PDA

View Full Version : Ekk Deewana Tha [2012] සිංහල උපසිරැසි සමග



HEDZ
08-22-2012, 09:49 AM
Ekk Deewana Tha [2012] සිංහල උපසිරැසි සමග (http://www.zoom.lk/forums/media.php?do=details&mid=197)

(click here to watch and comment) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=197)

http://www.zoom.lk/forums/downloads/subs/ekdiwana/ekdiwana.jpg
ආදරේ කියන්නේ ඉබේම ඇති වෙන එකක් කිව්වොත් කවුරුත් පිළිගනිවි.ක්ලාස් එකකදි ඔෆිස් එකේදි නැත්නම් ගෙවල් ලග හරි පාරේදි යනකොට හරි අනිත් ගැණු ළමයි කොච්චර දැක්කත් එක විශේෂ කෙනෙක් දකින්න පුලුවන්.එයාව දැක්කම එක පාරක් නෙමෙයි දහස්පාරක් එයාගේ දිහා බලාගෙන ඉන්න හිතෙනවා.අනේ මන්දා අනිත් හැමෝටම වඩා එයා ගැන මගේ හිතේ මොකක් හරි..ඔව් මට එයා ගැන ආදරයක් ඇති වෙලා.එත් කොහොමද මම
ඒක එයාට කියාගන්නේ..එයාට කෙනෙක් ඉන්නවද දන්නේ නෑ...නැ වෙන්න බෑ.එයාගේ විස්තර ටිකක් කොහොම හරි හොයාගන්නවා. ප්‍රශ්නයක්! එයා මට වඩා වැඩිමල් කෙනෙක්.කමක් නෑ ආදරය කරද්දි ආගම් බේද වයස් බේද නෑ නේ.කොහොම හරි හයිය කරන් ගිහින් ගැහැණු ළමයගෙන් මම ඇහුවා.''ඔයාට මම ආදරේ කරනවා''................................. .........එයා ගෙන් උත්තරේ කැමති නෑ කියලා.කමක් නෑ කෙල්ලෝ කොහොමත් මුලින්ම කැමැත්ත කියන්නේ නෑ නේ.ඒක මම දන්නවා.ඒක නිසා එහෙම වෙන්න ඇති.මට කොහොමත් බෑ එයාව අමතක කරන්න.එයාට ආදරේ කරන එක නවත්තන්න.කමක් නෑ ටිකක් එයාට හිතන්න කල් දෙමු..ආපහු දවසක මම අහනවා.එයා මට කැමති වේවි.මම එයා යන හැම තැනකටම පස්සෙන් නොදැනෙන්න ගියා.ගිහින් එයා දිහා බලන් ඉන්නවා.වෙලාවකට මට හිතෙනවා එයා මම එයාගේ පස්සෙන් එන බව දන්න නිසා ආඩම්බර වෙලාවත්ද කියලා.කමක් නෑ මම එයාට අවංකව ආදරේ කරනවනේ....කාලය ගෙවිලා යනවා.අද දවසේ මම එයාව ලස්සන මානාලියක් විදියට දකිනවා.වෙනදටත් වඩා එයා අද ලස්සනයි..ලොකේ හැම ගැණූ ළමයටම වඩා එයා ලස්සනයි.එයාව මම මනාලියක් විදියට දැක්කට එයා අද කසාද බදින්නේ මාව නෙවෙයි.එයාට මගේ ආදරේ වටිනා කමක් නැතිවෙලා.පිස්සුවෙ ් වගේ පස්සෙන් ඇවිත් මුළු ලොකේටම වඩා ආදරේ කරපු මගේ ආදරේ එයාට වටින්නේ නැති වෙලා.කමක් නෑ මම තරහක් නෑ.මොකද මුළු හිතින්ම ආදරේ කරපු කෙනෙක්ට වෛරකරන්න මට බෑ.ඔයා ඔයාගේ ජිවිතේ තිරනේ ගත්තනේ.හැබැයි ඔයාට කවදා හරි මතක්වේවි ඔයා වෙනුවෙන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු කොල්ලෙක් (Ek Deewana tha/එක් දිවානා තා) හිටියා කියලා...


ඔන්න ඔය උඩ තියෙන්නේ මගේ ජිවිත කතාව නෙමෙයි.මේ චිතපටියට පාදක වෙන කතාව.බයවෙන්න එපා මුළු කතාවම මම කියලා නෑ ඔය මුල ටික විතරයි.ඔයාලා හැමෝම දන්නවා හින්දි සහා දමිල සිනමාවේ නිර්මාණය වන ආදර කතා තරම් විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ කරන්න වෙන කාටවත් බෑ කියලා.දමිළ සිනමාවේ බිහි උන චිත්‍රපටියක හින්දි චිත්‍රපටියයි මේ එක් දිවානා තා චිත්‍රපටිය.මේක බලද්දි මට මගේ ජිවිතේ සමහර දේවල් එහෙමත් මතක් උනා.ඔයා මේක අරන් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් අරන් බලන්න.තව දෙයක් මේකට ස්තුති කරන්න ඕන කිහිප දෙනෙක් ඉන්නවා.මේ දවස් වල මට වැඩ රාජකාරි වැහිවැහැලා නිසා මේක කරන්න ටිකක් කාලයක් ගියා.ඒ වෙලාවේ අපේ CJA (චමීර අබේසිංහ) යාලුවා දුන්න උදව්වට බොහෝම ස්තුතියි.එයත් මම වගේම හින්දි එවට ඇලුම් කරන නිසා මම නැති උනා කියලා හින්දි චිත්‍රපට දෙන එකේ නම් අඩුවක් වෙන එකක් නෑ.ස්තුති කරන්න ඕන අනිත් කෙනා තමයි මහේෂි.හින්දි චිත්‍රපටිවල හදවත වගේ තමයි සිංදු කියන්නේ.එවත් උපසිරැසි ගන්වලා චිත්‍රපටියක් දෙන්න පුලුවන් නම් තමයි හොදම දේ.හැබැයි අවසනාවට මේ චිත්‍රපටියේ හින්දි ගිත වලට ඉංග්‍රිසි පරිවර්තනයක් තිබුනේ නෑ.ඔයාලා උනත් ඉංග්‍රිසි සබ් එක අරන් බැලුවොත් පෙනෙව් එකේ ගිත උපසිරැසි ගන්වලා නෑ කියලා.හැබැයි මට එක කරන්න බෑ.ඒක නිසා මම මහේෂිව අල්ලගෙන එයාට කියලා සිංදු වලට ටයිම් ලයින් හදලා(අංකන දත්ත පිටපත) හින්දි දැනුම පාවිච්චි කරලා සිංදු ටික සිංහලට හැරෙව්වා.සිංදු සේරම පරිවර්තනය නොකලත් හොදම ගීත කිහිපයක් උපසිරැසි ගන්වලා තියනවා.ඒක කරලා දුන්න අපේ මහේෂීටත් බොහෝම ස්තුතියි.මට ඇත්තටම උපසිරැසි දාන්න ඉගැන්වුයේ එයයි.එක නිසා ඒකටත් මේ වෙලාවේ ස්තුති කරනවා.

අද නම් කතාව ටිකක් දිග වැඩි උනා නේද.කමක් නෑ.එහෙනම් අරන් මේ චිත්‍රපටිය රස විදින්න.ඔයාලා හැමෝටම ආදරණිය හැගිම් ඇතිවෙන සුභ දවසක් වේවා.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) (http://www.zoom.lk/forums/member.php?u=9)සහ චමීර අබේසිංහ(CJA) (http://www.zoom.lk/forums/member.php?u=4106) විසිනි විසිනි

මරු හිරා
08-22-2012, 10:03 AM
ude pandarama sub ekak dilane.. thanks wewa.!

