PDA

View Full Version : Jism 2 [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-27-2012, 08:27 PM
Jism 2 [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=203)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=203))



http://www.zoom.lk/forums/downloads/subs/jism/jism.jpg
අද ලබාදෙන්න යන්නේ පසුගිය කාලය තුල ලංකාව තුල වඩාත්ම කතාබහට ලක්වුණු හින්දි චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය ඉන්දියාව තුල මේ මාසයේ (අගෝස්තු) තිරගත කිරීම් ආරම්භ කර තවමත් අති සාර්ථක අයුරින් තිරගත වෙනවා. තිරගත කිරීම් ආරම්භ කරලා දින 30ක් වත් ගතවෙන්නට කලින් තමයි අපි මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ ඔබට ගේන්නේ. මෙය ලංකාවේ වැඩි කතාබහකට ලක්වුණේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් සිදුකරන ලද්දේ ලංකාව තුල වීමයි. ලංකාවේ ලස්සන සහ සුන්දර ස්ථාන රැසක මෙම රූගත කිරීම් කරලා තියෙනවා. චිත්‍රපටය පුරා ඒ දර්ශනීය මුහුදු වෙරළවල් සහ ස්වභාව සෞන්දර්ය ඔබට දැක බලා ගන්න පුළුවන්. චිත්‍රපටයේ කතාබහට අනෙක් හේතුව වුනේ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන සරාගී නිලි "Sunny Leone (http://www.imdb.com/name/nm1293381/)" නිසයි. කැනේඩියානු සහ ඉන්දියානු මිශ්‍ර සම්භවයක් ඇති ඇය හින්දි සිනමාවට මුලින්ම රංගනයෙන් දායකවෙන්නේ මේ චිත්‍රපටය හරහායි. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම ඇයට Ragini MMS (http://www.imdb.com/title/tt1890513/) චිත්‍රපටයේ දෙවන කොටස වන "Ragini MMS 2" චිත්‍රපටයට ආරාධනා ලැබිලා එහිත් වැඩකටයුතු මේ අවුරුද්දේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මම මේ දෙන්න හදන්නේ මේ මාසේ මම විසින් කරන ලද 10 වෙනි උපසිරසි ගැන්වීම, ඒ සඳහා චිත්‍රපටි 6ක් සහ ටීවී එපිසෝඩ් 4 ක් (29 වෙනි බදාදා දීමට නියමිත එකත් සමඟ) ඇතුලත් වෙනවා. අන්තර් ජාලයේ මාසයක් ඇතුලත වැඩිම සිංහල උපසිරැසි ගානක් කරලා තියෙන්නේ මමද මන්දා. ඒ වගේම මේ මගේ 38 වෙනි උපසිරැසි ගැන්වීම. ඒ ගැන හිතෙනකොට ඇත්තටම හිතේ අවංක සතුටක් ඇතිවෙනවා. කොහොමවුනත් අද මේ දෙන්න යන්නේ මම කරන්න කොහොත්ම හිතාගෙන හිටපු උපසිරැසි ගැන්වීමක් නෙමෙයි. උපසිරැසි ගැන්වීම කෙරුවේ මගෙන් පුද්ගලිකව කරපු ඉල්ලීම් වලට කරන ඇහුන්කන් දීමක් වශයෙන්. ඒ වගේම මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න ගිහිල්ලා තමයි මම වැඩියෙන්ම අමාරුවේ වැටුන චිත්‍රපටය. මේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ චිත්‍රපටයට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් මේ වන විතත් අන්තර්ජාලයේ හොයාගන්න බෑ. තියෙන ඒවයෙත් ටයිම් ලයින් තනිකරම වැරදියි. ඒ වගේම හුඟක් ලයින් ඉංග්‍රීසියෙන් උපසිරැසි ගන්වලා තිබුනේ නෑ. ඒ නිසා අලුතෙන්ම ටයිම් ලයින් හදලා අපි විසින්ම ලයින් 350 විතර අලුතෙන් එකතුකරන්න වුනා. ටයිම් ලයින් හැදුවට ඉතින් මම හින්දි දන්නේ නැති නිසා මේ වැඩේට හවුල් කරගත්තේ අපේ හින්දි විශාරද නොහොත් දර්ශන නිශාන්ත (Punisher) සහෝ වයි. ඔහුගේ කැපවීම සහ උදවුව මත ටිකක් අමාරු වැඩක් ඉක්මනින්ම නිමා කරලා, ඔයාලට හොඳ ගුණාත්මක බැවින් යුතු සිංහල උපසිරසියක් ලබාදෙන්න පුළුවන් වුනා. චිත්‍රපටයේ සින්දු නම් උපසිරැසි ගොනුව තුල අඩංගු නොවූ නිසා උපසිරැසි කරනය කරන්න බැරි වුනා.

