PDA

View Full Version : වදන් වලින් කියන්න බැරි ආදරේ හිතේ.....



sudu pusa
05-09-2011, 06:42 PM
මං කවි ලියනවා ටික ටික.ඉතින් ඒ ලියන ඒවා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.ඉතින් අද ඉදන් මං ලියන හැම එකක්ම මෙතනට පෝස්ට් කරනවා....
ඔයාලත් බලල හොද නරක කියල යන්නකෝ...
අඩුපාඩු කෙලින්ම කියන්න
එතකොට මට වැරදි හදාගන්න ලේසියි.....

copper
05-09-2011, 06:44 PM
එල එල මට කවි ලියන්න නම් බෑ
ඒ වුනාට හොද නරක කියන්න නම් පුලුවන්...අනිවා හොද ඇති..අපි කියවන්නම් කෝ

sudu pusa
05-09-2011, 06:45 PM
එල එල මට කවි ලියන්න නම් බෑ
ඒ වුනාට හොද නරක කියන්න නම් පුලුවන්...අනිවා හොද ඇති..අපි කියවන්නම් කෝ

තෑන්ක්ස් බ්‍රදර්

Dulin
05-09-2011, 06:47 PM
''වදන් වලින් කියන්න බැරි ආදරේ හිතේ..... ''

mekata mama kamathi bun matath wela thiyenne okai..hethe thiyanawa kiyanna bane

sudu pusa
05-09-2011, 06:48 PM
නෙතේ කඳුළු නැතේ...

හදේ පැතුම් ඉකිබිදිනා රාවය
සවනත නොගැටී සිදී ගියාවේ
ආදරයෙන් හද ගැහෙනා රාවය
මතුදා ඔබහට නොම හැඟුනාවේ

ලොව නිදිගත් සද නිදි එළවූ සිත
ඔබ හමුවන්නට ඉගිල නොඒ නම්
කඳුළින් මා නෙත යලිදු පිරෙනු නැත
නොලැබෙන සෙනෙහස ගැන සිතලා

කඳුලු නැතේ යලි නෙතට හඬන්නට
හදවත උතුරන තැවුල් නිවන්නට
අවසර දෙමි ඔබහට සමු ගන්නට
යන්නට ඔබගේ සිහින ලෝකයට

සසර පුරා පැතු පැතුම් ගිලිහිලා
නොසිතූ විලසින් අප හමු වීලා
ඒ හමුවීමේ පව මට දීලා
ඔබ පිටවෙනු මැන මගෙන් මිදීලා

නිදහස් වන්නට ඉඩ නොලැබෙන ලෙස
අප හදවත් වට පවුරු බැදී නැත
දෙපිය නඟන්නට සවි නැති වන ලෙස
දෑතට දෙපයට විලංඟු ලා නැත

කඳුළින් සුසුමින් හදවත පුරවා
මෙතුවක් හැඬුමුත් පලයක් නොවුනිය
සුළගේ දැවටී ඉවත ගියා මිස
එහඬ ඇසුනු කිසිවෙක් ලොව නොවුනෙය.....

http://img651.imageshack.us/img651/8317/red20roses.jpg (http://imageshack.us/photo/my-images/651/red20roses.jpg/)

sudu pusa
05-09-2011, 06:50 PM
''වදන් වලින් කියන්න බැරි ආදරේ හිතේ..... ''

mekata mama kamathi bun matath wela thiyenne okai..hethe thiyanawa kiyanna bane
මටත් එහෙමයි බං.වෙලාවකට මං ගැනම ලැජ්ජා හිතනෙවා
පූසි ගාවදී මං ගොළුයි

Dulin
05-09-2011, 06:56 PM
මටත් එහෙමයි බං.වෙලාවකට මං ගැනම ලැජ්ජා හිතනෙවා
පූසි ගාවදී මං ගොළුයි

ahala ba kiyala ahanawata wada yaluwek wagema inna eka hodai kiyalath hethenawa.mokada ehema ahuwata passe thiyana yalukamath nathi wenna puluwan ida wadi ne :canny:

copper
05-09-2011, 06:59 PM
නියමයි සුදුපුසෝ දිගටම ලියන්න
රෙප්+

sudu pusa
05-09-2011, 07:01 PM
ahala ba kiyala ahanawata wada yaluwek wagema inna eka hodai kiyalath hethenawa.mokada ehema ahuwata passe thiyana yalukamath nathi wenna puluwan ida wadi ne :canny:

මටත් තියෙනවා ඔය බය

copper
05-09-2011, 07:03 PM
මටත් එහෙමයි බං.වෙලාවකට මං ගැනම ලැජ්ජා හිතනෙවා
පූසි ගාවදී මං ගොළුයි


ahala ba kiyala ahanawata wada yaluwek wagema inna eka hodai kiyalath hethenawa.mokada ehema ahuwata passe thiyana yalukamath nathi wenna puluwan ida wadi ne :canny:

පේන විදියට නම් උබලා දෙන්නටම ලව් ප්‍රශ්න වගේ...ඔය අහන එකක් කෙලින්ම අහපන් බන් මම එහෙම 3ක් ඇහුවා 1ක් හරි ගියා අනිත් දෙකම හබක්...අර හා කියපු එකත් ටික කාලයක් තිබිලා පොඩි පොඩි කෙස් ඇවිත් නැවතුනා..ඔහොම තමයි ලව් කරන කොට ජිවිතේ දෙකම ඔය දෙකම බලාපොරොත්තු වෙන්න වෙනවා..
යාලු කම නැති වෙයි කියලා බයෙන් ඉන්නවට වඩා අහලා එහෙම නැති උනත් අවුලක් නෑ කියලා අහපන්..නැත්නම් වෙන කොල්ලෙක් උබේ ඇස්පනා පිටම කෙල්ලව දා ගත්තම උබට එපා වෙයි...

