PDA

View Full Version : ලොව පැරනි පුදුම හත....



npndjs
08-16-2012, 12:20 AM
ලොව පැරනි පුදුම හත ගැන දන්නේ නැති අපේ යාලුවන්ට පොඩි දැනුමක් ලබාගන්න තමයි මේ thread 1

http://3.bp.blogspot.com/-zSTWNx85o70/TqWaseUrwaI/AAAAAAAAAG0/SFCYqd3RV4M/s1600/SevenWondersOfTheAncientWorld.jpg


1) ගීසාහි මහා පිරමීඩය
ගෘහ නිර්මාන ශිල්පයේ ප්‍රභලයන් වූ ඊජිප්තු වැසියන් ක්‍රි.පූ. 2650-2500 කාලයේදී ඊජිප්තු කූෆු පාරාවන්ගේ සොහොන් කෝත ලෙස ඉදි කරන ලද මෙය පැරනි පුදුමයන්ගෙන් මේ වනවිටත් නොනැසී පවතින එකම පුදුමයයි....
http://www.crystalinks.com/sphinxpyre.jpg

2) බැබිලෝනියාවේ එල්ලෙන උයන
ප්‍රකට බැබිලෝනියානුවන් විසින් ක්‍රි.පූ.600 දී පමන ඉදිකල මෙම එල්ලෙන උයන උස ආසන්න වශයෙන් මීටර 22 පමන උස බවයි සඳහන් වන්නේ..මෙහි ඉහලම මාලය තුල විශාල ගස් වැල් තිබී ඇති අතර ඒ දක්වා ජලය ‍රැගෙන ගිය බවත් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පවා එහි තිබී ඇත.... භූමි කම්පාවක් හේතුවෙන් ක්‍රි ව 1වන සියවසේදී පමණ මෙම උයන විනාශ වී ගොස් ඇත.....
http://www.crystalinks.com/hangingardens.gif

3) ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව
ග්‍රීකවරු විසින් ක්‍රි.පූ.435 දී නිර්මානය කල මෙම ප්‍රතිමාව එය තැබීමට ඉදිකල දේවාලයෙහි සම්පූර්ණ ඉඩ ප්‍රමානයම ගත් අතර උසින් මීටර 40 පමන වූ මෙය ක්‍රි ව 5 වන 6 වන සියවස් අතර ගින්නකින් හෝ භූමිකම්පාවකින් විනාශවන්නට ඇතැයි අනුමානකෙරේ......
http://www.crystalinks.com/zeusstatue.jpg

4) එපිසස් හි ආටිමීස් දේවාලය
ක්‍රි.පූ.550 ග්‍රීකයන් හා පර්සියානුවන් විසින් ග්‍රීක දෙවඟනක වූ ආටිමීස් වෙනුවෙන් ඉදිකල මෙම දේවාලය ඉදිකර වැඩ නිම කිරීමට වසර 120ක් ගතවී ඇත..අවාසනාවකට මෙන් ක්‍රි පූ 356 දී හෙරොස්ටේටස් විසින් සදාතනික කීර්තියක් ලබා ගැනීමේ උත්සාහයක් වශයෙන් ගිනි තබා විනාශ කරන ලදී.....
http://www.crystalinks.com/templeofartemis.gif

5) මොසලෝනස් ගේ සොහොන් කොත
ක්‍රි.පූ.351 ග්‍රීකයන් හා පර්සියානුවන් විසින් මීටර 45ක් පමන උසින් යුතුව නිර්මානය කල මෙය සිව් අතින්ම කැටයම් වලින් අලංකාර කර ඇත.... ක්‍රි ව 1494 භූමි කම්පාවක් මගින් අඩක් විනාශ වූ මෙය යුරෝපීය ආක්‍රමනයන් නිසා සම්පූර්නයෙන්ම විනාශ වී ගොස් ඇත....
http://www.crystalinks.com/mausoleumhal.jpg

6) රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව
ක්‍රි.පූ.292-280 ග්‍රීකයන් විසින් නිර්මානය කල මෙය හීලියස් නම් වූ ග්‍රීක දෙවියාගේ යෝධ ප්‍රතිමාවකි.. නිව්යෝක්හි ඇති ලිබර්ටි ප‍්‍රතිමාව මෙන් ¾ ගුණයක විශාලත්වයෙන් යුත් මෙය ක්‍රි.පූ.224 භූමිකම්පාවක් මගින් විනාශ වී ඇත...
http://www.crystalinks.com/colossus.gif
පුදුම දුකක් විඳලා නේද හදලා තියෙන්නේ...........
http://www.crystalinks.com/colossus.jpg

7) ඇලෙක්සැන්ඩ්‍රියා ි ප‍්‍රදීපාගාරය
ක්‍රි.පූ. 3වන සියවසේදී ඊජීප්තුවන් විසින් මීටර 115 ත් 135 අතර උසකට නිර්මානය කල මෙම ප්‍රදීපාගාරය සියවස් ගණනක් පුරාවට මිනිසා විසින් නිර්මාණය කරන ලද උසම නිර්මාන අතරින් එකක් ලෙස පැවතුණි මෙයද ක්‍රි ව 1303 - 1480 භූමිකම්පාවක් මගින් විනාශයට පත්ව ඇත.....
http://www.crystalinks.com/lighthouseal3.jpg

තවත් විස්තර ගොඩක් ඕනෙ නම් මෙන්න මේ ලින්කුවෙන් ගිහින් ගන්නකෝ..............
ඔන්න එහෙනම් අපි ගියා........................:D:D:D
http://www.crystalinks.com/seven.html

Time Traveler
08-16-2012, 12:52 AM
හොඳ ත්‍රෙඩ් එකක්. බොහොම ස්තූතියි මචෝ! ඔන්න මගෙන් රෙප්+

මරු හිරා
08-16-2012, 07:43 AM
You must spread some Reputation around before giving it to npndjs again.

*maheshi*
08-16-2012, 08:26 AM
වටින ලිපියක් ඔන්න මගෙන් රෙප්++

ips
08-16-2012, 08:53 AM
good post macho...

ips
08-16-2012, 08:53 AM
rep++

Gecko
08-16-2012, 08:55 AM
good thread rep++

tanuja
08-16-2012, 09:14 AM
thanx!

Anushiz
08-16-2012, 10:39 AM
ඔන්න මමත් රෙප්+ දුන්නා