චිත්‍රපටයේ කතාව වෙන්නේ එක්තරා කාන්තාවක් රහස් බුද්ධි අංශයක් සහ එක්වී වරදකරුවෙක්ව හසුකරගැනීමට දරන වෑයමක්. කතාවෙ මුල් කොටස තේරුම් ගැනීමට පහසු වෙන විදියට කියනවනම්, ඉස්නා (Sunny Leone) කියන කාන්තාවට ඉන්දියානු බුද්ධි අංශයේ යැයි කියන නිලදාරියෙක් විසින් එක්තරා ආකාරයක යෝජනාවක් කරනවා, ඇයට පැවරෙන කාර්ය තමයි ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ද සහ වැදගත් සහ ප්‍රභූ පුද්ගලයින් ඝාතනය කරන ත්‍රස්තවාදියෙක් කියා හඳුනන පුද්ගයෙක් පොලිසියට හසුකරගැනීමට උදවුකිරිම. ඔහු ජීවත්වෙන්නේ ඉන්දියාවෙන් පැන ගොස් ශ්‍රී ලංකාව තුල රහස් ලෙසයි. මේ පුද්ගලයා ඇත්තටම ඉස්නා (Sunny Leone) ගේ පරණ පෙම්වතා වෙනවා. ඒ නිසාම තමයි ඇයව මේ වැඩේට හවුල් කරගන්නේ. අවසානයේ ඇයට මේ ක්‍රියාන්විතය සපල කරගන්න පුළුවන් වෙයිද ? ඉස්නා (Sunny Leone) තවමත් එම ත්‍රස්තවාදියාට ආදරය කරනවද ? ඇත්තටම ඔහු ත්‍රස්තවාදියෙක්ද ? මෙම රහස් බුද්ධි අංශයේ නියම ඉලක්කය කුමක්ද ? මේ හැම දෙකටම පිළිතුර ඔබට චිත්‍රපටය අවසානයේ බලාගත හැකිය. නැවත වතාවක් චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම් සඳහා උපකාර කෙරු දර්ශන නිශාන්ත (Punisher) සහෝට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඉතින් තවත් ජනප්‍රිය චිත්‍රපටයක් එක්ක ළඟදීම හමුවෙමු. ඒ වගේම ඔබ කැමති චිත්‍රපටයක් හෝ, මෙම චිත්‍රපටයේ හොඳ නරක හෝ අදහස් දක්වන්න අමතක කරන්න එපා. [email protected]





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Dinushka Udara(Udara|රොකියා) (http://www.zoom.lk/forums/member.php?u=1858) සහ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) (http://www.zoom.lk/forums/member.php?u=9) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
08-27-2012, 08:38 PM
Sunny Leone ඉන්නව නම් සුපිරියට ඇති ;). හෙට බාගෙන බලන්න ඕන තෑන්ක්ස් දෙන්නටම උණු උණුවෙම සබ් දුන්නට

Castiel
08-27-2012, 08:40 PM
එළ එළ ස්තූතියි උපසිරැසියට,

Naveen
08-27-2012, 08:40 PM
දෙන්නටම ගොඩක් ස්තූතියි.