sudu pusa
05-09-2011, 07:03 PM
තරු පොකුරු කඩා හැලෙන
නිශ්චල රාත්‍රියක
අදුරු නුඔ ගැඹේ දකින
සොදුරු සිහිනය ඔබයි
නිදි නොමැති රෑ පුරාවට
ගලා හැලුනු සිතුවිලි වැල්
කොදුරන්නයි ඔබේ කනට
ඉන්නේ මං මඟ බලාන
නැවුම් පැතුම් පොදි බැඳගෙන
හෙට හිමිදිරි පාන්දරම
මගෙ රන්කඳ පිළිගන්නම්
උණුසුම් හාදුවක් එක්ක....

http://img833.imageshack.us/img833/6753/roses2m.gif (http://imageshack.us/photo/my-images/833/roses2m.gif/)

Dulin
05-09-2011, 07:07 PM
පේන විදියට නම් උබලා දෙන්නටම ලව් ප්‍රශ්න වගේ...ඔය අහන එකක් කෙලින්ම අහපන් බන් මම එහෙම 3ක් ඇහුවා 1ක් හරි ගියා අනිත් දෙකම හබක්...අර හා කියපු එකත් ටික කාලයක් තිබිලා පොඩි පොඩි කෙස් ඇවිත් නැවතුනා..ඔහොම තමයි ලව් කරන කොට ජිවිතේ දෙකම ඔය දෙකම බලාපොරොත්තු වෙන්න වෙනවා..
යාලු කම නැති වෙයි කියලා බයෙන් ඉන්නවට වඩා අහලා එහෙම නැති උනත් අවුලක් නෑ කියලා අහපන්..නැත්නම් වෙන කොල්ලෙක් උබේ ඇස්පනා පිටම කෙල්ලව දා ගත්තම උබට එපා වෙයි...

menna mekanam mata hethila thiyanawa...aththatama mehema unoth nam mata epa wei bun...sirawatama :26_002: ane manda

copper
05-09-2011, 07:11 PM
menna mekanam mata hethila thiyanawa...aththatama mehema unoth nam mata epa wei bun...sirawatama :26_002: ane manda


උබටත් මෙච්චර ලව් අව්ලක් තියනවා කියලා මම දන්නේ නෑ නේ බන්....මේ ත්‍රේඩ් එකේ චැට් කරලා පුසට මල පනි...ඒ නිසා අර ආදර ත්‍රේඩ් එකේ උබේ සින් එක කියපන්..කට්ටියම එකතු වෙලා මොකක් හරි විසදුමක් දෙන්න බලමු..

http://www.zoom.lk/forums/zoom-talks/540-about-love.html

මෙන්න මේ ත්‍රේඩ් එකට වරෙන් මචෝ

sudu pusa
05-10-2011, 12:29 AM
menna mekanam mata hethila thiyanawa...aththatama mehema unoth nam mata epa wei bun...sirawatama :26_002: ane manda

මටනම් එහෙම වෙන පාටක් නෑ බං.එයා එහෙම ලේසියෙන් හා කියන එකක් නෑ වගේ කෙනෙක්ට

මරු හිරා
05-10-2011, 07:20 AM
පේන විදියට නම් උබලා දෙන්නටම ලව් ප්‍රශ්න වගේ...ඔය අහන එකක් කෙලින්ම අහපන් බන් මම එහෙම 3ක් ඇහුවා 1ක් හරි ගියා අනිත් දෙකම හබක්...අර හා කියපු එකත් ටික කාලයක් තිබිලා පොඩි පොඩි කෙස් ඇවිත් නැවතුනා..ඔහොම තමයි ලව් කරන කොට ජිවිතේ දෙකම ඔය දෙකම බලාපොරොත්තු වෙන්න වෙනවා..
යාලු කම නැති වෙයි කියලා බයෙන් ඉන්නවට වඩා අහලා එහෙම නැති උනත් අවුලක් නෑ කියලා අහපන්..නැත්නම් වෙන කොල්ලෙක් උබේ ඇස්පනා පිටම කෙල්ලව දා ගත්තම උබට එපා වෙයි...

මටත් කියන්න තියෙන්නෙ ඔය බණේම තමයි

මරු හිරා
05-10-2011, 07:22 AM
මොනව උනත් අපෙ පූසගෙ වැඩේ හොඳයි.මටත් කොපර්ට වගේම කවි නම් ලියන්න බෑ.. හැබැයි ඉතින් නිසදෙස් වගේ පොඩි පොඩි ලයින් දෙන්න නම් පුළුවන් වෙයි

*maheshi*
05-10-2011, 08:00 AM
හොද වැඩක් දිගටම ලියන්න සුදුපුසෝ :09:

මරු හිරා
05-10-2011, 08:23 AM
අපේ කවි සිතුවිලිත් මේකෙ දැම්මට කමක් නැද්ද දන්නෙ නෑ

Dulin
05-10-2011, 08:28 AM
මටනම් එහෙම වෙන පාටක් නෑ බං.එයා එහෙම ලේසියෙන් හා කියන එකක් නෑ වගේ කෙනෙක්ට

matanam eka sure na bun..mama kiyana kena ahuwoth kata hari ha kiyaida danna...ane manda

