PDA

View Full Version : PUSH [2009] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-28-2012, 08:18 PM
PUSH [2009] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=204)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=204))


http://www.zoom.lk/forums/downloads/subs/push/push.jpg


මානසික හැකියාවන් වලින් එක එක දේවල් කරන සමාජ කොට්ඨාෂයකි. 1945 වර්ෂයේදී නට්සි නම් හමුදාව මානසික රණකාමී හැකියාව පිළිබඳ පර්යේෂණ පවත්වනවා. ඒ එමක්‍රම මඟින් ඔවුන්ගේ සෙබලුන්ගේ හැකියාවන් වැඩිදියුණු කරවීම සඳහායි.උපතින්ම මානසික හැකියාවන් රැගෙන එන සමාජ කොට්ඨාෂයේ බොහෝ අය මේ නිසා මරණුවට පත්විය. යුද්ධය අවසන් වුනා. නමුත් පර්යේෂණ කටයුතු නතර වුනේ නෑ. ඒ වෙනුවෙන් ලෝකය වටා සිටින අනෙකුත් රජයන් මඟින් "හමුදාව" නමින් කණ්ඩායමක් සකස් කරනු ලබනවා. මෙම හමුදාවේ නියෝජිතයනව් ඒ කියන්නේ භටයන්ව පුරුදු කරනු ලබන්නේ මේ මානසික හැකියාවන් සහිත අයව ලුහුබැඳීම සඳහායි. ඔවුන් කොටස් දෙකකට වෙන් කෙරේ. ඒ "දකින්නන්, සොලවන්නන් හා තල්ලුකරන්නන්" ලෙසයි.දකින්නන් යනු අනාගතය දැකීමට හැකි අයයි. සොලවන්නන් යනු දුර ඇති දෙයක් සිතේ බලය යොඳා සෙලවිය හැකි අධි මානසික හැකියාවන් ඇති අයයි. තල්ලු කරන්නන් යනු යම් කිසි කෙනෙකුගේ මනසට ඇතුලු වී බොරු සිතුවිලි වුවුද මවා පා එය සත්‍ය ලෙස පෙන්නමු කිරීමට හැකියාව ඇති අයයි. කෙසේ හෝ මේ හමුදාවේ පර්යේෂණාගාරයේදී ගැහැණු ලමයෙක් ඔවුන්ගේ පර්යේෂණ වලින් මිඳී පලා යනවා.
මැයව සෙවීම සඳහා හමුදාව හැම වැඩකටයුත්තක්ම දියත් කරනු ලබනවා. නමුත් මේ අතරට නික් සහ කැසී යන දෙදෙනා එකතු වෙනවා ඔවුන්ගේ මේ මානසික හැකියාවන් ඇති කොට්ඨාෂය බේරාගැනීම සඳහා. නික් යනු සොලවන්නෙකි. කැසී යනු දකින්නියකි. අර කලින් පර්යේෂණාගාරයෙන් පැන එන ගැහැණු ලමයා ඔවුන්ගේ යම් බෙහෙතක් සමඟයි පලා යන්නේ. ඇය එම බෙහෙත යම් කිසි තැනක සඟවනු ලබනවා. ඉතිං මේ බෙහෙත සොයාගැනීමට හමුදාව මෙන්ම තවත් එක් කන්ඩායමක් උත්සාහ දරනවා. ඒ අතරම මේ නික් ඇතුලු කණ්ඩායමද මේ බෙහෙත සෙවීමට කටයුතු කරනු ලබනවා. කෙසේ හෝ අවසානයේදී බෙහෙත සොයාගන්නේ කෙසේද..? ... අර පර්යේෂණාගාරයෙන් පැනල යන ගැහැනු ලමයාට මොනව වෙයිද...?... මොවුන්ට මොනවා වෙයිද..? යන ප්‍රශ්ණ සියල්ලටම උත්තරය ඔයාට බලාගන්න පුලුවන් චිත්‍රපටය අවසානයේදී....

2009දී තමයි මේ චිත්‍රපටිය එලියට ආවේ. ඉතිංමේක IMDB වර්ග කිරීම අනුව ඔවුන්ගේ හොඳම චිත්‍රපට 5000 ඇතුලත තියෙන සහෙ ඔවුන්ගේ වර්ග කිරීමට අනුව 6.0 (http://www.imdb.com/title/tt0465580/)ක IMDB අගයක් හිමිකරගෙන තියෙනවා. මෙහි අධ්‍යක්ෂක වන්නේ Paul McGuiganය. මොහු TV Series සහ නොයෙකුත් ත්‍රාසජනක චිත්‍රපටි බොහෝ නිර්මාණය කර ඇති පුද්ගලයෙකි. මෙහි ප්‍රධාන චරිතය වන නික්ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රධාන ගනයේ ශිල්පියෙකු වන Chris Evans විසිනි.මේ චිත්‍රපටය Thriller ගණයට වුනත් ගන්න පුලුවන්. ඉතිං තව කියනවනවට වඩා හොඳයිනේ Download කරගෙනම චිත්‍රපටිය බැලුවනම්. නැත්නම් කිසිම රසාඤ්ඥතාවයක් නැතිවෙනවනේ.....






