PDA

View Full Version : Mere Brother Ki Dulhan [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-30-2012, 08:23 PM
Mere Brother Ki Dulhan [2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=208)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=208))




http://www.zoom.lk/forums/downloads/subs/broki/brotherki.jpg
ඔන්න මං මගේ හත්වැනි නිර්මාණයත් අරන් ආවා.. මං මේ පාරත් අරන් ආවේ හින්දි චිත්‍රපටියක්.. ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ගිය අවුරුද්දේ තිරගත වූ ලස්සන චිත්‍රපටියක්.. Imran Khan,Katrina Kaif සහ Ali Zafar මෙහි රංගනයෙන් දායක වෙනවා.. IMDb දර්ශකය තුල 6.0 (http://www.imdb.com/title/tt1740710/) අගයක් ලබලා තියෙනවා වගේම Romantic/Comedy වර්ගීකරණයයට අයත් චිත්‍රපටියක් මේක..
ඉතින් මේකෙ කථාව ගැන කියනවා නම් Luv කියන්නෙ ලන්ඩන් වල ජීවත් වෙන තරුණයෙක්, ඔහු තම පෙම්වතියගෙන් වෙන්වීම නිසා තීරණය කරනවා ඉන්දියානු ගෑණු ළමයෙකු සමඟ විවාහා වීමට.. ඉතින් ඔහුට ගෑණු ළමයෙකු සෙවීම සඳහා ඔහු එය භාරදෙන්නෙ තමන්ගේ අතිජාත ආදරණීය සහෝදරයා වන Kushට.. මෙතනින් තමයි කථාව පටන් ගන්නෙ.. ඉතින් Kush ට තම සහෝදරයාට හොද ගෑණු ළමයෙකු සොයාගන්නට හැකිවේවීද, ඔහුට ඒ සඳහා මොන මොන දේවල් කරන්න වේවීද ඒ හැමදේම ඔයාලට දැනගන්න පුලුවන් චිත්‍රපටිය නරඹලම.. මේකෙ ලස්සන ආදර කථාවක් තියෙනවා වගේම ගොඩක් විනෝදයෙන් නරඹන්න පුලුවන් විදිහෙ චිත්‍රපටියක්.. මම නම් පෞද්ගලිකව Imran Khan ගෙ චිත්‍රපටිවලට කැමති කෙනෙක්.. ඉතින් එහෙනම් හැමෝටම නරඹන්න කියලා ආරාධනාකරන ගමන්ම මම මීට කලින් දුන්න චිත්‍රපටි සඳහා අදහස් දැක්වූ සැමට ස්තූතියි කියන ගමන්ම මේ චිත්‍රපටියටත් ඔයාලාගේ අදහසක් දක්වලා යන්න කියලා ඉල්ලා සිටිනවා.. ඒ වගේම ඔයාලගේ රසවින්දනය උදෙසා මෙහි ඇති සියලු හින්දි ගීත උපසි‍රැසි ගන්වා තිබෙන බවත් මතක් කරන්න ඕන..
එහෙනම් අපේ zoom හි අනෙකුත් උපසි‍රැසි නිර්මාණකරුවන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා සුභපතන ගමන්ම, නිරතුරුවම අපට විශාල සහයෝගයක් ලබාදෙන අපේ Hedz අයියවත් මතක් කරන ගමන්ම, zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!! එහෙනම් නරඹන්න "මගේ සහෝදරයාගේ මනාලිය" ව.. සැමට සුභ දවසක්.. තවත් උපසි‍රැසි නිර්මාණයක් සමඟින් ඉක්මනින්ම හමුවෙමු..





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ(CJA) (http://www.zoom.lk/forums/member.php?u=4106) විසිනි විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
08-30-2012, 08:30 PM
Thank You!

Punisher
08-30-2012, 08:31 PM
හින්දි එකක් මම දැක්ක ගමන් හිතුවා CJA වෙන්න ඇති කියලා හිතපු දේ :clap: :clap:

Demax
08-30-2012, 08:36 PM
පට්ට ෆිල්ම් එකක් වගේ නියමයි මචන් ස්තුතියි සබ් එකට

SurangaWanni
08-30-2012, 09:24 PM
මේක ඊයේ සියත ටීවී එකේ ඉන්දියන් කියලා වැඩසටහනකට පැයකට කෙටි කරලා පෙන්නුවා. මෙලෝ රහක් නෑ. ෆිල්ම් එකේ වටිනාකමත් නෑ. දැන් සේරම බලතහැකි. ස්තූතියි.

RaviTH
08-30-2012, 09:32 PM
මෙන්න මම නම් බානවෝ

Punisher
08-30-2012, 09:34 PM
මේක ඊයේ සියත ටීවී එකේ ඉන්දියන් කියලා වැඩසටහනකට පැයකට කෙටි කරලා පෙන්නුවා. මෙලෝ රහක් නෑ. ෆිල්ම් එකේ වටිනාකමත් නෑ. දැන් සේරම බලතහැකි. ස්තූතියි.

අර ෆිල්ම් එකක් කෙල්ලෙක් ඉදන් විස්තර කරන එක නේද ඔය කියන්නේ.උන් ෆිල්ම් එක කනවා බන්! ඉංග්‍රිසි එවත් ඔහොම විස්තර කරලා කියනවා එක දවසක් Unstoppable එක ගැන කියෙව්වා ෆිල්ම් එක හදපු කෙනාවත් එච්චර එකට කතා කරන්නේ නැතුව ඇති ෆිල්ම් එකත් එපා උනා

Udara|රොකියා
08-30-2012, 10:12 PM
බොහොම ස්තුතියි සහෝ !
කොහොමත් දැන් හින්දි බලනවානම් සූම් එකෙන්ම තමයි සිංහල උපසිරැසි එක්කම කට්ටිය බලන්නේ!

Zen
08-30-2012, 10:12 PM
දැන් නම් සුම් එකට ගහන්න සයිට් එක්ක නැති පාටයි හැම විදියෙම චිත්‍රපටි දෙනවනේ එකම රාමුවකට කොටුවෙන් නේ නැතිව අද මැක්සා හින්දි එකක් අරන් ඇවිල්ලනේ.ස්තුතියි සබ් එක දුන්න යාලුව
ජයවේවා හැමෝටම :clap:

Castiel
08-30-2012, 10:14 PM
ස්තූතියි උපසිරැසියට,

PASANJAYASINGHE
08-30-2012, 10:27 PM
Thanks Friend.........
Great work.

Time Traveler
08-31-2012, 12:24 AM
:thumbsup::thumbsup::thumbsup:
සබ් එකට බොහොම ස්තුතියි මචන්!

පොඩ්ඩා
08-31-2012, 12:31 AM
අද නම් එන්න ටිකක් රෑ උනා හෙට නිවාඩු දවසේ බලන්න පුලුවන් නියම ෆිල්ම් එකක් වගේ.කොහොමත් හින්දි ෆිල්ම් නම් පොඩි ගතියක් තියනවනේ නේද. :)

tharaka
08-31-2012, 12:37 AM
thanx macho thawath hindi ekak dunna neda love story ekak nobala kohomada thanx yalu

මරු හිරා
08-31-2012, 07:40 AM
එල එල මචන්. නියමයි. මම ඉඳල හිටලා හරි හින්දි ෆිල්ම් එකක් බලන්නේ සූම් එකේ සබ් එක්ක දුන්නොත් විතරයි. ඊළඟට පුළුවන් නම් ඉංග්‍රීසි එකකට සබ් හදන්න ට්‍රයි එකක් දීපන්. ජය වේවා.!

*maheshi*
08-31-2012, 09:46 AM
මේ දිලා තියෙන්නේ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක්. බොහෝම ස්තුතියි :) :)

sujeewa
08-31-2012, 05:02 PM
බොහොම ස්තුතියි සහෝ !

Anushiz
08-31-2012, 07:18 PM
ලස්සන කතාවකට සබ් දුන්නට ස්තුතියි