PDA

View Full Version : අකුරැ වලින් රෑප මවමු



thushan10
09-09-2012, 10:15 AM
අද අපි බලමු තවත් ලස්සන වැඩක් කරන්නේ කොහොමද කියලා ටිකක් විතර ලොකු වැඩක්

මේක

http://2.bp.blogspot.com/-U5pVPTyJuWw/UErkcElHM9I/AAAAAAAAAww/o2_jhhtcG8Y/s640/first.jpg
මේ විදියට හදමු

http://4.bp.blogspot.com/-PJg8Cg2ZmCA/UErkaG75mfI/AAAAAAAAAwo/st9H_1W2z4E/s640/final.jpg

හරි වැඩේ පටන් ගමු



1 පියවර

මුලින්ම පින්තූරේ ගන්න
ඊට පස්සේ Select Menu එකේ Color Range තොරන්න එක සංවාද කොටුවේ මෙන්න මේ විදියට හදාගන්න සැකසුම්

http://1.bp.blogspot.com/-jZSUTib3VoI/UErlhpZhBrI/AAAAAAAAAw4/7JAkFWIh408/s1600/a.jpg

මෙන්න මේ විදියට Select වේවි එතකොට

http://4.bp.blogspot.com/-87vzk5-VTLs/UErmEnDjtPI/AAAAAAAAAxA/ZxXCCkF-Zz8/s400/b.jpg

දැන් Ctrl +J දෙන්න එතකොට Select වෙලා තියෙන ටික Copy වේවි අලුත් Layer එකකට (මම ලේසියට ඒකට A කියලා නමක් දෙනවා )

මේ තියෙන්නේ ලේර් පැලට් එක

http://4.bp.blogspot.com/-dyRoSJkpRoU/UErm63wnSlI/AAAAAAAAAxI/O_OSBNB4pFQ/s1600/c.jpg

හරිනේ

දැන් ‍ආයෙත් Background Layer එක තෝරලා Select Menu එකේ Color range තෝරලා මෙන්න මේ විදියට හදා ගන්න

http://3.bp.blogspot.com/-R7tp57DzrHE/UErnkliIVeI/AAAAAAAAAxQ/vjKiH7JA7Kk/s1600/d.jpg

එතකොට එන සෙලෙක්ෂන් එක ති‍යෙද්දිම Ctrl + J දෙන්න එතකොට අලුත් ලේයර් එකක් එයි මේ විදියට
‍මම B කියලා නම් කරගන්නවා ඒක

http://4.bp.blogspot.com/-Da-i3Uqh6Fk/UEroUNj3_vI/AAAAAAAAAxY/2dR8Yix6GSA/s1600/E.jpg

හරි දැන් A layer‍ ‍තෝරලා Ctrl + E දෙන්න එතකොට AහාB layer දෙක තනි ලේයර් එකක් වෙනවා
මෙන්න මෙහෙම

http://1.bp.blogspot.com/-XNIWUkiTDII/UErpGuIIuaI/AAAAAAAAAxg/uzQIm7ZQpsQ/s1600/f.jpg

2 පියවර

දැන් අපි ඒ පින්තූරය පැත්තකින් තියලා මේ නිර්මානයට අවශ්‍ය Brush නිර්මාණය කරන්න යමු

මුලින්ම අලුත් පින්තූරයක් ගන්න (Ctrl +N)

ඊට පස්සේ Text Tool එක අරන් කලුපාටින් කැමති වචනයක් ලියන්න

http://1.bp.blogspot.com/-0u9kMjfzv3U/UErqYgmyBdI/AAAAAAAAAxo/jHBFvfagvrk/s320/g.jpg

දැන් Text Layer එක තෝරලා Select Menu එකේ Load Selection දෙන්න අකුරැ ටික සෙලෙක්ට් වේවි
දැන් Edit වල Define Brush Presets දෙන්න එතකොට එන මැසේජ් එක ok කරන්න අකුරැ ටික Brush එකක් විදියට තේරේවි

http://4.bp.blogspot.com/-I8vYG-t7-ew/UErrrTjoivI/AAAAAAAAAxw/3MDExsz3WfI/s1600/h.jpg