මරු හිරා
05-10-2011, 08:57 AM
matanam eka sure na bun..mama kiyana kena ahuwoth kata hari ha kiyaida danna...ane manda

වෙන කෙනෙක්ට නම් ඉස්සර වෙන්න දෙන්න හොඳ නෑ කොහෙත්ම

sudu pusa
05-10-2011, 12:26 PM
අපේ කවි සිතුවිලිත් මේකෙ දැම්මට කමක් නැද්ද දන්නෙ නෑ

දාමු දාමු
අපි සේරම මේක ඔෆිෂල් කවි ත්‍රෙඩ් එක කරමු

sudu pusa
05-10-2011, 12:26 PM
හොද වැඩක් දිගටම ලියන්න සුදුපුසෝ :09:

තෑන්ක්ස්...

sudu pusa
05-10-2011, 12:32 PM
හිරු නැගෙන අඩ පැයේ
දෝරෙ ගිය රන් එළිය
එවන් විකසිත පැයක
දිටිමි ඔබෙ මුව කමල

කදුළු මැද තනිවූ හද
කදුළු දිය සිදී ගොස්
සුවඳ පිරි වසන්තය
හදවතට එලැබුනා

නෙත් කෙවෙනි සැර විදා
සරා ගී සිනාවෙන්
පුබුදු කල හද පියුම
මිලින නොකරන් කිසිදින

කල්පයේ ඉම තෙක්ම
බව සසර සැරිසරණ
අනන්ත වූ ආත්මයක්
පතමි මම ඔබේ එළිය.....

http://img269.imageshack.us/img269/6922/twodozenredrosesbouquet.jpg (http://imageshack.us/photo/my-images/269/twodozenredrosesbouquet.jpg/)

මරු හිරා
05-10-2011, 12:56 PM
දාමු දාමු
අපි සේරම මේක ඔෆිෂල් කවි ත්‍රෙඩ් එක කරමු

aniwa Kandy pooso

sudu pusa
05-10-2011, 05:57 PM
සිත සතන් වූ උණුසුමින්
නෙත් පහන් වූ සිසිලසින්
අවදිව මා හද ඔබේ ලතාවට
මුව පුරා සිනාවට
හද පුරා දයාවට
පිරී ඉතිරී අන්ද මන්ද
වී මසිත
අවදිව ඇත ප්‍රේමයෙන්
හද තුටින් අත්වැල් බැඳ
පා නඟන්නට පෙලින් පෙල
අන්න බලන්සකි
මල් පිපිලා වසන්තයේ
සුවදයි සුවදයි
ප්‍රේමය එපා වෛර කරන්න
කුමකටද මෛත්‍රිය
ඇයිද අනුකම්පාව
එපා මට කිසිවක් ඔබෙන්
කියන්න..
මුව පුරා සිනාවෙන්
හද පුරා දයාවෙන්
එකම එක වරක් මට
ආදරේ යැයි කියා...

මරු හිරා
05-10-2011, 06:32 PM
සිත සතන් වූ උණුසුමින්
නෙත් පහන් වූ සිසිලසින්
අවදිව මා හද ඔබේ ලතාවට
මුව පුරා සිනාවට
හද පුරා දයාවට
පිරී ඉතිරී අන්ද මන්ද
වී මසිත
අවදිව ඇත ප්‍රේමයෙන්
හද තුටින් අත්වැල් බැඳ
පා නඟන්නට පෙලින් පෙල
අන්න බලන්සකි
මල් පිපිලා වසන්තයේ
සුවදයි සුවදයි
ප්‍රේමය එපා වෛර කරන්න
කුමකටද මෛත්‍රිය
ඇයිද අනුකම්පාව
එපා මට කිසිවක් ඔබෙන්
කියන්න..
මුව පුරා සිනාවෙන්
හද පුරා දයාවෙන්
එකම එක වරක් මට
ආදරේ යැයි කියා...

hmmm lovely...!

Amila
05-11-2011, 05:39 PM
ela ela hoda wadak digatama liyanna

CREATIVEN
05-11-2011, 08:31 PM
සුදු පූස් මාර පොරක්නේ
නියමයි

:09:

sudu pusa
05-11-2011, 11:01 PM
මළානික තරු එළිය
අහස් කුස විසිරිලා
පැල්පතේ කණාමැදිරි
ලාම්පුව දැල්විලා
මේ කොනෙහි තැනින් තැන
ළඳුන් ඇත මඟ බලා
මාවතේ දූවිල්ල
මදක් ඇත නැවතිලා
මන්දිරේ සාදයක්
හරි ජයට ඇරඹිලා
හිඟන දන සිහින ලොව
අගුපිලෙහි වැතිරිලා
හෙට ළහිරු නැගෙන තෙක්
නිසල බව පැතිරිලා
විඩාපත් පුරවරය
නිදිදුවට ලං වෙලා...

බලපු කමෙන්ට් කරපු සේරටම ගොඩාක් ස්තූතියි.....

TharinduFox
05-12-2011, 07:35 AM
mama me nikamata ahanne puso...sindu liyannath puluwan athi ne? mokda kiyanne nikamat wage sinduwak liyamuda?

මරු හිරා
05-12-2011, 08:09 AM
mama me nikamata ahanne puso...sindu liyannath puluwan athi ne? mokda kiyanne nikamat wage sinduwak liyamuda?

aniwa

sudu pusa
05-12-2011, 08:13 PM
mama me nikamata ahanne puso...sindu liyannath puluwan athi ne? mokda kiyanne nikamat wage sinduwak liyamuda?

සින්දුකම් ලියන්න පුළුවන් වෙයිද මන්දා බං
කරලා බලමු

sudu pusa
05-12-2011, 08:16 PM
චංචල කම්පිත මෟදු මද පවනේ
නන් අත දිව යන මල් සුවදයි
සුපිපුනු එරබදු නා තුරුවදුලේ
විහඟුන්ගේ ගී මදු වැගිරෙයි

පියකරු තුරුණු වසන්තේ
පොද පොද වැස්සට තෙමෙනා සියපත
මල් රොන් ගන්නා ඔඔර කැලයි
අඔතුරු වදුලේ පෙම්වතියක සිට

වසන්ත රාගයක ගීය කියයි
පියකරු තුරුණු වසන්තේ
උළිඳුව වත නෙත ඈ වෙත ඇත
සිරිදුව මිහිකත කැඳවූ වැනි වේ

තොල් මත මඳි මද චංචල බව ඇත
වසන්ත රාගයක ගීය ගැයේ
පියකරු තුරුණු වසන්තයේ
කෙලෙසක පවසමි ආදරයේ බස

මා හද කුලුනැංවී තියෙනා
නොම වෙද ඒ හේතුව මා පෙම්වතිය
මහ මිහිතලයම පෙම් කෙලිනා
පියකරු තුරුණු වසන්තේ....

Punisher
05-12-2011, 09:17 PM
සිරාවට සිංදුවක් ලියමුකෝ....අපි මියුසික් කරලා හොද එකෙක් ලව්වා කියවමු ජනප්‍රිය උනොත් එල නේ

Angel_senuri
05-12-2011, 09:22 PM
serama ewa lassanai digatama liyanna
good luck

බොරලුගොඩ
05-13-2011, 07:54 AM
නියමයි මචෝ දිගටම ලියන්න රෙප්+

sudu pusa
05-13-2011, 07:54 PM
ඈත අහසේ දිගෙන හිරු දිලෙන සඳු
නොයෙක් තරු වැල් අතර
පහන් තරුවක් දුටිමි
වසර ගනනාවක් ගොසින්
කලකදී ඔබ උදාගිරින්
තවත් කලෙක නැඟෙනහිරින්
ඔච්චම් කරනවා වාගේ
අහස් කුසේ සැරිසරනව
වරක හිරුට ලංවී
වරක සඳුට ලංවී
අහසේ ඔබ දිලෙන විලස
කෙලෙසද මා බලා ඉන්නේ
හිරු කුමරුට මෙන් දිලෙන්නට
රශ්මි දහර මෙමට නැතේ
සඳු කුමරුට මෙන් දිලෙන්නට
රශ්මි දහර මෙමට නැතේ
අසරණ මා සතු වන්නේ
පිවිතුරු සෙනෙහස පණයි
සමාවෙන්න පහන් තරුව
ඔබ වෙනුවෙන් වෙන් කරලා
මා සන්තක ඒ සෙනෙහස
ඔබ දිලෙනා දෙස බලලා
මං ඉන්නම් තනිවීලා.....

Zen
05-14-2011, 07:42 AM
niyamai machan
digatama liyapan.....

sudu pusa
05-14-2011, 08:58 PM
පිච්ච මල් වැට ගාව දිදුල දෙන සොහොන් කොත
බිඳුන සිත් දැහැන ලඟ සසල කොට මහදවත
කම්පිතව ඉකිබිඳියි ආත්මය සොරාගෙන

ඉකිබිඳින සුසුම් ලඟ උණුසුමට තුරුල් වන
කඳුළු බිඳු හෙමි හෙමින් කොපුල් තල සිපගනියි
පාරමින් මා හදවත නුඹේ සුවද මතක් කොට

මේ කුරිරු ලෝකයේ හුදකලා මාවතේ
ජීවිතේ විඩාබර දැනෙනවා රුදු ලෙසින්
සීතලේ ගැහි ගැහී පාළුවේ වෙලි වෙලී
කල්පනා සාගරේ තනිවෙලා මං ඉතින්...

රෙප් දුන්න කමෙන්ට් කරපු බලපු සේරමලාට ගොඩාක් ස්තූතියි....

මරු හිරා
05-15-2011, 11:35 AM
බූට් ඒව වගේ... බොක්කටම වදිනවා

Angel_senuri
05-15-2011, 11:42 AM
පිච්ච මල් වැට ගාව දිදුල දෙන සොහොන් කොත
බිඳුන සිත් දැහැන ලඟ සසල කොට මහදවත
කම්පිතව ඉකිබිඳියි ආත්මය සොරාගෙන

ඉකිබිඳින සුසුම් ලඟ උණුසුමට තුරුල් වන
කඳුළු බිඳු හෙමි හෙමින් කොපුල් තල සිපගනියි
පාරමින් මා හදවත නුඹේ සුවද මතක් කොට

මේ කුරිරු ලෝකයේ හුදකලා මාවතේ
ජීවිතේ විඩාබර දැනෙනවා රුදු ලෙසින්
සීතලේ ගැහි ගැහී පාළුවේ වෙලි වෙලී
කල්පනා සාගරේ තනිවෙලා මං ඉතින්...

රෙප් දුන්න කමෙන්ට් කරපු බලපු සේරමලාට ගොඩාක් ස්තූතියි....

මේක ලස්සනයි..සේරම විරහා නිසදැස් වගේ

sudu pusa
05-15-2011, 11:52 AM
ඇසට ඇසිපිය ලෙස බැඳී ඉදපු
මලට සුවඳක් වගේ ලඟ ඉදපු
මුසාබසකින් අමාවක කැදවූ
පෝය සඳ නුඹ පෝය ගැන නොසිතූ...

අතීතය හරි සුන්දරයි බෝම
දරාගන්න බැරි තරම් හිතට
රිදුම් දුන්නත් හෙට අනාගතය
හිනා වෙන්නට අවසරයි නුඹට..

දායාබර සිත ලෙංගතුයි තවම
තියාගන්නට බැරි උනත් ලගම
රිදුම් දුනනත් හෙට මලානිකව
හිනාවෙන්නට අවසරයි නුඹට..

මේකනම් සින්දුවක්.බලන්න කොච්චර ලස්සන පද පේලිද කියලා...
බලන්න මං දැක්ක ලස්සන ඔයාලටත් බලන්න පුළුවන්ද කියලා....
මේක කියන්නේ සුමිත් මන්දනායක

මරු හිරා
05-15-2011, 11:55 AM
ඇසට ඇසිපිය ලෙස බැඳී ඉදපු
මලට සුවඳක් වගේ ලඟ ඉදපු
මුසාබසකින් අමාවක කැදවූ
පෝය සඳ නුඹ පෝය ගැන නොසිතූ...

අතීතය හරි සුන්දරයි බෝම
දරාගන්න බැරි තරම් හිතට
රිදුම් දුන්නත් හෙට අනාගතය
හිනා වෙන්නට අවසරයි නුඹට..

දායාබර සිත ලෙංගතුයි තවම
තියාගන්නට බැරි උනත් ලගම
රිදුම් දුනනත් හෙට මලානිකව
හිනාවෙන්නට අවසරයි නුඹට..

මේකනම් සින්දුවක්.බලන්න කොච්චර ලස්සන පද පේලිද කියලා...
බලන්න මං දැක්ක ලස්සන ඔයාලටත් බලන්න පුළුවන්ද කියලා....
මේක කියන්නේ සුමිත් මන්දනායක

amuthuwen kiyanna deyak na mekath fatta

copper
05-15-2011, 11:58 AM
ඇසට ඇසිපිය ලෙස බැඳී ඉදපු
මලට සුවඳක් වගේ ලඟ ඉදපු
මුසාබසකින් අමාවක කැදවූ
පෝය සඳ නුඹ පෝය ගැන නොසිතූ...

අතීතය හරි සුන්දරයි බෝම
දරාගන්න බැරි තරම් හිතට
රිදුම් දුන්නත් හෙට අනාගතය
හිනා වෙන්නට අවසරයි නුඹට..

දායාබර සිත ලෙංගතුයි තවම
තියාගන්නට බැරි උනත් ලගම
රිදුම් දුනනත් හෙට මලානිකව
හිනාවෙන්නට අවසරයි නුඹට..

මේකනම් සින්දුවක්.බලන්න කොච්චර ලස්සන පද පේලිද කියලා...
බලන්න මං දැක්ක ලස්සන ඔයාලටත් බලන්න පුළුවන්ද කියලා....
මේක කියන්නේ සුමිත් මන්දනායක

මේකේ සිංදුවේ ලින්ක් එකක් දාපන්කෝ බන්

sudu pusa
05-15-2011, 12:13 PM
මේකේ සිංදුවේ ලින්ක් එකක් දාපන්කෝ බන්
DOWNLOAD: SUMITH MANDANAYAKA - MAMA ADARE THARAM (http://www.musictopalbum.co/2010/07/sumith-mandanayaka-mama-adare-tharam.html)
මේකේ ඇල්බම් එකම තියෙනවා මචන්

මරු හිරා
05-15-2011, 01:12 PM
DOWNLOAD: SUMITH MANDANAYAKA - MAMA ADARE THARAM (http://www.musictopalbum.co/2010/07/sumith-mandanayaka-mama-adare-tharam.html)
මේකේ ඇල්බම් එකම තියෙනවා මචන්

elaz

Demax
05-15-2011, 07:30 PM
ela ela digatama liyanna

Punisher
05-15-2011, 07:33 PM
DOWNLOAD: SUMITH MANDANAYAKA - MAMA ADARE THARAM (http://www.musictopalbum.co/2010/07/sumith-mandanayaka-mama-adare-tharam.html)
මේකේ ඇල්බම් එකම තියෙනවා මචන්

මේකේ ඇල්බම් එක බාන්න බෑනේ බන්

sudu pusa
05-15-2011, 08:41 PM
https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/
මේක දාලා ඩවුන්ලෝඩ් කරගන්න

sudu pusa
05-16-2011, 03:26 PM
ලොවේ සොදුරු
සහන් එළිය
ඔබේ නෙතින් මම
නිබඳ දකිමි
සදා පතන සහනේ
ඔබ පමණක්ය දිවියේ
සිහිනයක් වී ලොවේ
වේදනා විදිනා
සිතකි මේ
ඔබ ගැන
මුමුනවන්නේ
දිවි මග සොදුරු වීමට
පැතුමක්
ඇත පතා
ඔබට සබඳ
හැකිය මා පැතුමේ
මල්පල ලබා දෙන්නට...