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ chalindudeshan (http://www.zoom.lk/forums/member.php?u=3082) විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-28-2012, 08:32 PM
අලුත් යාලුවෙක් නියම ෆිල්ම් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ.නියමයි මචන්. තව හොද එකක් සබ් එක්කම අරන් එයි කියලා හිතනවා. :yes: :yes:

sujeewa
08-28-2012, 08:33 PM
නියමයි මචන්. තව හොද එකක් සබ් එක්කම අරන් එයි කියලා හිතනවා

gamage
08-28-2012, 08:40 PM
තවත් සුපිරි චිත්‍රපටියක් වගේ එල එල නියමයි

Amila
08-28-2012, 08:44 PM
ගින්දර වගේ ෆිල්ම් එකක් නේ.ස්තුතියි මචන් :clap:

CJA
08-28-2012, 08:46 PM
නියම ‍ෆිල්ම් එකක් වගේ, ස්තූතියි යාලුවා තවත් හොද එකකට ඉක්මනටම අරන් එන්න.. ජයවේවා...

Udara|රොකියා
08-28-2012, 08:48 PM
මේක මට ඇත්තටම මගහැරුණු චිත්‍රපටයක්
කැමතිම කතා තේමාවක් තියෙන ෆිල්ම් එකක් වගේ.
අලුත් යාලුවට උපසිරැසි වලට හුඟක් ස්තුතියි !

මරු හිරා
08-28-2012, 08:57 PM
මම මේක බලල තියනවා. සබ් දුන්නට ගොඩක් තෑන්ක්ස්

copper
08-28-2012, 09:19 PM
තවත් අලුත් යාලුවෙක් වගේ.මේ වගේ අපි නොදන්න හොද චිත්‍රපටි අරන් ඇවිත් සිංහලෙන්ම දෙනවට ගොඩක් පින් මචෝ.
අනිවා බානවා!! :clap:

Angel_senuri
08-28-2012, 09:22 PM
Aluth wunath hodama film ekakata subtitles dipu ekata godak pin. Thawath me wage lassana kathawakata subtitles oya genakam api balagena inne. we want more!! :) Keep it up my frnd.. :) subtitles denawa kiyanne lesi wadak nemei neda?

පොඩ්ඩා
08-28-2012, 09:34 PM
මෙවනේ මචන් ෆිල්ම් නියමයි!! තවත් හොද හොද නිර්මාණ වලට මේ ආකාරයෙන් උපසිරැසි නිර්මාණය කරන්න
ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :yes:

Naveen
08-28-2012, 10:27 PM
අලුත් යාළුවට ගොඩක් ස්තූතියි,තවත් මේවගේ ‍ෆිල්ම් වලට සිංහල උපසි‍රැසි ගන්වන්න හැකිවේවා!

Time Traveler
08-28-2012, 11:29 PM
පට්ට ෆිල්ම් එකක් වගේ... සබ් තියන එකේ අරන් බලන්න පුලුවන්. අලුත් යාලුවට සිංහල උපසිරැසි වලට බොහෝම ස්තුතියි! තව තවත් සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ධෛර්යය, ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! ජයවේවා!
:thumbsup::thumbsup::thumbsup:

tharaka
08-29-2012, 12:11 AM
වෙල්කම් මචෝ,
මේක බලන්න මඟහැරුනු ෆිල්ම් එකක්.
මේ වගේ ෆිල්ම් එකකින් සබ් දෙන්න පටන්ගත්ත එක හොඳයි.
තවත් ලස්සන මඟහැරුනු ෆිල්ම්වලටත්, අළුත් ෆිල්ම් වලටත් සබ් දෙන්න ලැබේවා.
ජයවේවා!

Anushiz
08-29-2012, 08:20 AM
Thank U

*maheshi*
08-29-2012, 08:27 AM
අලුත් යාලුවෙක් අලුත් ෆිල්ම් එකක් zoom උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
මේ ෆිල්ම් එක ගැන අහලා තිබ්බට කවදාවත් බලන්න නම් වෙලා නෑ.එකත් දැන් හරි ඔයාගේ සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන් නේ. :)

SurangaWanni
08-29-2012, 11:37 AM
සූම් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා

නියමම ෆිල්ම් එකකින් වැඩේට අතගහලා තියෙන්නේ.

ජයවේවා!!!!

PASANJAYASINGHE
08-29-2012, 02:05 PM
Thanks Friend.......

chalindudeshan
08-29-2012, 06:32 PM
ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි!! :D

tanuja
08-29-2012, 06:42 PM
එල එල නියමයි තෑන්ක්ස්!

Castiel
08-30-2012, 12:07 PM
ස්තූතියි උපසිරැසියට,

Isuru1990
08-30-2012, 03:54 PM
නියම ‍ෆිල්ම් එකක් වගේ. ස්තුතියි මචන්!

kadiya
01-24-2013, 04:37 PM
:clap::clap:

shashi1987
01-25-2013, 12:00 PM
:cool:

thilanka mihiranga
04-04-2013, 07:47 PM
http://www.shaftindia.com/images/thankyou.gif