PDA

View Full Version : Gladiator [2000] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-12-2012, 09:25 PM
Gladiator [2000] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=185)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=185))




http://www.zoom.lk/forums/downloads/subs/GLAD/GLAD2.jpg
ප්‍රබල රෝමානු ජෙනරාල්වරයකුවන මැක්සිමස් බොහෝ ජනාදරයට ලක්වූ අයෙක්. නමුත් ඔහු හට සිදුවන අසාධාරණයකින් පසු ඔහුගේ පවුලේ සියළුම දෙනා ම්ලේච්ඡ සිටු පුත්‍රයකු විසින් මරා දමනු ලබනවා.ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තමාට සියල්ල අහිමි කල අයගෙන් පලිගැනීමයි. ඒ සඳහා ඔහු කඩු ශිල්පියකු ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා. මේ ඔහුගේ පළිගැන්මේ කතාවයි.2000වර්ෂයේදී නිකුත් වූ චිත්‍රපටයක් වුවද මෙය අදටත් ජනප්‍රිය චිත්‍රපයක් ලෙස පවතිනවා. ලොව පුරා ජනතාවගේ 8.5ක (http://www.imdb.com/title/tt0172495/) ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ රැගෙන ඒමට මා අදහස් කලේ උසස් රසිකත්වයකින් යුතු ඔබගේ රසාස්වාදය වැඩි දියුණු කරගැනීමට මෙය තවත් පිටුවහලක් වනු ඇතැයි යන අදහසිනි. ප්‍රතිචාරයක්, අදහසක් දන්වා යන සියල්ලන්ටම මෙන්ම ලබාගන්නා සියළු දෙනාටත් ස්තූතියි.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(tharaka) (http://www.zoom.lk/forums/member.php?u=958) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

BLacK HuNTeR
08-12-2012, 09:33 PM
නියමයි තාරක පට්ට ආ..ඔන්න මුල්ම ඩවුන්ලොඩ් කිරිල්ල මගෙන් :)

මරු හිරා
08-12-2012, 09:34 PM
තාරක අයිය නම් මේ දීල තියෙන්නේ සුපිරිම සුපිරි ෆිල්ම් එකක්. ආයේ මේක ගැන කතා දෙකක් නෑ මම බලපු සුපිරිම එකක්,

CJA
08-12-2012, 09:37 PM
ඔන්න තාරක සහෝ පට්ටම ‍ෆිල්ම් එකක් බස්සලා..:thumbsup::thumbsup: කථා කරලා වැඩක් නෑ සුපිරි සහෝ නියමයි...:thumbsup::thumbsup: ගොඩක් ස්තූතියි සහෝ පට්ට ‍ෆිල්ම් එකක් අරන් ආවට.. ජයවේවා..:clap::clap:

Hash
08-12-2012, 09:38 PM
මේකට සබ් දිපු එක නම් වටිනවා මචන්.අනිවා කට්ටියම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.ඔන්න මම ආපහු අරන් බලන්න යන්නේ.නැවත වතාවක් ස්තුතිය

Time Traveler
08-12-2012, 09:45 PM
:thumbsup::thumbsup::thumbsup:
අදත් හරිම ලස්සනම ලස්සන ෆිල්ම් එකක් zoom එකෙන් දීලා. නියමායි. මේක සුපිරිම චිත්‍රපටියක්. දැන් ආපහු සිංහල සබ් එක්කම බලන්න පුළුවන්.බොහොම ස්තූතියි ධනුෂ්ක ලක්මාල් සොහොයුරාට!

Viraj_rox
08-12-2012, 09:50 PM
බොහෝම ස්තුතියි

Udara|රොකියා
08-12-2012, 09:54 PM
මේක හුඟ කාලයක් හුඟ දෙනෙක් උපසිරැසි ඉල්ලපු චිත්‍රපටියක්. නැවත නැතව බලන්න වටින් චිත්‍රපටයක් වගේම චිත්‍රපටි එකතුවේ තිබිය යුතුම චිත්‍රපටයක්.
තාරක ගේ සබ් එකක් නම් ඉතින් කතා දෙකක් නෑ නේ. නියමයි යාලුවා. බොහොම ස්තුතියි මේ වගේ වටිනා කියන චිත්‍රපටයක් උපසිරැසි එක්ක රැගෙන ආවට.

MANJU
08-12-2012, 09:55 PM
තාරක අයියා මේකටනම් ෆට්ට තෑනක්ස්
මම මේක ඩවුන්ලෝඩ් කරල සෑහෙන කල් ෆනි අයියා මට බොරු කිව්වා සබ් දෙනවයි කියල ඒ දුන්නෑ
එල එල

Demax
08-12-2012, 09:55 PM
මේක නම් තාම බලන්න වෙලා නෑ.එකයි මමත් සබ් ඉල්ලුවේ.අපේ ඉල්ලිමට සලකලා සබ් එක දුන්නට ගොඩාක් ස්තුතියි.
වැඩි වැඩියෙන් උපසිරැසි දාන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

MANJU
08-12-2012, 09:57 PM
මේක හුඟ කාලයක් හුඟ දෙනෙක් උපසිරැසි ඉල්ලපු චිත්‍රපටියක්. නැවත නැතව බලන්න වටින් චිත්‍රපටයක් වගේම චිත්‍රපටි එකතුවේ තිබිය යුතුම චිත්‍රපටයක්.
තාරක ගේ සබ් එකක් නම් ඉතින් කතා දෙකක් නෑ නේ. නියමයි යාලුවා. බොහොම ස්තුතියි මේ වගේ වටිනා කියන චිත්‍රපටයක් උපසිරැසි එක්ක රැගෙන ආවට.

අද ලසඤ්ඤා කෑල්ලක් කකා ෆිට් එකේ බලන්න පුලුවන් සෑහෙන්න කාලෙකින් එකක් බලන්නේ

පොඩ්ඩා
08-12-2012, 10:21 PM
මේ වගේ වටින කියන නිර්මාණ වලට උපසිරැසි දෙන එක නම් ගොඩක් වටිනවා යාලුවා.
මමත් අරන් බලන්න ඕන :yes: :yes:

Naveen
08-12-2012, 10:22 PM
ස්තූතියි !

Wikaraya
08-12-2012, 10:43 PM
zoom එකෙන් ඉරිදටවත් රවුටරේට නිදහසේ ඉන්න දෙන්නේ නෑ නේ ! එකක් ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙන්න හැදුවා විතරයි තවත් සුපිරිම ෆිල්ම් එකක් දීලා. නියමයි.

tanuja
08-12-2012, 10:58 PM
සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.thanx!!!:thumbsup::thumbsup:

Dilshan
08-13-2012, 07:40 AM
මේ වගේ වටින ෆිල්ම් එකක් දෙන්න පරක්කු උනේ ඇයි? කමක් නෑ දැන් හරි උපසිරැසි දිපු එක නම් ගොඩාක් වටිනවා මචන්.
මගේ ගාව කොපි එක තියනවා සබ් එක විතරක් මම ගන්නම්. :):

*maheshi*
08-13-2012, 08:03 AM
මේ වගේ කතා තාරක අතහරින්නේ නැති බව නම් හොදටම දන්නවා.බොහෝම ස්තුතියි තාරක වටින චිත්‍රපටියකට උපසිරැසි ගැන්වුවට.

SurangaWanni
08-13-2012, 09:19 AM
නියමයි තාරක මමත් මේ ෆිල්ම් එක බලලා නෑ.
අද ඩවුන් වෙන්න දානවා.
තවත් මෙවැනිම සුපිරි චිත්‍රපටියකට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා!!!!

ips
08-13-2012, 10:05 AM
thnx......

PASANJAYASINGHE
08-13-2012, 03:04 PM
Thanks Brother.........

Amila
08-13-2012, 05:42 PM
බොහෝම ස්තුතියි යාලුවා සබ් එකට