මේකනම් මගෙ අත්දැකීමෙන්ම ලිව්ව එකක්
මේක මං වෙන සයිට් එකක දැම්මා
මේක කියපු එක්කෙනත් එතන කමෙන්ට් කලා
එයා අදටත් දන්නෑ මේක ලිව්වේ එයාට කියලා.....

බොරලුගොඩ
05-16-2011, 06:31 PM
ලොවේ සොදුරු
සහන් එළිය
ඔබේ නෙතින් මම
නිබඳ දකිමි
සදා පතන සහනේ
ඔබ පමණක්ය දිවියේ
සිහිනයක් වී ලොවේ
වේදනා විදිනා
සිතකි මේ
ඔබ ගැන
මුමුනවන්නේ
දිවි මග සොදුරු වීමට
පැතුමක්
ඇත පතා
ඔබට සබඳ
හැකිය මා පැතුමේ
මල්පල ලබා දෙන්නට...


මේකනම් මගෙ අත්දැකීමෙන්ම ලිව්ව එකක්
මේක මං වෙන සයිට් එකක දැම්මා
මේක කියපු එක්කෙනත් එතන කමෙන්ට් කලා
එයා අදටත් දන්නෑ මේක ලිව්වේ එයාට කියලා.....


ඔය කියන සුදු මැණිකව උබට ඉක්මනට ලැබේවා කියලා ඔන්න බොරලුවගෙන් විෂ් එකක්...

sudu pusa
05-16-2011, 11:21 PM
ඔය කියන සුදු මැණිකව උබට ඉක්මනට ලැබේවා කියලා ඔන්න බොරලුවගෙන් විෂ් එකක්...
බොහොම ස්තූතියි සහෝ.......

මරු හිරා
05-17-2011, 07:18 AM
මාත් එහෙමම ප්‍රාර්ථනා කරන්නම්

Demax
05-17-2011, 07:59 AM
ඔය කියන සුදු මැණිකව උබට ඉක්මනට ලැබේවා කියලා ඔන්න බොරලුවගෙන් විෂ් එකක්...

මේන්න මගෙනුත් විෂ් එකක්

sudu pusa
05-17-2011, 10:09 AM
ගොඩාක් ස්තූතියි හැමෝටම
මං වෙනුවෙන් ප්‍රාර්ථනා කලාට.....

මරු හිරා
05-17-2011, 11:25 AM
ගොඩාක් ස්තූතියි හැමෝටම
මං වෙනුවෙන් ප්‍රාර්ථනා කලාට.....

ඕව සුළු දේවල්

sudu pusa
05-17-2011, 01:38 PM
හඬන හිත හදාගන්න
බැරිනම් ඇවිත් යන්න
මතකයන් තියාගන්න
තව තවත් මට හඬන්න

ඉඩ දෙන්න තනිවෙන්න
පුරුදු ලෙසට මට ඉන්න
ආදරෙයි හැමදාම
නුඹ දුන්න මේ කඳුළට...

Dulin
05-17-2011, 05:36 PM
මේකනම් මගෙ අත්දැකීමෙන්ම ලිව්ව එකක්
මේක මං වෙන සයිට් එකක දැම්මා
මේක කියපු එක්කෙනත් එතන කමෙන්ට් කලා
එයා අදටත් දන්නෑ මේක ලිව්වේ එයාට කියලා.....


menna me sinduwa ahapanko uba



http://www.youtube.com/watch?v=3JZPtIA9uxs

sudu pusa
05-17-2011, 05:59 PM
menna me sinduwa ahapanko uba



http://www.youtube.com/watch?v=3JZPtIA9uxs

එල සිංදුව මචන්
මමනම් හිත හදන් ඉන්නේ දැනටමත්
මං දන්නවා එයාව මට කවදාවත්ම ලැබෙන්නේ නෑ කියලා
මං තනියෙන් ඉන්නවා ජීවිත කාලෙම
දැනටත් එයාගේ සතුට දැකලයි මං සතුටින් ඉන්නේ
කවදාහරි දවසක ආය නොඑන්නම එයා යනවා
එදාටත් ගිහින් සතුටින් පරිස්සමින් ඉන්න කියාලා
මං මගේ පුරුදු ලෝකෙටම එනවා....
තෑන්ක්ස් මචන් සින්දුවට....

Dulin
05-17-2011, 06:02 PM
එල සිංදුව මචන්
මමනම් හිත හදන් ඉන්නේ දැනටමත්
මං දන්නවා එයාව මට කවදාවත්ම ලැබෙන්නේ නෑ කියලා
මං තනියෙන් ඉන්නවා ජීවිත කාලෙම
දැනටත් එයාගේ සතුට දැකලයි මං සතුටින් ඉන්නේ
කවදාහරි දවසක ආය නොඑන්නම එයා යනවා
එදාටත් ගිහින් සතුටින් පරිස්සමින් ඉන්න කියාලා
මං මගේ පුරුදු ලෝකෙටම එනවා....
තෑන්ක්ස් මචන් සින්දුවට....

kawuda bun oya kella? ube cls eke kellekda? nathnam job eka karana thana ekkenekda?
adahasa kiyala baluwe nathda?

