PDA

View Full Version : 28 Weeks Later [2007] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-13-2012, 07:54 PM
28 Weeks Later [2007] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m231-28-weeks-later-2007-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m231-28-weeks-later-2007-sinhala-subtitles))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0463854/)

http://www.zoom.lk/forums/downloads/subs/28wks/28WKS.jpg
ඔන්න යාළුවනේ ඔයාල ඉල්ලපු විදියට මම මේකත් දුන්න. මේ ච්‍ත්‍රපටයෙ පළමු කොටස ඔයාල හැමෝම බලල ඇති කියල මම හිතනව.හැබැයි පළමු චිත්‍රපටයෙයි මේකෙයි වැඩි සම්බන්ධ කමක් නම් නැ. මෙහි නිෂ්පාදන සමාගම ගැන කිව්වොත් නිපදවල තියෙන්නෙ 20th Century ආයතනය විසින්. චිත්‍රපටයට‍ කරන්න පුළුවන් උපරිම සාධාරණය මොවුන් විසින් දරල තියෙනව කියල කියන්න පුළුවන්. ඒවගේම අපි කවුරුත් දන්න IMDb වල Ratings 7.1 හොද අගයක් ලැබිල තියෙනව . මේ චිත්‍රපටය ගැන ‍පොඩි හැදින්වීම්ක් කරොත් මෙහෙමයි, මිනිස්සු විසින් පරීක්ෂණයක් අත්හදා බලනව ඒත් එය වැරදිල වෛරසයක් බවට පත්වෙනව. මෙම වෛරසයෙ ලොකුම ගැටලුව වෙන්නෙ යම් කිසි හේයකින් ආසාධිතයෙකු වෙනත් පුද්ගලයෙකු සපාකෑමකට ලක් කලහොත් තප්පර ගණනකදී තුවාලකරුද භයානක ආසාධිතයෙකු බවට පත් වීමයි ඒ වගේම ඔවුන් හරිම ‍වේගවත්. එම නිසා මෙම රෝගීතත්වය සුවකිරීමඅපහසු තත්වයකට පත්වෙනව. මොකද හොදකරන්න මිනිස්සු නෑනෙ. එහෙත් බේරුනු පිරිසක් සිටිනව මෙතනින් තමයි කතාවෙ ආරම්භය වෙන්නෙ ඉතිං අපි බලමු කතාවෙ අවසානයට වෛරසය ඉදිරියටත් යනවද නැත්නම් මේ කතාවෙන්ම ඉවරවෙයිද කියල. Horror හා Thriller ඛාණ්ඩ යටත් චිත්‍රපට බලන අයට නම් මේ ච්‍ත්‍රපටය හොද එකක් වේව්.මේ චිත්‍රපටිය ඇවිත් ටිකක් කල් වෙන නිසා සමහරුගාව දැනටමත් මේකේ ඩිවිඩි පිටපත් තියෙන්න පුලුවන් එහෙම අයට මේකේ ඩිවිඩි පිටපතට හරි යන උපසිරැසි එකත් මම දිලා තියනවා.කැමති එකක් අරගන්න.එහෙනම් තවත් දවසක මේ වගේම සුපිරි නිර්මාණයක උපසිරැසියක් සමග හමුවෙමු







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
09-13-2012, 08:05 PM
මේක මම බලපු සුපිරිම සොම්බි ෆිල්ම් එකක්. තෑන්ක්ස්

Punisher
09-13-2012, 08:08 PM
නියම කොල්ලෙක්නේ ඩිවිඩි එකටයි බුලුරේ එකටයි දෙකටම සබ් දිලා.එහෙම තමයි ඉන්න ඕන.මගේ ගාවත් ඩිවිඩි රිප් එක තියනවා.සබ් එක්ක ආපහු බලන්න පුලුවන් :clap: :clap: :clap:

Time Traveler
09-13-2012, 08:31 PM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

CJA
09-13-2012, 08:33 PM
එල මචෝ.. තව තව හොද ‍ෆිල්ම් වලට සබ් දෙන්න.. ජයවේවා!!

:thumbsup::thumbsup:

Amila
09-13-2012, 08:39 PM
තමන්ට ඕන ඕන චිත්‍රපටි දෙන්නේ නැතුව අපේ ඉල්ලිම් වලට ගරු කරලා මේ විදියට චිත්‍රපටි දෙන එකනම් හොද දෙයක් මචන්. :yes:

gamage
09-13-2012, 08:53 PM
ලක්රුවන් දැන් ගේමට බැහැලා වගේ නේ.තව ෆිල්ම් එකක් දිලා තියෙන්නේ ලොවෙත් නැති වෙන්නම.සොමිබි ෆිල්ම් තිබ්බට හොද එවා එන්නේ ඉදලා හිටලා මේක සුපිරි එකක් කියලා රේටින් වලින්ම පෙනවනේ.අරන් බලන්න ඕන :):

Udara|රොකියා
09-13-2012, 08:58 PM
මේක බැලුවා වගේ මතකයි. හැබැයි හරියට මතක නැති නිසා ආයේ පාරක් බලනවා.
ස්තුතියි උපසිරසියට !

Zen
09-13-2012, 09:37 PM
දැන් සුම් එකෙන් පිට පිට මැක්සම ෆිල්ම් වලට සබ් දෙනවනේ.එක නම් නියමයි මචන් ලා සුපිරි

ips
09-13-2012, 10:06 PM
thnx......

ips
09-13-2012, 10:13 PM
good work...

dani_baba
09-13-2012, 10:26 PM
ස්තුතියි යාළුවා

Isuru1990
09-14-2012, 12:40 AM
එල මචෝ. ස්තුතියි උපසිරසියට:thumbsup:!

Sithum Dinesh
09-14-2012, 01:09 AM
නියමයි! නියමයි! මාත් බානවෝ. සබ් වලට thanx!

tanuja
09-14-2012, 01:43 AM
නියමයි. සබ් වලට තෑන්ක්ස්!

Castiel
09-14-2012, 10:49 AM
නියමයි, නියමයි, ස්තූතියි උපසිරැසියට,...

danushika
09-14-2012, 12:13 PM
මේකේ පලවෙනි එක බලලා තියනවා එකත් සුපිරි අනිවා මේකත් ඒ වගේම ඇති උපසිරැසි වලට ස්තුතියි මචන්

tharaka
09-15-2012, 01:15 AM
ගොඩක් ස්තූතියි මචෝ .
තවත් ලස්සන කතාවක් දුන්නා නේද?
BRrip දුන්න එකනම් ගොඩක් හොඳය.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

Daedunu
09-15-2012, 01:25 AM
තවත් හොඳ දේවල් දාන්න.ස්තූතියි!

amarasinghe090
03-31-2015, 12:50 PM
can u give me the subs for 28 weeks later film

TharakaMadushan
04-07-2015, 09:10 PM
http://www.picturesanimations.com/t/thank_you/AAA-thnk-you-veer.gif