Naveen
08-27-2012, 08:40 PM
දෙන්නටම ගොඩක් ස්තූතියි.

CJA
08-27-2012, 08:43 PM
ඇඩෙනවනෙ මෙහෙම ‍ෆිල්ම් දෙද්දි, මේකට දුන්න එක නම් කියලා වැඩක් නෑ, ආයෙ ලොවෙත් මේ වගේ වැඩක් කරන්න පුලුවන් සූම් කොල්ලන්ට විතරයි.. ජයවේවා උදාර අයියේ, ජයවේවා පනිෂර් අයියේ.. ඔන්න මම දැන්ම බාන්න දානවා.. උදාර අයියගෙ 38වැනි උපසි‍රැසියටත් මගේ සුභ පැතුම්...

:thumbsup::thumbsup:

Demax
08-27-2012, 08:56 PM
දැන් නම් සූම් එක නියමයි කියලා වැඩක් නෑ.අලුත් ෆිල්ම් පොලිමට එන්නේ.මේ තියෙන්නේ තවත් කිරි කිරි ෆිල්ම් එකක්.දෙන්නටම ගොඩක් ස්තුතියි :clap: :clap:

පොඩ්ඩා
08-27-2012, 09:46 PM
මේක අපේ ලංකාවේ රුපගත කරපු නිසා හා සිංහල සබ් එකක් අපේ කොල්ලෝ මහන්සිවෙලා දාලා තියන නිසා විතරයි ඔන්න මම ගන්නේ..මේ අක්කාව බලන්න නෙමෙයි හොදේ ;)


මොනා උනත් කරපු වැඩේ නම් නියමයි.මේ වගේ මහන්සිවෙලා සබ් දෙන වෙන සයිට් තියනවා කියලා නම් මම හිතන්නේ නැහැ.දෙන්නටම ගොඩක් ස්තුතිය :)

tanuja
08-27-2012, 09:58 PM
ගොඩක් ස්තුතියි!
:thumbsup::thumbsup::thumbsup:

Hash
08-27-2012, 10:06 PM
වැඩ කාරයන්ට බොරු බෑ කියනවනේ.සබ් එකක් අලුතින්ම හදලා එක හොදට පරිවර්තනය කරලා ලයින් හදලා මහන්සිවෙලා සබ් දෙන්න පුලුවන් ඉතින් වැඩකාරයන්ට විතරයි.අනික මාසේට සබ් 10ක් පිස්සු හැදෙනවනේ.
මේකට සබ් දාපු දෙන්නටම ස්තුතියි :) :clap: :thumbsup::thumbsup:

sujeewa
08-27-2012, 10:15 PM
බාගෙන බලන්න ඕන තෑන්ක්ස් දෙන්නටම උණු උණුවෙම සබ් දුන්නට

Viraj_rox
08-27-2012, 10:56 PM
දැන්ම බානවා

SurangaWanni
08-27-2012, 11:39 PM
බොහෝම ස්තූතියි දෙන්නටම.

රොකියාගේ 38 වෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභපැතුම්.

dani_baba
08-27-2012, 11:45 PM
බාන්න දැම්මා 500කොපිය

*maheshi*
08-28-2012, 08:13 AM
තනියම ටයිම් ලයින් හදනවා කියන්නේ බොහොම වෙහෙසකර කටයුක්තක් තමයි ඒ දේ කරලා මේ විදියට උපසිරැසි ලබා දුන්නට බොහෝම ස්තුතියි.ඒ වගේම 38වැනි උපසිරැසියටත් සුභ පැතුම්.මාසේට මම හිතන්නේ නැහැ වෙන කවුරුත් සබ් 10ක් දිලා ඇති කියලා.ඉලග මාසේ 10ට 20ක් දෙමු නේ. :yes: :yes:

Time Traveler
08-28-2012, 08:18 AM
එළ... එළ...
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:
මේ ෆිල්ම් එකට මහන්සිවෙලා සබ් දාපු Dinushka Udara(Udara|රොකියා) සහ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) යන යාළුවෝ දෙන්නටම බොහොම ස්තුතියි!

ips
08-28-2012, 09:26 AM
ela ela....

RaviTH
08-28-2012, 10:03 AM
හින්දි නම් කොහොමත් අනිවා බලනවා මේක සනි අක්කා ඉන්න නිසා කොහොමත් බලනවා :D

sanjukesh
08-28-2012, 12:30 PM
woow:):

Dilshan
08-28-2012, 04:03 PM
:) අපිත් බානවෝ

Udara|රොකියා
08-28-2012, 09:06 PM
අදහස් දක්වපු හැම කෙනෙක්ටම ස්තුතියි.
ඇත්තටම මේකේ ටයිම් ලයින් අමුතුවෙන්ම හදන ඒක හිතුවට වැඩිය අමාරු වැඩක් වුනා. ඒත් කොහොමහරි කෙරුවා.
මම හිතන්නේ සිංහල උපසිරැසි කරණය තුල මේ මුල් වතාවට තමයි මෙහෙම අලුතින්ම ලයින් 400කට කිට්ටු ලයින් ගානක් අලුතින්ම ටයිම් ලයින් හැදුවේ.
ඒ වගේම දර්ශන නිශාන්තගේ උපකාරයෙන් ඒ අලුතින් එකතුකෙරුණු ඒවාට හොඳ අර්ථාන්විත අයුරින් සබ් එකතුකරන්නත් පුළුවන් වුනා.

හුඟක් අය මේකේ පිටපත ගැන අහල තිබුන.
පිටපත ඇත්තටම හින්දි ෆිල්ම් වල එන DVDRip එකකට වැඩිය හොඳ තත්වෙක තියෙනවා.
ඒ අය වෙනුවෙන් ඔන්න මම ස්ක්‍රීන් එක්කක් දෙනවා (http://img560.imageshack.us/img560/813/bkup635jurgrovecom13453.jpg).

copper
08-28-2012, 09:17 PM
එක දවසයි ආවේ නැත්තේ මම ආපු නැති ටිකට මේ විදියට ෆිල්ම් දාන එක හොදද මං අහන්නේ? ;)

මේකේ හොද කොපියක් ඇවිත් කියලා දන්නෙත් නැ මෙන්න ඇවිත් බලද්දි සබ් එක්කම දාලා මෙවට නේද සුපිරි වැඩක් කියලා කියන්නේ.මේ වගේ හපන්කම් සුම් එකේ ඇරෙන්න වෙන මොකාටත් බැ මම නම් හිතන්නේ.
ජයෙන් ජයවේවා සුම්!!!! :clap: :clap:

tharaka
08-29-2012, 12:07 AM
ගොඩක් ස්තූතියි මචො දෙන්නටම,
මේක ඉක්මනට දෙයි කියල හිතුවෙවත් නැහැ.
තවත් ලස්සන ෆිල්ම් ගොඩකට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා

Anushiz
08-29-2012, 08:19 AM
Thanks U :)

suchiy
09-26-2012, 06:50 PM
thax machan... ubala apita watinawa

Sithum Dinesh
09-26-2012, 08:25 PM
සබ් දාපු දෙන්නටම ස්තුතියි!

gayashankulathunga
01-11-2013, 09:43 PM
ගොඩක් ස්තුතියි!

shashi1987
01-12-2013, 08:19 AM
සබ් එකට ගොඩක් ස්තූතියි....

yohan
01-17-2013, 02:18 AM
බලන්න ඕන තෑන්ක්ස් දෙන්නටම

:clap::40_002::thumbsup:

thilanka mihiranga
04-04-2013, 08:41 PM
http://www.shaftindia.com/images/thankyou.gif

tharuka shehan
01-09-2014, 08:41 PM
suba pathanawa.tnxxxxxxxxxxxxxxxxx

Code#M
03-06-2014, 08:49 PM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/anigif_zps4010f6bd.gif

Seeker
03-07-2014, 07:29 AM
:cool: thanks