මරු හිරා
05-18-2011, 06:27 AM
එල සිංදුව මචන්
මමනම් හිත හදන් ඉන්නේ දැනටමත්
මං දන්නවා එයාව මට කවදාවත්ම ලැබෙන්නේ නෑ කියලා
මං තනියෙන් ඉන්නවා ජීවිත කාලෙම
දැනටත් එයාගේ සතුට දැකලයි මං සතුටින් ඉන්නේ
කවදාහරි දවසක ආය නොඑන්නම එයා යනවා
එදාටත් ගිහින් සතුටින් පරිස්සමින් ඉන්න කියාලා
මං මගේ පුරුදු ලෝකෙටම එනවා....
තෑන්ක්ස් මචන් සින්දුවට....

ohoma kiyanna epa ban dukai

sudu pusa
05-18-2011, 06:44 PM
අප අතීතය
කවක් කොට සබඳ
ගෙනැත් තබමි
නුඹේ පාමුල
කැටපත සමඟ
පිරික්සා බලනු මැන
අතීතය
වර්ථමානය
සසඳමින් එකව
විසඳා දෙනු මැන
නුඹේ වෙනස් බව...

sudu pusa
05-18-2011, 06:55 PM
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
නෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා...

මහා පොළව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත හෙලිකල
පහන් ටැඹක් වේවා...

මරු හිරා
05-19-2011, 07:16 AM
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
නෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා...

මහා පොළව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත හෙලිකල
පහන් ටැඹක් වේවා...

නියම සින්දුව

sudu pusa
05-19-2011, 06:03 PM
එක එක පාට තවරාගෙන හැඩට යොදා
පෙති ටික සරසවා පිබිදී සුවඳ විදා
වෙත එන බමරෙකුට සියොළඟ සුවඳ විදා
ලැබුවෙහි සැනසුමක්? මුවරද රසය බෙදා

රසවත් කරවමින් මෙහි මුලු පරිසරය
විකසිත කුසුම වෙත වූ බිඟුනගේ පොරය
නැත අද ඒ අසිරි දැක ගැනුමෙහි වරය
මල මිලිනව තිබේ බිඟු පොර අහවරය

ළංවී වතට වත දී පා හද බැතිය
රොන් රස උරා සනහා මල් සිරිමතිය
මත් වූ බමරිඳුනි සපුරා සිත රුතිය
අත්හැර ගියෙහි? පෙන්වා සුපුරුදු ගතිය

නෙත සිත ගත සැනහූ ඒ මල් මකරන්ද
මිලිනව ගිය මලෙක නොරැදෙනුයේ මන්ද
පැනයක් නොවේ මේ බිගුනට රස වින්ද
උන් සැරිසරති වෙන කුසුමක මන බැන්ද

බමරයි මලයි මේ පවසන කතන්දරේ
දහමකි පොදුව පවතින සව් සතුන් කෙරේ
උපදින මියෙන බව සයුරෙහි නිරන්තරේ
නැවතුම කොහිද සැනසුම දෙන බවන්තරේ

බලපු කමෙන්ට් කරපු සේරමලට ගොඩක් ස්තූතියි.....

copper
05-19-2011, 09:06 PM
http://www.emoticonsfree.org/wp-content/uploads/sign0098.gif (http://www.emoticonsfree.org/) තවහොද නිර්මාණ කරන්න...

මරු හිරා
05-20-2011, 06:45 AM
එක එක පාට තවරාගෙන හැඩට යොදා
පෙති ටික සරසවා පිබිදී සුවඳ විදා
වෙත එන බමරෙකුට සියොළඟ සුවඳ විදා
ලැබුවෙහි සැනසුමක්? මුවරද රසය බෙදා

රසවත් කරවමින් මෙහි මුලු පරිසරය
විකසිත කුසුම වෙත වූ බිඟුනගේ පොරය
නැත අද ඒ අසිරි දැක ගැනුමෙහි වරය
මල මිලිනව තිබේ බිඟු පොර අහවරය

ළංවී වතට වත දී පා හද බැතිය
රොන් රස උරා සනහා මල් සිරිමතිය
මත් වූ බමරිඳුනි සපුරා සිත රුතිය
අත්හැර ගියෙහි? පෙන්වා සුපුරුදු ගතිය

නෙත සිත ගත සැනහූ ඒ මල් මකරන්ද
මිලිනව ගිය මලෙක නොරැදෙනුයේ මන්ද
පැනයක් නොවේ මේ බිගුනට රස වින්ද
උන් සැරිසරති වෙන කුසුමක මන බැන්ද

බමරයි මලයි මේ පවසන කතන්දරේ
දහමකි පොදුව පවතින සව් සතුන් කෙරේ
උපදින මියෙන බව සයුරෙහි නිරන්තරේ
නැවතුම කොහිද සැනසුම දෙන බවන්තරේ

බලපු කමෙන්ට් කරපු සේරමලට ගොඩක් ස්තූතියි.....

නියමෙනුත් නියමයි https://lh6.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SDuoc7II/AAAAAAAAAF0/7wV8uuO-sBI/s800/Happy3.gif

Gecko
05-20-2011, 11:19 AM
නෙතේ කඳුළු නැතේ...