Demax
08-22-2012, 10:44 AM
හින්දි එකකට දිලා නේද? මැක්සා මැක්සා . හින්දි රොමැන්ටික් ෆිල්ම් නම් ඉතින් මැක්සා තමයි.බොහෝම ස්තුතියි මචන්ලා දෙන්නටම :clap:

Viraj_rox
08-22-2012, 11:05 AM
ස්තුතියි කස්ටියටම

gamage
08-22-2012, 11:22 AM
සුපිරි නේ මේකේ සිංදු එකක් දෙකක් අහලා තිබුනට ෆිල්ම් එක බලලා තිබුනේ නෑ.දැන් එකත් බලන්න පුලුවන්.
පට්ට තමයි :yes: :yes:

copper
08-22-2012, 11:32 AM
මේක නම් අනිවා බාලා බලන්න වටින එකක් තමයි

Time Traveler
08-22-2012, 12:20 PM
:thumbsup::thumbsup::thumbsup:
අදත් සිංහල සබ් එක්ක හොඳ ෆිල්ම් එකක් කට්ටියට දීලා වගේ.:cool: අප වෙනුවෙන් මහන්සිවෙලා උපසිරැසි ලබා දුන් දර්ශන නිශාන්ත පීරිස්(Punisher) සහ චමීර අබේසිංහ(CJA)යන සොහොයුරන් දෙදෙනාටත්, සූම් වෙබ්අඩවියටත් බෙහෙවින්ම ස්තූතියි!:k0243:

Udara|රොකියා
08-22-2012, 12:48 PM
ලිපිය ගැන නම් කියල වැඩක් නෑ. මම හින්දි සාමාන්‍යයෙන් බලන්නේ නැති වුනත්, හින්දි චිත්‍රපටි බලන්න පටන් ගත්තේ දර්ශන නිශාන්ත පීරිස් (Punisher) ගේ සබ් නිසා. ඇත්තටම මම උපසිරැසි නිර්මපකයෙන් විදියට දන්නා දෙයක් තමයි. හින්දි චිත්‍රපටයත් සමඟ පැමිණෙන ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ බොහෝ හැඟීම් දනවන දෙබස් හරියටම පරිවර්තනය වෙන්නේ නෑ. නමුත් දර්ශනගේ සබ් එකක ඇත්තටම ඒ හැඟීම් ඒ ආකාරයටම තවත් රසවත් විදියට තේරුම් ගන්න ලේසි වෙන අයුරින් යොදවා උපසිරැසි ගැන්වීම් කරලා තියෙනවා. අනිත් එක තමයි හින්දි සින්දු වලටත් ඒ රසාස්ව බව එලෙසටම සිංහල උපසිරැසි තුලින් ලබා දෙනවා. හින්දි උපසිරැසි ගන්වන්නන් අතර දැකපු හොඳම උපසිරැසි ගන්වන්නා දර්ශන කියලා කතා දෙකක් නැතුවම කියන්න පුළුවන්. ඒත් එක්කම අපේ උපසිරැසි කණ්ඩායමේ චමීර අබේසිංහ(CJA) ත් වැඩේට එකතුවෙලා වැඩේ ඉක්මනට දෙන්න උදවුවෙලා තියෙනවා. ඔහුටත් හදවතින්ම සුබපතනවා.

CJA
08-22-2012, 01:15 PM
ඇත්තටම දර්ශන අයියගෙ සබ් එකකට සහයෝගයක් දෙන්න ලැබීම ගොඩක් ලොකු සතුටක්.. දර්ශන අයියා තරම් හොදින් හින්දි වලට උපසි‍රැසිගන්වන කෙනෙක් මම දැකලා නෑ.. ඔහු තමයි අපේ හින්දි වැඩකරු.. ඒ වගේම මහේෂි අක්කටත් ගොඩක් ස්තූතියි... ඉතින් ඔයාලත් අරන් බලන්න මේක ලස්සන චිත්‍රපටියක්.. ලස්සන කථාවක් මේකෙ තියෙනවා කියන එකයි මගේ හැඟීම නම්.. හැමදෙනාටම ජයවේවා...

