PDA

View Full Version : සමනළ කන්ද යනු ලොව විශාලතම පිරමීඩයයි



Shasz
08-18-2012, 12:41 AM
පෝස්ට් එකනම් ගොඩක් දිගයි.සොරි වෙන්න ඕන.

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී.ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. පහත රූපය බලන්න.http://2.bp.blogspot.com/-NZcrPlA8prA/T-KH--McQ0I/AAAAAAAAASk/EYWvclxSNSA/s640/1573OrionDogs%5B1%5D.jpg
ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු, රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු "ඔහු රාවණයන්" යන්නයි. අද යුරෝපීයයන් එය දඩයක්කාරයා ලෙස හඳුණාගෙන සිටියත් ඔරායන් තාරකා රාශියේ සිටින්නේ ශ්‍රී රාවණයන් ය. බලන්න ඒ දඩයක්කාරයා තාරකා රාශියේ ඇති සිංහයා සහිත පළිහ, ඉන් පෙනෙන්නේ හෙළ ජාතිය පිටසක්වලයන් විසින් ආරක්ෂා (පළිහෙන් නිරූපනය කෙරෙන්නෙ ආරක්ෂාව) කරන බවයි. එනයින් අපගේ හෙළයින්ගේ අභිමානය පිටසක්වලයන් විසින් මුළු විශ්වයටම ශපථ කරයි.

අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.

ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ.පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.

මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.
හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.
හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.


මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.
http://2.bp.blogspot.com/-QcUBxDX1dYY/T-KRJOgH85I/AAAAAAAAASw/uusZJwbHuQY/s640/attachment%5B1%5D.php_s=&postid=6546267

හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.

රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.
http://4.bp.blogspot.com/-ncttpD_ubrM/T-KUJYp6urI/AAAAAAAAATQ/P6TI37bwOm4/s640/Egypt-pyramid-giza-DragonWoman-best-picture-gallery%5B1%5D.jpg
සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. එය රාවණාගේ නිර්මාණයකි. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය. ඒ අනුව ගීසා පිරමීඩ තුන හැදීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපට බව දැන් මුළු ලෝකයම දනී.

නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයක න් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.
http://1.bp.blogspot.com/-HWA8Q0P-CCI/T-KVQIom1mI/AAAAAAAAATg/x9QDE2PSjIY/s640/Sri_padaya%5B1%5D.jpg

ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙ ් පවතී.

පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ. මේ බව ඉපැරණි අ‍ටුවා වලත්, වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ කාවාශපාශාසකය නැමති පරිච්ඡේදයේත් දක්වා ඇත. නමුත් ඒවා බමුණන් විසින් ගිනි නොතබන්නට ඒවායේ තාක්ෂණය යොදා ගනිමින් අද අපට ශ්‍රී පාද කන්ද හරහා ලොවටම බලශක්තිය සැපයීමට හැකියාව තිබුණි. නමුත් රාවණ රජතුමා 2012 යළි පිබිදීමෙන් පසුව සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිම වීමට නියමිතයි.

සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.

ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.

හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි. “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

මූලාශ්‍රය: රන්දිව පුවත්පත 2012-03-18/vargapurnikawa.blogspot.com

npndjs
08-18-2012, 12:56 AM
http://forums.randi.org/images/smilies/lol2.gif http://forums.randi.org/images/smilies/lol2.gif මීවනපලානේ ජයරත්න......http://forums.randi.org/images/smilies/lol2.gif http://forums.randi.org/images/smilies/lol2.gif
පොර කියන්නේ ඇත්තද බොරුද කියලා මටත් ලොකු කුතුහලයක් තිබුනා...... අන්තිමේදි ඉතින් ඌරගේ මාලු ඌරගේ ඇඟේම තියලා කපලා මගෙ කුතුහලේ මම නැතිකරගත්තා................. . http://www.forumsextreme.com/images2/sHa_thumbsup.gif http://www.forumsextreme.com/images2/sHa_thumbsup.gif http://www.forumsextreme.com/images2/sHa_thumbsup.gif

Shasz
08-18-2012, 01:01 AM
http://forums.randi.org/images/smilies/lol2.gif http://forums.randi.org/images/smilies/lol2.gif මීවනපලානේ ජයරත්න......http://forums.randi.org/images/smilies/lol2.gif http://forums.randi.org/images/smilies/lol2.gif
පොර කියන්නේ ඇත්තද බොරුද කියලා මටත් ලොකු කුතුහලයක් තිබුනා...... අන්තිමේදි ඉතින් ඌරගේ මාලු ඌරගේ ඇඟේම තියලා කපලා මගෙ කුතුහලේ මම නැතිකරගත්තා................. . http://www.forumsextreme.com/images2/sHa_thumbsup.gif http://www.forumsextreme.com/images2/sHa_thumbsup.gif http://www.forumsextreme.com/images2/sHa_thumbsup.gif
මාත් මේ ඒකමයි කරේ.:36_002::36_002::36_002::36_002:

MANJU
08-18-2012, 06:04 AM
:snicker:

මරු හිරා
08-18-2012, 06:43 AM
අඩෝ මේ උදේ පාන්දරම නියම පෝස්ට් එකක්නෙ උඹ දාල තියෙන්නෙ.. රෙප් නම් දෙන්න බෑලු දැන්මම You must spread some Reputation around before giving it to Shasz again.

ESPN
08-18-2012, 06:49 AM
:cool:

CJA
08-18-2012, 08:44 AM
මැක්සා මචන්.. rep

Punisher
08-18-2012, 08:45 AM
වටින ලිපියක්!

tanuja
08-18-2012, 09:31 AM
niyamai.rep+

Ushantha
08-18-2012, 09:59 AM
මීවනපලානේ ජයරත්න: එක්කෝ පිස්සෙක්. නැත්නම් සිංහලේ ඉතිහාසේ විකෘති කරලා සිංහල ජාතියට නින්දා කරන එකක්..

Time Traveler
08-18-2012, 10:22 AM
වැදගත් වෙනස්ම විදියේ තොරතුරු ටිකක්. බොහොම ස්තූතියි මචං!
රෙප්+

MANJU
08-18-2012, 11:04 AM
මීවනපලානේ ජයරත්න: එක්කෝ පිස්සෙක්. නැත්නම් සිංහලේ ඉතිහාසේ විකෘති කරලා සිංහල ජාතියට නින්දා කරන එකක්..

:yes:

MANJU
08-18-2012, 11:05 AM
වටින ලිපියක්!

:snicker::snicker::snicker::snicker:

thushan10
08-18-2012, 11:31 AM
ඕං මංජු උදේන්ම ආතල් එකක් දීලා මීවනපලානේ ජයරත්න‍‍ගේ බ්‍ ලොග් එකේ තියෙන්නේ විහිලුකතා නේ බං
:giggle::57::lol::lol::lol:

sudu pusa
08-18-2012, 11:57 AM
මූට හිතෙන්නේ මොනාද ඒක ලියනවා
ඒ කරලා දානවා විද්‍යාඥයන් හොයාගෙන ඇත කියලා

:lol:

MANJU
08-18-2012, 12:01 PM
ඕං මංජු උදේන්ම ආතල් එකක් දීලා මීවනපලානේ ජයරත්න‍‍ගේ බ්‍ ලොග් එකේ තියෙන්නේ විහිලුකතා නේ බං
:giggle::57::lol::lol::lol:

මූ මොකෙද්ද එතකොට http://www.zoom.lk/forums/images/smilies/new/77.gif

thushan10
08-18-2012, 12:10 PM
මූ මොකෙද්ද එතකොට http://www.zoom.lk/forums/images/smilies/new/77.gif

:k0230::k0235: :p:p:p

GDthanuja
08-18-2012, 12:14 PM
:shocked::shocked::shocked::shocked:

Naveen
08-18-2012, 12:39 PM
:oo:

MANJU
08-18-2012, 01:01 PM
මූට හිතෙන්නේ මොනාද ඒක ලියනවා
ඒ කරලා දානවා විද්‍යාඥයන් හොයාගෙන ඇත කියලා

:lol:

මිනිහත් විද්‍යාඥයෙක්ද එතකොට

Shasz
08-18-2012, 04:13 PM
:hypnotised::hypnotised::hypnotised::hypnotised::h ypnotised::hypnotised:නා ගත්තා වගේ උදේ පාන්දරම.:45::45::45::45::45:

super
08-18-2012, 05:11 PM
ලෝකයටම බලශක්තිය කෙසේ වෙතත් අපිටවත් ඇති වෙන්න හදලා දියන්නකෝ...................

MANJU
08-18-2012, 05:55 PM
:k0230::k0235: :p:p:p

http://www.zoom.lk/forums/images/smilies/new/77.gif

thushan10
08-19-2012, 11:53 AM
http://www.zoom.lk/forums/images/smilies/new/77.gif

:oo:

THECN
08-19-2012, 04:17 PM
Thankz bro............ :)

sudu pusa
08-19-2012, 06:47 PM
මිනිහත් විද්‍යාඥයෙක්ද එතකොට

ඌ හිතන් ඉන්නේ එහෙම තමා:D

MANJU
08-19-2012, 08:11 PM
ඌ හිතන් ඉන්නේ එහෙම තමා:D

පේට්න් එකකුත් තියනවලු:yes::no:

nirosh42
11-15-2012, 11:47 AM
බොරු ලියල ඉතිහාහාසේ විකෘති කරන්න එපා යකෝ...

sudu pusa
11-15-2012, 12:00 PM
පේට්න් එකකුත් තියනවලු:yes::no:
ජංගි වලට තමා

shashi1987
11-15-2012, 01:00 PM
:45::06::59::ah:

preethi
11-15-2012, 02:49 PM
:thumbsup::thumbsup:

preethi
11-15-2012, 02:51 PM
good post

chathuravt
11-15-2012, 03:09 PM
:yes:

11-15-2012, 04:07 PM
මේකට කියන්න දෙයක් නැ.ලියපු එකට පිස්සු කියල තම කියන්න තියෙන්නේ..ඉතිහාසය ගැන පුරාජේරු ගැහුවට .ලකාවට දැන් මොනවද කරන්න පුළුවන්?මුකුත් බැ..අපේ රට දවසින් දවස අගාදයට යනවා කියල..පෙන්නේ නැද්ද ඔය කියන මහා ලොකු "හෙළයට"..:P..ජාතියක් ගොඩනගන්න ඉතිහාසේ හොයල වැඩක් නැ..තමාගේ රටට ජාතියට ආදරේ කරන්නයි ඕනේ..එක කරන්න නතුව ඔය මොන මගුල හොයා ගත්තත් වැඩක් නැ

nirosh42
11-15-2012, 09:18 PM
එතකොට බුදු හාමුදුරුවෝ සිරි පතුල පිහිටුවල තියෙන්නේ පිරමිඩ් එකක් උඩද????
නිකම් බොරු ලියලා ඉතිහාසේ විකෘති කරන්න එපා යකෝ...

:k0236::k0236::k0236::k0236::k0236::k0236::k0236:

nirosh42
11-15-2012, 09:31 PM
මේ වගේ අසත්‍ය ප්‍රචාර කරල රටට ආගමට අපහස කරන උන් 911 වලට අල්ලල දෙන්නන ඔන...

:k0235::k0235::k0235::k0235::k0235::k0235::k0235:: k0235::k0235::k0235:

plwsl
11-15-2012, 10:51 PM
Macho ubanam naraka hina dakinawada koheda. monawada ban oya. Ubata amu kewilada pissu dodawane. :no::no::no::no::no: