PDA

View Full Version : Eden Lake [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-27-2012, 10:56 AM
Eden Lake [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m258-eden-lake-2008-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m258-eden-lake-2008-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1020530/)


http://www.zoom.lk/forums/downloads/subs/eden/eden_lake.jpg


2008 වසරේ තිරගතවුනු මෙය Horror චිත්‍රපට යටතේ විශේෂ තැනක් ගනී.IMDb චිත්‍රපට දර්ශකයේ 6.9 වැනි අගයක් ලබා ගත් මෙය සම්මාන 4 දිනා ඇති අතර සම්මාන 5 සදහා නිර්දේශ වී තිබෙනවා.චිත්‍රපටය මනා තාත්වික අන්දමින් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂි අංගයකි.මෙහි Kelly Reilly,Michael Fassbender වැනි තරු රංගනයෙන් දායකත්වය දක්වනවා.

කතාව ගැන කියනවනම් ස්ටීව්,ජෙනි යුවල තම සති අන්ත නිවාඩුව ගත කිරීමට ඈත පිහිටි ප්‍රදේශයකට යනවා.ඒ පෙම් සුව විදිමින් ඔවුන්ගේම ලොවක හුදෙකලා වන්නටය.ඔවුන්ගේ එම සතුට වැඩි වෙලා විදින්න ලැබෙන්නේ නැත.මක්නිසාද යත් ඔවුන් හට මුහුන දීමට සිදුවූයේ ඔවුන් කවරදාකවත් නොසිතූ සිදුවීම් පෙලකටය.අනුකම්පාවක ගැවිවත් නැති නොමැත බාල වයස්කාරයන් කිහිපදෙනෙකුගේ අත ඔවුන්ගේ ඉරණම ‍රැදී තිබුනේ ඔවුන්ටවත් කිසිවක් සිතා ගන්නටවත් නොහැකි ලෙසය.සතුට,ආදරය සුන්දරත්වය සොයා ගිය මේ දෙපලට අවසානයේ ඇදි ආවේ ඔවුන් ජිවිතේටවත් බලාපොරොත්තු නොවු අවාසනාවකි.තිරිසන් සතෙක් වෙනුවෙන් මිනිස් ජිවිතයක් වන්දි ගෙවිය යුතුද? ආරම්භයේ සිට අවසානය දක්වා ත්‍රාසය භිතිය කැටිකරගත් මේ සිනමා නිර්මාණය ඔබගේ හිත හයියනම් නැරඹිය හැකිය.මං එසේ කිවේ මෙම චිත්‍රපටයේ ඇතැම් විට දරුණු වද හිංසා ඇති දර්ශන තිබෙන නිසාය.කේසේ වුවත් චිත්‍රපටිය ගැන පෙර ඉගියක් ලබා ගැනිමට අනිවාර්යෙන් ඔබ මේ චිත්‍රපටයේ ඉහත ඇති පෙර රුපරාමු නරඹාසිටින්න.නැවත තවත් උපසිරැසි නිර්මාණයක් සමගින් හමුවෙන තෙක් සමුගන්නම්.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා (http://www.zoom.lk/contributors/naveen.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
09-27-2012, 11:02 AM
http://www2.picturepush.com/photo/a/10212345/1024/my-pictures/5-1.gif

Viraj_rox
09-27-2012, 11:08 AM
පොඩ්ඩන්ට ලොක්කන්ට සමබරව චිත්‍රපටි දෙන්නේ ඉතින් සුම් එකෙන් විතරයි නේ මේ වගේ ෆිල්ම් නම් නොබලා ඉන්නේ නෑ අනිවා බාලා බලනවා.ස්තුතියි නවීන්

Amila
09-27-2012, 11:31 AM
thanks machan :)

Demax
09-27-2012, 11:39 AM
මේක ගැන අහලා තිබ්බට බලන්න වෙලා නම් නෑ මචන් දැන් ඉතින් උබේ සබ් එකත් එක්කම බලනවා
එලකිරි!

CREATIVEN
09-27-2012, 12:31 PM
http://i.imgur.com/BqYl0.jpg

ස්තුතියි මිත්‍රයා..
හොරර් නේහ්.. මේ දවස් ටිකේම බැලුවෙ ඔව්ව තමා..:D
ජයවේවා.. උපසිරැසියට ආයෙමත් ස්තුතියි ඔයාට

Punisher
09-27-2012, 12:36 PM
නවින් දුන්නොත් ඉතින් අහන්න දෙයක් නෑ සුපිරිම එකක් තමයි හොයාගෙන එන්නේ. :yes: තවත් හොද ෆිල්ම් එකක් හොයාගෙන ඇවිත් සබ් දාන්න.:) :)

Dilshan
09-27-2012, 01:10 PM
Film දෙනවා නේද හිටු හිටු කියලා නියමයි එක තමයි වෙන්න ඕන.
මමත් මේක අරන් බලන්නම් මචෝ

Zen
09-27-2012, 01:50 PM
කිව්ව නිසා ට්‍රේලර් එක බැලුවා.අවුලක් නැතුව බලන්න පුලුවන් වගේ.කොහොමත් ෆිල්ම් බලන්නේ තනියමනේ. :D
උපසිරැසි එකට තැන්කු

මරු හිරා
09-27-2012, 02:06 PM
තෑන්ක්ස් මචෝ. මේකත් ඉතිං අනිවා බලන්නම ඕන

පොඩ්ඩා
09-27-2012, 05:24 PM
මම හිතුවේ හොල්මන් සින් එකක්වත්ද දන්නේ නෑ කියලා හොල්මන් නෙමෙයි නම් ඉතින් ඕන එකක් කමක් නෑ උපසිරැසි දුන් ඔබට පොඩ්ඩාගේ අචාරය.!

CJA
09-27-2012, 07:58 PM
නවීන් සහෝගෙන් තවත් සුපිරි වැඩක්.. නියමයි සහෝ.. ගොඩක් ස්තූතියි... :)

tharaka
09-28-2012, 09:37 PM
ගොඩක් ස්තූතියි මචෝ.
මේක ටිකක් පරණ වුනාට බලපු නැති එකක්.
මේ වගේ ෆිල්ම් එකක් දුන්න එකනම් ගොඩක් හොඳයි.
ඉදිරියට තවත් ලස්සන ෆිල්ම් රැසකට සබ් ලබාදෙන්න හැකිවේවා.
ජයවේවා

Dilanga1234
11-20-2018, 10:13 AM
kohomada download karanne sinhala sub eka meke