PDA

View Full Version : Kya Super Kool Hai Hum [2012] සිංහල උපසිරැසි



HEDZ
09-28-2012, 08:37 PM
Kya Super Kool Hai Hum [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m261-kya-super-kool-hai-hum-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m261-kya-super-kool-hai-hum-2012-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2027138/)


http://www.zoom.lk/forums/downloads/subs/kya/KYA.jpg


ඔන්න ඉතිං යාළුවනේ මගේ 17 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ හදන්නේ. මෙදා පාරත් මම අරගෙන ආවේ මේ වසරේ ඉන්දියාවේ මේ වෙනකොටත් අති සාර්ථකව තිරගත වෙන සුපිරි චිත්‍රපටියකුයි. මේක පට්ටම පට්ට කොමඩියක්. මේක IMdb Rating 5.2/10 ක් අරගෙන තියෙනවා. ඉතිං මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න මම බාර අරගෙන ටිකක් කල් වෙනවා. මේ දවස් වල යෙදුන රාජකාරී බහුලත්වය නිසා තමයි වැඩේ ඉවර කරගන්න ටිකක් විතර පරක්කු උනේ. කොහොම උනත් අපේ හෙඩ්ස් නම් කොයි මොහොතකවත් මේක ඉක්මනට කරලා එවන්න කියලා මට වද දුන්නේ නෑ. ඒක ඉතිං හැමෝම දන්න දෙයක්නේ.

දැන් ඉතිං මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ කතාව, දෙබස්,තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sachin Yardi විසිනුයි. මේකේ ර්‍පධාන චරිත වලට පණපොවන්නේ ඉන්දියාවේ කොමඩි කිංලා කිහිප දෙනෙක්. ඒ තමයි අනුපම් කේර්, රිතිෂ් දේෂ්මුක් සහ තුෂාර් කපූර් ඇතුළු නළු නිළියන් කිහිප දෙනෙක්. කතාව ගැන පොඩ්ඩක් විතර කියනවා නම් ආදී (තුෂාර් කපූර්) සහ සිඩ් (රිතිෂ් දේෂ්මුක්) කියන්නේ අඹ යාළුවෝ දෙන්නෙක්. හැබැයු මුන් දෙන්නටම රස්සාවල් නෑ. ආදීගේ සිහිනය තමයි ජනප්‍රිය නළුවෙක් වෙන එක. ඒත් සිඩ් කැමති ඉන්දියාවේ ජනප්‍රිය ඩීජේ ශිල්පියෙක් වෙන්නයි. දෙන්නම එකිනෙකාගේ සිහින කරා යන අතරතුර මේ දෙන්නාට කෙල්ලෝ දෙන්නෙක් මුණ ගැහෙනවා. එක්කෙනෙක් සිම්රන් (නේහා ෂර්මා) එයාට ඇහැ ගහගෙන ඉන්නේ ආදී. අනිත් කෙනා අනූ (සාරා ජේන් ඩයස්) එයාට ඇහැගහගෙන ඉන්නේ කවුද කියලා දැන් දන්නවනේ. ඉතිං මේ දෙන්නව හමුඋනාට පස්සේ මේ දෙන්නගේ ජීවිත වලට මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.

ආ තව දෙයක් බොහෝවිට ඔයාලට මේ සතියේ ඉදන් මගේ තව අළුත් වැඩක් ගැන බලාගන්න පුළුවන් වෙයි. ඉතිං වෙනදා වගේම හැමෝටම මොනවා හර කොටලා යන්න කියලා ආරාධනා කරමින් තවත් සුපිරි චිත්‍රපටියක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා.

සැමටම සතුටින් පිරි සති අන්තයක් වේවා!!!





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි (http://www.zoom.lk/contributors/suranga.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
09-28-2012, 08:40 PM
බොහොම ස්තුතියි සුරංග අයියේ

sujeewa
09-28-2012, 08:44 PM
ස්තුතියි සුරංග අයියේ

CJA
09-28-2012, 08:49 PM
එලෙත් එල කිව්වලු.. මෙන්න සුරංග අයියා තවත් පට්ට හින්දි එකක් බස්සලා... නියමයි සුරංග අයියේ... ගොඩාක් ස්තූතියි.. ජයවේවා!!

:thumbsup::thumbsup:

Punisher
09-28-2012, 08:53 PM
වැඩිය පෙන්නේ හිටියේ නැති උනාට ආයේ කල එළි බහින්නේ නියම ෆිල්ම් එකක් අරන් නේ.මට දැන් හින්දි ගැන බයවෙන්න දෙයක් නෑ සුරංග අයියත් හින්දි ෆිල්ම් දාන්න එන්ටර් වෙලානේ ඉන්නේ.මේක මට බලන්න උනෙත් නෑ.දැන් නම් අරන්ම බලන්න ඕන. :) :)

copper
09-28-2012, 08:58 PM
දෙනවා කියලා මෙහෙමත් දෙනවද අලුත් ෆිල්ම් දෙනවා හිටු හිටු කියලා.
මේකත් දැන් අර කස්ටිය දැකලා දායිද මන්දා ජුලි මාසේ හොද කොපි ආව Ishaqzaade එකත් සුම් එකෙන් දානකම් දැකලා ඉදලා නෑ නේ.මේකත් එහෙම කොපි කරයිද.. :growl: එවා කමක් නෑ සුම් එකේ කට්ටිය හොද දේවල් මුලින්ම දෙන එක වටිනවා.ස්තුතියි සුරංග අයියේ ජයවේවා!! :clap:

darsh46
09-28-2012, 09:07 PM
ස්තුතියි :):

Anushiz
09-28-2012, 09:25 PM
මේ දවස් ටිකේම ලස්සන හින්දි ෆිල්ම් ගොඩක් දුන්නා.අලුතෙන් ආපු එකකට අඩුවක් තිබුනේ මේ චිත්‍රබටිය විතරයි ඒ අඩුවත් දැන් සම්පුර්ණයි. ස්තුතියි සුරංග අයියේ :yes:

පොඩ්ඩා
09-28-2012, 10:25 PM
සුරංග අයියේ ගොඩාක් ස්තුතියි මම මේක රික්වෙස්ට් එකෙත් දැම්මා අනේ සබ් දෙන්න කියලා.
අපේ ඉල්ලිම් වලට ඇහුම්කන් දිලා උපසිරැසි දාපු එකට පොඩ්ඩාගේ අචාරය! :clap:

Viraj_rox
09-28-2012, 11:08 PM
ඔන්න දැන් ෆිල්ම් එක බාන්න දැම්මා

imax
09-28-2012, 11:38 PM
සුපිරි වැඩක් සහෝ කියන්න දෙයක් නෑ උපරිමයි :):

Time Traveler
09-28-2012, 11:44 PM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

tharaka
09-29-2012, 12:21 AM
ගොඩක් ස්තූතියි සුරංග.
තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ටිවි සීරීස් එකක් ඉක්මනට දෙන්න.
ජයවේවා

Amila
09-29-2012, 12:42 AM
මේකේ සබ් එක දෙනකම් හිටියේ මචන් ගොඩක් ස්තුතියි :clap:

Sithum Dinesh
09-29-2012, 12:53 AM
උපසිරැසි වලට තෑන්ක් යූ! මාත් බානවෝ.

*maheshi*
09-29-2012, 07:52 AM
තවත් ලස්සන චිත්‍රපටියකට උපසිරැසි කරලා තියෙන්නේ එක නම් ගොඩක් හොදයි.මමත් මේක අරන් බලන්නම්.හොදම විහිලු චිත්‍රපටි හදන්නේ කොහොමත් ඉන්දියාවේනේ.එක නිසා අනිවාර්යෙන් අරන් බලනවා.

Dokolla
09-29-2012, 08:02 AM
patta

RaviTH
09-29-2012, 08:14 AM
හැමදාම කියනවා වගේ හින්දිනම් ඉතින් අනිවා බලනවා අරන් මොනා තිබ්බත්
ජයවේවා මචන්!! :clap:

yevon1992
10-04-2012, 09:48 AM
thanks machan superb!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!