ඔය වගේ ඔයාල කැමති විදියට Brush දෙක තුනක් හදාගන්න


3 පියවර

දැන් ආයෙත් මුලින් (1 පියවරේදි ) වැඩකරපු පින්තූරය ගන්න

තනි‍ ලේයර් එකක් කරපු ලේයර් එක තෝරලා Ctrl + shift +U දෙන්න ඒ ලේයර් එක කලු සුදු වේවි
මෙන්න ලේයර් පැලට් එක

http://3.bp.blogspot.com/-0eMaMI4f-l0/UErs3l6m8hI/AAAAAAAAAx4/scZxNH5khYA/s1600/i.jpg

දැන් B layer එකට උඩින් අලුත් Layer එකක් අරන් ඒක සුදු පාටින් පුරවගන්න (මම C ලෙස නම් කරන්න )

http://1.bp.blogspot.com/-QyufO5raZmU/UEruLgCkOWI/AAAAAAAAAyI/Z5gLbDToOo4/s1600/k.jpg


දැන් අලුත් ලේයර් එකක් අර ගන්න (මම D ලෙස නම් කරගන්නම්)

http://4.bp.blogspot.com/-1fadVWFZQjc/UErvRewa8QI/AAAAAAAAAyQ/PAMbqoG6DEQ/s1600/l.jpg

4 පියවර


දැන් B ලේයර් එක තෝරලා ctrl + A දෙන්න ඊ‍ට පස්සේ CTRL + C ‍දීල කොපි කරගන්න

හරි දැන් D Layer එක තෝරලා Layer Mask එකක් දාගන්න මේ විදියට රතු පාට රවුම තියෙන් තැන කිල්ක් කරන්න ලේයර් මාස්ක් එක ඇඩ් වෙනවා

http://4.bp.blogspot.com/-CeZcdCDFbp8/UEr4UUYdicI/AAAAAAAAAy8/e4J-qzysp8I/s400/m.jpg

ලේයමාස්ක් එක දැම්මම මේවිදියට එයි

http://4.bp.blogspot.com/-dm9IcM6Hecs/UEr4sxfwO1I/AAAAAAAAAzE/DkHssoVyeVs/s1600/n.jpg

දැන් Alt තදකරන් පල්ලෙහා පින්තූරේ රතු රවුමෙන් පෙන්නන කොටසේ ක්ලික් කරන්න වරද්ද ගන්න එපා

http://3.bp.blogspot.com/-OdW66yltDZE/UEr8gevU1KI/AAAAAAAAAzw/b0Vd-ZnrtLk/s1600/o.jpg




දැන් මොකුත් වෙනසක් නොකර Ctrl + V දෙන්න මෙන්න මේ විදියට ඒවි

http://4.bp.blogspot.com/-aXxu6tg758M/UEr9Mbp4WYI/AAAAAAAAAz4/jhWUl7hz4e4/s320/p.jpg

මේ තියෙන්නේ ලේයර් පැලට් එක
http://4.bp.blogspot.com/-JLpbxT6rqFA/UEr-snL3ODI/AAAAAAAAA0A/Ue7Lh8avhQM/s1600/q.jpg

හරි දැන් ctrl +D දීලා selection එක අයින් කරගන්න
දැන් ctrl + I දෙන්න

මේ විදියට එයි

http://1.bp.blogspot.com/-76DgNuOXikI/UEr_eGq546I/AAAAAAAAA0I/Ii1Xhw8GUHw/s640/s.jpg

දැන් පහල පින්තූරේ රතු රවුමෙන් පෙන්න න තැන ක්ලික් කරන්න

http://3.bp.blogspot.com/-wFUTbsd459I/UEsa9-6T6PI/AAAAAAAAA08/-u9BNtMmRko/s1600/t.jpg


5 පියවර


දැන් Brush Tool එක අරන් 2 පිය‍වරේදී සකස් කරගත්ත Brush තෝරලා පහත සැකසුම් දෙන්න Brush Pallet ( F5) එකෙන්

http://2.bp.blogspot.com/-KnI1r_aV6ZU/UEwH8UJQcRI/AAAAAAAAA1o/Fi_UQN5GomQ/s1600/u.jpg

http://1.bp.blogspot.com/-gMD7cTOi3Bw/UEwIlzTDBtI/AAAAAAAAA1w/Tui7v_401m8/s1600/v.jpg

දැන් පින්තුරේ පෙනෙන විදියට පින්තුරේ හැඩය මතු වෙනකම් පින්සල් පහර දෙන්න

http://4.bp.blogspot.com/-wgBUbvnDwTU/UEwJZfmMtvI/AAAAAAAAA14/82FruSiml_o/s640/w.jpg

හරි මේ ඔක්කොම වැඩ සිද්ධවෙන්නේ D ලේයර් එක තුලනේ


5 පියවර

දැන් අපි D Layer එකට Gradient Overlay එකක් දෙමු ඒකට Layer Pallet එකේ පහත පෙන්න න තැන ක්ලික් කරලා ඒ සැකසුම් දාගන් යාලුවන්ට කැමති පාටවල් තෝරගන්න පුලුවන්

http://4.bp.blogspot.com/-HPdrIFdGOJY/UEwLVrCxjTI/AAAAAAAAA2o/9HkuHlRnsrU/s1600/x.jpg


http://2.bp.blogspot.com/-6f59GzNxED8/UEwLXPepQ4I/AAAAAAAAA2w/5-blz1ZWLTI/s1600/y.jpg

හරිනේද මෙන්න මේ විදියට සැකසේවි


http://1.bp.blogspot.com/-aBxFcUsL-pE/UEwLzcNvgSI/AAAAAAAAA24/veYzkJmqPpQ/s320/z.jpg


දැන් ඉතින්D Layer උඩින් තවත් ලේයර් එකක් අරන් ඒකටත් Gradient overlay දීලා මේවිදියට හදාගත්තු Brush වලින් Bush කරගෙන හැඩකරගන්න හරිනේ


මෙන්න මේ විදියට

http://2.bp.blogspot.com/-J9BKKALFEdQ/UEwMlZWsNMI/AAAAAAAAA3A/4LxOXzRj45U/s640/final.jpg

** අමතක උනා කියන්න ඇස් හා කට මතු කරගන්න සාමන්‍ය Brush එකක් පාවිච්චි කරන්න වෙනවා

ගිහින් එන්නම් ගැටලුවක් ආවොත් දෙන්න කොමෙන්ට් එකක්

ගත්තු තැන දන්නවනේ මගේ බ්ලොග් එකෙන් http://graphicworldsl.blogspot.com

CREATIVEN
09-09-2012, 10:18 AM
ලස්සනයි වැඩේ නියමයි කොලෝ
රෙප් +4

copper
09-09-2012, 10:23 AM
නියමයි නේ බන්

Ushantha
09-09-2012, 11:11 AM
නියමයි මචං. සිරා. ගොඩක් වැදගත්. මම බගෙට හැදුවා ෆොටෝ එකක්. කම්මැලියි බන් පස්සේ හදනවා ඉතිරි ටික.. රෙප්+++

මරු හිරා
09-09-2012, 12:34 PM
සුපිරි වැඩක් මචෝ

Punisher
09-09-2012, 12:39 PM
ස්තුතියි මචන් මේ විදියේ නොදන්න දේවල් කියලා දෙනවට

Anushiz
09-09-2012, 01:01 PM
ගොඩක් ස්තුතියි කියලා දුන්නට

sujeewa
09-09-2012, 08:50 PM
ලස්සනයි වැඩේ නියමයි

dnb
09-10-2012, 03:20 PM
bump

Castiel
09-10-2012, 05:18 PM
http://i41.tinypic.com/121zthg.png

මේකෙ නම් කික් එකක් තියෙනවා,

thushan10
09-11-2012, 09:17 AM
ලස්සනයි වැඩේ නියමයි කොලෝ
රෙප් +4


නියමයි නේ බන්


නියමයි මචං. සිරා. ගොඩක් වැදගත්. මම බගෙට හැදුවා ෆොටෝ එකක්. කම්මැලියි බන් පස්සේ හදනවා ඉතිරි ටික.. රෙප්+++


සුපිරි වැඩක් මචෝ


ස්තුතියි මචන් මේ විදියේ නොදන්න දේවල් කියලා දෙනවට


ගොඩක් ස්තුතියි කියලා දුන්නට


ලස්සනයි වැඩේ නියමයි


bump


http://i41.tinypic.com/121zthg.png

මේකෙ නම් කික් එකක් තියෙනවා,

Thanks All :rolleyes: