PDA

View Full Version : Project X [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-29-2012, 09:30 PM
Project X [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m262-project-x-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m262-project-x-2012-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1636826/)


http://www.zoom.lk/forums/downloads/subs/projectx/projx.jpg


ඔන්න මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමත් ගෙනාවා. කලින් දුන්නු ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුනා. මීට දවස් දෙකකට විතර කලින් ඔයාලට මම දුන්නා හින්දි චිත්‍රපටියක් Ishaqzaade කියලා. ඉතිං ඒකත් එක්ක බලද්දී මේ සතියේ මගේ මේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. හරි එහෙනම් අද චිත්‍රපටියේ කතාවට බහින්න කලින් දෙයක් කියන්න ඕනි ඔයාලට.මුලින්ම කියන්නම් මේ සම්පූර්ණ විස්තරය කියවන්න කියලා. චිත්‍රපටියේ නම Project X. ඇත්තටම මේක ගෙතෙන්නේ party එකක් වටේට. මම පොඩි දේවල් ටිකක් කියන්න ඕනි. මේක ඇත්තටම තරුණ අය වෙනුවෙන් ගහල තියෙන චිත්‍රපටියක්. මමනං සම්පූර්ණයෙන්ම කියන්නේ කරුණාකරලා මේක පොඩි අයනම් බලන්න එපා. මොකද මේකෙ උඩුකය නිරුවත් කාන්තාවන් පෙන්වනු ලබනවා. ඉතිං ඒක නිසා මම කියන්නේ මේක 18+ චිත්‍රපටියක් කියලා. හැබැයි මේකෙනක් හොඳ ආදර්ශයක් ගන්න පුලුවන්. ඉතිං මම කිව්වනේ මේක තරුණ පාර්ශවය උදෙසා නිර්මාණය වුන චිත්‍රපටියක් කියලා. ඉතිං මේකේ සමහරක් වචනනම් ඒ විදිහටම මට උපසිරැසි විදිහට පරිවර්තනය කරනන් බැරිවුනා. ඒ හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. චිත්‍රපටිය බලද්දී තේරෙයි ඒ ඇයි කියලා.... ඉතිං කොහොම හරි ...........
මේ කතාව තියෙන්නේ දවසක් ඇතුලත සිඳුවන කතා මාලාවක්. තෝමස් කියලා පිරිමි ලමයෙක් ඉන්නවා. එයා හරිම ඔතෑනියි. ඒ කියන්නේ එච්චර කාත් එක්කවත් සම්භන්ධතාවයක් නැතිව ඉන්න කෙනෙක්. එයාට ඉන්නෙම යාලුවෝ දෙන්නයි. ඉතිං කොහොම හරි ඔය කියන දවසේ එයාගේ ඒ කියන්නේ තෝමස්ගේ උපන් දිනය එලබෙනවා. ඉතිං පොඩි පාටියක් දාන්න තෝමසුයි එයාගෙ යාලුවෝ දෙන්න තුන්දෙනයි සැරසෙනවා. ඉතිං කොහොම හරි ගෙදරින් ඉවසර දෙනවා ගෙදර යාලුවෝ උපරිම පහක් ගේන්න. කොහොම හරි දිගින් දිගට ගිහින් උපරිම යාළුවෝ පනහක් ගේන්න අවසර ලබාගන්නවා. ඒත් අන්තිමේඳී හිතපු නැති විදිහට කට්ටිය වැඩිවෙනවා. ඒ තෝමස්ගේ යාලුවෙක් මඟින් සිඳුකරන ප්‍රචාර මඟින්. ඉතිං මේ පාටිය කොහොම හරි පාලනයෙන් තොර වෙලා ලොකු විනාශයක් වෙනවා. මමනං කියන්නේ තරුණ තරුණීයන් වශයෙන් හැම කෙනෙක්ම වගේ බලන්න ඕනි චිත්‍රපටියක්.

මේකට අමතරව තව දැනගන්න ඕනි තොරතුරු ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය පාදක කරගෙන ඇමරිකාවේ උත්සව තුනක් මේ විදිහට කොහොම හරි සංවිධානය කරල තියෙනවා. කොහොම හරි එක පාටියක්නම් පාලනයක් සහිතව ගානට ඉවරකරලා තියෙනවා. ඒත් උත්සව දෙකක් මේ විදිහටම ලොකු විනාශයක් කරල තියෙනවා. ඒ වගේම කියන්න සතුටියි ලංකාවේත් ෆේස්බුක් එක මඟින් ප්‍රචාර කටයුතු කරලා මේ වගේම සාදයක් පවත්වන්න හදලා තියෙනවා. හැබැයි පොලිසිය මැඳිහිත් වීම මඟින් මේක ඉක්මනට ඉවර කරල තියෙනවා. තව පොඩ්ඩක් තියන්නම්. මේ චිත්‍රපටියට නළු නිළියෝ තෝරගත්තු විදිහත් මාරම අමුතුයි.ඒ තමයි මේ අධ්‍යක්ෂක හා නිෂ්පාදක වරුන් විසින් කියලා තියෙනවා තමන්ට කරන්න පුලුවන් පිස්සුම වැඩේ කරලා YouTube එකට අප්ලෝඩ් කරලා එයාලට එවන්න කියලා. ඉතිං මේකේ ඉන්න ප්‍රධානම නළුනිළියෝ තෝරගෙන ඉන්නෙත් අන්න ඒ ක්‍රමය අනුව තමා.

