PDA

View Full Version : ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුනු හැටි



මරු හිරා
10-06-2012, 12:12 PM
අතීතයේ ධ්‍යාන බල ප්‍රගුණ කර ගෙන සිටි ඉසිවරු බොහෝ සිටියහ. ඔවුන් අතුරින් කොටසක් වන ගතව භාවනායෝගීව සිටි අතර ඉතිරි අය විවාහ වී අඹුදරුවන් සමග ජීවත් විය. ගෞතීය මුනිවරයා මෙලෙස ධ්‍යාන බලය උපදවා ස්වකීය අඹුව සමඟ හිමාලය ආශිත වනපෙදෙසක ජීවත් වූ බලසම්පන්න මුනිවරයෙකි.
ඔහුට සිය ධ්‍යාන බලයෙන් දෙව් - බඹ ලෝක වලට යාමට හැකියාව තිබුනි.

ඔහුගේ බිරිය ඉතා රූමත්ය. දුටුවන් වශීකරන සුලුය. ගෞතීය මුනිවරයා දිනක් බිරියව තම ධ්‍යාන බලයෙන් තව්තිසා දෙව්ලොව සිරි පෙන්වීමට රැගෙන ගියේය. එහිදී දෙවි දේවතාවියෝද ඇයගේ රූපයට පුදුම වූහ.

සදෙව් ලොවට අදිපති සක්‍ර දේවයාට මුනිවරයාගේ බිරිය දැක රාග සිතුවිල්ලක් උපන්නේය.
සිය ආසාව ඉටු කර ගැනීමට උපායක් යෙදීමට කල්පනා කල සක්‍රයා චන්ද්‍ර දේවයා උදව්වට කැදවීය. මුනිවරයා පාන්දර කුකුලා අඩලන විටම අවදි වී ගගට ගොස් දිය නා ඉරු උදා වන තුරු භාවනා කර ඉන්පසුව නිවසට පැමිනෙයි. කුකුල් වෙස් ගෙන මැදියම් රැයේ අඩලන ලෙස චන්ද්‍රයාට පැවසූ සක් දෙවියන් මුනි වරයා ගගට ගිය පසු මුනිවරයාගේ වෙස් ගෙන නිවසට පැමින බිරිය රවටා ඇයගේ පහස ලැබීමට සිතීය.

එකග වූ පරිදි චන්ද්‍රයා ක්‍රියා කල අතර සක් දෙවි මුනි වෙස් ගෙන නිවසට පැමිනියේය. දිය නැමට ගිය මුනිවරයාට අහස දෙස බැලු විට තාරකා අනුව තමාට වේලාව වැරදී ඇති බව දැනුනි. ශක්‍රයා මුනි බිරියගේ අසලට යනවිටම මුනිවරයා නැවත නිවසට පැමිනියේය. තමාට වැරදුනු බව දැනුනු ශක්‍රයා බලල් වේශයක් ගෙන පැන දිව්වේය.

අනුන්ගේ කම් සැපයට ලොල්වූ ශක්‍රයාට පාඩමක් ඉගැන්වීමට සිතූ මුනිවරයා ශක්‍රයාට සිරුර පුරා ස්ත්‍රී යෝනි දහසක් මතුවන ලෙසට ශාපයක් කලේය. ශක්‍ර දෙවියාට දේව සභාවට පවා යාමට් නොහැකි විය. කිසිවෙකුටත් මුහුන දීමට නොහැකිව සක්‍රයා මුලුගැන්වී සිටියෙය.

වාර කිහිපයක්ම සක්‍රයා දෙව සභාවට නොපැමිනිම නිසා ඒ ගැන සොයා බැලූ ඊශ්වර දෙවියන්ට චන්ද්‍රයාගෙන් සියල්ල දැනගන්නට ලැබුනි. ශක්‍රයා දේව සභාවට අවශ්‍යම කෙනෙක් බැවින් ඊශ්වර දෙවියන් මුනිවරයා හමුවී දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියෙය. ඒ අනුව ස්ත්‍රී යෝනි දහස වෙනුවට ශක්‍රයාට නෙත් දහසක් ලැබෙන ලෙස දඩුවම ලිහිල් විය.


http://3.bp.blogspot.com/-1wwSSkpZkno/T9YeQ--lDlI/AAAAAAAACEA/cHQFRv4cmlg/s400/535px-Indra_deva.jpg

ශක්‍ර දෙවියන්

Source = Facebook

Time Traveler
10-06-2012, 12:24 PM
ලිපියට තෑන්ක්ස් මචන්! රෙප් +2

CJA
10-06-2012, 12:34 PM
thanks macho....

You must spread some Reputation around before giving it to මරු හිරා again.

මරු හිරා
10-06-2012, 02:19 PM
ලිපියට තෑන්ක්ස් මචන්! රෙප් +2


thanks macho....

You must spread some Reputation around before giving it to මරු හිරා again.

එල එල තෑන්ක්ස් වේවා දෙන්නටම

පොඩ්ඩා
10-06-2012, 02:26 PM
මාර සින් එකක් නේ! ජනප්‍රවාද නේ

මරු හිරා
10-06-2012, 03:26 PM
මාර සින් එකක් නේ! ජනප්‍රවාද නේ

:yes:

deshantha912
10-07-2012, 10:02 AM
hodama deyak machan api danne nathi dewalne.....thanx wewa

මරු හිරා
10-07-2012, 10:13 AM
hodama deyak machan api danne nathi dewalne.....thanx wewa

:)