Naveen
08-22-2012, 04:10 PM
Thanksx

Castiel
08-22-2012, 05:42 PM
හින්දි නම් ඉතිං ෆනියාගෙන්ම තමා, මේ පාර CJA ලොක්කත් එක්කම,, එළ එළ ස්තූතියි දෙන්නටම උපසිරැසියට, http://yoursmiles.org/tsmile/rulez/t2015.gif

Anushiz
08-22-2012, 06:03 PM
කියන්න දෙයක් නෑ මේක ලස්සනම ලස්සන කතාවක්.මම මේකේ දෙමළ එක බැලුවා.
එකට වඩා මේකේ කතාව වෙනස් ද දන්නේ නෑ.කමක් නෑ මේකත් අරන් බලනවා.බොහෝම ස්තුතියි <3<3<3

Amila
08-22-2012, 06:39 PM
ලස්සන කතාවක් වගේ අරන් බලන්නම් මචන් ස්තුතියි

Punisher
08-22-2012, 07:14 PM
ස්තුති හැමෝටම ඇත්තටම මේක CJA & MAHESHI හිටියේ නැත්නම් ජිවිතේට මගේ හිතේ විදියට දෙන්න පුලුවන් වෙන්නේ නෑ.
ඒ දෙන්නටත් අනිවාර්යෙන් ස්තුතිය බෙදිලා යන්නම ඕන. :yes: :yes:

Zen
08-22-2012, 09:09 PM
thanks මචන් ලා

පොඩ්ඩා
08-22-2012, 10:16 PM
ලිපිය නම් පට්ට ටිකක් වෙනස් විදියට ලියලා.පනිෂර් ලියපු දිගම ලිපියද මන්දා.කතාව නම් අරන් බලන්න ඕන මචන්.මේ වගේ ෆිල්ම් සබ් නැත්නම් තේරෙන්නේ නෑ නේ.දෙන්නම එකතු වෙලා සබ් දාලා අපිට මේක දුන්න එක නම් බොහෝම හොදයි.ඒ වගේම මහේෂිටත් ස්තුතියි.හැමෝටම ස්තුතියි නැවතත් :clap: :clap:

Hash
08-22-2012, 10:47 PM
ඔන්න මමත් බාන්න දැම්මා

Mal Baba
08-23-2012, 12:01 AM
Meke Tamil Ekath
Thelegu Ekath Maxza Hit Una
Tamil Eka Thamai Supiri
Hosana Wage Sindu Mama Thamath Ahanawa
Omala Penna Wage Ewa Superb
Story Ekath Supirima Thamai Kiyala Wedak Ne
Tamil Eke Hit Eka Nisa Thamai Meka Basha Gananawakin Remake Kale
Sinhalenuth Karaida Danne Ne Samahara Wita

tharaka
08-23-2012, 12:19 AM
ගොඩක් ස්තූතියි.
ඔයාලා හින්ද තමයි හින්දි ෆිල්ම් එකක් මුල ඉදලා අගටම බලන්නේ .
නැත්නම් සිංදු අත්හැරලයි බලන්නේ ඔයාලා සින්දුවලටත් සබ් එක සකස් කරනවනේ.
ඒක ගොඩක් වටිනවා .
සබ් එක දෙන්න එකතුවෙලා වැඩකරපු තුන්දෙනාටම ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න ශක්තිය ලැබේවා. ජයවේවා!

BLacK HuNTeR
08-23-2012, 12:38 AM
අපේ අල්ලපු රටේ හැදුනු මැක්සා ෆිල්ම් එකකට සබ් දිලානේ! ස්තුතියි

copper
08-23-2012, 08:57 AM
පනිෂරයා දුන්නොත් එලම එකක් තමයි ඉතින්

MANJU
08-23-2012, 03:36 PM
ජයවේවා දෙන්නටම

imax
08-25-2012, 12:09 AM
ඇඩෙන කතාවක් වගේ හින්දි ලව් ස්ටොරි ගැන අහන්න දෙයක් නෑ මැක්සා ම තමයි.