PDA

View Full Version : Men In Black 3 [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-05-2012, 10:31 PM
Men In Black 3 [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=218)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=218))



http://www.zoom.lk/forums/downloads/subs/MIB3/MIB3.jpg
කොහොමද කට්ටිය ගොඩකාලේකට පස්සේ මම නම් ආවේ එකත් හිතාගෙන හිටපු විදියට නෙමෙයි මොකද මේ චිත්‍රපටිය ලබා දෙන්න අපි සුදානමින් හිටියේ නෑ.කට්ටිය දෙන්නේ නැත්ද කියලා අහපු නිසා තමයි මේක උපසිරැසි ගන්වලා දෙන්න හිතුවේ.මේ උපසිරැසි එක දෙන්න උදාර වගේම තාරකත් උදව් කලා ඒ දෙන්නටත් ගොඩක් ස්තුතියි.මේ චිත්‍රපටියට කලින් මේ කතා මාලාවේ පලමු කොටස හා දෙවැනි කොටස මම උපසිරැසි ගන්වලා දෙන්න හැදුවේ මොකද ඒ කතා දෙක බලලා නැත්නම් මේ කතාව බනවට වඩා කලින් කතා දෙක බලලම මේක බලන එක හොදයි කියලා හිතුනා.මේක කලින් නොබලපු අයටත් බලන්න පුලුවන් හැබැයි ඔයා පටලැවෙන්න පුලුවන්.ගොඩක් හොදයි මුල කතා 1 හා 2 බලලම මේක බලන්න පටන්ගන්නවා නම්.මම උපසිරැසි දෙන්න උත්සහා කරනවා හැබැයි පොඩි කාලයක් ගතවේවි.ඊට කලින් 3වැනි එක දෙන්න හිතුවේ මේත බලන්න කැමති අය ඉන්න නිසා ඒ අයට අසාධාරණයක් නෙවෙන්නයි.

මේ කතාව හරියටම පලමු කතා දෙක නිකුත් වෙලා වසර 10ක් විතර පසුව තමයි මේක තිරගත වෙන්නේ. චිත්‍රපටියේ කතාව කෙටියෙන් කිව්වොත් බොරිස් නැමැති පුද්ගලයෙක් සදේ තියන සිරගෙදරක සිර කරලා තිබෙන තැනින් තමයි කතාව පටන් ගන්නේ.ඔහු උපක්‍රමයක් භාවිතා කරලා හිරගෙදරින් පනින අතර ඔහු කාලය හරහා යම් ගොස් පෘථ්විය විනාශ කරන්න උත්සහා කරනවා.මේය නවත්වන්න නියෝජිත J (Will Smith) තමයි ඉදිරිපත් වෙන්නේ.ඔහු කාලතරණයක් හරහා අතිතයට යනවා සියල්ල වෙනස් කරන්න.එහිදි ඔහුට ගොඩක් දෙවල් වලට උත්තරත් ලැබෙනවා.එවා මොනාද? මොහුට නියොජිත J ට මේ දෙවල් නවත්වන්න හැකි වෙයිද මේ සියල්ලම බලන්න කතාව අරන් බලන්න වෙනවා.මම අර උඩ කියපු පොරොන්දුවත් හැකි ඉක්මනින් ඉටු කරන්න බලන්නම් ඒ කියන්නේ මේ චිත්‍රපටියේ කොටස් 1 හා 2කද සිංහල උපසිරැසි සමගින් ඔබ හමුවේ තබන එක.එහෙනම් ගිහින් එන්නම්.හැමෝටම සුභ දවසක්.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේනාලි ගෝමස් සහ දිනුෂ්ක උදාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

CJA
09-05-2012, 10:45 PM
එල එල මේක දෙනකම් හිටියේ.. ගොඩාක් ස්තූතියි ශෙනාලි අක්කට හා උදාර අයියට.. මේකෙ ඉතුරු දෙකටත් ඉක්මනින්ම උපසි‍රැසි දෙන්න.. ජයවේවා!!

:clap::clap::40_002:

Zen
09-05-2012, 11:34 PM
මේ දිලා තියෙන්නේ සබ් එක බොහෝම ස්තුතියි දෙන්නටම!

gamage
09-05-2012, 11:54 PM
මේ තියෙන්නේ මේකත් දිලා නියමයි දෙන්නටම ස්තුතියි මේ දවස්වල ෆිල්ම් ගොඩ ගැහිලා.
මේකත් අනිවා බාලා බලන්න ඕන.

Dilshan
09-06-2012, 12:01 AM
ඔයාගේ අදහස නම් ගොඩක් හොදයි ඇත්තටම පුලුවන් නම් චිත්‍රපටියේ 1 2 එවත් සබ් එක්කම දෙන්න පුලුවන් නම් හුගක් හොදයි.මොකද එතකොට පිළිවෙලක් උනත් තියනවනේ.උපසිරැසි වලට ස්තුතියි.

Hash
09-06-2012, 12:20 AM
සබ් දිපු එක නම් සැහෙන්න වටිනවා

Time Traveler
09-06-2012, 06:53 AM
කවදත් ඉතින් සුපිරි සිංහල සබ් නම් සූම් එකෙන්ම තමයි. ඔන්න මමත් ගන්නවා. මහන්සිවෙලා සබ් දාපු දෙන්නටත්, සුම් වෙබ් අඩවියටත් බෙහෙවින් ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

danushika
09-06-2012, 08:09 AM
මේ වගේ වටින නිර්මාණ සුම් එකේ තිබුනේ නැතනම් අඩුවක්.අනිත් කාරණාව තමයි යාලුවා පුලුවන් නම් ඔයා කිව්ව විදියට පලමු චිත්‍රපටියේ ඉදලම එමු.එක ඇත්තටම හොදම අදහසක්.
සුම් එකට ජයෙන් ජයම වේවා

Anushiz
09-06-2012, 08:28 AM
දෙන්නටම ගොඩාරියක් ස්තුතියි මේක අපිට දුන්නට.:yes::yes:

*maheshi*
09-06-2012, 10:22 AM
ඊයේ මගෙන් අහලා එවලා තිබ්බා උපසිරැසි එක කරන්න පුලුවන්ද කියලා ඇත්තටම මට වැඩ ගොඩක් තිබ්බ නිසා කරනන් උනේ නෑ.ක ශේනාලි ඉක්මනට කරලා දුන්න එක නම් ගොඩක් හොදයි.උදාර හා තාරකටත් ගොඩක් ස්තුතියි.මමත් අරන් බලන්න ඕන චිත්‍රපටි 3නම. :)

CREATIVEN
09-06-2012, 12:23 PM
http://i.imgur.com/oiR0Y.png

ජයවේවා සහෝදරී..
අලුත්ම ෆිල්ම් එකක් අරං ආවට ගොඩක් ස්තුතියි ඔයාලට. .
කලින් ආපු කොටස් දෙකත් හැකි ඉක්ක්මනින් දේවි කියල හිතනවා. .
තව තවත් උපසිරැසි නිර්මාණයට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාතනාකරනවා. . !
ජය වේවා. . !








http://i.imgur.com/kV2lW.png

Isuru1990
09-06-2012, 12:47 PM
එල එල. දෙන්නටම ගොඩාරියක් ස්තුතියි!

මරු හිරා
09-06-2012, 07:00 PM
එලෙත් එල. හෙටම අරගෙන බලනවා එහෙනම්

Castiel
09-06-2012, 07:16 PM
ස්තූතියි උපසිරැසියට,

tharaka
09-07-2012, 12:56 AM
ගොඩක් ස්තූතියි,
මේකේ සබ් එක දෙනකම් හිටියේ.
මේකේ ඉතිරි ෆිල්ම් දෙකටත් සබ් දෙන එකනම් ගොඩක් හොඳයි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

HEDZ
09-07-2012, 06:04 PM
අප ඩිවිඩි පිටපතට නිකුත් කල උපසිරැසි BRRIP පිටපතටද මනාලෙස ගැලපෙන බැවින් අප නිකුත් කර ඇති උපසිරැසි ඔබ සතුව ඇති කවර පිටපතකට වුවද සරිලන බව මෙයින් දන්වා සිටිමු.නැවත යාවත්කලින කිරිම එමනිසා අනවශ්‍යය.