙන්නේ නැහැ කියල.ඉතින් මෙයාල හොඳටම බයවෙලා තියනවා. කට්ටිය මරහඩ දීගෙන අර කාමරය ඉස්සරහින්ම එලියට පැනල දුවල තියනවා........ඔකඊ කතාව කොහොම උනත් මේ ඉස්කෝලේ හොල්මන් තියනවා කියන 1 ප්‍රසිද්ද රහසක්. තවත් ත්යනව දැන් වෙලාව මදි නිසා ඒවා පස්සේ කියන්නම්.

elakiriya
08-03-2012, 09:13 AM
මේ සිද්ධියනම් සිද්ධ වුනේ කලින් කතාවෙ වගේ කොළඹ නෙමේ. කොළඹින් ඈත, එහෙමත් නැත්නම් ගමක කිව්වොත් හරි.මංජුල කියන්නෙ ඉතා ධනවත්, විශාල නිවසක් සහ ඉඩමකට උරුමකම් කියන, මැදිවයසේ පුද්ගලයෙක්. මේ නිවසේ මංජුල සහ පවුලේ තවත් කිහිපදෙනෙක් ඉන්නවා. ඔහොම ඉන්නකොට එක් දවසක් මෙම පුද්ගලයාට ඇහෙනවා ගෙදර ප්‍රධාන දොරකඩ ලඟ ඉදන් කවුදෝ පිරිසක් හිනාවෙනවා වගේ ශබ්දයක්. ඒ හිනාවෙන ශබ්දයත් සමඟම වීදුරුවක් කුඩුවෙන ශබ්දයකුත් ඔහුට පැහැදිලිවම ඇහෙනවා. හරියට උත්සව වෙලාවක වගේ. මේ වෙලාව වනවිට මංජුල ඉන්නෙ ගෙදර සාලයේ. ඔහු සාල දිගේ ඇවිදගෙන ප්‍රධාන දොර අසලටම ඇවිත් දොර ඇරලා බලනවා මේ ඉන්නෙ කවුද කියලා. සමහරවිට ඒ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙක් වෙන්න ඇති කියලා ඔහු හිතුවත් දොර ඇරලා ඔහු වටපිට බැලුවත් ඔහුට කිසි දෙයක් පෙනෙන්නට තිබුනෙ නෑ. නමුත් ඔහුට මේ දැනිච්ච දෙය පිටුපස යම්කිසි දෙයක් තියනවා. ඒ මොකක්ද කියලා ඔයාලට මේක කියවගෙන යද්දි තේරෙයි.

දින කිහිපයක් ගත වෙනවා. එක් උදෑසනක ඔහුට ඇහෙනවා බල්ලෙක් මහ හයියෙන් උඩුබුරලන ශබ්දයක්. නමුත් ඒ ඉඩමේවත් අහල පහල නිවසකවත් බල්ලන් ඇතිකරන අයවත්, බල්ලන්වත් නැති පලාතක කොහින්ද මේ ශබ්දය එන්නෙ කියලා ඔහුට සැකයක් ඇතිවෙනවා. ගම්පලාතක් නිසා මංජුලත් හූනියම්, භූතදෝෂ පිළිගන්න කෙනෙක්. ඔහුට හිතෙනවා මේක හූනියමක්ද? නැත්නම් මේ ගෙදර භූත දෝෂයක්ද කියලා. ඔහු යනවා අන්ජනමක් බලන්න.

මම කියවල සහ අහලා තියන විදියටනම් අන්ජනම් වලත් යම්කිසි ඇත්තක් තියනවා. ඔයාලට හිතෙනවා ඇති අන්ජනමෙන් ඕවා බලන්න පුලුවන්ද කියලා. ඒකට උත්තරේ ඔව් බලන්න පුලුවන්. මංජුල අංජනම්කරු හමුවෙන්නට යනවා. නමුත් ඔහු කියන දෙයින් මංජුල ටිකක් පුදුම වෙනවා. අංජනම්කරු කියනවා මේ නිවසේ දකුණු පැත්තට වෙන්න තියෙනවා ලිඳක්, ඒ ලිඳ අසල යම්කිසි දෙයක් වළලා තියෙනවා. ඒ තැන හාරන්න. එතකොට ලැබෙයි මුට්ටියක්, ඒ මුට්ටිය අරන් ආයිත් මගේ ලඟට එන්න කියලා.

අංජනම්කරු කිවූ ආකාරයට ඔවුන් එතැන හාරන්න පටන් ගන්නවා. ඔවුන්ට ලැබෙනවා කිවූ පරිදිම මුට්ටියක්. ඔවුන් ඒකත් අරන් යනවා අංජනම්කරු මුණගැහෙන්න. අංජනම්කරු විසින් ඒවේලේ ඒ මුට්ටිය ඇරලා ඇතුලේ තියෙන දේවල් එකින් එක සියල්ලන්ගේම ඇස් ඉදිරිපිට එළියට ගන්නවා. රතු, කහ සහ සුදු පාට නූල් කැබලි, මින්ස් ඇටකැබලි, දෙහි, අඟුරු සහ තඹ තහඩුවක් ඔවුන්ට දැකගන්න ලැබෙනවා.අංජනම්කරු කියනවා මේක තමයි ගෙදර ඔයවගේ දේව්ල් සිද්ධ වෙන්න හේතුව කියලා. මංජුලගේ සිතුවිල්ල හරි. ගෙදරට හූනියමක් කරලා. ඒත් කවුද එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? ඒකටත් තියනවා හේතුවක්. ඔය මංජුල ඉන්න ඉඩමට තිබුණා ආරවුලක්. නඩුහබත් අහලා තියනවා. නමුත් ඒවලින් මංජුල ජය අරන් තියනවා. දැන් ඔබට හිතෙයි එහෙනම් අර පැරදුන අය තමයි මේක කරල ඇත්තෙ කියලා. අපි බලමු ඇත්තටම කවුද මේක කලේ කියලා.

අංජනම්කරු කියනවා මේදේ ආපහු කරපු කෙනාටම හරවලා යවන්න පුලුවන් කියලා. නමුත් මේක කලේ කවුද කියලා ඔහුට කිවීමට හැකියාවක් නෑ. මංජුලගේ නිවස සහ ඔවුන්ගේ පවුල නැති නාස්ති වෙන්න මේ කරපු දේ කරපු කෙනාටම යවන්න ඕනෙ කියන හැඟීම මංජුලට එනවා. ඔහු අංජනම්කරුට කියනවා. මේක ඒ අයටම හරවලා යවන්න කියලා.

