PDA

View Full Version : The Illusionist [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-21-2012, 10:37 AM
The Illusionist [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m244-the-illusionist-2006-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m244-the-illusionist-2006-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0443543/)

http://www.zoom.lk/forums/downloads/subs/illu/illusionist.jpg

ඔන්න මම මගේ තුන්වෙනි උපසිරසියත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ .සූම් එකට එක දිගට උපසිරසි දෙන්න ආස උනත් අධ්‍යාපනික වැඩ කටයුතු නිසා මේවට වෙලාවක් වෙන්කරගන්න බොහොම අමාරුයි.කොහොමහරි ඔන්න මේකටනම් තිතටම සබ් දැම්මා.මේක ටිකක් පරණ වුනාට ගොඩක් දෙනෙක් බලල නැති නිර්මාණයක් කියල හිතුනු හින්දත් , හෙඩ්ස් අයියගේ යෝජනාවකටත් අනුවයි මේකට සබ් දාන්න තෝරාගත්තේ. ඉතින් මේ වගේ හැංගුණු නිර්මාණ ඔබට ලබා දෙන්නේ සූම් එකෙන් විතරයි කියන එකත් කියන එකත් කියන්න ඕනේ.මේ චිත්‍රපටය තිරගතවුනේ සිනමාවේ ස්වර්ණමය වසරක් වන 2006 වසරේදීයි.එම වසරේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වී ඇති මෙය තවත් සම්මාන 6 ක් ලබාගෙන තිබෙනවා.මෙය නිර්මාණය වන්නේ පසුගිය වසරේ ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වූ limitless හා තවත් නිර්මාණ ගනනාවක්ම බිහිකල Neil Burgerවිසිනුයි.තවද ලක්ෂ 2කට ආසන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරින් imdb ශ්‍රේනිගතකිරීම්ව 7.6 ක් ලබා ගැනීමට මෙය සමත්ව තිබෙනවා.

වේදිකාවක් උඩ මිනිහෙක් ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගේ ඇස් යොමුව ඇත්තේ ඔහු දෙසයි.එක් ක්ෂණයකින් මොවුන්ව ඔහුට ගොනාට ඇන්ඳීමට හැකිවුනොත් ඔවුන් විස්මයට පත්වී කෑ ගසාවි. ඒ තමා සාමාන්‍ය මැජික් එකක් කරන විදිහ. හැබැයි ඔහුට අසාමාන්‍ය මැජික් එකක් කරන්න පුලුවන් වුනොත් මිනිස්සු ඔහුට පිස්සු වැටේවි.ඔබ ඉදිරියේ කුඩා ඇටයකින් පැලයක් හටගෙන එයින්ගෙඩිත් හට ගත්තොත් ඔබ ඔබේ ඇස් විස්වාස කරනවද? අන්න ඒ විදිහේ මැජික් කාරයෙක් ගැන තම මේ කියන්න හදන්නේ. මිනිස්සු ඔහුට කියන්නේ ඉන්ද්‍රජාලික අයිස්න්හයිම් කියලා.ඇත්තටම කිව්වොත් මැජික් එකකින් තමන්ගේ ඉරණම වෙනස් කරගත්ත පුද්ගලයෙක්. මොහු කුඩාකාලයේ වංශාධිපති පවුලක ගෑනු ළමයෙක් එක්ක සම්බන්දකමක් ඇතිකරගන්නවා.මොහු කුඩා කාලයේදීම මොහුගේ මේ පෙම්වතිය තමාගෙන් දුරස් වෙනවා. ඉතින් එතනින් තමා ඔහුගේ ඉරණම වෙනස් වෙන්නේ. අවුරුදු ගානකට පස්සේ ඔහුට ඇයව නැවත මුණ ගැහෙද්දි ඇය බේරෙන්න බැරි තරම් ලොකු කරදර ගණනාවක පැටලිලා ඉන්නේ. ඉතින් මොහුට අයව කරදර වලින් ගලවාගන්න පුලුවන් වෙයිද?ඒ කොහොමද?මැජික් එකකින්ද ? ඇත්තටම මැජික් එකකින් එවැනි දෙයක් කළහැකිද?ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා. මම කලින් ඉහත සදහන් කරපු ආකාරයට ඔබව විස්මයට පත්කරවන සිද්දීන් ගනනාවක් මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනවා. සමහරවිට ඔබට මේකේ අතර මැදදී හිතේවි මෙය මෙසේ සිදුවිය යුතු නැහැ, මෙසේ අවසන් වියයුතු නැහැ කියල.අවසාන තප්පරය දක්වා බලන්න. ඔබත් රැවටුනාද කියල.ඔබ the prestige(2006) චිත්‍රපටයේ රසිකයෙක්න්ම් ඔබ මෙයත් නරඹනවා නො අනුමානයි.වර්තමානය වානිජකරණයට ලක්වුණු සිනමා ශ්‍රේෂ්ත්‍රයේ නමටත් , ප්‍රසිද්දියටත්ගැ පෙන හරවත් සිනමා නිර්මාණ එලියට එන්නේ බොහොම අඩුවෙන් .ඔබත් නව නිර්මාණ නරබනවා නම් සමහර චිත්‍රපට වල නමේ,ප්‍රසිද්දියේ තියන තරම් වටිනාකමක් චිත්‍රපටයේ නැතිබව ඔබට තේරෙනවා ඇති.ඉතින් මේක ටිකක් පරණ වුනත් වටින් නිර්මාණයක්. ඒ වගේම ඔබ නැරබිය යුතුම ගනයේ චිත්‍රපටයක්.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවින්ද්‍ර තෙන්නකෝන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Daedunu
09-21-2012, 10:48 AM
උපසිරැසි වලට ස්තූතියි!

copper
09-21-2012, 11:02 AM
මෙන්න මරු ෆිල්ම් එකක් දිලා.දැන් සමහර විට සමහරක් අර ලොකුයි කියන සයිට් වලටත් මේ ෆිල්ම් එක පෙන්න ගනිවි.මේකේ සබ් එක දාවි.කොහොමත් දැන් දවසට දෙක තුන දෙන්න ඕන කමට කරන්නේ වෙන වෙන සයිට් වල තිබ්බ සබ් අරන් බලාගෙන ආපහු වෙනස් කරලා ටයිප් කරලා දාන එකනේ.ඒ තරමට 2.50 තත්වයට වැටිලා.මේකත් ඒ වගේ එකක ලගදිම ගියොත් මම නම් පුදුම වෙන්නේ නෑ.මේවා කියන්න ආස නෑ කිව්වේ ඇස්කන් පියන් අපි බලන් ඉන්නම බැරි නිසා.


රවින්ද්‍ර මචන් සබ් එකටනම් ගොඩක් ස්තුතියි.උඔ දුන්න ෆිල්ම් කොහොමත් සිරා.October sky එහෙම මම දෙපාරක් බැලුවා.මේකත් අරන් බලන්න ඕන. පුලුවන් වෙලාවට තව මැක්සා ෆිල්ම් එකක් දාන්න මචන්.උඔට ජයවේවා. :clap: :clap:

tanuja
09-21-2012, 11:17 AM
නියමයි. elaz. සබ්වලට ස්තූතියි!

CJA
09-21-2012, 11:25 AM
එල මචෝ.. ‍ෆිල්ම් එක මට ලඟදි හම්බුනා විතරයි.. සබ් නැතුව බලන්න හිතුනෙ නෑ.. දැන් ඔයාගෙ සබ් එකත් එක්ක පට්ටෙටම බැලුවහැකි... තව හොද ‍ෆිල්ම් එකකට සබ් අරන් එන්න.. ජයවේවා මචෝ... :thumbsup::thumbsup:

HEDZ
09-21-2012, 11:33 AM
මෙන්න මරු ෆිල්ම් එකක් දිලා.දැන් සමහර විට සමහරක් අර ලොකුයි කියන සයිට් වලටත් මේ ෆිල්ම් එක පෙන්න ගනිවි.මේකේ සබ් එක දාවි.කොහොමත් දැන් දවසට දෙක තුන දෙන්න ඕන කමට කරන්නේ වෙන වෙන සයිට් වල තිබ්බ සබ් අරන් බලාගෙන ආපහු වෙනස් කරලා ටයිප් කරලා දාන එකනේ.ඒ තරමට 2.50 තත්වයට වැටිලා.මේකත් ඒ වගේ එකක ලගදිම ගියොත් මම නම් පුදුම වෙන්නේ නෑ.මේවා කියන්න ආස නෑ කිව්වේ ඇස්කන් පියන් අපි බලන් ඉන්නම බැරි නිසා.


රවින්ද්‍ර මචන් සබ් එකටනම් ගොඩක් ස්තුතියි.උඔ දුන්න ෆිල්ම් කොහොමත් සිරා.October sky එහෙම මම දෙපාරක් බැලුවා.මේකත් අරන් බලන්න ඕන. පුලුවන් වෙලාවට තව මැක්සා ෆිල්ම් එකක් දාන්න මචන්.උඔට ජයවේවා. :clap: :clap:

කාටවත් අපි මුකුත් කියලා වැඩක් නෑ.ඒ අය කරන දේවල් ඒ අයට තියෙයි.ඔවුන් සැබැවටම දන්නවානේ සිදුවන දේ කුමක්ද කියලා.අපි අපේ පාඩුවේ ගමන යමු.අප සමග අත්වැල් බැදගත් හොද කණ්ඩායමක් ඉන්න බව මම දන්නවා.මේ දැන් තියන ගැටුම් පිළිබද ඇතැම් අයට දන්වලා යැව්වත් ඔවුන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.ඒ ඔවුන්ගේ කැමැත්ත වෙන්න ඇති..ZOOM එක ඉස්සර ඉදන් ආපු ගමන ඒ විදියටම අදටත් යනවා.අපිට කාටවත් මුකුත් කියන්න උවමනා නෑ.ඒ නිසා කමෙන්ට් එකකින් අනිත් හැමෝමත් උපසිරැසි ගන්වපු පුද්ගලයා හා ඒහි යොජනා චොදනා පමණක් තියනවා නම් පලකරන මෙන් අන් අයගෙනුත් කාරුණිකව ඉල්ලා සිටිනවා.මොකද මේ කමෙන්ට් මොඩරේට් වෙන්න දාලා නෑ.ඔබේ අදහසට නිරන්තුරු අපි ඉඩ දිලා තියනවා ඔබට හිතෙන දේ පල කරන්න අන් අය ගැන නොව උපසිරැසි නිර්මාණය ගැන පිළිබදව පමණක්..අපිට කාත් එක්කවත් තරගයක් නෑ යාළුවනේ.අපිට අභියොගයක් වන්නේ අන්කවුරුත් නොව අපිම පමණයි.

Time Traveler
09-21-2012, 11:35 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::clap::cla p::clap::clap::clap::clap::40_002::40_002::40_002: :40_002:

http://www1.picturepush.com/photo/a/9695009/1024/my-pictures/3.gif

TharinduFox
09-21-2012, 11:39 AM
Thanks a Lots

Punisher
09-21-2012, 11:46 AM
නියම ෆිල්ම් එකක් නේ සබ් එක්කම දිලා තියෙන්නේ.මේක නම් අනිවාර්යෙන් බලනවා මචන්.මේ වගේ ෆිල්ම් එකක් නොබලපු දැස් මක්කෙටෙයි නේ

Viraj_rox
09-21-2012, 12:14 PM
බොහෝම ස්තුතියි මචන්

CREATIVEN
09-21-2012, 12:53 PM
http://i.imgur.com/BqYl0.jpg

මෙන්න නියම ෆිල්ම් එකක්. .
මම මේක කලිං බලල තියෙනව කතාව ඇත්තටම නියමයි. .
අවසානය හිතන්න බැරි විදියෙ දෙයක් වෙන්නෙ..
සබ් එකට ගොඩක් ස්තුතියි..

Anushiz
09-21-2012, 01:05 PM
හොද චිත්‍රපටියක් වගේ බොහෝමත්ම ස්තුතියි උපසිරැසි ගන්වලා අපිට මේ විදියට චිත්‍රපටි ගෙනත් දෙනවට :clap::clap:<3<3

ips
09-21-2012, 01:45 PM
thnx...

MANJU
09-21-2012, 02:23 PM
ෆට්ට

Zen
09-21-2012, 05:31 PM
:thumbsup::thumbsup:

මරු හිරා
09-21-2012, 07:40 PM
බොහෝම ස්තුතියි මචන්

tharaka
09-21-2012, 07:45 PM
brrip එකට සබ් එක හදලා දුන්න එකනම් ගොඩක් හොඳයි.
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ.
මේ වගේ හොඳ නිර්මාණ වලට උපසිරැසි දාලා දෙන එකනම් ඇත්තටම හොඳ දෙයක්.
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා .

Gecko
09-21-2012, 08:55 PM
කතා දෙකක් නෑ ටොප් ක්ලාස් මුවි එකක් වගේ ස්තුතියි සහෝ :)

Demax
09-21-2012, 09:41 PM
ස්තුතියි.

*maheshi*
09-22-2012, 09:01 AM
ගොඩක් හොද ෆිල්ම් එකක් වගේ.මේ වගේ උපසිරැසි දාන එකත් පොඩි අභියෝගයක්.මොකද අර්ථය හරි විදියට එන්න දාන්න ඕන නේ.නැත්නම් අපිටත් චිත්‍රපටිය නොතේරි යන්න ඉඩ තියනවා.ඒ අභියෝගය බාරගෙන මේ වගේ උසස් නිර්මාණයකට උපසිරැසි දාපු එක නම් ගොඩක් හොදයි තව මේ වගේ හොද චිත්‍රපටියකකට උපසිරැසි අරන් එවි කියලා හිතනවා. :yes: :yes:

MANJU
09-22-2012, 10:20 AM
:yes:

Castiel
09-22-2012, 12:35 PM
ස්තූතියි උපසිරැසියට,