පේන විදිහටනම් කියෙව්වා ගොඩක් වැඩියි වගේ.මොනා කියන්නද. තවත් විස්තරනම් තියෙනවා. කමක් නෑ. ඔය ඇති. මම බලපු සුපිරිම චිත්‍රපටි වලින් එකක්. එහෙනම් අලුත් උපසිරැසි ගැන්වීමක් එක්ක හමුබවෙමු. කලින් උපසිරැසි ගැන්වීම් වලට comment කරලා දිරිය දුන්නු හැමෝටමත් ස්තූතියි.හැමෝටම ජයවේවා!!

මතක තියාගන්න... හැම දෙයක්ම පාලනයකින් තොර වුනොත් ඒ තමයි විනාශයක මුල කියලා...

ඔබේ පහසුව උදෙසා මෙම චිත්‍රපටිය ඩිවිඩි රිප් පිටපතට ගැලපෙන උපසිරැසි හා අලුතෙන්ම නිකුත් වූ EXTENDED BRRIP වලටත් ගැලපෙන පරිදි නිකුත් කර ඇත.ඔබට ඇවැසි කොපිය තොරාගෙන ලබාගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලින්දු දේශාන් (http://www.zoom.lk/contributors/chalindu.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..

මරු හිරා
09-29-2012, 09:33 PM
එල එල මේක ෆට්ට මූවි එකක්

Punisher
09-29-2012, 10:14 PM
මරු ෆිල්ම් එකක් නේ අනිවා අරන් බලනවා මචන් ගොඩක් ස්තුතියි දැන් චලිදුත් එක පිට එක ෆිල්ම් දෙනවනේ නියමයි!! :clap: :clap:

CJA
09-29-2012, 10:37 PM
චලිදු තවත් ‍ෆිල්ම් එකක් බස්සලනෙ.. එල මචෝ.. ‍ෆිල්ම් එක මම ලඟ තියෙනවා තාම බලන්න හම්බුනේ නෑ.. දැන් ඔයාගෙ සබ් එකත් එලටම බැලුවහැකි.. තවත් ‍ෆිල්ම් එකක් ඉක්මනට ඕන හොදද.. ජයවේවා!!

Amila
09-29-2012, 10:52 PM
මේකට සබ් දෙයි කියලා නම් හිතුවෙම නෑ මචන් ඇත්තමයි.මේක නම් බලලා නෑ දැන්නම් උඹේ සබ් එකත් එක්කම බලන්න පුලුවන් ගොඩක් ස්තුතියි මචන්! :yes: :yes:

RaviTH
09-29-2012, 10:56 PM
අම්මට සිරි කිව්වාලු මේ වගේ එවා දෙන්න දක්ෂ උඔලා විතරමයි මචන්! ගොඩක් ස්තුතියි මේ චිත්‍රපටිය දුන්නට අනිවා බලනවා :yes:

*maheshi*
09-30-2012, 07:45 AM
මේ ෆිල්ම් එක මම ආව කාලේම වගේ අරගත්තා ඒ වුනාට බලන්න නම් උනේ නෑ.දැන් නම් ඔයා ලියලා තියන කතාවත් කියෙව්වම බලන්නම හිතුනා.බොහෝම ස්තුතියි උපසිරැසි එකට. :clap::clap:

Time Traveler
09-30-2012, 08:49 AM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

copper
09-30-2012, 09:29 AM
මෙන්න ෆිල්ම්ස් මේවා ඉතින් කවදාවත් ටිවි එකේ යන එකක් කියලා යැ..අනිවා අරන් බලනවා මචන් ගොඩාක් ස්තුතියි.
තව මේ වගේ සුපිරි ගණයේ එකකටම සබ් දිපන් කෝ :clap: :clap:

gamage
09-30-2012, 11:02 AM
මරේ මරු

Anushiz
09-30-2012, 11:07 AM
ගොඩක් ස්තුතියි උපසිරැසි වලට :)

tharaka
09-30-2012, 11:16 AM
ගොඩක් ස්තූතියි මචෝ.
දැන්නම් ඉතින් අනිවාර්යෙන්ම මේක බලන්න වෙනවා.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා. ජයවේවා !

පොඩ්ඩා
09-30-2012, 11:45 AM
මේ ෆිල්ම් එක ලොක්කන්ට දුන්නට අනිවාර්යෙන් අපි වගේ පොඩ්ඩොත් බලනවා :D
ගොඩක් ස්තුතියි.උපසිරැසි ලබා දුන් ඔබට පොඩ්ඩාගේ අචාරය. :)

Daedunu
09-30-2012, 11:47 AM
උපසිරැසි වලට ගොඩක් ස්තුතියි!

chalindudeshan
09-30-2012, 04:35 PM
එල එල මේක ෆට්ට මූවි එකක්

අනිවා. ජයවේවා!

chalindudeshan
09-30-2012, 04:36 PM
මරු ෆිල්ම් එකක් නේ අනිවා අරන් බලනවා මචන් ගොඩක් ස්තුතියි දැන් චලිදුත් එක පිට එක ෆිල්ම් දෙනවනේ නියමයි!! :clap: :clap:

හිහි. එල එල. දෙන්න ගත්තහම ඇට්ටි හැලෙන්ඩ දෙන්න එපෑයෙ මචං!

chalindudeshan
09-30-2012, 04:37 PM
චලිදු තවත් ‍ෆිල්ම් එකක් බස්සලනෙ.. එල මචෝ.. ‍ෆිල්ම් එක මම ලඟ තියෙනවා තාම බලන්න හම්බුනේ නෑ.. දැන් ඔයාගෙ සබ් එකත් එලටම බැලුවහැකි.. තවත් ‍ෆිල්ම් එකක් ඉක්මනට ඕන හොදද.. ජයවේවා!!

අනිවා මචං. කරගෙන යනවා දැනටමත්!! ජයවේවා!

chalindudeshan
09-30-2012, 04:37 PM
මේකට සබ් දෙයි කියලා නම් හිතුවෙම නෑ මචන් ඇත්තමයි.මේක නම් බලලා නෑ දැන්නම් උඹේ සබ් එකත් එක්කම බලන්න පුලුවන් ගොඩක් ස්තුතියි මචන්! :yes: :yes:

ආහ්. එල එල මචං. කවුරුවත් හිතන්නෙ නැති වැඩ තමයි අපි කරන්නේ ;) :D

chalindudeshan
09-30-2012, 04:38 PM
අම්මට සිරි කිව්වාලු මේ වගේ එවා දෙන්න දක්ෂ උඔලා විතරමයි මචන්! ගොඩක් ස්තුතියි මේ චිත්‍රපටිය දුන්නට අනිවා බලනවා :yes:

එල එල මචං!! ස්තූථියි!

chalindudeshan
09-30-2012, 04:39 PM
මේ ෆිල්ම් එක මම ආව කාලේම වගේ අරගත්තා ඒ වුනාට බලන්න නම් උනේ නෑ.දැන් නම් ඔයා ලියලා තියන කතාවත් කියෙව්වම බලන්නම හිතුනා.බොහෝම ස්තුතියි උපසිරැසි එකට. :clap::clap:

ඇත්තටම මේක බලන්නම ඕනි තරුණ තරුණයින් විදිහට. ස්තූතියි!

chalindudeshan
09-30-2012, 04:40 PM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

එල එල මචං!! ජයවේවා!

chalindudeshan
09-30-2012, 04:41 PM
මෙන්න ෆිල්ම්ස් මේවා ඉතින් කවදාවත් ටිවි එකේ යන එකක් කියලා යැ..අනිවා අරන් බලනවා මචන් ගොඩාක් ස්තුතියි.
තව මේ වගේ සුපිරි ගණයේ එකකටම සබ් දිපන් කෝ :clap: :clap:

ඒකනම් ඇත්ත මචං.. අනිවා දෙනවා.. ස්තූතියි!

chalindudeshan
09-30-2012, 04:42 PM
මරේ මරු

එල එල මචං!

tanuja
09-30-2012, 05:10 PM
බොහෝම ස්තුතියි උපසිරැසි එකට!

Mal Baba
09-30-2012, 05:56 PM
හා හා මේ මට රු. 1000ක් පාඩු කරපු ෆිල්ම් එක නේ
එක්ස් ස්ටයිල් මරු ෆිල්ම් එක බන්
මරු කන්සෙප්ට් එක

mtmadushanka
10-27-2012, 12:34 PM
Balala kiyannam

chathuravt
10-29-2012, 01:58 PM
ගොඩක් ස්තුතියි මචෝ

sithuwam
12-14-2012, 10:54 PM
ela

thilanka mihiranga
04-05-2013, 12:57 PM
http://www.shaftindia.com/images/thankyou.gif