PDA

View Full Version : භූත සින්



THECN
10-04-2012, 12:37 PM
යාළුවනේ ඔය භූත සින් ගැන මනෝවිද්‍යාව පැත්තෙන් පැහැදිලි කිරිම් කරලා තියෙන පොත් තියනවා නම් හොයලා දෙන්න.. :)


බාගත කරන්න ලින්ක් එකක් දුන්නොත් භූතයෙක් එක්ක පින් ගොඩක් දෙනවා... <3:thumbsup:




සිංහලෙන් තියෙන පොත් තමයි ඔනේ නැත්තම් මට මානසිකව පිස්සු හැදේවි ඉංගිලිෂ් අවුල් වෙලා ..... :zoom::sad::54_002::65:

Shevon_rox
10-04-2012, 01:24 PM
බම්ප්..සිරාවට දුන්නොත් මටත් කියවන්න පුලුවන් කවුරු හරි ඉන්නවා නම් දෙන්න.

THECN
10-04-2012, 01:28 PM
බම්ප්..සිරාවට දුන්නොත් මටත් කියවන්න පුලුවන් කවුරු හරි ඉන්නවා නම් දෙන්න.


අනිවා ...මම ඒබ්‍රහම් කොවුර් ගේ පොත් වගයක් කියවලා තියෙනවා ....... ඒවත් මරු ........ අපි බලමු හොයා ගන්න ට්‍රයි එකක් දාලා .... :yes::yes::yes::):

THECN
10-04-2012, 01:41 PM
.

THECN
10-04-2012, 01:42 PM
උපුටා ගැනිම

කියවීම..: ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "දෙවියෝ සහ භූතයෝ" (http://kiyaweema.blogspot.com/2012/09/blog-post_1162.html)

මේක දැන් හොයා ගත්තේ .....තව පොත් තියෙනවා නම් දාන්න ලොකු හයියක් ............. :)

ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "දෙවියෝ සහ භූතයෝ"
අපේ රටේ,ඉන්දියාවේ විතරක් නෙමයි,මුළු ලෝකයේම හේතුවාදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "Gods, Demon and Spirits" යන පොතේ සිංහල පරිවර්තනය වන "දෙවියෝ සහ භූතයෝ" යන පොත ගැන කෙටි සටහනක් දාන්න මං හිතුවා.මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ එච්.එස්.ධර්මපාල සේනාරත්න මහතා විසින්.
ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගැන සමහරවිට ඕගොල්ලෝ අහලත් ඇති.මං හැමෝටම දැන ගන්න එක්ක එතුමා ගැන කෙටි විස්තරයක් කියන්නම්.
1898 අප්‍රේල් 10 වෙනිදා ඉන්දියාවේ මල්බාර් වල තමයි මෙතුමා ඉපදුනේ.කොවුර් මහතාගේ පියා ක්‍රිස්තියානි පල්ලියක පූජක වරයෙක්.පසු කලෙක ශ්‍රි ලංකාවට පැමිණි මෙතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස සේවය කලා.
විවිද යාග හෝම,මවා පෑම් කරන්නන් ,සාස්තර,ජෝතිෂ්‍ය අනාවැකි කියන්නන් හා තමන් දේව දූතයන්,මහා පඩි වරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලාවේ දැමූ වංචාකාරයන්ට ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් එක එල්ලේ අභියෝග කලා.ඒ ය අතරින් ඉන්දියාවේ දේව දූතයෙකු ලෙස පෙනී සිටි "සායිබබා" ද සිටියා.සයිබබාට වත් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්ගේ අභියෝග වලට මුහුණ දීමට හැකි උනේ නෑ.
හේතු වාදය නිසා ලෝකයේම කීර්තියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්හට එක්සත් ජනපදය විසින් ආචාර්ය උපාධියක් පවා පිරි නැමුවා.පහලින් තියෙන්නේ මේ පොත කියවද්දී ගොඩක් තර්කානුකූල මෙන්ම හිත ඇදීගිය කොටසක්,

"මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?

ඉන්ධනයකින් තොරව ගින්නක් තිබිය නොහැක්කා සේ ශරීරයකින් තොරව ජීවයක් හෝ ස්මරණයක් තිබිය නොහැකිය. මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.

ජීවිතය හා මනස, ශරීරය මිය යාමට පසුත් පැවතිය නොහැකි බැවින් සදාතනික ජීවිතයක් ගැන කතා කිරීම සම්පප්‍රලාපයකි. සදාතනික ආත්මය යන අදහස ද මීට වෙනස් නොවේ. මේ සත්‍ය දැන් සිටි ගෞතම බුදුන් සියවස් විසි පහකට ඈත අනාත්ම ධර්මය දේශනා කළහ.

ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාද බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."
page-81
මේ වගේ කරුණු හා විද්‍යාත්මක පර්යේක්ෂණ මෙන්ම එතුමා විසින් විවිධ පුද්ගලයන් සඳහා කරන ලද අභියෝගද මෙම පොතේ සඳහන් වෙනවා.

"අන් සියලු ලමයින් මෙන්ම මමද මා පියන්ගේ ආගම් වල ඇති මිත්‍යා ඇදහිලි හා පූජා විධි සම්බන්ධයෙන් මානසික පුහුණුවක් ලැබුවෙමි.වැඩිහිටි වියට පත් කල මූඪ අදහස් වලින් නිදහස් වීම මට අතිශයින් දුෂ්කර කාර්යයක් විය"
යනුවෙන් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් පවසා තිබෙනවා.මේ පොත කියවගෙන යද්දී අපිටත් මේ හැගීම අනිවාර්යයෙන්ම හිතට එනවා.මේ පොත දැනට පොත් කඩ වල හොයා ගන්න අමාරුයි.මොකද මේ පොත අවසාන් වරට මුද්‍රණය වෙලා තියෙන්නේ 1998 අව්රුද්දෙ.පොත කියවන්න ආසාවක් තියෙනවා නම් දුක් වෙන්න එපා.පහල තියෙන පොතේ පිට කවරය උඩ Click කරන්න.පොත කියවන්න පුළුවන්. :)




මේ මගුල ඩවුන් කරන්න සල්ලි ඔනේලු .....සල්ලි ඉල්ලපු එකාව යකෙක් කාපිය ................. :choler::choler::after_boom::ah:

Rajitha_RN
10-04-2012, 02:06 PM
මෙන්න මේක නියමම පොත.

http://1.bp.blogspot.com/-6d2B03JTOMA/TVZbGuXMLWI/AAAAAAAAAMY/Ao2Y2oBUaas/s1600/n.bmp

ඒත් දුක මේක බාගන්න විදියක් නැති එක

akmeemana
10-04-2012, 09:52 PM
දෙවියෝ සහ භූතයෝ(ආචාර්‍ය ඒබ්‍රහම් ටී. කොවුල්).pdf (http://www.mediafire.com/view/?e224zq9e9tgliv0)
මෙන්න යාලුවනේ බාගන්න.

චන්ඩි_බන්ඩි
10-04-2012, 10:35 PM
[SIZE="5"][B][COLOR="seagreen"][B]යාළුවනේ ඔය භූත සින් ගැන මනෝවිද්‍යාව පැත්තෙන් පැහැදිලි කිරිම් කරලා තියෙන පොත් තියනවා නම් හොයලා දෙන්න.. :)


බාගත කරන්න ලින්ක් එකක් දුන්නොත් භූතයෙක් එක්ක පින් ගොඩක් දෙනවා... <3:thumbsup:

ගෙදර කණ්නාඩිය ඉස්සරහට ගිහිං බලපං මහසෝනෙක් පෙනෙයි උඹට.
මොන බූත පොත්ද ඊට වැඩිය.
:lol:

THECN
10-05-2012, 07:16 AM
මෙන්න මේක නියමම පොත.

http://1.bp.blogspot.com/-6d2B03JTOMA/TVZbGuXMLWI/AAAAAAAAAMY/Ao2Y2oBUaas/s1600/n.bmp

ඒත් දුක මේක බාගන්න විදියක් නැති එක

අපි ට්‍රයි එකක් දෙමු මේකේ ලින්ක් එකක් හොයාගන්න.
..ස්තූතියි මචෝ :)


දෙවියෝ සහ භූතයෝ(ආචාර්‍ය ඒබ්‍රහම් ටී. කොවුල්).pdf (http://www.mediafire.com/view/?e224zq9e9tgliv0)
මෙන්න යාලුවනේ බාගන්න.

පින් කොල්ලෝ පින් ....
බූතයා තැපැලෙන් එවන්නම් ...
ස්තූතියි මචෝ...........


ගෙදර කණ්නාඩිය ඉස්සරහට ගිහිං බලපං මහසෝනෙක් පෙනෙයි උඹට.
මොන බූත පොත්ද ඊට වැඩිය.
:lol:

ඇත්ත නෙන්නන් මේ ඉන්න පට්ට පහරට ........ :P
ඒ උඔත් මහසෝන වගේද බන් ................................... :lol:

මරු හිරා
10-05-2012, 03:36 PM
bump