PDA

View Full Version : The Dictator [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-10-2012, 06:56 PM
The Dictator [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=183)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=183))



http://www.zoom.lk/forums/downloads/subs/dictator/dictator%202.jpg
මේ අවුරුද්දේ තිරගතවුණු හොඳම විකට ගණයට අයත් චිතරපටය සිංහල උපසිරැසි එක්ක රැගෙන ආවේ. එම චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ල ඉඳලම මෙයට ඉහල ජනප්‍රියත්වයක් තිබුනා. ඔබ අවසන් වරට පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල බැලුවනම් මෙහි ප්‍රධාන චරිතය වන Aladeen ඔස්කාර් උළෙලට පැමිණිලා අර මැරිච්ච මනුස්සයෙක්ගේ අළු අරගෙන ඇවිල්ලා නටපු පිස්සුව මතක ඇති. කොහොමනමුත් ලොවපුරා චිත්‍රපටි ලෝලීන් රැසක් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මමත් පුගලිකව බලාගෙන හිටපු චිත්‍රපටයක් මේක. ඔබ ඔස්කා සඳහා පවා නිර්දේශ වුනු Borat (http://www.imdb.com/title/tt0443453/) චිත්‍රපටයේ රසිකයෙක් නම් මේ එම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වුනු Sacha Baron Cohen රංගනයේ නියැලෙන අලුත්ම විකට චිත්‍රපටයයි. ඒ වගේම ගියවර ඔස්කාර් සම්මාන පහක් දිනාගත් Hugo (http://www.zoom.lk/forums/media.php?do=details&mid=75) චිත්‍රපටයේ ස්ටේෂන් මාස්ටර් ගේ චරිතයට පණ පොවන්නෙත් මොහු විසින්. මම ඔහු ගැන මෙතරම් විස්තරයක් කෙරුවේ ඔහුගේ එකිනෙකට වෙනස් දක්ෂ රංගනය ගැන හැඳින්වීමක් කරන්නයි. මේ චිත්‍රපටයෙත් ඔහුගේ රංගනය නම් ඇති විශිෂ්ටයි.

කතාව ගැන පොඩි හැඳින්වීමක් කරනවානම්, The Dictator කියන්නේ ඒකාධිපති පාලකයකු විසින් මෙහෙයවන මැදපෙරදිග රටක් වටා ගෙතුණු කතාවක්. මෙහි රටේ පාලකයාගේ චරිතය වන ජෙනරාල් අද්මිරාල් ඇලඩින් විසින් කරනා න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට ඇමරිකාව ඇතුළු රටවල් විරුද්දවී යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න සැරසෙනවා. නමුත් මේ ඇලඩින් විසින් ඒ කිසිවකට බිය නොවී මේ ගැන තීරණය කිරීමට ඇමරිකාව බලා පිටත් වෙනවා. නමුත් ඔහු නොසිතු අයුරින් , ඔහුව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. අවසානයේ ඔහුගේ රට ඔහුට බේරාගැනීමට හැකිවේද ? ඔහුගේ ජිවතයට හානියක් සිදු වෙයිද? මේ කතාව මෙහෙම වුනාට චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා සිනහව පාලනයකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක්. විශේෂයෙන් මේ චිත්‍රපටයේ ඇතැම් පාඨයන් ඇතැම් මැතිවරණ සඳහා පවා යොදාගෙන තිබුනා. විශේෂයෙන් බ්‍රසීලයේ නොබෝදා පවතී මැතිවරණය සඳහා ප්‍රතිවාදීන් විසින් මේ චිත්‍රපටයේ ඇතැම් කොටස් යොදාගෙන තිබුනා. ඒ තරම් ප්‍රසිද්දියක් මේ චිත්‍රපටය බටහිට සහ මුළු ලෝකයේම රටවල් දිනාගත්තා.

මේ චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම් සැහෙන්න ප්‍රමාණයක් කෙරුවේ අපි කවුරුත් දන්නා නවින් විසිනි. මම විසින් ඉතා කුඩා ප්‍රමාණයකට තමයි දායකත්වය ලබාදුන්නේ. ඒ නිසා චිත්‍රපටයේ හොඳ පිටපතක් පැමිණි විගස ඔබට උපසිරැසි දෙන්න පුළුවන් වුනා. ඒ නිසා ඔහුට ස්තුතිය පුදකරන අතර ඔබත් ඔබේ අදහස් හැකි අයුරින් මෙතන අකුරු කරලා යන්න කියලා දයාබරව ඉල්ලා සිටිනවා.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) සහ (http://www.zoom.lk/forums/member.php?u=1588)Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Udara|රොකියා
08-10-2012, 07:06 PM
කට්ටියම චිත්‍රපටය සහ උපසිරැසි ඩවුන්ලෝඩ් කරලා fb සහ twitter හරහා අනිත් අයත් සමඟ ශෙයා කරන්න කියල ඉල්ලනවා

පොඩ්ඩා
08-10-2012, 07:09 PM
මේකට සබ් දුන්නද?? මම හිතුවේ දෙන්නේ නැතිවෙයි කියලා මයි.දැන්ම ගන්න ඕන එහෙනම්

Isuru1990
08-10-2012, 07:12 PM
ෆට්ට ෆිල්ම් එකක් වගේනේ.thanx!:thumbsup:

MANJU
08-10-2012, 07:29 PM
අප්පා මේ අස්පයෙක්ගෙ පිටේ යන සීන් එකක් රැවුලා

එල රොකි අයියේ නවීන් අයියේ මේ කල්පෙදි බලන්න වෙයිද දන්නෑ :(

Castiel
08-10-2012, 07:30 PM
සිරාවටද.....මේකට සබ් දෙයි කියලා නම් හිතුවෙ වත් නෑ ෆිල්ම් එකේ භාවිතා කරන වචන මාලාවේ හැටියට..... එළ එළ සබ දාලා බලන්නම ඕන දැන්ම,....ස්තූතියි මචෝ,

copper
08-10-2012, 07:31 PM
මරු මරු ඔය දිලා තියෙන්නේ මරුම එකක්!!! දැන්ම බානවා දැන්ම බානවා!!

Time Traveler
08-10-2012, 07:32 PM
:clap::clap::clap:
දැන් හැමදාම වගේ සූම් එකෙන් කට්ටියට සිංහල සබ් එක්ක ෆිල්ම් ලැබෙනවා වගේ. ඒක කොයි තරම් අපූරුද?
සූම් හැමදාටම අංක1ම තමයි. මහන්සිවෙලා කාලය හා ශ්‍රමය වැය කරලා සිංහල උපසිරැසි ලබාදුන් නවීන් හා උදාර සහෝදර දෙදෙනාට බොහොම ස්තූතියි!

Wikaraya
08-10-2012, 07:32 PM
මමනම් කීයටවත් හිතුවේ නෑ මේකට සබ් දෙයි කියලා මේකේ සබ් ඒකෙ තියෙන ලයින් ගාන දැක්කහම !
zoom එකටනම් කොහොම ස්තූති කරන්නද මන්දා !
කොහොමත් හැමදෙයක්ම කාටත් කලින් හොඳ කොලිටියට දෙන්නේ zoom එකෙන්ම විතරයිනේ .........
නවින් , රොකියා දෙන්නටම හුඟක් පිං !

Punisher
08-10-2012, 07:34 PM
අඩේ එල එල නවින් කොල්ලයි උදාර කොල්ලයි මේ දාලා තියෙන්නේ මරු එකක්.මම මේක බාගෙන හිටියේ සබ් දෙන බව අහන්න ලැබුන නිසා හිටියා අද රෑම බලන්න ඕන මේක නම් :yes: :yes:

මේක ගඩාෆිට ගේ පාලනය ගැන කියලා හදපු එකක් නේද? නැත්නම් සදාම් හුසේන්ද ? මට දෙන්නව පැටලෙනවා

මරු හිරා
08-10-2012, 07:42 PM
meka denakan thamai balan hitiye.. thanks

Udara|රොකියා
08-10-2012, 07:46 PM
අඩේ එල එල නවින් කොල්ලයි උදාර කොල්ලයි මේ දාලා තියෙන්නේ මරු එකක්.මම මේක බාගෙන හිටියේ සබ් දෙන බව අහන්න ලැබුන නිසා හිටියා අද රෑම බලන්න ඕන මේක නම් :yes: :yes:

මේක ගඩාෆිට ගේ පාලනය ගැන කියලා හදපු එකක් නේද? නැත්නම් සදාම් හුසේන්ද ? මට දෙන්නව පැටලෙනවා

නෑ සහෝ ... මේකෙ ඔය දෙන්නම ගැනම කියවුනාට මේක ඔය දෙන්න ගැන ෆිල්ම් එකක් නෙමෙයි. මේක අරාබියේ තියෙන වෙනම රටක් සහ පාලකයෙක් (that country does not exist) ගැන කියවෙන කතාවක්. බොහේ වෙලාවට අරාබියට ගහපු හින්ට් එකක් තමයි මේක !

Angel_senuri
08-10-2012, 07:48 PM
Nice wrk guys..meka mama balannama hitiye. me thibuna wada godath ekka meke brrip release wunada kiyalawath danan hitiye na. Seriously thank you guys.Keep it up!!

Demax
08-10-2012, 07:51 PM
මේක දුන්නද මෙන්න මේ වගේ ෆිල්ම් දෙන්න මොකද මේවගේ එවා ජිවිතේට ටිවි එකේ වත් යන්නේ නෑ නේ..
පුලුවන් නම් American Reunion එකටත් සබ් දෙන්න.දෙන්නටම ගොඩාක් ස්තුතියි.


ලංකාවේ උපසිරැසි කලාවේ ප්‍රමූඛයා හෙවත් උපසිරැසි මහගෙදර සූම් එකට ගොඩාක් ස්තුතියි :clap:

tanuja
08-10-2012, 07:56 PM
එළ එළ ස්තූතියි නවින් , රොකියා දෙන්නටම!:thumbsup::thumbsup::thumbsu p:

Amila
08-10-2012, 07:56 PM
මමත් ගත්තා මචන්ලා

Hash
08-10-2012, 08:16 PM
thanks machan ubala dennatama godak pin meka dala dunnata :): danma ganna ona.
small size torrent ekatath thanks

CJA
08-10-2012, 08:30 PM
පස්ට සහෝලා.. නියමයි ඔය තියෙන්නෙ ගින්දර වගේ ‍ෆිල්ම් එකක් දීලා.. එල එල, දැන්ම බානවා.. දෙන්නටම ගොඩාක් ස්තූතියි... ජයවේවා...

Dilshan
08-10-2012, 08:42 PM
සිංහල සබ් එකක් තියනවා නම් ඕන ෆිල්ම් එකක් බලන්නම් කෝ. නියමයි දෙන්නටම ස්තුතයි

Gecko
08-10-2012, 09:10 PM
නියමයි!! ZOOM

gamage
08-10-2012, 09:50 PM
තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි දෙන්න හැකියාව ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා අවංක සිතින්ම

RaviTH
08-10-2012, 11:21 PM
මේක සබ් එක්ක දිපු එක නම් අදහන්න වටින වැඩක්! නියමයි
රොකියා හා නවින්ට ස්තුතියි :) :)

LKnerd
08-10-2012, 11:46 PM
සූම් එකට ගහන්න නම් දැන් සයිට් එකක් නෑ.ආපු ගමන් නියමෙට සබ් දෙනවා උණු උණු වෙම.
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා.:): :):

Viraj_rox
08-11-2012, 09:41 AM
හොද වෙලාවට මේක බැලුවේ නැත්තේ දැන් සිංහල සබ් එක්කම බලතහැකි

Zen
08-11-2012, 11:05 AM
නියම ෆිල්ම් එකක් වගේ නේද එහෙනම් අරන් බලන්න ඕන! අද නිවාඩු දවසේ.

tharaka
08-12-2012, 01:41 AM
ගොඩක් ස්තූතියි මචෝ!
මේ වගේ ෆිල්ම්වලට සබ් දාලා දෙන එකනම් ගොඩක් හොඳයි.
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ජයවේවා!

ips
08-12-2012, 08:10 AM
good work bro.....

*maheshi*
08-12-2012, 11:34 AM
අද හවසම මේක බලන්න ඕන

nelumonline
08-22-2012, 08:16 AM
help me plzzzzzzzz...mama laga film 1 thiyanawa..kohomada meke sub 1 ganne

nelumonline
08-22-2012, 08:28 AM
mata me film 1 sub onee plzzz help me...anith aya gaththe kohomada plzzz 1 kiyanna ko

nelumonline
08-22-2012, 08:44 AM
sorry wade hari mage pc awulak nisai bari wela thiyenne...