PDA

View Full Version : Poseidon [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-01-2012, 11:26 AM
Poseidon [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=210)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=210))



http://www.zoom.lk/forums/downloads/subs/poesidon/Poseidon2.jpg
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු යටිකුරු වෙනවා.මෙම නැව ලේසියෙන් ගිලෙන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මෙම අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර සුළු ප්‍රමාණයක් ඉතුරුවෙනවා.ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.සේරම උඩු යටිකුරු වී ඇති නිසා මොවුන්ට යන්න වෙන්නේ ලේසි පහසු ගමනක් නම් නොවේ.වෙනදා ගමන් කර හුරුපුරුදු වූ ලිෆ්ට්,පඩිපෙලවල් දැන් සේරම තියෙන්නේ අනිත් පැත්තටයි.ගතවන සෑම තත්පරයක් පාසාම ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට මොවුන්ට් හට සිදුවෙනවා.ආපදා තත්වයකදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවන තත්වය,ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන් අත්විදගත හැකිය.

ඔබ විනාශකාරි චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන නිසා අපේ හෙඩ්ස් තමයි මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කලේ,ඒ නිසා ඔහුටත් ස්තූති වන්ත වෙනවා.බිය,අවදානම,ක තුහලය,ත්‍රාසය,සැක එකට මුසුවූ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ "පොසිඩන්" චිත්‍රපටය ඔබ සැම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් ලෙස මම නිර්දේශ කරනවා.ඒ වගේම උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා,මෙවැනිම චිත්‍රපටයක් සමග නැවතත් හමුවෙමු!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
09-01-2012, 11:39 AM
නියමයි නියමයි. නවීන්ගේ තවත් සුපිරි වැඩක් වගේ. අරගෙනම බලමුකෝ

Time Traveler
09-01-2012, 11:40 AM
අද නම් මුලින්ම කමාන්ට් එක දාන්න පුළුවන් වුණා. අළුත් ෆිල්ම් එකක්. තවත් හොඳ කතාවක් වගේ. සිංහල උපසිරැසි වලට ස්තූතියි!

Punisher
09-01-2012, 11:46 AM
මම බැලුවා නවින් මොකද මේ දවස් ටිකේ සද්ද නැත්තේ කියලා මේ දාලා තියෙන්නේ නියමම එකක් දැන්ම බානවා :clap:

Isuru1990
09-01-2012, 11:48 AM
:thumbsup:
සිංහල උපසිරැසි වලට ස්තූතියි!

*maheshi*
09-01-2012, 11:50 AM
මේ වගේ චිත්‍රපටිනම් මුල ඉදලා අවසන් වෙනකම්ම හොද කුතුහලයක් එක්කම බලාගෙන ඉන්න පුලුවන්.බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි දාලාම දුන්න එකට. :) :)

Anushiz
09-01-2012, 01:08 PM
නියම කතාවක් දිලානේ නවින් කොහොමත් අරන් එන්නේ පරණ උනත් හොදම චිත්‍රපටිනේ.මේකත් මට මගහැරුණු එකක් බොහෝම ස්තුතියි

CJA
09-01-2012, 03:54 PM
මේ තියෙන්නෙ සුපිරිම පහරක් අරන් ඇවිල්ලා. ගොඩාක් ස්තූතියි සහෝ..

:thumbsup::thumbsup:

copper
09-01-2012, 07:40 PM
නවින් දුන්නොත් අහන්න දෙයක් නෑ මරු ෆිල්මක් තමයි..කැඩිලා බිදිලා විනාස වෙලා යන ෆිල්ම් නම් ආතල් එකේ බලන්න පුලුවන් නේ!එහෙම එකක්ම දුන්නට පින්!! අද රෑට මේකත් බැවෙන්න දාන්න ඕන

Udara|රොකියා
09-01-2012, 08:26 PM
නවින්ගෙන් තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් එකක් නේද!
ස්තුතියි සබ් එකට !

imax
09-01-2012, 09:30 PM
මේවගේ එවට නේ බන් සබ් දාන්න ඕන ලොවෙත් නෑ කියලා මමත් බාන්න දැම්මා ඕන්න :)

Castiel
09-01-2012, 10:56 PM
එළ එළ නියමයි ස්තූතියි උපසිරැසියට,

tharaka
09-02-2012, 01:09 AM
නියමයි මචෝ! අපි අහලවත් නැති ෆිල්ම් කොච්චර තියෙනවද කියලා හිතෙනවා.
කොහොමහරි හොඳ ෆිල්ම් එකක් හොයගෙන සබ් දෙනවා නේද?
සබ් එකට ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා!

Rpworks
10-06-2012, 07:54 PM
Nice Thanx Bro

kadiya
01-24-2013, 04:29 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

shashi1987
01-25-2013, 12:01 PM
:cool:

thilanka mihiranga
04-04-2013, 07:48 PM
http://www.shaftindia.com/images/thankyou.gif