PDA

View Full Version : Hancock [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-09-2012, 08:53 PM
Hancock [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=225)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=225))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0448157/)

http://www.zoom.lk/forums/downloads/subs/hancock/hancock.jpg
මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ ඉන්නේ මම කැමතිම හොලිවුඩ් නළුවා. ඔහු තමයි කළු ජාතික නළු Will Smith. මතක ඇතිනේ මීට කලින් මම මොහු ගෙ පුත්‍රයා ඉන්න ෆල්ම් එකක උපසිරැසියකුත් දුන්න නේද. ඔන්න දැන් පියාගෙ වැඩ බලන්න වෙලාව. අපි හැමෝම හොලිවුඩි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් වශයෙන් හොලිවුඩ් ලෝකයේ සුපිරි වීරයන් දන්නව නේ. සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ අය. ඒත් ඔයාල හිතුවද හැන්කොක් කියන්නෙත් මේ වගේ සුපිරි වීරයෙක් කියල?. ඒත් මේ වීරයගෙයි අනිත් වීරයන්ගෙයි ලොකු වෙනසක් තියෙනව. ඒක තමයි අනිත් වීරයන්ට බො‍හෝදුරට තම ශක්තිය ලැබෙන්නෙ ඉපදුනා‍ට පස්සෙ නේ. ඒත් හැන්කොක්ට උපතින්ම ඒ හැකියාව තියෙනව සමහර අය හිතන්නෙ ඔහු පි‍ටසක්වල ජීවියෙක් කියලයි. ඔහු කරන්නෙත් අහිංසක මිනිස්සු බේරන එක.ඒත් ඔහු එහෙම මිනිස්සු බේරුවට අනිත් පැත්තෙන් දේපල වශයෙන් විශාල හානියක් කරනව. ඒක නිසාම හැන්කොක් කියන සුපිරි වීරයා සමාජයේ පිරිහෙමින් පවතිනව. ඒ වගේම කතාව තුල සැගවුනු තවත් විශාල සිද්ධි ගොඩක් තියෙනව. ඉතිං මේ හැමෝම ‍කියන්න බෑනේ එතකොට රසයක් නෑ ඒක නිසා මූවි එක බාගෙනම රසවිදින්න. ඒ වගේම මේ චිත්‍රපටයට IMDb Ratings වල 6.5 වගේ හොද අගයක් ලැබිල තියෙනව. මට අනුව නම් මීට වැඩිය Ratings වැඩිවෙන්න ඕන, එමෙන්ම චිත්‍රපටය නිපදීමේ වගකිම අරන් තියෙන්නෙ, 2012 චිත්‍රපටය නිපද වූ Columbia Pictures ආයතය විසිනි. ඒක නිසා බය වෙන්න දෙයක් නැතුව පිරිසිදු සිතින් චිත්‍රපටය බලන්න පුළුවන්. එහෙනම් මේවගේම සුපිරි චිත්‍රපටයකින් නැවතත් හමුවෙන ‍තෙක් සුභ දවසක්!.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Lakruwan විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-09-2012, 09:02 PM
මේක තමයි මම ෆිල්ම් හොල් එකක කියලා බැලුව පලවෙනි ෆිල්ම් එක.මතක ඇති හැටියට ලිබර්ටි එකේ පෙන්නුවේ.
මතකේ අලුත් කරගන්නත් එක්ක http://smileys.smilchat.net/emoticon/expressions/heureux/3dup.gif

මරු හිරා
09-09-2012, 09:04 PM
ela ela thanks wewa.!

Castiel
09-09-2012, 09:04 PM
නියමයි නියමයි, හැන්කොක් 2 ත් එන්න තියෙනවානෙ, ස්තූතියි උපසිරැසියට,

PASANJAYASINGHE
09-09-2012, 09:05 PM
Thanks Friend.......

CJA
09-09-2012, 09:07 PM
එල කොල්ලෙක්න් පට්ට ‍ෆිල්ම් එකකටනෙ දීලා තියෙන්නෙ.. ආයෙත් බලන්න පුලුවන් දැන් තේරෙන සිංහලෙන්ම.. නියමයි මචෝ ජයවේවා!!

:thumbsup::thumbsup:

Time Traveler
09-10-2012, 12:19 AM
:thumbsup::thumbsup::thumbsup:
නියමයි මචන්. මාත් බානවෝ. මහන්සිවෙලා දාපු සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි!

tanuja
09-10-2012, 12:38 AM
නියමයි මචෝ ජයවේවා!

*maheshi*
09-10-2012, 08:04 AM
බොහෝම ස්තුතියි මේ වගේ වටින චිත්‍රපටියකට උපසිරැසි දුන්න එක තව තවත් උපසිරැසි දාන්න.

tharaka
09-10-2012, 07:54 PM
පට්ට ෆිල්ම් එකකටනේ සබ් එකක් දීලා තියෙන්න,
ගොඩක් ස්තූතියි මචෝ ..
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න හැකියාව ලැබේවා!
ජයවේවා !