මේ විශ්වයේ තිබෙන අමුතු ශක්තීන්, බලවේග ගැන ඔයාල මුලින්ම අහන්නේ අදනම් මේ දේවල් විශ්වාස කරන එකක් නෑ. නමුත් මේ විශ්වයේ අපිට නොපෙනෙන දේවල් කොයිතරම්නම් තියනවද.

මංජුල කිවූ ආකාරයට අංජනම්කරු මේ හූනියම ආපහු හරවලා යවලා කියනවා සතියක් ඇතිළත හැමදෙයක්ම පැහැදිලි වෙයි කියලා. කිවූ ආකාරයටම ඔවුන්ට හැමදෙයක්ම පැහැදිලිවෙනවා. දන්නවද වුනේ මොකක්ද කියලා. ඔයලා හිතුවදේ හරි. මේ හූනියම කරලා තියෙන්නෙ අර නඩුවෙන් පැරදිලා මේ ඉඩම මංජුලට දෙන්න වුනු කෙනාමයි. ඔහුගේ නම පියරත්න. පියරත්න ඉන්නෙත් මංජුලගේ නිවසට ආසන්නයේමයි. මංජුල අර හුනියම ආපහු හරවලා යවලා සතියක් ඇතුලත පියරත්නගේ නිවසේ එන්න එන්නම කරදර වැඩිවෙන්න පටන් ගන්නවා. ඔහුගේ දරුවකු අනතුරකට භාජනය වෙනවා, බිරිඳ ලිස්සා වැටිලා අස්ථි බිඳීමකට ලක්වෙනවා, පියරත්නගේ රැකියාව නැතිවෙනවා. හිතලා බලන්න අනුන්ට කරපු විනයක් තමන්ට හැරවිලා ආවම ඒක එන්නෙ යැව්වා වගේ දෙගුනයක් තුන්ගුණයක් විශාල වෙලා.

පියරත්නට මේ දේවල් සිද්ධ වෙනවා බලන් ඉන්න බැරි මංජුල හිතනවා, බල්ලෙක් අපිව හපා කෑවට අපි බල්ලව කන්න යන්නෑනේ කියලා. ඔහු යනවා අංජනම්කරු ලඟට මේ වෙන වැඩේ නවත්තන්න කියන්න. සාමාන්‍ය‍යෙන් හූනියමක් හරවලා යැව්වහම ඒක ආපහු නවත්තන්න බැහැ කියලා තමයි මමනම් කියවලා තියෙන්නෙ. ඒ වගේම අංජනම්කරු කියනවා දැන් මේක නතර කරන්න බෑ හැබැයි මේ සිද්ධ වෙන දේවල් අඩු වෙන්න මම සුරයක් මතුරල දෙන්නම් ඒක අරන් ගිහින් ඒ වත්තට විසි කරන්න කියලා. මංජුල ඒ කිවූ ආකාරයට ඒ සුරය අරන් ඒ වත්තට විසි කරනවා. එතනින් එහාට සිද්ධ වෙනදේ මම කියන්න අවශ්‍යය නැහැනෙ.

හිතන්න..! මේ විශ්වයේ අපිට නොපෙනෙන දේවල් කොයිතරම් ප්‍රමාණයක් තියනවද. අපිට පේන ප්‍රමාණය කොපමණද. පියවි ලෝකයෙන් එහා ලෝකයක් තියනවද. හොල්මන්, අවතාර මේව මනඃකල්පිත දේවල්මද, නැතිනම් ඒවායේ ඇත්තක් තියනවද. ඒබ්‍රහම් ටී කොවුර්ගේ මතයට අනුව මේව මණෝභ්‍රාන්ති තත්වයන්ද. මුහුදට ඇල්පෙනිත්තක් දාලා ඒක උඩට ගත්තම ඇල්පෙනිත්තේ උඩ පැත්තෙ රැඳිල තියන වතුර බිඳුව තරම් ප්‍රමාණයක් තමයි අපි මේ විශ්වය ගැන දන්නෙ. මහා සාගරයක් තරම් දේවල් තියනවා අපිට දැනගන්න.

elakiriya
08-03-2012, 09:14 AM
මේක අපේ ගම පළාතේ උන සිදුවීමක්, ( මේක හොයන්නමයි මම ගමට ගියේ ) කොහොමහරි මට ඉන්නවා තව යාලුවෝ දෙන්නෙකුත් ගමේම කට්ටිය,
අපේ ගමේ තියනවා පොඩි ඉස්කෝලයක්, පොඩි කිව්වට එච්චර පොඩි නැ ඉස්සරා තියෙන්නේ රබර් වත්තක්, එකත් ඉස්කෝලෙම කොටසක් තමයි.
ගමේ ඉස්කෝලේ උගන්නපු සර් කෙනෙක් හිටියා එත් එය මැරිලා ටික කාලයක් වෙනවා, හරිම හොද සර් කෙනෙක් මටත් එක පාරක් විතරක් එයාව හම්බුනා,
මම ගමේ ගිහිපු දවසේ මගේ යාළුවොත් එක්ක කතාවක් ගෙන ඉන්නකොට එක පාරටම මේ මාතෘකාව ඇදිල ආව,
" මචන් සර් කාරයා ඇදගෙන හිටියේ ඉස්කෝලෙට අදින කිට් එකම තමා බන් " කියල අමිත් කියන මගේ යාළුවා කිව්වා, මටත් මාතෘකාවට එන්න ඕනෑකමක්
තිබ්බට මුන් ටික බයවෙයි කියල තමයි මට අව්ලකට තිබ්බේ, දැන් මුන්ම කතාව පටන් ගත්ත එකේ මම කතාව ඉවරයක් කරනවා කියල හිතාගෙන මමත් මාතෘකාවට බැස්ස
මම ඇහුව මචන් මිනිහ කොහොමද මැරුණේ කියලා, මිනිහ මැරුණේ මචන් ඉස්කෝලේ ඉස්සරහ රබර් වතෙන් ගෙදර යද්දී කව්රු හරි එකෙක් ගලකින් ඔලුවට ගහල තියනවා,
මු ඔලුවත් අල්ලගෙනම ඉස්කෝලේ ඉස්සරහටම ඇවිත් වැටිලා එතනම මැරිලා. කව්ද ගැහුවේ මොකටද ගැහුවේ කියලා තාම හොයාගෙන නැ බන් කියලා කියලා මු කිව්වා,
එත් සර්ගේ හැඩහුරුකම් තියන කව්රු හරි කෙනෙක් ඉස්කෝලේ ගාව රෑට ඉන්නවලු, මුන් දෙන්න කිව්වා මුන් දෙන්න දැක්කෙත් සර්ම තමා කියලා, ඉස්කෝලෙට අදින ඇදුම ඇදගෙන
පොත් ටික අතේ තියාගෙන සර් ඉන්නවලු රබර් වත්තේ ඉදන් ඉස්කෝලේ දිහා බලාගෙන රැට,

කතාව එතනින් ඉවර කරලා මාත් ගෙදරට ගියා, මම පණ්ඩිතය උනාට පට්ට බයක් තියෙන්නේ රෑට. ඊලග දවසේ අපි ගියා ඉස්ස්කොලේ සිකුරිටි අංකල්ව හම්බවෙන්න ( සිකුරිටි කිව්වට නිකන්ම අන්කල් කෙනෙක් )
ගිහිල්ල ඇහුව අන්කල්ගෙන් මේ සීන් එක ගැන. අන්කල් බුලත් විට කන එක්කෙනෙක් දවසක් මෙය විටක් අරගෙන එනකොට තෙරුනලු පස්සෙන් කව්රුහරි එනවා වගේ, රබර් කැලේ මැද්දෙන් නේ එන්නේ
මෙයාට බයක් දැනිල නැ ඉතින් හැමදාම මෙහෙම නිසා, එත් අමුතු සීතලක් දැනුනලු මහා දවල් මොන සීතලක්ද කියලා මෙයත් සද්දේ එන දිහාව බලල අඩි සද්දේ ආවට කව්රුත්ම නෑලු,
ඒපාරනම් මිනිහ ටිකක් බය උනාලු, ඉස්සරහින් එනවලු කව්ද කෙනෙක් වේවැලක් අතේ තියාගෙන මු බැලුවාලු කව්ද මේ මහදවල් වේවැල් අතේ තියන් එන්නේ කියලා, කොච්චර ඉස්සරහට ගියත් මේ මිනිහ තාමත් එවිදන් එනවලු ලගට එන්නෙම නැලු, ටික වෙලාවකින් මෙන්න ලගට එනවලු මිනිහ කකුල් දෙක නම් පේන්න තිබ්බේ නෑලු එක පාරටම ආපු හුළගට ඒ මිනිහ රබර් ගහක් උඩට පාවෙලා ගිහින් ,
ඊටපස්සේ කිසි දෙයක් මතක නෑලු, බැලින්නම් අන්කල්ට කලන්තේ දාල රෑ වෙනකන්ම එතන ඉදල, අන්කල් හිමිට නැගිටලා පිස්සුවෙන් වගේ ගෙදරට දුවලා, පස්සේ ගමේ පන්සලෙන් පිරිත් නුලක් දාල මතුරලා.
දැන් අන්කල් රබර් වතෙන් එන්නේ එයාගේ පුතත් එක්ක විතරමලු, ඔය කතාව ඇහුවම අපිත් හොල්මන් උනා, පස්සේ අපි අන්කල්ට ස්තුති කරලා ගෙදරට ගියා.මමත් හොල්මන් ගැන හොයන එක අතැරලා ගෙදර ආවා,

elakiriya
08-03-2012, 02:36 PM
එමලින් නැන්දා තමන්ට හැකි ආකාරයෙන් දන් පින් කළාය. හතර පෝයට ම පන්සල් ගොස් සිල් සමාදන් වූවා ය. එහෙත් ඇයට භාවනාවක යෙදෙන්නට නම් අවස්ථාවක් ලැබුණේ නැත.

එමලින් නැන්දාගේ දරුවෝ රජයේ රැකියාවල නිරත වූ අය ද සිටිති. සමහරෙක් විදේශගතව රැකියා කරති. බාල දියණිය චම්පාට රස්සාවක් නැත. ඇය විවාහ වී සිටින්නේ ද පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කරන කෙනෙකු සමඟ ය.

චම්පාගේ සහෝදරයෝ ඉඳහිට ඇයට සාමාන්‍ය උදව්වක් නොකළා ද නොවේ. කෙසේ නමුත් චම්පා ගේ පවුලේ ආර්ථිකය ඒ තරම් ශක්තිමත් එකක් වූයේ නැත. මෙය එමලින් නැන්දාගේ හිතට මහත් වේදනාවක් දුන් කාරණයක් වීය. “අනිත් හැමෝට ම තියෙනවා. කොල්ලට තමයි නැත්තේ” යි ඇය නිතර ම මැසිවිලි නැගුවාය.

එමලින් නැන්දාගේ ලේලිවරු තම ගෙවල් දොරවල් ඉතා ලස්සනට තබාගෙන සිටියහ. නවීන පන්නයේ බඩු මුට්ටුවලින්, විදුලි උපකරණවලින් අංග සම්පූර්ණව සිටියහ. ජේත්තුවට හැඳ පැළඳ ගමන් බිමන් ගියහ. ස්වර්ණාභරණවලින් අත කර දිදුළිණි. චම්පාට මේ කිසිත් නැත. මේවා එමලින් නැන්දාගේ හිත පුපුරු ගහන කාරණා විය.

පුපුරු ගහනවා පමණක් නොව ගිනි පුපුරු පිටවෙන වේලාවල් ද වීය. “අනේ! අනේ! මගේ දරුවො දුක් මහන්සි වෙලා හම්බ කරනවා. උඹලා වෙසක් කූඩු වගේ රෝන්දෙ යනවා. ඔන්න ඔය ඉස්කුරුප්පු මගේ දෑහෙට පේන කොට තමයි ඇඟේ මාළු නටන්නේ” යි ඇය ලේලියනට ගරහන වේලාවල් ද බහුල ය.

“නාකි වෙන කොට ඉරිසියාව. තරුණ කාලෙට අඳින්නෙ පළදින්නෙ නැතුව මේවා කවදා කරන්නදැ”යි ලේලිලා ද වගඋත්තර බඳිති.

“අනේ! මගේ කට. දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා වදලා ලේ කිරි කර පොවලා හදල වඩලා උස් මහත් කරලා උගන්නලා රස්සාවලට ගිහින් හරි හබ්බ කරලා එවන ඒවා පිටින් ආපු විස කුඩිච්චියෝ පැණි පෙරන කොට තමයි මට යකා වැහෙන්නේ.

එක බඩ වැල කඩා ගෙන ආපු සහෝදරී දුක් විඳිනවා. ඒකිට ඔලුව උස්සන්න හරි හමන් උදව් කරන්නේ නෑ. අනේ! දෙයියනේ, මේවා දෙයියොම බලා ගන්න ඕනෑ” යනුවෙන් උපාසකම්මා දෙස් දෙවොල් දෙයි. ඒ වෙලාවට උන්දැට පන්සල මතක නැත. සිල් මතක නැත.

හතර පෝයට දාන සීල හා අනිත් දවස්වලට අඩ දබර, මැද්දේ ඉහ නිකට පැහී තුන් කුදු වූ උපාසකම්මා වයස් ගතව පරලෝ සැපත් වූවා ය.

එමලින් නැන්දා මරණයට පත්ව තුන් මාසයේ දානයෙන් පසු චම්පා තුළ යම් යම් වෙනස්කම් පහළ වෙන්නට වීය. ශරීරයේ දැවිල්ලක් හට ගැනිණි. උදේ හවස නිවසේ පහන දල්වන විට ඈ වෙව්ලන්නට වූවාය. බෝධි පූජාවකට, ;ද්වාලයකට, පිරිත් ගෙදරකට ගියත් එසේ වීය.

චම්පාට භූත දෝෂයක් ඇතැයි වටහා ගත් ඇගේ සැමියා ඒ සඳහා අවශ්‍ය වත් පිළිවෙත් කළේ ය.

මිය ගිය අම්මා සමඟ තවත් අමනුස්සයන් දෙදෙනෙකු ඇගේ ශරීරයට ඇතුළු වී ඇයට හිරිහැර කරන බව අනාවරණය වී ඒ සඳහා ඇදුරන් ලවා තොවිලයක් කරවන්නට යෙදිණි. අම්මා හැරෙන්නට අනිත් අමනුෂ්‍යයන් දෙදෙනාට කුකුළකු අවශ්‍ය බව කියැවිණි. ඒ පුද ලබා ගත් ඔව්හු නික්ම ගියහ.

යළිත් මාස ගණනකට පසු මළ ගෙදරක ගිය චම්පාට එදා සවස යළිත් ‘අම්මා’ ඇඟට ආවාය. එදින චම්පා සිටියේ අයියා කෙනෙකුගේ නිවසේ ය. ප‍්‍රලය වූ චම්පා කතා කරන්නට වූවා ය. විදේශ රැකියාවලට ගිය සහෝදරයන් ද පැමිණ සිටි අතර ඔවුහු ද චම්පාගේ මේ විකෘතිය බලන්නට පැමිණියහ.

“මට මගේ දරුවන්ට කතා කරන්න ඕනෑ” යි කීවාය. එය අසා නිවසේ සිටි සියලු දෙනා එතැනට පැමිණ චම්පා වට කොට ගත්හ.

“දරුවනේ; මම උඹලාගේ අම්මා. උඹලා හැම දෙනාටම දැන් යමක් තියෙනවා. ඒ බලාපල්ලා නංගී දුප්පත්. කෙල්ලට යමක් දීපල්ලා. ඒකි දුක් විඳිනවා. මට උඹලා ගැන සතුටු වෙන්න පුළුවන්. ඒත් නංගි ගැන මට හරිම දුකයි” කියමින් හඬන්නට වූවා ය.

ඒ සමඟම එතැන සිටි පුතුන් ගේ බිරින්දෑවරු දෙදෙනෙකු ළඟට ගොස් “අනේ! දුවේ, මට සමාවෙන්න ඕනෑ. මම ඔය ගොල්ලන්ගෙ හිත් රිදෙන්න බැන්නා. මට සමාව දෙනවා නේද? දුවේ” යැයි ඇවිටිලි කරන්නට වූවා ය.

මේ සියල්ල ඇය කළේ තුන් කුදු ගැසී ගෙන ය. ඇය කුදු ගැසී ගමන් කළ ආකාරයෙන් මේ තමන්ගේ ම අම්මා බව කාටත් වැටහිණි.

මෙසේ යළි යළිත් දිනපතා ම වාගේ චම්පා ප‍්‍රලය වන්නට වූවාය. ඒ අවස්ථාවට ඇගේ මුහුණ අඳුරු වී හැඩ රුව වෙනස් වීය. සොටු සහ කෙළ මුහුණේ තවරා ගෙන හඬන්නට වූවාය. මේ තත්ත්වය ඇදුරුකම්වලින් ස්ථිරව සුවපත් නොවූ තැන මාතලේ උඩතැන්න පහළ පන්සලේ, බුලත්සිංහල වනරතන හිමියන් වෙත ඇය කැඳවා ගෙන ගියහ.

උන්වහන්සේ පැමිණ සිටි පිරිස ආගමික වතාවත්වල යෙදවූහ. ඒ සැණින් චම්පා ප‍්‍රලය වූවාය.

“හා... හා... කලබල කරන්න එපා. මේක පන්සලක්... වනරතන හිමියෝ කීහ.

“එහෙමයි හාමුදුරුවනේ; මම කලබල කරන්නේ නෑ. මමත් හොඳ උපාසකම්මා කෙනෙක්.”

“හොඳයි හොඳයි එහෙනම් බොහෝම හොඳයි. ඉතින් එහෙම නම් කියමු බලන්න. මොනවද මේ උපාසකම්මා කළ පින් දහම්.”

“මමද? මම හොඳට දන් පින් කළා. හතර පෝයට ම සිල් ගත්තා.”

“ඉතින් ඔය තරම් පින් දහම් කළා නම් ඇයි මේ දූට කරදර කරන්නේ?”

“මම ආවේ දුවට කරදර කරන්න නොවෙයි. දුවට හොඳක් කරන්න. පුතාලට කියල මේ කෙල්ලට උදව් අරන් දෙන්න”

ඔව්! දැන් මේ පුතාලා පොරොන්දු වෙනවා නංගිට උදව් කරනවාය කියා.”

“අනේ; සාදු! සාදු! මගේ පුතාලා මගේ හිත නිදහස් කළා.”

“ඉතින් උපාසකම්මා කෙනෙක් වෙලත් ඇයි මේ පහත් අමනුස්ස භාවයක උපන්නේ?”

“අනේ! හාමුදුරුවනේ! මම කොයි තරම් දන් දුන්නත්, සිල් සමාදන් වුණත් මට භාවනා කර ගන්න බැරි වුණා. හිත දුර්වලයි. කෙල්ලගෙ නැති බැරිකම් ගැන හිත හිතා දුකෙන්මයි හිටියේ. ඒකයි මට මෙහෙම වුණේ!!”

