HEDZ
09-27-2012, 12:41 AM
Ice Age 4 : Continental Drift [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m257-ice-age-4-continental-drift-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m257-ice-age-4-continental-drift-2012-sinhala-subtitles))
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1667889/)
http://www.zoom.lk/forums/downloads/subs/iceage4/ICEAGE4.jpg
කොහොමද යාලුවනේ.. ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේ වසරේ තිරගත වුණු, අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටියයි මේ. දැන් අයිස් ඒජ් චිත්‍රපට මාලාවත් ටිකක් හැරී පොටර් චිත්‍රපට මාලාවේ ස්වභාවය අරන්. හැරී පොටර් පළමු චිත්‍රපටිය හරිම විනෝද එකක්. ඒක නරඹලා හැරී පොටර් අවසන් චිත්‍රපටිය නරඹනකොට හිතාගන්නවත් බෑ ඒක කොහොමද ඒ තරම් දරුණු වුණේ කියලා. අයිස් ඒජ් පළමු චිත්‍රපටිය ඔයාලට මතකයි නේද? යාලුවෝ තුන් දෙනා අතරමං වුණු පුංචි ළමයෙක්ව එයාගේ තාත්තාව හොයාගෙන ගිහින් එයාට භාරදුන්න කතාව. ඒක බලලා මේ චිත්‍රපටිය බැලුවොත් තේරෙයි ඔයාලට වෙනස. මේක ගොඩක් ඉදිරියට ඇවිත්. IMDB Ratings 6.9/10 ක් මේ වෙනකොට ලබාගැනීමට සමත් වී තිබෙනවා.
කතාව ගැනත් පොඩි විස්තරයක් කියන්නම්කෝ..
ඔයාලා දන්නවා අයිස් ඒජ් කතා මාලාව දිවෙන්නේ මීට වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ සිදුවුණු සිදුවීම් රැසක් ඇසුරෙනුයි. මේ කතාවේ පසුබිම වන්නේ පෘථිවිය මහාද්වීපවලට බෙදීම (මහාද්වීපික ප්ලාවිතය) සිදුවුණු ආකාරයයි. ඒක ඇත්තටම මේ විදියට නොවුණත් කතාවේ තේමාව ඒකයි :)
පෘථිවියේ භූ පැලීම් සිදුවීම්, හිම කඳු දියවීම්, භූමිකම්පා ආදී දේ නිසා සතුන්ට සිදු වූ හානි, පවුලේ අයගෙන් වෙන්වීම්, අපේ සත්තු කණ්ඩායම වන මැනී, ඩියේගෝ, සිඩ් විවිධ අකරතැබ්බවලට මුහුණ දෙමින් තම පවුලේ අයව නැවත සොයාගෙන යන ආකාරය, ඔවුන්ට අතරමගදී හමුවන විශාල සතුරු කණ්ඩායමක පහර දීම් ආදිය තමයි මේ කතාවේ තියෙන්නේ. මම මේ කතා මාලාවේ කැමතිම චරිතය තමයි ලොකු වලිගයක් තියෙන ලේනා (Scrat) එයාගේ බොහොම හොඳ වැඩ ටිකකුත් බලාගන්න පුළුවන් :D ඒ වගේම මේ අයිස් ඒජ් කතා මාලාවේ තියෙන ලොකු වටිනාකමක් තමයි ලොකු වලිග ලේනා (Scrat), මැමත් (Mammoth), ඩොඩෝ (Dodo), ආදී සීල් මත්ස්‍යයා (Old Zeal), ආදී උරගයින් (Old Dinosaurs) වගේම තවත් මෙලොවින් වඳවී ගිය සතුන් බොහෝමයක් අපිට නිරූපණය කර පෙන්වීම. ඒ වගේ සතුන් මෙහෙම හරි දකින්න ලැබීම වාසනාවක්නේ :)
හැමෝම බලලා විනෝද වෙන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් (http://www.zoom.lk/contributors/prasad.html) විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න