PDA

View Full Version : Cloverfield [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-21-2012, 09:13 PM
Cloverfield [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m245-cloverfield-2008-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m245-cloverfield-2008-sinhala-subtitles))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1060277/)

http://www.zoom.lk/forums/downloads/subs/clover/cloverfield.jpg


ඔන්න යාලුවනේ මගේ පස්වැනි සබ් එක දෙන්නයි මේ හදන්නේ. මේක අපේ හෙඩ්ස් ගේ ඉල්ලීමකට කරපු උපසිරැසියක්. මේ චිත්‍රපටය Cloverfield. 2008 වසරේ තමයි තිරගත වුනේ. මේක වෙනස්ම කතාවක්, බලනකොට තේරෙයි.මෙයට IMDB හි 7.2ක ඉහල අගයක් ලැබිලා තියනවා ඒ කියන්නේ හොද චිත්‍රපටියක් බව ඔබට තේරේනවා ඇති.ගෙවෙන හැම තත්පරයකම කුතුහලය කැටි කොට තියාගන්න මේ චිත්‍රපටිය සමත්වෙනවා.මේ චිත්‍රපටිය කොහොමත් ටිකක් වෙනස් අත්දැකිමක් වේවි.ඔබ නරඔලා තියනවද The Darkest Hour ඉංග්‍රිසි චිත්‍රපටිය.ඒ චිත්‍රපටය මේ චිත්‍රපටිය අනුසාරයෙන් හැදුවද කියලත් හිතෙනවා.යාළුවෝ ටිකක් කලබ් එකකට වෙලා විනෝද වේවි ඉන්න අතර වාරයේ එක පාරටම නගරයේ විදුලිය විසන්දිවෙනවා.යළිත විනාඩි කිහිපයකින් විදුලිය පැමිණෙන විට නගරයට යම් කවුරුන් හෝ දරුණූ ලෙස පහර දිමට පටන් ගන්නවා.ප්‍රවෘත්ති වල පවසන පරිදි කුමක් හෝ දෙයක් හෝ සතෙක් නගරයට හානිකරනවා කියලා මේ යාළුවන්ට දැනගන්න ලැබේනවා.ඒ සමගම හමුදාව මගින් නගරයේ සියලුම පිරිස නගරයෙන් පිටත් කරන්න සුදානම් කරනවා.ඒ අතර සිටින පුද්ගලයන් කිපදෙනෙක් මේ සිදුවිමට මුණ දෙන සිද්ධිමාලාව තමයි චිත්‍රපටිය පුරාවට ගලා යන්නේ.නගරයට පහර දෙන ජිවියා කවුරුන්ද? හමුදාව හා මේ පිටසක්වලයන් අතර ගැටුමට මැදිවෙන මේ පිරිසට කුමක් වෙයිද? සියල්ල දැනගන්න මේ චිත්‍රපටිය අරගෙන බලන්න.

අප ලබා දි ඇති ටොරන්ට් පටය 300MB වුවත් එය ඉතාමත් ගුණාත්මක භාවයකින් යුතු YIFY පිටපතක් බව දන්වා සිටිමු.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා (http://www.zoom.lk/contributors/indika.html)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

MANJU
09-21-2012, 09:22 PM
මැක්සා පාරක් වගේ නේ
එල එල

Punisher
09-21-2012, 09:28 PM
තවත් සුපිරිම ෆිල්ම් එකක් දාලා.මේ වගේ ෆිල්ම් නම් ඉතින් හොය හොය ඉන්නේ.බොහෝම ස්තුතියි මචන්

මරු හිරා
09-21-2012, 09:29 PM
හප්පා දෙනවා කියල මෙහෙමත් දීමක්. මරු අප්පා. මේකත් බලන්න ඕන

MANJU
09-21-2012, 09:31 PM
තවත් සුපිරිම ෆිල්ම් එකක් දාලා.මේ වගේ ෆිල්ම් නම් ඉතින් හොය හොය ඉන්නේ.බොහෝම ස්තුතියි මචන්

http://yoursmiles.org/bsmile/fun/b0215.gif

Demax
09-21-2012, 09:37 PM
දෙනවා කියලා මෙහෙමත් දෙනවද අද දවසටම සුපිරි ෆිල්ම් ගොඩයි නියමයි මචන් ලා!!

Amila
09-21-2012, 09:55 PM
ට්‍රේලර් එක බැලුවම ආයේ හිතාගත්තා දැන්ම අරන් බලනවා කියලා :yes: අනිවා අද රෑම මේක බලනවා 300කොපිය බාලා.ස්තුතියි යාළුවා තව හොද මේ වගේම ෆිල්ම් එකක් අරන් එන්න.

CJA
09-21-2012, 09:56 PM
එල එල මචෝ.. මෙහෙම කථා බලන්න තමයි ගොඩක් ආස.. ජයවේවා මචං...

:thumbsup::thumbsup:

kandya
09-21-2012, 10:08 PM
පට්ට මචෝ....

Naveen
09-21-2012, 10:11 PM
"චිත්‍රපටයේ කතාව අපූරු විධියකට ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වෘත්තීය නොවෙන කැමරා ශිල්පියෙක් කැම් එකක් පාවිච්චි කරන විධියටම මේකෙදි කැමරාව හසුරුවලා තියෙනවා. ඒ වගේම කම්පනයට ලක් වෙද්දි කැමරාව අතේ තියෙන කෙනාට ඒක දැණෙන විධියටම අපටත් දැණෙනවා.
Cloverfield චිත්‍රපටියෙ තියෙන්නෙ නිව්යෝක් නගරයට පහර දෙන අද්භූත යෝධ සත්ත්වයෙක් ගැන කතාවක්. ඒ තරම් ජනප්‍රිය වුණ එකක් නෙවෙයි. නමුත් ඒකෙ කතා තේමාවෙ විධියට ඒක ඔය ගොඩ්සිලා, ට්‍රාන්ස්ෆෝමර්ස් තරම් නැතත් සෑහෙන්න ජනප්‍රිය වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නෙ.සමහර විට චිත්‍රපටියෙ නම, ඒ කතාවේ තේමාව නිරූපණය නොකිරීමත්, රඟපාන අය ඒ තරම්ම ජනප්‍රිය අය නොවීමත්, ඒ වගේ චිත්‍රපටි කීපයක්ම කලින් නිකුත් වෙලා තිබීමත් වගේ වගේ හේතු නිසා චිත්‍රපටය ජනප්‍රිය නොවෙන්න ඇති. නමුත් මට නම් ඒක නියම චිත්‍රපටියක්. ඒ වගේම ඒක පර්යේෂණාත්මක චිත්‍රපටියක්. "

RaviTH
09-21-2012, 10:12 PM
අපේ හිත ඉල්ලන ෆිල්ම් දෙන්නේ ඉතින් සුම් එකේ කොල්ලෝ කෙල්ලෝටික විතරමයි නේ.
මෙන්න මේ වගේ එවානම් 1000ක් දුන්නත් බැලුව හැකි.තව මේ වගේ සුපිරිම එකක් අරන් වරෙන් මචෝ. :clap:

Naveen
09-21-2012, 10:13 PM
ආයිමත් සිංහල උපසි‍රැසි එක්කම බලන්න ඕනේ.උපසි‍රැසි ගන්වපු යාළුවට ස්තූතියි.ජයවේවා!

පොඩ්ඩා
09-21-2012, 10:22 PM
කතා දෙකක් නෑ සුපිරි එකක් වෙන්න ඕන.කොහොමත් පොඩ්ඩාගේ මනාපේ මේ වගේ ෆිල්ම් වලට තමයි.මේ චිත්‍රපටියට උපසිරැසි දැම්මාට පොඩ්ඩාගේ අචාරය! :clap: :thumbsup::thumbsup:

Time Traveler
09-21-2012, 10:28 PM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

captain_haddock
09-21-2012, 10:32 PM
එල එල හොදේ..

danushika
09-21-2012, 10:47 PM
:thumbsup:

copper
09-21-2012, 11:16 PM
රම්පෙට පොරි පොකුරු පොකුරු කිව්වලු නියම ෆිල්ම් එකක් නේ මේක නම්!

PASANJAYASINGHE
09-22-2012, 12:07 AM
Thank you very much friend............

Daedunu
09-22-2012, 12:13 AM
මේක ලස්සන එකක් වගේ. උපසිරැසි වලට ස්තුතියි!

ips
09-22-2012, 08:33 AM
thnx bro...

*maheshi*
09-22-2012, 09:07 AM
පුංචි කොපි එකකුත් තියන එකේ අද දවල්ම බලන්න පුලුවන් වේවි වගේ.බොහෝම ස්තුතියි මේ වගේ චිත්‍රපටියකට උපසිරැසි දාලා ගෙනාවට. :)

Viraj_rox
09-22-2012, 10:10 AM
:thumbsup::thumbsup:

Castiel
09-22-2012, 12:29 PM
බලලා තියෙන ෆිල්ම් එකක්නෙ, එළ එළ ස්තූතියි උපසිරැසියට,

tharaka
09-22-2012, 08:45 PM
මේ වගේ ෆිල්ම් වලට ගොඩක් ආසයි මචෝ.
වෙලාවට මේක බලපු නැති ෆිල්ම් එකක්.
තවත් මේ වගේ ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා.
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා !

24dinith
01-15-2015, 04:12 PM
meka kohomada machn sub dounload kara ganne