PDA

View Full Version : තාරකා දොරටු - Star Gate

Ushantha
09-02-2012, 07:54 PM
http://www.animated-gifs.eu/leisure-cinema-stargate/0043.gif

සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජු සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් දැන ගත්තෙමු.එසේ නම් මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විය යුතුය. ඒ බව දැනටමත් සනාථ වෙමින් පවතිනවා.පෙර කී මිසර,සුමේරියන්,බැබ ිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බව සනාථ වී ඇත.මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබද හෙළි වේ.මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී(අහසින් පැමිණි දෙව්වරුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි.මෙව්වා එකිනෙකට සම්බන්ධ කර දැක්විය හැක.අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට ,අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ.ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/2124154.jpg?620

මේ හැරුනු කොට මුලු ලෝකය පුරාවටම තවත් "සක්වල දොරටු" කිහිපයක් සොයා ගෙන තිබෙනවා.එව්වායින් වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වීම පුදුම සහගත වේ.මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි.එහි ඇති "තාරකා දොරටුව" මීට වඩා විශාල වූ එකකි.නමුත් මෙතෙක් ලෝකය පුරාවටම සොයා ගත් තාරකා දොරටු අතරින්, අක්ෂර සහ රූප වැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙනි.අප රටට අයත් තාරකා දොරටුව අනුරාධපුරයේ ,ඉසුරුමුණිය විහාරය අසල ඇති "රන්මසු උයන" තුළ දක්නට ලැබේ.

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/3582094.jpg?606

දැනට පවතින "රාවණා" ඉතිහාස කතාව අනුව මෙය ඉදි කර ඇත්තේ රාවණා රජුගේ පියා වූ "වෙස්සවන" (වෙශ්‍රවණ ) විසිනි.එම නිසා පසුව රජ පැමිණි රාවණාට ,මෙයින් විශාල ප්‍රයෝජනයක් ගන්නට ඇතැයි සිතිය හැක.මොකක්ද මේ තාරකා දොරටුව කියන්නේ? ඔබ The Stargate , Night At The Museum 2 ,Sinhaawalokanaya,Spellbinder වැනි චිත්‍රපට බලලා තියෙනවා නම් මේ පිළිබදව දැනටමත් හදුනාගෙන අවසන් කියා සිතනවා.

දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති අක්ෂර සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්‍රාවටයක ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,ග්‍රහලෝක කිහිපයක් කරා යා හැකි සිතියමකි.කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ගය හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයයි.එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක.

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/9680630.gif?554

විද්වත් මත අනුව මෙම සිතියම සටහන් කර ඇත්තේ දොරකය.එනම් මෙම ගල විවෘත කළ හැකි තත්වයක අතීතයේ තිබී ඇත.මෙම දොරටුව විවෘත වූ විට එහි ඇතුළත ඇත්තේ කුමක් විය හැකි ද? මෙයටද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරිනුත් ප්‍රසිද්ධ මත 2කි.

1.වෙනත් චක්‍රාවාටයක ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,වෙනත් ග්‍රහලොවකට ඇතුල් විය හැක.

2.වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් විය හැක (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්)

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/9220310.jpg?310

1 වන කරුණ සත්‍යක් නම් ;
තාරකා දොරටුව යනු එක් ග්‍රහලොවක සිට තවත් ග්‍රහ ලොවකට ඇසිල්ලකින් පිවිසිය හැකි මාධ්‍යයකි.එය සිදු වන්නේ ඇසි පිය ගසන වේගයකිනි. පියවි ඇසට ගෝචර නොවේ.තාරකා දොරටුවෙන් මෙපිට තව ලෝකයකි.එපිට තවත් ලෝකයකි.මෙපිට සිට එපිටට පනින ඇසිල්ලෙන් අලුත් ලෝකයකට පිවිසිය හැක.ඇතැම් විට එම ග්‍රහ ලෝක වලද මෙවැනිම දොරටු තිබිය හැක.ඔවුන් මෙපිටට පැමිණ අපට දැවැන්ත තාක්ෂණයක් ලබා දෙන්නට ඇත.මිසර ශිෂ්ටාචාරයේ දැවැන්ත පිරමීඩ් එසේ මෙසේ මිනිසෙකුට ඉදි කළ නොහැක.එමෙන්ම මිසර පිරමීඩ් වල ඇති පිටසක්වල ජීවින්ගේ හා හදුනා නොගත් පියාසර වස්තු වල සිතුවම් නිසාද මෙම මතය වඩාත් කැපී පෙනේ.

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/1037455.jpg?395

2 වන කරුණ සත්‍යක් නම් ;
මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරමින්,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගෙන ඇත.

*උදා ;-
අහසින් පැමිණි සින්හ මිනිසුන් - බැබිලෝනියන් මැටි පුවරු {සීගිරිය පිළිබද ඇති සටහන් කියවන්න}

කෙසේ හෝ මෙම මත පිළිගැනීම සහ පිළිනොගැනීම ඔබට භාරයි.

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/5150035.jpg?483
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/3754108.jpg?483
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/7190021.jpg?473
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/2448165.jpg?500

පහත ඇත්තේ පේරු සහ ඊජිප්තු යන රටවල තාරකා දොරටුය.අන්තර්ජාලය පුරාවටම මේවා පිළිබදවද පින්තූර සහ කරුණු ඇත.ඒවාද අධ්‍යනය කරන්න.

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/9354205.jpg?508
පේරු රාජ්‍යයේ තාරකා දොරටුව

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/3925888.jpg?492
මිසරයේ තාරකා දොරටු අතරින් එක් තාරකා දොරටුවක් {කුඩා ය}

ලක්දිව තාරකා දොරටුව පිළිබද අධ්‍යනය කරන විට මහා රාවණයනෙගි බල පරාක්‍රමය සක්වල කරා දිව යන බව පැහැදිලි වේ. රාවනා යුගයට අදාළ නොවුනද තවත් කරුණක් දෙකක් කිව යුතුය. වෙස්සවන රජ දවස ඉදි කළ අප රටේ තාරකා දොරටුව තවමත් සුරක්ෂිතව පවතියි.ඇතැම් විට රාවනා රජුගේ "දඩුමොනරය"ද පිටසක්වලින් ලැබුනු එකක් විය හැක.පෙර කීවා සේම "තාරකා දොරටුව" පිහිටියේ අනුරපුර ,ඉසුරුමුනි විහාරය අභියස ඇති රන්මසු උයනේ නිසා මෙය අනුරාධපුර රාජධානියේ රජවරුද භාවිත කළා විය හැක (මගේ මතය ) උදාහරණයක් ලෙස දුටුගැමුණු සමය ගනිමු.

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/378381105.jpg?563

මෙවැනි දැවැන්ත නිර්මාණයක් එතරම් පැරණි යුගයක එසේ මෙසේ මිනිසෙකුට කළ නොහැක.එවන් තාක්ෂණයකට වර්තමානයේ පවා අපට ළගා විය නොහැක.දැවැන්ත යුද්ධයක් නිම වී ඉතා කෙටි කාල සීමාවක මෙම සෑයේ වැඩ ඇරබිනි.දුටුගැමුණු අනුරපුරය ගොඩ නගන විට දෙවියන් හා සමාසනයේ සිට සාකච්ඡා කර ඇති බවත්,එදා විද්‍යා දැනුම ලබා ගැනීමට රහස් සන්විධානයක් තිබූ බවත් ඇතැම් පොත් පත් වල ඇත.රුවන්වැලි සෑය වැනි දැවැන්ත නිර්මාණයක් ක්‍රමානුකූලව ඉදි කිරීමද අසීරුය.මෙහි සැලසුම රජුට දෙවියන් විසින් තිළිණ කර ඇති බවද සදහන් වේ? අහසින් පැමිණෙන ඕනෑම ජීවියෙක් පැරැන්නන් දෙවියන් ලෙස හැදින් වූහ (වෙනත් රටව ශිෂ්ටාචාරවල පවා) දෙවියන්ට අමතරව "දේව" නමින් පැරැන්නෝ වෙනත් අසාමාන්‍යය ජීවින් පිරිසක්ද හදුන්වා ඇත.රුවන්වැලි සෑය විවෘත කරන විට වෙනත් වෙනත් ලෝක වලින් විවිධ වර්ගයේ ,විවිධ පෙනුමෙන් යුක්ත ජීවින් පැමිණි බව මහා වoශය පවා පවසයි.එවැනි දැවැන්ත නිර්මාණ කිරීමට දේශීය අමු ද්‍රව්‍ය සහ විද්‍යාවන් ඉක්මවා යා යුතුය.රුවන්වැලිය සෑදීමට රජුට අමු ද්‍රව්‍ය ලැබුණු ආකාරයද පුදුම සහගතය.දිවයිනේ නොයෙක් නොයෙක් පලාත් වල සෑයට අවශ්‍ය රන්,රිදී,මුතු,මැනි ් දහස් ගණනක් ,එකවර ,ඉබේ පහළ වී ඇත. එමෙන්ම ජේතවනය,රුවන් වැලිය සහ මිරිසවැටිය යන මහා දාගැබ් ත්‍රිත්වය පිහිටා ඇත්තේද මිසරයේ මහා පිරමීඩ ත්‍රිත්වය පිහිටි රටාව අනුවමය.
මෙම මාතෘකා 2ක "YOUTUBE" එකේ ගසා ,ඊට අදාළ වීඩියෝ දර්ශන 2 බලන්න.

* විශ්ව සියපත Cosmic Lotus -part 1

* විශ්ව සියපත- Cosmic Lotus - part 2

මෙම වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ඔබට යම්කිසි නිගමනයකට ඒමට සිදු වේ. එහි සාරාoශය මෙසේ වනු ඇත.

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි.... ...මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමුවලදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි... "පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..." මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/2414229.jpg?619

එසේ නම් දුටුගැමුණු රජු සමග සබදතා පැවැත්වූයේද බුදුන් සරණ ගිය,බුදු දහම වැළදගත් පිටසක්වල ජීවින් පිරිසක් නම් ,ඔවුන් දුටුගැමුණු රජුගේ බුදු දහම නගා සිටුවීමේ හා වෙහෙර විහාර ඉදි කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පුදුමයට පත් විය යුතු කරුණක්ද නොවන්නේ ය.
රුවන්වැලිය ගොඩ නැගීමේ වැඩ කටයුතු හෙළයන් විසින් සිදු කළත්,ඒ සදහා අවශ්‍ය වූ තාක්ෂණය ,"ඇතැම් විට" සක්වල ගල ආධාරයෙන් අපට ලැබෙන්නට ඇති ඉඩකඩ ඇත.ඒ බව පහතා ඡායාරූප වලින්ද පැහැදිලි වෙයි.

විශේෂ ස්තූතිය ;-
වරුන නිරෝශන කමලවන්ශ

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/1517575.jpg?648
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/7325670.jpg?646
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/6503236.jpg?647
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/4784174.jpg?636
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/3822437.jpg?636
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/6236788.jpg?634
http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/4518329.jpg?630

කෙතරම් පුදුම සහගතද...???? රුවන්වැලි මහා සෑය යනු,අප සිතනවාටත් වඩා විශාල ස්තූපයකි.මෙම පුරුක ඔස්සේ ගිය විට එය තවත් පැහැදිලි වේ ;- http://www.youtube.com/watch?v=c14hOZA_cmA&feature=share

http://maharavana.weebly.com/uploads/6/3/7/2/6372380/4175351.jpg?654

http://www.animationplayhouse.com/doctor_computer.gif

රාවනා රජ දවස ,පිටසක්වල යානා නවතා තැබුවේ මෙම ස්තානයේ බවද කිය වේ.
සමහරුන් රාවනා රජු යනු සාමාන්‍ය මිනිසෙකු නොවන බවත් පිටසක්වලින් පැමිණි වෙනත් පිටසක්වල ජීවියෙකු බවත් තරයේ ප්‍රකාශ කරයි.එසේම ඔහු නව නිපැයුම් ශිල්පියෙකු වූ බවත් මායා ,ඇස්ටෙක්ස්,ඊජිප්තු ව සහ මැද පෙරදිග පාලනය කළ බවත් කියයි.එමෙන්ම රාවනයන්ට ශක්තිමත් තල දෙකකින් යුක්ත බූමරෑන්ග පවා තිබූ බවට වාර්තා වේ.තවත් පිරිසක් මොහු කාශ්‍යප බුදුන්ගේ කාලයේ කාශ්‍යප බුදුන් සරණ ගොස් මස් මාoශ අනුභවයෙන් තොර වූ බවත් කියයි.එසේම තවත් පිරිසක් මීට වෙනස්ම මතයක් ප්‍රකාශ කරයි. එනම් රාවණාගෙන් හෙවත් (අසුර / හෙළ ශිෂ්ටාචාරයෙන්) මිදීමට "සුර" නම් ශිෂ්ටාචාරයක් (රාමා ඇතුළු පිරිස ) රාවණාට එරෙහිව දැවැන්ත යුද්ධයක් ආරම්භ කර ඔහුව විනාශ කර දැමූ බවයි.මෙවැනිම කතාවක් ලෝක ඉතිහාසයේද ඇත.එහි ඇත්තේ මොවුන් පරමාණු යුද්ධයක් (Nuclear War)ගෙන ගිය බවයි.රාවණාටද පරමාණු බලැති ,විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් මෙම කතාවන් 2ක් නොව 1ක් වන බවට උගතුන් සැක පහල කරති.
Wikipedia වැනි වෙබ් අඩවි මගින් මෙවැනි දේ පිලිබද අධ්‍යනය කරන්න.

http://www.animated-gifs.eu/leisure-cinema-stargate/0043.gif

උපුටා ගැනීමකි. මේ විස්තර දාපු කෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද එයා මේකට ගොඩක් මහන්සි වෙන්න ඇති.. මම ලේසියියෙන්ම කොපි පේස්ට් කළ එක විතරයි කළේ..
ගත්තේ මෙතනින් (http://maharavana.weebly.com/the-star-gate.html)

Castiel
09-02-2012, 08:01 PM
http://i41.tinypic.com/121zthg.png

CJA
09-02-2012, 08:30 PM
elaz bro....

You have given out too much Reputation in the last 24 hours, try again later.

Punisher
09-02-2012, 08:32 PM
පිටසක්වල ජිවින් කතා දැන් කරලියට සැහෙන්න එනවා ඔවාගේ ඇත්තක් නැත්තක් නැතිවෙන්නත් බැරි නෑ අනේ මන්දා

CJA
09-02-2012, 08:36 PM
පිටසක්වල ජිවින් කතා දැන් කරලියට සැහෙන්න එනවා ඔවාගේ ඇත්තක් නැත්තක් නැතිවෙන්නත් බැරි නෑ අනේ මන්දා

:yes:

මරු හිරා
09-02-2012, 08:38 PM
You must spread some Reputation around before giving it to Ushantha again.

Ushantha
09-02-2012, 08:43 PM
http://i41.tinypic.com/121zthg.png
ස්තුතියි යාලු...

elaz bro....

You have given out too much Reputation in the last 24 hours, try again later.

එළ එළ

පිටසක්වල ජිවින් කතා දැන් කරලියට සැහෙන්න එනවා ඔවාගේ ඇත්තක් නැත්තක් නැතිවෙන්නත් බැරි නෑ අනේ මන්දා

ඕවා කියන තරම් ඇත්ත නොවෙන්න පුලුවන් උනත් මචං බොරැවක්ම වෙන්න විදියක් නෑ.. අපේ සෙට් එකක් ඉන්නවා බන් ඔය සබ්ජෙක්ට් එකට ආස සෙට් එකක්.. ඕවා ගැන විස්තර හොයන් යද්දි පිස්සු හැදෙනවා..

Ushantha
09-02-2012, 08:46 PM
You must spread some Reputation around before giving it to Ushantha again.

ඒළ එළ. රෙප් නම් මොනවද කොල්ලෝ. අපි යාලුවොනේ:):

~ VAMPIRE ~
09-02-2012, 08:46 PM
ඔය නමින් TV Series එකකුත් ආවනේ..
හොඳ තොරතුරු ටිකක් .. උෂාන්ත
KEEP POSTING BROTHER

AHS.94
09-02-2012, 09:04 PM
Ela ela
You must spread some Reputation around before giving it to Ushantha again.

Naveen
09-02-2012, 09:38 PM
You must spread some Reputation around before giving it to Ushantha again.

Zen
09-02-2012, 10:45 PM
spelbinder වගේ කතා වලත් මේ වගේ පිටසක්වල කතන්දර නැති උනත් අද්භුත දොරටු ගැන කතා කෙරිලා තියනවා.සමහර විට ඇත්තටම ලොකේ ඒ වගේ එවා තියනවලු

BLacK HuNTeR
09-02-2012, 11:40 PM
ලොකේ අපි නොදන්න කොච්චර දේවල් තියනවද

Time Traveler
09-03-2012, 12:05 AM
නියම ත්‍රෙඩ් එකක් බං. හරියට වටිනවා මේ ලිපිය. මම ආස කරන විදියේ ත්‍රෙඩ් තමයි ඔයා දාන්නේ. තවත් හොඳ ලිපි දිගටම දාන්න . ස්තූතියි මචෝ! රෙප්+

Gecko
09-03-2012, 08:15 AM
REP++

Ushantha
09-03-2012, 08:45 AM
ඔය නමින් TV Series එකකුත් ආවනේ..
හොඳ තොරතුරු ටිකක් .. උෂාන්ත
KEEP POSTING BROTHER
:thumbsup:

Ela ela
You must spread some Reputation around before giving it to Ushantha again.
:thumbsup:

Ushantha
09-03-2012, 08:53 AM
You must spread some Reputation around before giving it to Ushantha again.
:thumbsup:

spelbinder වගේ කතා වලත් මේ වගේ පිටසක්වල කතන්දර නැති උනත් අද්භුත දොරටු ගැන කතා කෙරිලා තියනවා.සමහර විට ඇත්තටම ලොකේ ඒ වගේ එවා තියනවලු
අනිවාර්යෙන්ම ඇති බන්.. සමහර විට ඒ තාක්ෂණේ තේරැම් ගන්න තරම් අපි දියුණ් නැතුව ඇති. :thumbsup:

ලොකේ අපි නොදන්න කොච්චර දේවල් තියනවද
:yes::thumbsup:

නියම ත්‍රෙඩ් එකක් බං. හරියට වටිනවා මේ ලිපිය. මම ආස කරන විදියේ ත්‍රෙඩ් තමයි ඔයා දාන්නේ. තවත් හොඳ ලිපි දිගටම දාන්න . ස්තූතියි මචෝ! රෙප්+
එහෙනම් ඔයත් ආසයි වගේ මේ සබ්ජෙක්ට් එකට. එළ කොල්ලෝ ඔහොම යමු.. ඔයාටත් පිටසක්වල ගැන හරි විජය කුමාරයා එන්න කිලින් ඉතිහාසේ ගැන ගරි වැදගත් කියලා හිතෙන තොරතුරැ හමු උනොත් අපිටත් බලන්න දාන්න. අර ජයරත්න කියන බුවාගේ ලිපි නැතුව:thumbsup: ‍

REP++
:thumbsup:

*maheshi*
09-03-2012, 08:57 AM
දැනුයි ලිපිය කියවලා ඉවර කලේ...
අපි නොදන්න ගොඩක් දේවල් අනිවාර්යෙන් හැංගිලා ඇති එවා හරියට හොයාගන්නත් සැහෙන්න කාලයක් යාවි

Ushantha
09-03-2012, 09:00 AM
දැනුයි ලිපිය කියවලා ඉවර කලේ...
අපි නොදන්න ගොඩක් දේවල් අනිවාර්යෙන් හැංගිලා ඇති එවා හරියට හොයාගන්නත් සැහෙන්න කාලයක් යාවි

:yes::yes:

Time Traveler
09-03-2012, 01:23 PM
ඔන්න පිටසක්වල ජීවීන් ගැන මගේ අදහස් ටිකකුත් දැම්මා. මේ විශ්වයේ කෙලවරක් නැති එකේ ඕන තරම් ජීවීන්ට හිතකර පරිසරයන් තියන ග්‍රහලෝක තියන මන්දාකිණි ඇති. ඒ ග්‍රහලෝක වල පරිසර තත්වයන් සමහරවිට පෘථිවියට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පෘථිවිය වගේ බිලියන ගුණයක් විශාල ග්‍රහලෝක වගේම පෘථිවිය තරම් විශාල ජීවීන් සිටින ග්‍රහලෝක මේ විශ්වයේ තිබෙන්න බැරිකමකුත් නෑ. ඒ වගේම පියවි ඇසට නොපෙනෙන සියුම් ශරීර තියන මානසික ශක්තිය අතින් ඉතා දියුණු ජීවීන් මේ විශ්වයේ එමට ඇති. බොහෝ විට ඔවුන් මිනිසා විසින් තවමත් සොයා නොගත් ශක්තියකින් නැත්නම් තාරකා දොරටු ඔස්සේ හෝ එසේත් නැතිනම් අධිමානසික ශක්තියකින් වෙනත් ග්‍රහලෝක කරා ගමන් කරනවා ඇති. සමහරවිට මේ අධිමානසික ශක්තිය උපතින්ම හෝ භාවනා ක්‍රම වැනි දේවල් වලින් ලැබෙනවා වෙන්න පුළුවන්. මේ විශ්වයේ මිනිසා මෙතෙක් සොයා නොගත් දේ අනන්තයි, අප්‍රමාණයි. මගේ විශ්වාසයට අනුව නිවැරදි භාවනා ක්‍රම වලින් හෝ වෙනත් ලෙසකින් හිත දියුණු කර ගත් අය අදටත් මේ විශ්වයේ මිනිසා මෙතෙක් නොදුටු සැඟවුණු ස්ථාන කරා ගමන් කරනා බවයි.

Ushantha
09-03-2012, 03:20 PM

මගෙත් මතය ඕකම තමයි මචන්.. ‍කොහොමත් අධිමානසික ශක්තියෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.. ඔය සමහර ලිපිවල තියෙන්නේ පිටසක්වල ජීවින් මිනිසුන් එක්ක ටෙලිපති (http://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%8 0%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA_%E0%B6%B4%E0%B6%BB %E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B 6%BB_%E0%B7%83%E0%B6%82%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1 %E0%B6%B1%E0%B6%BA_(%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0 %B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%B B%E0%B7%92%E0%B6%BA_%E0%B7%83%E0%B6%82%E0%B6%A2%E0 %B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA))ක්‍රම යට සම්බන්ධ කියලා.. ඕක කරන්න පුලුවන් අය ඒ කාලේ ලංකාවේ ඕන තරම් හිටියලු.. සමහර විට අදටත් ඇති. ඇත්තටම ආධ්‍යාත්මික පැත්තට නැඹුරැ උන අය බොරැ සෝබන දා ගෙන මාධ්‍ය ඉස්සරහට එන් නෑ නේ.. අනික පිටසක්වල ජීවීන් ගැන ඕන තරම් භෙෘතික සාක්ෂි තියෙනවා.. ඒත් ඒ දේවල් වල තියෙන සංකීර්ණ බව තවම අපට තේරැම් ගන්න බෑ. සමහරවිට ආධ්‍යාත්මය දියුණු කළ අය මේවා ගැන දන්නවා වෙන්නත් පුලුවන්. සමහර විට අපි මේ දෙවියන් කියලා කියන්නෙත් අපේ ඇසට නොපෙනෙන දියුණු ජීවීන් කොටසක් වෙන්නත් පුලුවන්.. මම මේ කිව්වේ මගේ පෙෘද්ගලික මතය..

Time Traveler
09-03-2012, 03:44 PM

ඔය අදහස් ඔක්කොටම මමත් එකඟවෙනවා මචං.

Ushantha
09-03-2012, 03:58 PM
ඔය අදහස් ඔක්කොටම මමත් එකඟවෙනවා මචං.

:thumbsup:

JDS2012
09-03-2012, 06:15 PM
Ela Ela.......
Rep + +

savinda4
04-06-2013, 06:57 PM
:matrix::matrix::matrix::matrix::matrix::54_002:

KH7
04-06-2013, 07:52 PM
Rep+

yohan
04-06-2013, 09:03 PM
මොනව උනත් පට්ට පොස්ට් එක මචන්