PDA

View Full Version : District 9 [2009] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-17-2012, 11:23 AM
District 9 [2009] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=193)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=193))



http://www.zoom.lk/forums/downloads/subs/district9/DISTRICT9.jpg
බොහෝ අය zoom.lk එකට සිංහල sub දාන නිසා මටත් හිතුනා sub එකක් දාන්න. මම තෝරාගත්තේ DISTRICT 9 කියන ෆිල්ම් එක. මේක තිරගත වුනේ 2009 දී, මේක මම බලපු පට්ටම ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක IMDB වල යූසර්ලා 282808 ක පමණ ප්‍රමාණයකින් 8.1 වැනි ඉහලම අගයකට ශ්‍රේණි ගතවෙලා තියනවා. ආයි ඉතින් කියන්න ඕනේ නෑනේ ‍ෆිල්ම් එක ගැන. මේකේ කතාව තමයි. ජොහැනස්බර්ග් නගරයට ඉහළින් පිට සක්වල යානයක් නවතිනවා. දොරවල් ඇරෙන්නේ නෑ මාස ගානකින්. අන්තිමට විද්‍යාඥයින් තීරණය කරනවා යානය තුලට යන්න. ගියහම ඔවුන්ගේ බලාපොරොත්තු වුනු දේ නෙමෙයි එතන තියෙන්නේ. එහි සිටින ජීවීන් සියල්ල ඉතා දුර්වලයි.ජාත්‍යන් ��රය බලපෑම නිසා ආණ්ඩුව මේ ජීවීන් ජොහැනස්බර්ග් නගරයේ විශේෂ කලාපයකට රැගෙන එනවා ඒක තමයි DISTRICT 9.මේ විදියට මේ ජීවීන් වසර 20ක් පමණ DISTRICT 9 තුල ජීවත් වෙනවා. කාලයක් යනකොට මිනිස්සු සහ මේ ජීවීන් අතර ගැටුම් ඇතිවෙනවා. මිනිස්සු උද්ගෝෂණය කරනවා මේ ජීවීන් නගරයෙන් ඉවත් කරන්න කියා. ඒ නිසා ආණ්ඩුව ඉවත්කිරීමේ මෙහෙයුමක් පටන් ගන්නවා, මේ මෙහෙයුමේ ප්‍රධානියා තමයි විකාස් කියන පුද්ගලයා. මේ මෙහෙයුම අතරතුරේදී විකාස්ට පොඩි කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ ඔහුගේ ජීවිතය මෙන්ම, මුළු ෆිල්ම් එකම වෙනත් මාවතකට හැරෙනවා . ඔහුට සිදුවන්නේ කුමක්ද ? ඔහු මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ කෙසේද ? ඔහු පිටසක්වල ජීවීන් සමග ගනුදෙනු කරන්නේ කෙසේද? අවසානයේ ඔහුට සිදුවන්නේ කුමක්ද ? මේ සේරටම පිළිතුරු ෆිල්ම් එක බලපුවහම ලැබෙයි. ( සංවේදී අයට බලන්න අපහසු දර්ශන පොඩි කීපයක් තියනවා )මේක මගේ මුල්ම පරිවර්තනය නිසා අඩුපාඩු බොහොම ඇති. ඒ ගැන සමාවෙන්න. ඒ වගේම උදව්වක් විදියට් කොමෙන්ට් එකක් දාලා යන්න . සබ් එක්ක ෆිල්ම් එක බලලම කොමෙන්ට් එකක් දැම්මොත් ගොඩක් වටිනවා.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Indika Perera(imdi1979) (http://www.zoom.lk/forums/member.php?u=2181) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
08-17-2012, 11:31 AM
ලස්සනම ෆිල්ම් එකක් වගේ. අදම බාගන්න ඕනා. සබ් වලට බොහොම ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

Punisher
08-17-2012, 11:33 AM
මේ දිලා තියෙන්නේ සුපිරිම සුපිරි චිත්‍රපටියක් බොහෝම ස්තුතියි තව හොද එකක් දෙමු නේ

Naveen
08-17-2012, 11:35 AM
බොහොම ස්තූතියි.

tanuja
08-17-2012, 11:44 AM
සබ් වලට බොහොම ස්තූතියි!:thumbsup::thumbsup:

Demax
08-17-2012, 11:51 AM
මේක නම් බලලා තිබුනේ නෑ දැන් සිංහල සබ් තියන නිසා නියමෙට බලන්න පුලුවන් වේවි.
බොහෝම ස්තුතියි මචන් :clap:

PASANJAYASINGHE
08-17-2012, 12:40 PM
බොහෝම ස්තුතියි යාළුවා.......

Viraj_rox
08-17-2012, 12:47 PM
ස්තුතියි මචෝ

පොඩ්ඩා
08-17-2012, 01:31 PM
මේ දිලා තියෙන්නේ හොද ෆිල්ම් එකක් සිංහලෙන්ම අනිවාර්යෙන් අරන් බලන්නම් පලවෙනි සිංහල උපසිරැසි ගැන්විමටත් සුභ පැතුම්.තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Gecko
08-17-2012, 02:27 PM
:thumbsup::thumbsup::thumbsup:

Isuru1990
08-17-2012, 02:47 PM
niyamai machan.thanx!:thumbsup:

මරු හිරා
08-17-2012, 04:53 PM
thanks a lot

Zen
08-17-2012, 07:01 PM
පලවෙනි එකම ආයේ සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසි දිලා නේද නියමයි තව තවත් හොද නිර්මාණ අරන් එන්න

nuwan90
08-17-2012, 07:05 PM
සබ් එකට ස්තූතියි

npndjs
08-17-2012, 07:26 PM
http://www.forumsextreme.com/images2/sHa_popcorn.gifhttp://www.forumsextreme.com/images2/sHa_popcorn.gifhttp://www.forumsextreme.com/images2/sHa_popcorn.gifhttp://www.forumsextreme.com/images2/sHa_popcorn.gifhttp://www.forumsextreme.com/images2/sHa_popcorn.gifhttp://www.forumsextreme.com/images2/sHa_popcorn.gif

Anushiz
08-17-2012, 07:45 PM
රෙටින් නම් හොදයි වගේ අරන් බලන්න ඕන එහෙනම් Thanks :)

CJA
08-17-2012, 09:24 PM
එල කොල්ලෙක්නෙ, මම මේක බලන්නම කියලා හිටපු ‍ෆිල්ම් එකක්.. දැන් ඔයාගෙ සබ් එකත් එක්ක එල කිරි වගේ බලන්න පුලුවන්.. පලවෙනි උපසි‍රැසියට ජයවේවා යාලුවා.. තව හොද එකකට සබ් දෙන්න.. ජයවේවා...

THECN
08-17-2012, 11:13 PM
මෙක පට්ටම එකකත් තමයි ....ඒත් කොපියක් තමයි නැත්තේ .......... කමක් නෑ ...කොයි ලොකෙන් හරි කොපියක් හොයා ගෙන බලන්න එපෑප ..මේක සංහල කාරිය එහෙම කොරලා තියෙන්න අපේ එකෙක් නොවෑ .....අනිවා අයේ බලනවා .....

ස්තූතියි මචෝ ...............

tharaka
08-18-2012, 12:59 AM
ගොඩක් ස්තූතියි.
පළවෙනි උපසිරැසියට සුභ පැතුම්!
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ජයවේවා!

Shasz
08-18-2012, 01:08 AM
:thumbsup::thumbsup::40_002::40_002::40_002: