PDA

View Full Version : Knight And Day [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-25-2012, 08:29 AM
Knight And Day [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m250-knight-and-day-2010-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m250-knight-and-day-2010-sinhala-subtitles))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1013743/)

http://www.zoom.lk/forums/downloads/subs/knight/knight.jpg


කාලේකට පස්සේ මමත් ඔන්න උපසිරැසි එකක් අරන් එන්න හිතුවා ඇත්තටම මේ චිත්‍රපටිය මට දකින්න ලැබුනේ ලගදි අහම්බෙන්.දැක්කම හිතුනා මේකට උපසිරැසි දුන්නා නම් හොදයි කියලා.මේ චිත්‍රපටියේ කොහොමත් හොද නළු නිළි යුගලයක්ම රංගනයෙන් දායක වෙනවා.IMDB හි 6.3ක අගයක් හිමිකර ගැනිමටත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා.ඇක්ෂන් හා කොමඩි පැත්තට ටිකක් නැඹුරු මේ කතාව බලලා නැත්නම් අනිවාර්යෙන් අරන් බලන්න කියලා ඉල්ලනවා.

චිත්‍රපටිය ආරම්භ වෙන්නේ ගුවන්තොටුපලක දර්ශනයකින්.රෝයි මිලර් (Tom Cruise) හා ජුන් හේවන්ස් (Cameron Diaz) එකම ගුවන් යානයේ ගමන් ගන්න ඉන්න දෙන්නෙක්.ජුන් තමන්ගේ සහෝදරියගේ කසාදයට සහාභාගි වෙන්න තමයි මේ ගමන යන්න හදන්නේ හැබැයි රොයි මිලර් යම්කිසි වෙනත් සැලැසුමක් මත තමයි යන්න හදන්නේ.මේ පෙලෙන් එකේ ගමනේදි ජුන් ට නොසිතු විරු කරදර ගොඩකට මුණ පාන්න සිදුවෙනවා.ඒ එක්කම කොහේවත් යන ප්‍රශ්යකට මැදි වෙන්නත් එයාට සිද්දවෙනවා.මේ සේරම වෙන්නේ රෝයි මිලර් නිසා.කවුද මේ රොයි මිලර් කියන්නේ හොරෙක්ද ත්‍රස්තුවාදියෙක් ඔහුගේ මේ ප්‍රශ්නයට මැදිහත් වෙන ජුන්ට වෙන්නේ මොකක්ද? මේ සෙරම කතාව අරන් බැලුවම ඔයාට ලිහාගන්න පුලුවන් වේවි.ඒ වගේම මේක ඇක්ෂන් වගේම හොදට හිනාවේවි බලන්න පුලුවන් චිත්‍රපටියකුත් වේවි.ලගදිම තවත් චිත්‍රපටියකින් හමුවෙමු.චිත්‍රපටි ඉක්මනට ඔයාලට දෙන්න උපසිරැසි ගන්වන්න උදව් උන මහේෂිටත් ගොඩක් ස්තුතියි.







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සෙනුරි නවෝද්‍යා (http://www.zoom.lk/contributors/senuri.html)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-25-2012, 08:54 AM
සුපිරි නළු නිලි දෙන්නෙක්ගේ චිත්‍රපටියක් නේ! සිංහල උපසිරැසි එක්කම දුන්නට ගොඩක් ස්තුතියි සෙනුරියෝ! :thumbsup::thumbsup:

Demax
09-25-2012, 09:00 AM
මමත් මේක ගන්න දැම්මා

CJA
09-25-2012, 09:09 AM
උදේ පාන්දරම සෙනුරි අක්කගෙන් නියම ‍ෆිල්ම් එකකට සබ් එකක්නෙ.. මේක බලලා නෑ අක්කෙ.. දැන් ඔයාගෙ සබ් එකත් එක්ක නියමෙටම බලන්න පුලුවන්... එලම වැඩක් තවත් හොද ‍ෆිල්ම් අපිට අරන් එන්න.. ජයවේවා!!

:thumbsup::thumbsup::clap::clap:

Hash
09-25-2012, 09:17 AM
උදේ පාන්දරම මැක්සාම ෆිල්ම් එකක් දිලානේ අනිවා අරන් බලන්න ඕන.මේක අහලා තිබ්බට බලන්න වෙලා නම් නෑ
දැන් සබ් එක්කම බලන්න පුලුවන් :)

Castiel
09-25-2012, 09:38 AM
ස්තූතියි උපසිරැසියට,

Anushiz
09-25-2012, 09:47 AM
ලස්සන චිත්‍රපටියක් වගේ බොහෝම ස්තුතියි ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දැම්මට.මේක මමත් අරන් බලන්නම්.හොදම චිත්‍රපටි හැමදාම අරන් එනවට ගොඩක් ස්තුතියි. :clap:

Time Traveler
09-25-2012, 10:24 AM
සිංහල උපසිරැසියට ස්තූතියි සෙනුරි!

http://www2.picturepush.com/photo/a/10023740/1024/my-pictures/4-3.gif

tanuja
09-25-2012, 10:31 AM
සිංහල උපසිරැසි වලට thanx!

මරු හිරා
09-25-2012, 10:50 AM
meka fatta film eka... thanks

Dilshan
09-25-2012, 11:59 AM
මේක සුපිරි ෆිල්ම් එකක් නේ සබ් එක්කම දුන්න එක නම් ගොඩක් හොදයි නියමයි!! 

CREATIVEN
09-25-2012, 12:54 PM
http://i.imgur.com/BqYl0.jpg

සෙනුරි අක්ක ඇක්ෂන් ෆිල්ම් එකක්ම තෝරගෙන නේ. .
ජයවේවා . .

Sithum Dinesh
09-25-2012, 12:59 PM
මමත් මේක ගන්න දැම්මා. ස්තූතියි උපසිරැසියට.

danushika
09-25-2012, 02:06 PM
අනිවාර්යෙන් අරන් බලන්න ඕන අක්කා හෝ නංගි
බොහෝම ස්තුතියි ඔයාලා මේ කරන වැඩේ නම් සුපිරි.

tharaka
09-25-2012, 08:27 PM
ගොඩක් ස්තූතියි.
මේ ෆිල්ම් එක බාගෙන තිබුණත් සිංහල නැතිව බලන්න හිතුනේ නැහැ.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා !