PDA

View Full Version : Superman Returns [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-22-2012, 08:15 PM
Superman Returns [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m247-superman-returns-2006-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m247-superman-returns-2006-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0348150/)

http://www.zoom.lk/forums/downloads/subs/superman/superman.jpg


Superman කියන චරිතය ලොවට දායාද කලේ DC කොමික්ස් කියන ලොව සුපතල කොමික්ස් ආයතනයයි. මේ චරිතය මුල් වරට හඳුන්වා දුන්නේ 1932 දී Jerry Siegel සහ Joe Shuster කියන නිර්මාණ ශිල්පින් දෙදෙනා විසිනුයි. ඒ එකල Detective Comics, Inc ලෙස හැඳින්වූ සහ අද DC කොමික්ස් කියන ආයතනයේ කොමික්ස් පොතකටයි. සුපර් මෑන් කියන්නේ පෘතුවියේ මනුෂයෙක් නෙමෙයි. කොමික් පොත් වල සඳහන් වන අයුරින් ඔහු පැවතෙන්නේ Krypton කියන ග්‍රහ ලෝකයෙන්. ඔහුගේ පියා විද්‍යාඥයෙක්. නමුත් ඔවුන්ගේ ග්‍රහ ලොවේ සිදුවෙන විනාශ වීමක් නිසා ඔහුව ඔහුගේ පියා කුඩා කාලයේදීම රොකට්ටුවකින් පෘතුවියට එවනු ලබනවා. පසුව පෘතුවියේ Smallville කියන කුඩා ගමේ ගොවිපල යුවලක් විසින් මේ ළමයට Clark Kent කියා නම තබා ඔහුව හදා වඩා ගන්නවා. නමුත් ටික කාලයක් යන විට ඔහුගේ විශේෂී හැකියාවන් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. පසුව ඔහු Daily Planet නම් වූ පුවත්පත් ආයතනයේ වැඩ කරනවා.

මුල් වරට සුපර් මෑන් චරිතය මෝෂන් චිත්‍රපටියක් ලෙස නිකුත්වෙලා තියෙන්නේ. වර්ෂ 1978 දීයි. එතැන් පටන් Superman I, II, III, IV ලෙස කොටස් හතරක් 1987 වර්ෂය දක්වා තිරගත කරලා තියෙනවා. එහිදී ක්ලාර්ක් කෙන්ට් ගේ චරිතයට පණ දුන්නේ සුප්‍රසිද්ද නළු Christopher Reeve විසිනුයි. ඒ වගේම ක්ලාර්ක් කෙන්ට් ගේ Krypton කියන ග්‍රහ ලෝකයෙ පියා ලෙස රංගනය යෙදුනේ ලොව මහ සිනමා නළු Marlon Brando විසිනුයි. පසු කාලීනව ක්ලාර්ක් කෙන්ට් ගේ තරුණ අවදිය අලලා රුපවාහිනී කතා මාලවකුත් නිපන්දවනු ලැබුවා Smallville නමින්. කෙසේ නමුත් මේ චිත්‍රපටි මාලාවෙන් කලකට පස්සේ තමයි Superman Returns නම් වූ චිත්‍රපටය DC කොමික්ස් ආයතනය Warner Bros. Pictures සමඟ එකතු වී 2006 දී එලි දක්වන්නේ. මෙම චිත්‍රපටය නරඹනවානම් ඔබ අඩුම තරමින් Smallville කතා මාලාව වත් නරඹා නැතිනම්, මම කලින් කර තිබෙන විග්‍රහය ඔබට හුඟක්ම වැදගත් වෙනවා. මොකද මෙහිදී ක්ලාර්ක් කෙන්ට් සුපර් මෑන් වෙන්නේ කොහොමද කියල පෙන්වන්නේ නැහැ. චිත්‍රපටය පටන් ගන්නේ සුපර් මෑන් අවුරුදු පහක අතුරුදහන් වීමක් සමගින්. ඒ කාලය තුල අර මම කලින් සඳහන් කල Krypton ග්‍රහලොව ගැන විද්‍යාඥයන් සොයා ගන්නවා. පෘතුවිය තුළදීත් සුපර් මෑන් තමාගේ පියා සහ කතා බැහැ සහ තමාට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට භාවිතා කරන්නේ ක්‍රිස්ටල් (පළිඟු) සහිත භූමියක්. මෙම චිත්‍රපටයේ තවත් විශේෂී දෙයක් තියෙනවා, ඒ තමයි සිනමාවේ මහා සිනමා නළු වන 2004 වසරේදී මියගිය Marlon Brando ගේ රුපරමුවක් සහ ඔහුගේ දෙබසක් චිත්‍රපටයේ ආරම්භයේදී පෙන්වනු ලබනවා. එයත් හොඳින් බලන්න.

ලිපිය නිර්මාණය කිරීමට සහය දුන් Udara |රොකියා ට ස්තූතිවන්ත වෙන ගමන් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.තවත් චිත්‍රපටයක් සමග ලගදීම හමුවෙමු.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා (http://www.zoom.lk/contributors/naveen.html)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
09-22-2012, 08:27 PM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

Punisher
09-22-2012, 08:28 PM
නවින්ව කාලේකින් උපසිරැසි එකක් එක්ක දැක්කේ.ඉදලා ඉදලා නියම ෆිල්ම් එකක් අරන් එනවා නේ!
නියමයි මචන් ගොඩක් ස්තුතියි. :clap: :clap:

CJA
09-22-2012, 08:29 PM
මේක දෙනකම් හිටියෙ.. දැන්ම බාන්න දානවා.. ගොඩාක් ස්තූතියි නවීන් සහෝ.. ජයවේවා!!

:thumbsup::thumbsup:

LKnerd
09-22-2012, 08:30 PM
ස්තුතියි නවින්

imax
09-22-2012, 08:41 PM
මැක්සා මුවියක් බස්සලා නේ!! එල එල දැන්ම බානවා

tharaka
09-22-2012, 08:53 PM
මේකත් සුපිරිම ෆිල්ම් එකක් වගේ
කලින් බලල තිබුනෙ නැහැ.
දැන් ඔයාගේ සබ් එකත් එක්ක බලන්න පුළුවනි
මේ ෆිල්ම් එකේ තව කොටස් තියෙනවනම් ඒවටත් සබ් දාල දෙන්න
සබ් එකට ස්තූතියි
ජයවේවා!

මරු හිරා
09-22-2012, 08:57 PM
මේක මම 2007 වගේ බැලුවා. ෆට්ටම ෆිල්ම් එකක්. තෑන්ක්ස් නවීන්. දැන් ආපහු බලන්න පුළුවන්

Dilshan
09-22-2012, 09:05 PM
සුපර් මැන් කතා නම් එකක් වත් බලලා නෑ කාටුන් තමයි බලලා තියෙන්නේ.දැන් ෆිල්ම් එකම බලන්න පුලුවන්.විස්තරේටය ෆිල්ම් එකටයි සබ් එකටයි සේරටම ස්තුතියි මචන්.

Udara|රොකියා
09-22-2012, 09:14 PM
නවින් සෑහෙන්න ඉක්මනට මේ සබ් එක දීලනේ ....
කොමික්ස් සුපර් හීරෝස් චරිත වලට කැමති ඇය අනිවාර්යෙන් බලන්න මේ චිත්‍රපටය !

Isuru1990
09-22-2012, 09:20 PM
නියමයි මචන් ගොඩක් ස්තුතියි!

Viraj_rox
09-22-2012, 11:02 PM
සුපර් මැන් කතා නම් එකක් වත් බලලා නෑ මේක බලන්න ඕන අරන් සබ් එකත් තියනවනේ

tanuja
09-23-2012, 01:03 AM
සබ් එකට ස්තූතියි! ජයවේවා!

ips
09-23-2012, 07:00 AM
ela....

*maheshi*
09-23-2012, 09:34 AM
ගොඩක් හොද විස්තරයක් එක්කම කතාව ඉදිරිපත් කරලා තියන නිසා ගොඩක් හොදයි.මේක නම් බලලා තිබුනේ නැහැ.අද අරන් බලන්න ඕන මේක.

Castiel
09-23-2012, 11:51 AM
අලුත් එකකුත් එන්න තියෙනවනේ එන අවුරුද්දෙ,,,, එළ එළ ස්තූතියි උපසිරැසියට,

Anushiz
09-23-2012, 12:02 PM
සුපර් මැන් කාටුන් බලලා තිබ්බට ෆිල්ම් එකක් නම් බලලා නෑ.දැන් එකත් හරි ෆිල්ම් එක බලන්නත් පුලුවන්.ස්තුතියි නවීන්. :)

kavinda gamage
06-03-2013, 05:21 PM
:cool::cool:කොමික්ස් සුපර් හීරෝස් චරිත වලට කැමති ඇය අනිවාර්යෙන් බලන්න මේ චිත්‍රපටය

thilanka mihiranga
06-04-2013, 01:28 PM
එල එල නවිය... තෑන්කූ