PDA

View Full Version : THIS IS OUR TEAM OUR STRENGTH



HEDZ
08-31-2012, 09:58 PM
http://www.jupiternetboss.com/images/vvcs_image_10.jpg


කාලයක් ඉදන් මා ගේ සිතේ පැවතුන අදහසක් මේ ආකාරයෙන් අද ඔබ වෙතට ගෙන එන්න හිතුනා.විටෙන් විට විවිධ බාධක කරදර මැද අප අද පැමිණි ගමන් මාර්ගය දෙස හැරි බලන විට ඇත්තේ සතුටක්.මේ ගමනට සාර්ථක විමට පසුපසින් සිටි දැවන්ත පිරිසක් ඇත.ඒ මාගේ උපසිරැසි කණ්ඩායමයි.
ඇතැම් විට පලවිය යුතු බැනර් එක පවා සදා දෙමින් ඔවුන් වෙබ් අඩවිය වෙත කරන ලබන කාර්යය වචන වලින් කියා නිම කෙරිය නොහැක.ඇතැම් පිරිස් අප වෙබ් අඩවියට උපසිරැසි පලමුවෙන් දෙන අයට විවිධ අකාරයේ අප වෙබ් අඩවිය ගැන අසත්‍ය ප්‍රකාශ කර ඔවුන් අපගෙන් වෙන් කිරිමට දරණ කූට උපායන් වලට අසු නොවුන අපගේ උපසිරැසි කණ්ඩායමේ සමාජිකයින් ZOOM වෙත තබන විශ්වාසය අතිමහත්ය.ඇතැම් අවස්ථා වලදි මට චිත්‍රපටියක් තොරාදෙන්න කියුවත් මා හට යවන්න නොහැකි උනත් ඔවුන්ම ඉතා හොද චිත්‍රපටි තොරාගෙන උපසිරැසි ගන්වා එවිමෙන් පෙන්වන්නේ ඔවුන් මෙම වෙබ් අඩවියට දක්වන ලෙන්ගතු කමයි.ZOOM වෙබ් නාමය ඇතැම් අය දැනටමත් ඉහල මිලවල් වලට ඉල්ලා තිබුනත් සිහිනයක් කවදාවත් මිල කල නොහැකි එවැනි ඉල්ලිම්ද අප ප්‍රතික්ෂේප කලේය.කොයි තරම් බාධක කරදර ආවත් කොයි තරම් අප වෙන චොදනා එල්ල කලත් අප යන ගමන zoom උපසිරැසි කණ්ඩායම සිටින තුරු කාටවත් නැවැත්විය නොහැකි වන්නේ ඒ නිසාය.



ZOOM.LK වෙබ් අඩවිය පටන් ගත් අරමුණ වෙනස් එකක් වුවත් අප ඔබගේ ඉල්ලිම මත ලංකාවේ සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩුව පිරවිමට අවසානයේදි කටයුතු කිරිමට සිතුවෙමු.එමගින් ඔබේ හදවතට අප තවත් ලං වුන අතර අප කෙරෙහි ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ද අපට නිරන්තරයෙන් හිමිවිය.මේ සියල්ලටම පිටුපසින් අපිව ධෛර්යමත් කරමින් අප වෙබ් අඩවිය මේ තාක් දුරට රැගෙන ආ පිරිසක් ඇත.ලොව සියළුම දේ මුදල් වලට තක්සේරු වෙද්දි ඔවුන් ඔබ වෙනුවෙන් දිවා රෑ වෙහෙසි මේ කාර්යය සිදු කරන්නේ කිසිදු මුල්‍ය වාසියක් බලාගෙන නොවේ.ඔවුන්ට විටින් විට ඇතුම් පුද්ගලයන්ගේ බලපැම් පෙළබවිම් ලැබුනි.එවාට ඔවුන් හසුනොවුන තැන ඔවුන්ගේ සිත් රිදවෙන අයුරින් විවිද දැ පලකිරිමටද ඇතැම් අය උත්සහා කලේය.සූම් යනු නිදහස් අදහස් පලකර හැකි තැනක් වන අතර අපගේ හොද මෙන්ම නරකද අප නිරන්තරයෙන් පිළිගන්නෙමු.අප උපසිරැසි කණ්ඩායමේ සිටින සමාජිකයන්ද සැම කරදරයක බාධකයකදිම අප වෙනුවෙන් පෙනි සිටියේය. ඔවුන් අප වෙබ් අඩවියේ නිරන්තරයෙන් විරයන් වන නොවනුමානය.එම විරයන් වෙනුවෙන් අද දින සිට මේ ආකාරයට ඉඩක්වෙන් වේ.අප වෙබ් අඩවියට මැත කාලයේ උපසිරැසි ලබා දුන් පුද්ගලයන් කිපදෙනෙකු ගේ නම් මෙම ස්ථානයේ තවමත් පල කර නොමැත නමුත් ඔවුන්ද ඉදිරියේදි සම්බන්ධ කරගෙන ඔවුන්ට මේ වෙබ් පිටුව තුල ඉඩක් අනිවාර්යෙන් වෙන්වෙනු ඇත.


තවත් විස්තර මා සදහන් කරන්නේ නැත මේ ඒ විරයන් සදහා වෙන්වුන විරයන්ගේ වෙබ් පිටුවයි.මේමගින් ඔබ කැමතිම උපසිරැසි නිර්මාපකයා දිරිමත් කිරිමට අදහසක් පල කිරිමට වගේම ඔහු හෝ ඇය උපසිරැසි ගැන්වු සියලු චිත්‍රපට ගැන දැන ගැනිමට අවස්ථාව හිමිවනු ඇත.දැන්ම පහත සදහන් ලින්ක් එකට පිවිසෙන්න.



THIS IS OUR TEAM OUR STRENGTH (http://www.zoom.lk/contributors/)




මෙහි අප වෙත අලුතින් උපසිරැසි දුන් සමාජිකයන්ගේ කිපදෙනෙක් ගේ නම් පල වි නොමැති අතර ඔවුන්ද මෙම වෙබ් පිටුවට ඉදිරියෙදි එක් කිරිමට නියමිතයි.

CREATIVEN
08-31-2012, 10:03 PM
:)

කියන්න වචන නෑ සහෝදරයා..
නියමයි....!

Punisher
08-31-2012, 10:08 PM
මේවට තමයි නියම වැඩ කියන්නේ :thumbsup::thumbsup:

sudu pusa
08-31-2012, 10:11 PM
:thumbsup::thumbsup::thumbsup:

tanuja
08-31-2012, 10:12 PM
:thumbsup::thumbsup::thumbsup:

Hash
08-31-2012, 10:17 PM
අපි හැමදාම සුම් එකත් එකක් ඔබලා යන ගමනට දිර්ඝායුෂ ලැබේවා

Udara|රොකියා
08-31-2012, 10:23 PM
ලස්සන වැඩක් ලස්සනට කරලා.

copper
08-31-2012, 10:23 PM
නියමයි ඇඩ්මින් අයියේ නියමයි...

දැන් මේ වගේ පෙජ් එකක් වෙන සමහරක් සයිට් හදලා කියයිද දන්නේ නෑ එයාලත් හිතේ තියාගෙන හිටියා කියලා එකක් හදන්න කලින් ඉදන්ම කියලා.එහෙම උනොත් එයාලා 1 හොදේ :P

මොනා උනත් මේ වගේ පෙජ් එකක් නම් ලස්සනට හදාගන්න වෙන එකක් නෑ ඇඩ්මින් අයියට වගේ.නියමයි යාලුවා සුම් එකම වෙනස් කරන්න මේ වගේ ලස්සනට. :clap:

Time Traveler
08-31-2012, 10:25 PM
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:

"අපේ ඇඩ්මින් අයියා සුපිරි වැඩක් කරලා"

චිරාත්කාලයක් අප වෙනුවෙන් zoom වෙබ් අඩවියට සිංහල උපසිරැසි ලබාදීමට හැකිවේවා! HEDZ ප්‍රමුඛ සිංහල උපසිරැසි කණ්ඩායමටත්, zoom වෙබ් අඩවියේ සැමදා රැඳී සිටින සහෝදර සහෝදරියන් සැමටත් ජයෙන් ජයම වේවා!
HEDZට රෙප්+

CJA
08-31-2012, 10:35 PM
සුපිරිම සුපිරි...


:thumbsup::thumbsup::)

මරු හිරා
08-31-2012, 10:46 PM
කවදත් සුපිරි අලුත් අලුත් දේවල් සූම් එකෙන්ම තමයි. ජය වේවා හැමෝටම.!

AHS.94
08-31-2012, 10:58 PM
ආයෙ ලොවෙත් නෑ තමා
සුපිරියටම මේ සයිට් එක කරගෙන යන්න ශක්තිය ඔයාල හැමෝට ලැබෙන්න ඕනෙ
:thumbsup::thumbsup:
:clap::clap::clap::clap::clap::clap::clap::clap:
:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat:

Amila
08-31-2012, 11:13 PM
උඔලට කවදාවත් වරදින්නේ නෑ කොල්ලනේ ජයවේවා!!

BLacK HuNTeR
08-31-2012, 11:28 PM
එකට එකතු වෙලා යන ගමන නවත්වන්න එපා කොල්ලනේ අපි හැමදාම සූම් එකට බොක්කෙන්ම උදව්වක් දෙන්න ඉන්නවා

Damon
08-31-2012, 11:38 PM
ඇඩ්මින් සහෝදරයා කරලා තියෙන්නේ පට්ටම වැඩක් ... :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:
දෙයියනේ කියල දැන් මේකත් කට්ටිය ඇඳුම් ඇඳගෙන කොපි කරයිද දන්නේ නෑ ..... :59::59:

tharaka
08-31-2012, 11:42 PM
මම කලින්ම හිතුව අපෙන් විස්තර ටික ගත්තම නියෙමෙටම වැඩෙ කරයි කියලා.
ඒවගේම වැඩෙ හොඳට තියෙනවා.
ඉදිරියටත් තවත් වෙනස්කම් , අළුත් දේවල් කරන්න HEDZ ශක්තිය ලැබේවා

Viraj_rox
08-31-2012, 11:57 PM
ඇඩෙනවා නේ මාර ලස්සනයි බන් මේතන නම දාගන්න මටත් සබ් එකක් දෙකක් දෙන්න හිතෙනවා

TharinduFox
09-01-2012, 12:27 AM
සුපිරිම වැඩක්!! 

පොඩ්ඩා
09-01-2012, 08:07 AM
පට්ට ලස්සනයි අයියේ පුලුවන් නම් මුල් පිටුවත් ඔහොමම වෙනස් කරන්නකෝ

*maheshi*
09-01-2012, 08:40 AM
එකමතු කම තමයි ලොකුම දේ.එහෙම හිටිය නිසා තමයි අපි සේරමලා අද මේ වගේ තැනක ඉන්නේ.
උපසිරැසි 26ක් දාලා කියලා දැක්කම හිතට දැනුන සතුට කියලා නිම කරන්න බැ.

sujeewa
09-01-2012, 08:44 AM
කියන්න වචන නෑ සහෝදරයා..
නියමයි....!

Naveen
09-01-2012, 08:54 AM
:clap::clap:

Isuru1990
09-01-2012, 09:26 AM
:thumbsup::thumbsup::thumbsup:
අපි හැමදාම සුම් එකත් එක්කයි. ජයවේවා!

LKnerd
09-01-2012, 12:42 PM
ඇඩෙනවා නේ මාර ලස්සනයි බන් මේතන නම දාගන්න මටත් සබ් එකක් දෙකක් දෙන්න හිතෙනවා

:yes: :yes:

Anushiz
09-01-2012, 01:10 PM
ඇත්තම තමයි ලංකාවේ හොදම උපසිරැසි දෙන අය ඉන්නේ සුම් එකේ විතරමයි ඒක නම් 200%ක් ඇත්ත

c lahiru
09-01-2012, 01:24 PM
ela ela

darsh46
09-01-2012, 02:25 PM
උපසිරැසි ගන්වන සමාජිකයන් ගැන හිතලා වැඩක් කරන්නේ මේ වෙබ් අඩවියෙන් පමණයි එක බයනැතුව කියන්න පුලුවන් අද මේ කරපු දෙයිනුත් එක ඔප්පුවෙනවා
ජයවේවා

Angel_senuri
09-01-2012, 10:01 PM
Thank you admin for adding value to our work. danui me thread eka dakke :)

SurangaWanni
09-02-2012, 05:42 PM
මටත් මේක ගැන අදහසක් දක්වන්න හිතුනා.

මේකත් ඉතිං හැමදාම දෙනවා වගේ බ්‍රෑන්ඩ් නිව් වැඩක්.

කොපි කරන සෙට් එකටම ආරාධනා කරනවා මේක කොිපි කරලා හරි ටිකක් විතර අළුත් විදිහට හිතන්න පටන් ගනිල්ලා කියලා.

ලංකාවේ නො.1 විතරක් නෙමෙයි දැන් ලෝකයේම නො.1 සයිට් එක බවට පත්වෙන්න කියලා සූම් එකට ජය පතනවා.