PDA

View Full Version : Chocolate [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-03-2012, 08:13 PM
Chocolate [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=213)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=213))


http://www.zoom.lk/forums/downloads/subs/chocolate/chocolate2.jpg
මේ තමයි මගේ පළමු උපසිරසිගැන්වීම. ඉතින් පළමු වතාවට උපසිරසිගන්වන්න හිතුවෙ තායිලන්ත චිත්‍රපටයකට. මේකෙ කතාව ගැන කියනව නම්, මේක ක්‍රියාදාම ගනයට අයත් වන චිත්‍රපටයක්.ong bak movie එකේ සටන් කලාව
මෙම movie එකෙද එලෙසම පවතිනවා ළමයෙක් අම්මා කෙනෙකුට කොපමන ආදරේද කියාපාන අපූරු කතාවක් කියල කියන්න පුලුවන් මේ චිත්‍රපටය. මෙහිදි මොලය නිසියාකාරව වර්ධණය නොවු ගැහැනු ළමයෙක් තමන්ගේ අම්මගේ අසනිප සුවකරගැනිම සදහා හදාගන්න ගත්ත පිරිමි ළමයෙක් සමග පතාල මැරයන් සමග සටන් වැද ඇයගේ මවට ලැබිය යුතු ණය මුදල් ඵකතුකරන අකාරය දැක්වෙයි ඇයට තම මව සනිපකරගත හැකි‍වෙද ? ඇයගේ දෙමාපියන් කවුරැන්ද ? ඇයට මුලු ණය මුදලම එකතුකරගත හැකිවෙද ? මෙවාට උත්තර චිත්‍රපටය නැරබුවාට පසු ඔබට ලැබෙයි මෙම චිත්‍රපටය IMDB rating 7.0 ලබාගෙන තියෙනවා මෙම චිත්‍රපටය අධ්‍යයක්ෂණය කර තියෙන්නේ Prachya Pinkaew (http://www.imdb.com/name/nm1272773/) විසින්

මේක මගේ පළමු උපසිරසි ගැන්වීම නිසා අඩුපාඩුකම් හුගක් තිබෙන්නත් පුලුවන්. එකට සමාවන්න ඉදිරියේදී තවත් හොඳ චිත්‍රපටයකට උපසිරසි ගන්වන්න බලාපොරොත්තු වෙනවා





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුජීව සම්පත් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-03-2012, 08:26 PM
කමෙන්ට් එකක් දාන පලවෙනි කෙනා මම ඔන්න...පලවෙනි උපසිරැසියට හදවතින්ම සුභපතනවා
තවත් හොද නිර්මාණයක් සිංහල උපසිරැසි එකක්ම අරන් එයි කියලා හිතනවා.

මරු හිරා
09-03-2012, 08:27 PM
නියමයි සුපිරි කතාවක් වගේ. සුජීව අයියගේ පලවෙනි එක නිසා අනිවා බලනවා

CJA
09-03-2012, 08:29 PM
මේක පට්ට ‍ෆිල්ම් එක.. ආයෙම සැරයක් උපසි‍රැසි එක්කම බලන්න පුලුවන්.. නියමයි යාලුවා තවත් හොද නිර්මාණ අරගෙන එන්න.. පලවැනි උපසි‍රැසියට සුභ පැතුම්.. ජයවේවා..

:thumbsup:

CJA
09-03-2012, 08:30 PM
නියමයි සුපිරි කතාවක් වගේ. සුජීව අයියගේ පලවෙනි එක නිසා අනිවා බලනවා

මේ අපේ සුජීව අයියද..

Naveen
09-03-2012, 09:13 PM
පලවෙනි උපසි‍රැසියට මගෙන් සුභ පැතුම්!
ඉදිරියත් උපසි‍රැසි ගන්වන්න හැකිවේවා!

Time Traveler
09-03-2012, 09:41 PM
ලස්සන චිත්‍රපටියක් වගේ. පලවෙනි උපසිරැසියට මගෙන් සුභ පැතුම් ඔන්න. තවත් හොද නිර්මාණ අපට ගේන්න හොඳේ. ජයවේවා! ස්තූතියි!

Castiel
09-03-2012, 09:50 PM
ස්තූතියි උපසිරැසියට,

AHS.94
09-03-2012, 11:17 PM
එල එල ස්තූතියි.........................
තව තව සබ් දාන්න ශක්තිය ලැබේවා............

tharaka
09-05-2012, 12:15 AM
මේ ෆිල්ම් එක මඟහැරුණ එකක්.
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා!

CREATIVEN
09-05-2012, 07:39 AM
http://i.imgur.com/oiR0Y.png

අලුත් කෙනෙක් , අලුත් සබ් එකක්..
නියමයි මචා මේ වගේ වෙනස් ඒවටම සබ් දාන්න. .
උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. .
ආයෙත් මේ වගේ හොඳ සබ් එකක් එක්ක අපි අතරට එයි කියල හිතනව.
ජයවේවා








http://i.imgur.com/kV2lW.png