PDA

View Full Version : The Omen [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-06-2012, 08:40 PM
The Omen [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=220)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=220))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0466909/)

http://www.zoom.lk/forums/downloads/subs/omen/omen2.jpg
මම දවසක් පුස්තකාලයට යද්දි ලස්සන කතාවක් තියන පොතක් හම්බුනා ඒකෙ නම The Omen යක්ෂයාගේ අනින් පැමිණි මිණිමරු පිල්ලිය. ඉතින් මම ඒ පොත කියවල මගෙ යාළුවෙකුටත් දුන්න කියවන්න.එයා තමා මේ ෆිල්ම් එක මට බාගත කරල දුන්නේ..ඉතින් මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි මට කොහෙන්වත් හොයාගන්න බැරි වුන නිසා මම උපසිරැසි නිර්මාණය කලා.ඉතින් මම පොත කියවල තියන නිසා මට මේක හුගක් ලේසි උණා.
හරි මෙන්න මේයි කතාව රොබට් තොර්න් කියන්නෙ ජනාධිපති තුමාගෙ ආර්ථක උපදේශක සහ ලෝක ආර්ථක සංවිධානයේ සභාපති .ඔහුගේ බිරිද කැතරින් තොර්න්..මේ යුවලගේ එකම සිහිනය වුනේ දරුවෙකු ලැබීම නමුත් දෙවතාවක්ම ඔවුන්ගේ සිහිනය බොදවෙලා ගියා..තෙවන වතාවේදී රොමයේ රෝහලකදී දරුවා මිය යනවා..එම රෝහල භාරව ඉන්නෙ පියතුමෙක්, ඔහුගෙ නම ස්පිලේටෝ..ඔහු රොබට් තොර්න්ට හදාගැනීමට වෙනත් දරුවෙකු ලබා දෙනවා..ඒම දරුවගේ මවද දරුවා උපන්වෙලාවේදීම මිය ගොස් ඇති නිසා රොබට් තොර්න් මේ දරුවා හදාගන්න ගන්නවා.ඔහු මේ බව ඔහුගේ බිරිදගෙන් සලවාගෙන ඉන්නවා .කාලය ගතවෙත්ම මේ දරුවා වටා අත්භූත සිදුවීම් සිද්ද වෙන්න පටන් ගන්නවා..කිසිදාක අසනීප නොවුනු මේ දරුවා යක්ෂයාගේ පුත්‍රයා බව රොබට් තොර්න්ට දැනගන්න ලැබෙනවා..ඔහු හා ඔහුගේ මිතුරු ජායාරූප ශිල්පියා කීත් ජෙනින්ස් සමග මෙහි ඇත්ත නැත්ත සොයා යක්ෂයාගේ පුත්‍රයා විනාශ කිරීම සැලසුම් කරනවා..එහිදී ඔවුන්ට විශාල කරදර වලට මුහුණ දෙන්න සිද්වෙනවා...ඔවුන්ට මේ කරදර වලින් බේරීමට හැකි වේවිද? ඔවුන්ට යක්ෂයාගේ පුත්‍රයා පරාජය කිරීමට හැකි වේවිද?බලන්න The Omen මේ film එක IMDB Rating 5.4 ලබාගෙන තිබුණත් පවුලේ සැමට එකට නැරබිය හැකි ත්‍රිසය ,බීතිය ,ආදරය විදහාපාන චිත්‍රපටයක් බව මම සහතික වෙමි..මෙය අධ්‍යක්ෂනය John Moore විසින් වන අතර මෙහි කථාව ලියා ඇත්තේ David Seltzer විසිනි..






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Lalith Malinda විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Castiel
09-06-2012, 08:56 PM
ස්තූතියි උපසිරැසියට, ෆිල්ම් එක නම් බලලා තියෙනවා, සුපිරියි,

Punisher
09-06-2012, 08:56 PM
මේ චිත්‍රපටිය ගැන මම අහලා තියනවා මතකයි.බොහෝම ස්තුතියි උපසිරැසි එක්කම දුන්න එක ගැන නම්.
අලුත් යාළුවෙක් වගේ.සාදරයෙන් පිළිගන්නවා වගේම තවත් ලස්සන හොද මේ වගේම චිත්‍රපටියකට උපසිරැසි දෙන්න
බලන්න. :clap: :clap:

මරු හිරා
09-06-2012, 08:58 PM
තවත් සුපිරි ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තුතියි සබ් වලට

Hash
09-06-2012, 08:59 PM
කාලේකින් හොද හොල්මන් චිත්‍රපටියක් බැලුවේ නෑ දැන් මේක අරන් බලන්න පුලුවන් නියමයි

CJA
09-06-2012, 09:03 PM
අලුත් යාලුවෙක් නේද.. එල මචන් තවත් හොද ‍ෆිල්ම් අරගෙන එන්න.. ජයවේවා!!:)

Time Traveler
09-06-2012, 09:17 PM
මේක නම් මම ආසම වර්ගයේ ෆිල්ම් එකක්. අනිවාර්යෙන් බානවා. මහන්සිවෙලා දුන් සිංහල උපසිරැසි වලට බොහෝ ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

පොඩ්ඩා
09-06-2012, 09:38 PM
හොල්මන් බලන්න නම් බයයි එත් නොබලා ඉන්නත් බෑ අනික සිංහල සබ් එකක් එක්කම තියනකොට කොහොමත් නොබලා ඉන්න බැනේ.උපසිරැසි දුන් ඔබට පොඩ්ඩාගේ ආචාරය.

Amila
09-06-2012, 10:54 PM
මෙන්න වැඩක්! මේක මගේ ලග කාලයක් ඉදන් තිබ්බා එත් මම බැලුවේ නෑ.ඇත්තටම බලන්න ලැබුනේ නෑ.එකත් එක අතකට හොදයි කියලා දැන් හිතෙනවා මොකද මෙන්න සිංහල සබ් දිලා.සබ් එක දැක්ක ගමන් මම කලේ ඩවුන්ලොඩ් කරලා මගේ කොපි එකට මැච් වෙනවද බලපු එක.100%ක්ම මැච් වෙනවා සබ් එක.බොහොම ස්තුතියි මලින්ද සොයුරාට මේ චිත්‍රපටියට උපසිරැසි දිම සම්බන්ධව.

SurangaWanni
09-07-2012, 12:00 AM
Thanks Mach,

Thanks For Sub

See You With Another Sub

tharaka
09-07-2012, 12:54 AM
සූම් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
තවත් අළුත් යාළුවෙක් නේද?
මුල්ම එක සුපිරි හොල්මන් එකකටනේ දිල තියෙන්නේ,
දැන් තේරෙන සිංහලෙන්ම බලන්න පුළුවන්.
තවත් හොඳ නිර්මාණ රැසක් කරන්න ශක්තිය ලැබේවා.
ජයවේ

CREATIVEN
09-07-2012, 03:17 PM
http://i.imgur.com/oiR0Y.png

ජයවේවා සහෝදරයා..
උත්සාහය ගොඩක් වටිනවා . ඔයා අලුතෙන්ම සබ් ලයින්ස් දාල හදපු සබ් එකට ගොඩක් ස්තුතියි..
තව සබ් එකක ලඟදිම ඕන..
:)