PDA

View Full Version : Ultimate Avengers The Movie [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-08-2012, 08:04 PM
Ultimate Avengers The Movie [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=223)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=223))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0491703/)

http://www.zoom.lk/forums/downloads/subs/UA/ultimate%20avengers.jpg
ඔන්න එහෙනම් සුම් අඩවියේ 200 වැනි උපසිරැසි එකට වෙනසකටත් එක්ක සුපිරි ගණයේ කාටුන් චිත්‍රපටයක් අරන් එන්න හිතුණා. මේ දවස් වල අපි කවුරුත් වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ ඇවෙන්ජර්ස් චිත්‍රපටය ගැන. ඒත් ඒක එන්න කලින් ආපු මේ අවෙන්ජර්ස් චිත්‍රපටය මට බලන්න ලැබුනේ පසුවයි. ඉතින් ඉක්මනටම මේකත් උපසිරසි ගන්වලා අපේ යාලුවන්ට බලන්න දෙන්න හිතුණා. Notebook චිත්‍රපටය වගේම මේකත් උපසිරසි ගන්වද්දී අපේ අතිදක්ෂම උපසිරසි ගන්වන සාමාජිකයෙක් වන ධනුෂ්ක ලක්මාල් (tharaka) සහෝදරයත් මම මේ වැඩේ ඉක්මනට කරගන්න එකතුකරගත්තා. ඉතින් මේක අපි දෙන්නගෙම වැඩක්.

කතාව ගැන නම් වැඩි විස්තර කියන්න උවමනා වෙන එකක් නෑ කියල මම හිතනවා. මොකද අවෙන්ජර්ස් චිත්‍රපටය නොබලපු කෙනෙක් මේ වෙනකොට නැතුව ඇති. හැබැයි මේ කතාව ඒ කතාවට වඩා වෙනස් කතාවක්. අවෙන්ජර්ස් චිත්‍රපටයෙන් ඔබට දකින්න ලැබුණු සුපිරි චරිත වලට අමතරව තවත් සුපිරි චරිත දෙකක් මේ චිත්‍රපටය තුල ඔබට දැකගන්නත් පුළුවන්. මේ චිත්‍රපටයට අදාළ උපසිරසි ෆයිල් එකේ සමහර දෙබස් අඩංගු වෙලා තිබ්බේ නෑ (ඉතා සුළු ප්‍රමාණයක්). සමහර අවස්ථා වලදී මටයි ධනුෂ්ක අයියටයි ඒ නිසා ගැටළු මතු උනා. නමුත් ඔබේ රසවින්දනයට කිසිදු බාධාවක් නොවෙන්න අපි උපරිම සාධාරණයක් කරා. එහෙනම් තවත් සුපිරි නිර්මාණයක් සමඟ නැවත හමුවෙමු. ඔබ සැමට ජය.!"

සැයු- මෙම චිත්‍රපටයේ BRRIP පිටපතේ ඇවෙන්ජර්ස් 1 හා 2 යනුවෙන් කොටස් 2ක් ඇති අතර ඔබට ඇවැසි කොපිය පමණක් ලින්ක් එක හරහා ටොරන්ට් අඩිවියට පිවිස ඩවුන්ලොඩ් කරගන්න.







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මරු හිරා සමඟින් tharaka විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

CREATIVEN
09-08-2012, 08:18 PM
http://i.imgur.com/oiR0Y.png

එල එල.. ඔන්න එහෙනම් ඒකත් හරි..
උඹල දෙන්නගෙ මහන්සියට ගොඩක් ස්තුතියි..
හිරා කොල්ලො ඕකත් අරං එන්ට හොඳේ.. :)
ස්තුතියි දෙන්නටම.

CJA
09-08-2012, 08:20 PM
නියමයි තාරක හා හිරාන් මචංලා.. පට්ට එකකටනෙ මේ පාර දීලා තියෙන්නෙ, තව වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබෙන්න ඕන.. ජයවේවා!!

zoom හි 200 වැනි උපසි‍රැසියට මගේ උණුසුම් සුභ පැතුම්!!


:thumbsup::thumbsup::40_002::clap:

Punisher
09-08-2012, 08:27 PM
අඩේ හිරා තාරක නියමයි!!!!!!!! ඉදලා ඉදලා මරුම මරු ෆිල්ම් එකක් දුන්නා නේද සුපිරි නේ!!
200 වැනි උපසිරැසි යට ZOOM එකට සුභ පැතුම් :thumbsup::thumbsup:

Amila
09-08-2012, 08:56 PM
200 එකට ගැලපෙනම එකක් දිලා සබ් දෙන ඔයාලත් මේ වගේ විරයෝ තමයි.

Zen
09-08-2012, 09:02 PM
අද නම් මටත් ඇත්තටම සතුටුයි 200 වැනි ෆිල්ම් එකට පට්ට මුවියක් බස්සලා ආයේ නියමයි මචන්
සුම් එකට තව දුරගමනක් යන්න වාසනාව ලැබේවා!! :clap:

Castiel
09-08-2012, 09:42 PM
නියමෙනුත් නියමයි, :cool:

sujeewa
09-08-2012, 09:46 PM
200 වැනි ෆිල්ම් එකට පට්ට මුවියක් බස්සලා ආයේ නියමයි මචන් Thanks

Naveen
09-08-2012, 09:48 PM
තාරකටයි හිරාන්ටයි දෙන්නටම ස්තූතියි!
සූම් එකේ 200වෙනි උපසි‍රැසියට මගෙන් සුභ පැතුම්.

Anushiz
09-08-2012, 09:59 PM
බොහෝම ස්තුතියි හැමෝටම මම ආසම කතාවේ කාටුන් එකක් සිංහල උපසිරැසි එක්කම දුන්න එක නම් ගොඩක් හොද දෙයක්.ඔයාලට තව තවත් උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න ඕන මගෙන් සුභපැතුම්.

පොඩ්ඩා
09-08-2012, 10:47 PM
මේකට තමයි විවිධත්වය කියන්නේ උදේ ලොකු අයට බලන්න ෆිල්ම් එකක් දුන්නා මෙන්න දැන් පොඩ්ඩන්ට බලන්න නියම ෆිල්ම් එකක් දිලා.බොහෝම ස්තුතියි දෙන්නටම උපසිරැසි දැමු ඔබට පොඩ්ඩාගේ ආචාරය!

RaviTH
09-08-2012, 11:02 PM
මේකේ කාටුන් ෆිල්ම් එකකුත් තියනවද බන් මම දැනන් හිටියේ නෑ නේ.සබ් එක්කම මේක දාලා දුන්න එක නම් නියම වැඩක්.
තව තවත් උපසිරැසි දාන්න හැකියාව ලැබේවා.

Time Traveler
09-09-2012, 07:02 AM
නියමයි. එල...එල... සිංහල උපසිරැසි වලට තාරක හා හිරාන් දෙදෙනාටම බොහොම ස්තූතියි! ජයවේවා!
:thumbsup::thumbsup::thumbsup:

*maheshi*
09-09-2012, 08:51 AM
wow නියම කතාවක් නේ මට මේක හම්බුනේ නෑ නේ.කොහොම හරි හිරාන් හොද කතාවක් හොයලා අපිට ගෙනල්ලා දිපු එක නම් ගොඩාක් වටිනවා.තවත් හොද නිර්මාණ අරන් එන්න කියලා සුභපතනවා.

copper
09-09-2012, 09:41 AM
දෙන්නටම ඔන්න ස්තුතියි කිව්වා :)

tanuja
09-09-2012, 09:42 AM
සූම් එකටත් උපසිරැසි දෙන ඔක්කොටමත් ජයවේවා!

SurangaWanni
09-09-2012, 10:34 AM
සැමදාමත් නවමං සොයමින්...........

නිරතුරු කැපවීමෙන් එකට එක්ව.........

සැමදෙන තුටු කිරීම උදෙසා.........

Zoom.lk හී උන්නතිය උදෙසා.....

තම සිතුවිලි උපසිරැසි බවට පෙරලමින්.....

කරගෙන යන්නා වූ වික්‍රමාන්විතයේද ......

හමුවන්නා වූ සියළු බාධක කම්කටොළු.......

ආශිර්වාදයක්ම බවට පත්කරගෙන........


උපසිරැසි 200 සිට 200,0000 කුත් නොව.......

අනන්තයක් දක්වාම මේ ලොව පවතින තුරාවට.........

අප රසික, රසිකාවියන් සැමදා පිණවීමට.............

ධෛර්ය ශක්තිය ඔබ දෙදෙනා ඇතුළු.............

Zoom.lk හී උපසිරැසි කණ්ඩායමට ලැබේවා.......




“Zoom.lk දිර්ඝායු පතමින් සුභපැතුම් එක් කරමි.“

sanjewa87
09-09-2012, 10:53 AM
දැන් ගන්නේ මේ ෆිල්ම් එක

LKnerd
09-09-2012, 01:23 PM
මේක නම් බලලා නෑ අහලා තිබුනෙත් නෑ මේ වගේ නොදන්න ෆිල්ම් ගෙන එක නම් එල

PASANJAYASINGHE
09-09-2012, 08:57 PM
Thanks Friend.......