“හොඳයි, අපි දැන් මේ ඇත්තිව තවත් පින් දහම් කරන තැනකට එක්කර ගෙන යනවා.”

“අනේ, හොඳයි; ඒ කොහේට ද හාමුදුරුවනේ?”

“ගැටඹේ බෝධීන් වහන්සේ ළඟට”

“අනේ; හොඳයි සාදු! සාදු!”

වනරතන හිමියෝ පිරිස සමඟ ගැටඹේ බෝධීන් වහන්සේ වෙත ගොස් බෝධි පූජාවක් පවත්වා පිරිත් සජ්ඣායනා කොට මේ තැනැත්තියට මෙතැන පින්දහම් කරන හැටි බලා ශුද්ධාව පිහිටුවා ගන්නට ඇගේ අමනුස්සය භාවයෙන් මිදෙන්නට දෙවියන්ගේ උදව් ඉල්ලා පිනට පිහිටවන ලෙස ඉල්ලා ඇය එම ස්ථානයට භාර කළහ.

චම්පා ප‍්‍රකෘති සිහිය ලැබූ විට වනරතන හිමියෝ ඇයට අවවාද කළහ.

“දැන් ඉතින් ඒ කරදර සේරම ඉවරයි. අයියලත් දියුණු වෙන්න උදව් කරාවි. දැන් වෙච්ච සියලු දේවල් අමතක කරන්න නැවත අම්මා ගැන හිතන්න ගියොත් නැවතත් ආපහු ඒවි. ඒ ගැන ඉතින් හිතන්න එපා. ඒ ගැන කතා කරන්න එපා. ආයෙත් ඒ ගැන ම හිත හිතා කතා කරන්න ගියොත් ඉස්සරහ දොර වසා පිටු පස දොර ඇර තැබුවා වගේ වේවි” යි කරුණු වටහා දුන්හ.

elakiriya
08-03-2012, 02:37 PM
ගෙවල් කිට්ටුව චූටික්කු අයියලෑගේ ගෙදර හොරකමක් වෙලා සති ගාණක් ගත වුණා . පොලීසියත් අපරාධ කරුවන් සුවඳින් අල්ලාගන්ට දක්‍ෂකම් පෑ පොලිස් බල්ලනුත් ඇවිදින් ගම මුනිං අතට පෙරළලා වැරදි කරුවන් හෙවුවත් අබමල් රේණුවක තරම්වත් හෝඩුවාවක් හොයාගන්ඩ බැරි වුණා .

මේ සිද්ධ වුණ හොරකම නිසා ගමේ උන්නු අපි පොලිස් බල්ලෙන්ව අපේ ඇස් වලින් දැකගත්තා. මීට ඉස්සර නම් පත්තර වල ටීවී එකේ ඉඳලා හිටලා මේ අති දක්‍ෂ පොලිස් බල්ලන්ව අපි දැකලා තිබුණත් හැබෑවටම උං දකින්න ලැබේවි කියලා මම වගේම මගේ ගමේ බොහොමයක් දෙනා හීනෙකින්වත් නොහිතන්න ඇති .

යකා කියන තරම් කළු නැතෙයිලු , බුරන බල්ලෝ හපන්නේ නැතෙයිලු ! ගමේ සිදුවුණු මේ හොරකම පොලිස් බල්ලන්ටත් අල්ලන්ඩ බැරි වුණාට පස්සේ ඔය අපේ ගමේ නිතර භාවිතා වුණ උපැහැරණ අතරට අළුත් උපහැරණයකුත් එකතු වුණා .

"පොලිස් බල්ලන්ටත් වරදිනවා !”

ඔන්න ඕකයි අපේ ගමේ කට්ටිය අලුතෙන්ම හදාගත්තු උපැහැරනේ . ඇත්තටම එදා චූටික්කු අයියලාගේ ගෙවල් බින්ඳ හොරාගේ ඉව පාරේ ගියපු පොලිස් බල්ලෝ දෙදෙනා හොරා කියලා අල්ලගත්තේ ගමේ හිටපු බොහොම අහිංසක මිනිහෙක් වෙච්ච ගුණේ මාමව .

ගුණේ මාමා අහිංසකයා කියලා අද මම කට පුරෝලා කීවට . එදා නම් එහෙම කියන්න මගේ හිත වගේම දිවත් නම්මගන්න මට බැරි වුණා . මගේ හිතත් කීවේ "මේ පොලිස් බල්ලෝ ටක්කෙටම හරි ! මේ ගුණේ කාරයා තමයි හොර ගෙඩියා" කියලයි .

මම විතරක් නම් මදෑ ගමේ එවුං ගෙන් බාගයක්ම එදා ගුණේ මාමා දිහා බැලුවේ ගමේ ඉන්න තුච්චම කුපාඩියා දිහා බලන විදිහටයි .මම ඒ බව සිකුරටම දැනකියාගත්තේ ඔය සිදුවීම වෙච්ච සන්දියේ දවසක පාං භාගයක් ගේන්න කොනේ කඩේට ගිය මොහොතෙයි .

මම පාං භාගය ගෙදරින් අරගෙන ආපු ඉටි මල්ලක දාගෙන එතන තිබුණු බංකුව උඩ පොඩ්ඩක් වාඩි ගත්තේ ගෙදර ඉඳලා කඩේට ආපු ගමන් මහන්සියට හෙම නෙවි කඩේට හැන්දෑවට ගොඩ වෙන ගමේ මහදැන මුත්තෝ කට්ටිය කතාවෙන දේවල් උන්ගේ කටපල්ලෙන් අහං ඉඳලා පුරුද්දක් මට ඒ කාලේ ඉඳලාම පිහිටලා තිබුණු නිසයි .

"ගුණෙයා තමයි ගේ බින්ඳ හොරා" .

ඉස්කෝලේ මුර කරන රතු මාමා එහෙම කියද්දී ගමේ උන් කීප දෙනෙක්ම ඒකට පෝර දාන්න එකතු වුණා. . . . !

"මටත් එහෙම හිතෙනවා ඒකා කඩේටත් රුපියල් හාරසිය ගාණක් ණයයි ! මම ඕකට ණය ගෙවන්න කියලා පහුගිය ටිකේ පොඩ්ඩක් කෑගැහුවා. ඒක තමා එහෙනම් මිනිහා මේ සුද්දේ දීලා තියෙන්නේ “.

කඩේ මුදලාලි මාමත් කතා කලේ වෙච්චි දේ නිකං බලා උන්නා වාගේ .ඔන්න ඔය අතරේ මගෙ ලොකු සීයා කඩේට ගොඩ වුණා .

"දැන් උඹලට ගමේ එකාට වඩා පොලිස් බල්ලෙක් විශ්වාසයි නේ ?”

මයෙ ලොකු සීයා එහෙම අහගෙනම මුදලාලිගේ මේසේ උඩ තිබුණු බෝතල් අතරින් එකක් ඇරලා සීනි නාරං බිකි කීපයක් අරගෙන මගේ දෝතට දැම්මා.

"උඹ ඔයික කාපං මම නංඟිට තව ටිකක් ගිහින් දෙන්නම්" එහෙම කියාපු ලොකු සීයා සීනි නාරං බිකි වලට සල්ලි ගෙවුවා .

"නෑ නෑ තැපැල් මහත්තයෝ ! එක බල්ලෙක් නම් බැරියෑ බල්ලෝ දෙන්නම ඉව කරගෙන උගෙ ගෙදෙට්ටම ගියා නෙව ඉතින් කෝමද අපි කියන්නේ ඌ හොරෙක් නෙවිය කියලා ?”

කඩේ මුදලාලි එහෙම කියද්දී මම ආයෙමත් ලොකු සීයගේ මූණ දිහා බැලුවා . මට දැන් මේක විවාද තරඟයකටත් වඩා අල්ලලා ගිහිල්ලා , "අනේ ලොකු සීයා දිනන්න ඕනෙ" මම එතකොට පොඩි එකා නිසා ඒ විදිහට හිතින් මිමිනුවා ! .

"උඹලෑ ඇස් පොට්ටද ? එක බල්ලයි බං බොලවු ඉව කරගෙන ගියේ අනික් එකා ගියේ මුලිං යන එකාගේ පුක පස්සෙන්නේ උඹලට තේරෙන්නේ නැද්ද උං බල්ලෝ කියලා ?”

ලොකු සීයා එහම කියද්දි තමයි මටත් එදා සිද්ධිය ආයෙමත් මතකෙට ආවේ . ඇත්තටම එක බල්ලයි තමයි ඉව පාරේ ගියේ අනික් බල්ලා කලේ නිකම් ඔහේ ඉදිරියෙන් යන බලු රාළගේ පිටුපසින් ඇවිදගෙන ගියපු එක විතරමයි ! ලොකු සීයා මේ බව කියාපු ගමන්ම කඩේ මෙච්චර වෙලා කියව කියව හිටි ජූරි සභිකයන්ගේ කටවල් වලට අගුල් වැටුණා .

ඔහොම සතියක් විතර ගත වුණා . පොලීසියත් මේ සිදුවීම ලේසියෙන් අතෑරලා දාන්න සූදානම් වුණේ නෑ . පොලීසියේ රාලහාමිලා ගමේ හැම ගෙයක් ගානෙම ගිහින් එක එක්කෙනාගෙන් ප්‍රශ්න කලා . ඉතින් ඔය කියන කාලේ මගේ ගම උන්නු මිනිස්සු තරමක් වෙනස් වුණා, එකාට එකෙක් නැති ගානට වැටුණා . කෙනෙකුගේ ගෙදරට පොලීස් රාළහාමි කෙනෙක් වතුර උගුරක් බොන්න ගියත් ගමේ උං ඒ ගෙදර එකාව සැක කලා .මේ සිදුවීම මුල් කරගෙන ගමේ තැන් තැන් වල ගෝරි කීපයකුත් ඒ දවස් වල ඇති වුණ හැටි මට තාම මතකයි .

හොර කම වෙන්න කලින් එකමුතුවට උන්නු මිනිස්සු හොරකමට පස්සේ වෙනස් වෙච්ච හැටි පුදුමෙනුත් පුදුමයි . චූටික්කු අයියාගේ ගේ බින්ඳ හොරා ගමේ මිනිසුන්ගේ එකමුතු කමත් හොරකම් කරං ගිහිං තිබුනු විත්තිය මට වැටහුනේ ගොඩක් පහුවුණාමයි .

එක දවසක් හැන්දෑවේ තුම්මං හන්දියේ ඉස්සර තිබුණු ලොකු සියඹලා ගහ යටට අමුත්තෙක් ආවා . සුදු පාට සරමක් ඇඳන් ඉණ වටේ රතු පටියක් ගැටගහගෙන උන්නු එයා . කට්ටඬියෙක් හෝ ගුරෙක් කියලා එක මම එක බැල්මකින්ම තේරුම්ගත්තා .

මගේ හිතිවිල්ල හරියටම හරි ඒ ඇවිදින් උන්නේ ගුරුන්නාන්සේ කෙනෙක් . ! මමත් හනි හනිකට ඇඟ වැහෙන්න ඇඳුමක් කැඩුමක් දාගෙන ඒ පැත්තට පැද්දුවේ පුදුම උනන්දුවකින් . මම යනවිටත් ගමේ අයගෙන් වැඩි දෙනෙක් හනි හනිකට තම තමන්ගේ වැඩ කටයුතු නතර කර දාලා එතනට එකතු වෙන හැටි මම දැක්කා . එතනට එකතු වුණ අයගෙන් වැඩි දෙනා මේ මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කොල්ලෝ බවත් නොකියාම බෑ .

අද වගේ තමයි ඒ කාලෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් , අංගම් ඉස්මුදුනින්ම විශ්වාස කරන අය වගේම නොකරන අයත් හිටියා . ඒත් ඒ විශ්වාස නොකරන උදවිය උන්නෝ බොහෝම ටික දෙනෙක් විතරමයි.

අපි සියඹලා ගහ යටට එකතු වෙනකොටම ගුරුන්නාන්සේ එයාගේ කටහඬ අවදි කලා . ගුරෙකුටම ඔබින ගොරහැඩි ඒත් හොඳ පැහැදිලි කටහඬකින් ගුරා මෙන්න මේ වගේ කතාවක් කීවා .

"මාව මෙහෙට ගෙන්නුවේ . පල්ලමේ ගෙදර උදවිය . ඒ අයගේ ගෙදර කඩපු හොරුන්ව අල්ලගඩයි මම ආවේ .”
ගුරා එහෙම කියනකොට ගමේ උදවිය මූණෙන් මූණ බලාගත්තා . පල්ලමේ ගෙදර කීවේ මීට දින ගණනකට උඩදී හොරකමක් වෙච්ච අපේ චූටික්කු අයියලෑ ගෙදරට

පොලීසිය දවස් ගාණක් උත්සාහ කළත් හොරු කවුද කියලා අල්ලගන්න බැරි වුණ නිසා චූටික්කුලෑ ගෙදර උදවිය කෙම් පාරේ ගිහිං හොරු අල්ලන්ඩ හිතන්නැති ! . ගමේ උදවියගෙන් බොහෝ දෙනා මේ වැඩේ කෙළින්ම අනුමත කළා .

"ඔය පොලීසියට කියන්න කලින් අඳුනක් බැළෙවුවා නම් ඉවරයිනේ !”

"අංගමක් පිම්ඹානම් හොරා දුවගෙන එයි නාහෙන් කටින් ලේ දමාගෙනම ,”

"දැන්නම් ඉතින් පමා වැඩියි සක්කරයටවත් ආයේ හොරාව අල්ලන්ඩ බෑ "

ඔන්න ඔය වගේ කතා බහ එදා අපේ ගමේ උදවිය එදා කතා වුණු හැටි මට අද වගේ මතකයි .

එතනට එකතු වුණු ගමේ ගෑනු මිනිස්සුන් අහපු ප්‍රශ්න සේරෝටම කෙළින් උත්තර දීපු ගුරුන්නාන්සේ හොරකම වෙච්ච චූටික්කු අයියලෑ ගෙවල් පැත්තට යන්ඩද කොහෙද පල්ලම් බැස්සා . මමත් මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කට්ටියත් හෙමිහිට ඒ පැත්තට ගෑටුවේ හවස පහට ටීවී එකේ යන කාටුන් එක බලන්ඩ නොහැකි වීම ගැන දෙගිඩියාවෙන් . ඒත් අදනම් මම මේ සිද්ධිය වෙච්ච ස්ථානයට ගිහින් මගේ ඇස් දෙකෙන්ම මේ සිද්ධිය බලාගන්න හැකි වීම ගැන අනේක වාරයක් සතුටු වෙනවා.

චූටික්කූ අයියලාගේ සාලේ මැද කකුල් තුනේ කනප්පුවක් හිටෝලා තිබුණා . ඒක මම ඔබ නිතර දකින ජාතියේ කනප්පුවක් නෙවෙයි .බොහෝම පැරණි මෝස්තරේක කනප්පුවක් . ඒ අසලම තෙල් පුරෝලා තිරයක් දාලා හදාපු පහනක් සහ මල් වර්ග කීපයක් සහිත මල් බුලත් තට්ටුවක් හදලා තිබුණා . දුම් ඇල්ලීම සඳහා ගිනියම් වෙච්ච පොල්කටු අඟුරු දාපු අඟුරු කබලකුත් ඒ ළඟම දිලිසි දිලිසි තිබුණා .

"දැන් මෙතන ගමේ උදවිය හැමෝම වාගේ ඉන්නවා නේද ?”

ගුරුන්නාන්සේ ඉන වටේ තිබ්බ රතු පාට රෙදි කෑල්ල ආයෙමත් තදකරලා ගැටගහගන්න අතරේ එහෙම ඇහුවා .

"හැමෝම නම් මෙතන නෑ . උදයපාල ඉස්කෝලෙ මහත්තයල නෑ , සරුවත් සිල්වා මල්ලිලා නෑ , රජේ රස්සා කරන ගොඩක් දෙනා මෙතන නෑ .”

ගමේ කටකාරි වෙච්ච චිත්‍රා නැන්දා එහෙම උත්තර දුන්නා .

"හා හා කමක් නෑ අහල පහළ ගොඩ දෙනෙක් මෙතන ඉන්නවා නේ ? දැන් මම මේ කනප්පුවට මතුරනවා . එතකොට කනප්පුවට යක්‍ෂයෙක් ආරූඪ වෙනවා . ඒ යකා අපිව හොරාව ටක්කෙටම පෙන්නා දේවි “.

ගමේ හිටි වැඩිහිටි මාමලා දෙන්නෙකුට කතා කල ගුරා උන් දෙන්නට කනප්පුව දෙපසින් අල්ලගන්ඩ කීවා. ඊළඟට මල් බුලත් තට්ටුව පිළියෙල කරලා කනප්පුවට දුම් අල්ලන ගමන් තේරෙන නොතේරෙන භාෂාවෙන් ගුරා මන්ත්‍ර වගයක් ජප කරන්න වුණා . මොහොතක් ගියත් කනප්පුව හෙලවුනේවත් නෑ . වටේ පිටේ හිටි උදවිය කසුකුසුවක් පටන්ගත්තා .ඔය අතරේ කනප්පුව වටේ වටයක් දෙකක් කැරකැවිච්චි ගුරුන්නාන්සේ දකුණු පැත්තෙන් කනප්පුව අල්ලාගෙන සිටි පාල මාමා ගාවට ආවා .

"මේ උන්නැහේ ඔය කනේ තියන බීඩි කොටේ විහික් කොරලා ඉන්නවද ?”

ගුරුන්නාන්සේ ටිකක් තදින් එහෙම කියනකොට වටේ පිටේ හිටිය අපිටත් තැන නොතැන අමතක වෙලා බකස් ගාලා හිනා ගියා . ලැජ්ජාවෙන් වගේ කනේ තිබුණු බීඩි කොටේ අහකට විසි කොරපු පාල මාමා ආයෙත් කනප්පුව අල්ලගත්තා . ගුරා ආයෙමත් මන්ත්‍ර ජප කරන්න පටන්ගත්තා .

මොහොතකින් කනප්පුව හෙල වුණා . ඒ එක්කම ඒ කනප්පුව ගෙදර ඉස්සරහා දොරින් පිට වෙලා වත්තට බැස්සා . වත්තට බැහැපු කනප්පුව හෙමිහිට ගියේ කඩුල්ල ගාවට ගමේ එකක් හනි හනිකට කඩුල්ලේ තිබුණු උණ ලී ටික අහකට දමපු හැටියෙම කනප්පුව ඒ කඩුල්ලෙන් එළියට බැහැලා . ඇල පාරට හැරුණා .

කනප්පුව වරෙක වමට බර වුණා , වරෙක දකුණට බර වුණා . එහෙට මෙහෙට බර වෙවී කනප්පුව ඇල පාර දිගේ ගොඩක් දුර ගියා . ඔහොම පාර දිගේ ගිය කනප්පුව තුම්මං හන්දියටත් සේන්දු වුණා . තුම්මං හන්දියේ තත්පර කීපයක් නතර වෙලා උන්නු කනප්පුව ගං සභා පාරට හැරුණා . ඉතින් ඔන්න ඔය මොහොතේ තමයි අපේ කථාවේ අවසාන ජවනිකාව සිද්ධ වුණේ

කනප්පුව ගං සභා පාරෙන් හැරිලා ටිකක් දුර හෙමිහිට ඉදිරියට යන අතරේ . කනප්පුව පිටුපසින් අපේ ගමේ තිහක හතළික විතර කාණ්ඩයක් ගමන් කරමින් උන්නා . ඒත් ඔහොම ටික දුරක් යනකොට අපේ කාණ්ඩේ උන්නු ජයතිස්ස මාමා හෙමිහිට පාරෙන් එහාට මාරු වෙලා කැලෑව පැත්තට මාරුවක් දාන හැටි කවුරුන්හෝ කෙනෙකුගේ ඇහැට අහුවෙලා තිබුණා . ඇස් දෙකකට වැලි ගැහුවට ඇස් ගොඩකට වැලි ගහන එක ලේසි නෑ ! ඉතින් ජයතිස්ස මාමට ලේසියෙන් ලෙස්සලා යන්ඩ බැරි වුණා.

"ජයතිස්සයියා . . !! උඹ කොයිබද ඔය කැලේ පද්දන්නේ ?”

එකෙක් එහෙම කෑගහද්දී මුලු කාණ්ඩෙම ගමන නවත්තලා ඒ දිහාවේ බැලුවා

"ම .. . . . මම මෙ . . . මෙ. . . . මේ වැස්සි කැ . . ලේ පැනලා ඒකිව හොයාන එන්ඩ .. . කි . කි යලා"

ඒ වෙවුලන කහඬත් බයෙන් මිරිකුණු මුහුණත් ජයතිස්ස මාමගේ හොර කමේ රහස එළිකලා .ගමේ ලොකු එවුන් කීප දෙනෙක් අඩියට දෙකට ජයතිස්ස මාමා ළඟට දුවද්දී ඌ කැලේ කඩාගෙන දුවන්න ගත්තා . ගමේ පිරිමි කීප දෙනෙකුත් ඒ පිටුපසින් එළෙවුවා .

"ජනා වරෙං වරෙං"

මමත් මගේ මිත්තරයට අඬගහන ගමන් කැලේ දිහාවට දුවන්න අඩිය ඉක්මන් කලා . ඒත් ඒ එක්කම කවුදෝ මගේ අතකින් තදින් අල්ලගත්තා . දෙවියනේ ඒ මගේ නැන්දා ! මට තිබුණු කුතුහලේට හදිසියට මට මගේ නැන්දා මේ පිරිස අතරේ ඉන්න විත්තිය යාන්තමටවත් සිහියට නැඟුණේ නෑ .

ඉතින් මම කපෝතියි !!

"තෝ කොහේද දුවන්නෙ ? තෝ පල ගෙදර ! “

"චටස් පටස්" ගාලා කස පුපුරන හඬින් කෝටු පාරවල් දෙකක් මගේ තට්ටමට වැදුණා හතර විලි ලැජ්ජාවයි ! කොල්ලෝ සෙට් එක බකස් ගාලා හිනාවක් තිවුවා ! හොරෙක් කියලා ඔප්පු වෙච්ච ජයතිස්ස මාමට දැනුණ ලැජ්ජවම ඔන්න ඔහොම වෙනත් විදිහකින් මටත් ලැබුණා .

කනප්පුව තමන්ගේ රාජකාරිය තිතටම ඉටු කලා ! කනප්පුවට ආයෙමත් මන්ත්‍ර මතුරාපු ගුරුන්නාන්සේ කනප්පුව නතර කලා . ඉතින් පොලිස් බල්ලන්ගේ තියුණු ඉවට අහු නොවිච්චි හොර ගෙඩියෙක් හිත් පිත් නැති කනප්පුවක් අල්ලගත්තේ මෙන්න මේ විදිහටයි.

කනප්පුව හරි පාර දිගේ තමන්ගේ ගෙවල් දෙසට යනකොට තමන් සිකුරටම අහුවෙන බව දැනගත්ත ජයතිස්ස මාමා හෙමිහිට මාරු වෙලා ගමෙන් පැනලා යන්න උත්සහ කළත් එයා ගමේ එවුන්ගේ අතටම අහුවුණා . කනප්පුව නොනැවතී ඉදිරියටම ගියා නම් ඒ පාර කෙළවර තිබුණු ජයතිස්ස මාමලාගේ ගෙදරටම ගිහින් නවතින බව ගමෝ ගොඩ දෙනෙක් කීවා . ඒ විතරක් නෙවි කනප්පුව ගමනාන්තයටම ගියා නම් මමත් නොපෙනෙන බලවේග ගැන ඉහළින්ම විශ්වාස කරන්න පෙළඹෙන්න තිබ්බා .

කනප්පුවක් ඇවිද්ද බව කියාපු ගමන් සමහරවිට කෙනෙකුට ඒක වීශ්වාස කරන්න බොහොම අමාරු වේවි . මේ මොන කෝලමක්ද ? කියලා සමහරවිට හිනහා වේවි . ඇත්තටම මේ සිදුවීම ඇස් දෙකටම දැක්ක මමත් විශ්වාසයත් අවිශ්වාසයත් අතර හිර වෙලා . කොහොම වෙතත් මම මේ ගමේ ගත කරාපු අරුවුදු 23 කාලය ඇතුළේ විස්තර කරන්න බැරි අමුතු සිදුවීම් කිහිපයක් මම අත්විඳලා තියනවා . ඉතින් කනප්පුවක් කල මේ වික්‍රමය මම කවදාකවත් විකාරයක් විදියට සලකන්නේ නෑ .

Iujazz
08-04-2012, 08:12 PM
Ela Ela...!!! rep +++

Time Traveler
08-04-2012, 08:21 PM
:thumbsup::thumbsup::thumbsup:
තවත් දාන්න මචෝ. තෑන්ක්ස්!

Kaputa
08-04-2012, 09:16 PM

:oo:

Kaputa
08-04-2012, 09:16 PM
Tawa danna

Kaputa
08-04-2012, 09:16 PM
:):