හදේ පැතුම් ඉකිබිදිනා රාවය
සවනත නොගැටී සිදී ගියාවේ
ආදරයෙන් හද ගැහෙනා රාවය
මතුදා ඔබහට නොම හැඟුනාවේ

ලොව නිදිගත් සද නිදි එළවූ සිත
ඔබ හමුවන්නට ඉගිල නොඒ නම්
කඳුළින් මා නෙත යලිදු පිරෙනු නැත
නොලැබෙන සෙනෙහස ගැන සිතලා

කඳුලු නැතේ යලි නෙතට හඬන්නට
හදවත උතුරන තැවුල් නිවන්නට
අවසර දෙමි ඔබහට සමු ගන්නට
යන්නට ඔබගේ සිහින ලෝකයට

සසර පුරා පැතු පැතුම් ගිලිහිලා
නොසිතූ විලසින් අප හමු වීලා
ඒ හමුවීමේ පව මට දීලා
ඔබ පිටවෙනු මැන මගෙන් මිදීලා

නිදහස් වන්නට ඉඩ නොලැබෙන ලෙස
අප හදවත් වට පවුරු බැදී නැත
දෙපිය නඟන්නට සවි නැති වන ලෙස
දෑතට දෙපයට විලංඟු ලා නැත

කඳුළින් සුසුමින් හදවත පුරවා
මෙතුවක් හැඬුමුත් පලයක් නොවුනිය
සුළගේ දැවටී ඉවත ගියා මිස
එහඬ ඇසුනු කිසිවෙක් ලොව නොවුනෙය.....

http://img651.imageshack.us/img651/8317/red20roses.jpg (http://imageshack.us/photo/my-images/651/red20roses.jpg/)
mekanam superb!

sudu pusa
05-21-2011, 10:09 AM
වතඹර සිනා පිවිතුරු කැඩපතය හිසේ
ගත පණ පොවන ලේ නොදනී සටන කුසේ
අතපය වියලි ඳඬු මෙනි කොළ හැලුනු ගසේ
සිත කට සතුට මිලදී ගත හැකිද කෙසේ?

පිරිපුන් කලය වැරදීමෙන් වැදුන අත
පෙරලී බිඳී ගොස් සී සී කඩව ඇත
පිළියම් කලද නොරැදේ දිය බඳුන මත
සිත කැඩුනට බෙහෙත් මුළු තුන් ලොවම නැත...



http://img268.imageshack.us/img268/3554/singlerose.jpg (http://imageshack.us/photo/my-images/268/singlerose.jpg/)

බලපු කමෙන්ට් කරපු සේරම අයට ගොඩක් ස්තූත්යි...

මරු හිරා
05-22-2011, 07:08 AM
වතඹර සිනා පිවිතුරු කැඩපතය හිසේ
ගත පණ පොවන ලේ නොදනී සටන කුසේ
අතපය වියලි ඳඬු මෙනි කොළ හැලුනු ගසේ
සිත කට සතුට මිලදී ගත හැකිද කෙසේ?

පිරිපුන් කලය වැරදීමෙන් වැදුන අත
පෙරලී බිඳී ගොස් සී සී කඩව ඇත
පිළියම් කලද නොරැදේ දිය බඳුන මත
සිත කැඩුනට බෙහෙත් මුළු තුන් ලොවම නැත...





මාත් මේ දවස් වල ගොඩක් දුකින් ඉන්නෙ බන් මේව ගොඩක් වටිනව මටhttps://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ4B0iqTg7I/AAAAAAAAAFQ/PzSb1Nw4nlw/s800/Crying01.gif

TharinduFox
05-22-2011, 08:18 AM
''සිත කැඩුනට බෙහෙත් මුළු තුන් ලොවම නැත...''
:26_002::26_002::26_002:

Demax
05-22-2011, 08:41 PM
මටත් දැන් සුදු පුසාට වගේ විරහා නිසදැසි ලිය ලිය ඉන්න තමයි වෙන්නේ...සුදුපුසා නම් විරහව විදලා නැතුව මේවා කවි ලියන්න පුලුවන් නිසා ලියනවද දන්නේ නෑ....
මට නිසදැස් ලියන්න බෑ බන් නැත්නම් මමත් මගේ හිතේ දුක කියලා දානවා.....https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ4B0iqTg7I/AAAAAAAAAFQ/PzSb1Nw4nlw/s800/Crying01.gifhttps://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZ4B3nDY8nI/AAAAAAAAAFc/AIYTfMGll5w/s800/Crying04.gif

Demax
05-22-2011, 08:47 PM
මට නිසදැස් ලියන්න බෑ බන්...මම මගේ හිතේ දුක මේ වගේ සිංදුවකින් වත් කියන්නම් බන්..


සදාකාලික නොවු ලොකයේ සදාකාලික ප්‍රේමයක්...
සොයා නෙක ගම් දනව් පිරා ගෙවු කාලය සිහිනයක්

එදා ලග සිට දුටුව ඔබ නොව
මේදා දුර සිට මා දකින්නේ...
සදා කාලික නොවු ලොකයේ සදා කෙලසද පෙම් බදින්නේ....

http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020661.gifhttp://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020661.gif

sudu pusa
05-23-2011, 08:16 PM
මට නිසදැස් ලියන්න බෑ බන්...මම මගේ හිතේ දුක මේ වගේ සිංදුවකින් වත් කියන්නම් බන්..



http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020661.gifhttp://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020661.gif

අපෝ...යි මොකද මචන් උනේ?
දාලා ගියාද?

CREATIVEN
05-23-2011, 09:21 PM
ඇයි ඒ Demax

https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TaaMb2MLz_I/AAAAAAAAAIQ/UZNysA4TpdA/s800/OhNo3.gif

Demax
05-23-2011, 09:58 PM
අපෝ...යි මොකද මචන් උනේ?
දාලා ගියාද?

කතා කරලා වැඩක් නෑ බන්....

sudu pusa
05-24-2011, 12:47 PM
කතා කරලා වැඩක් නෑ බන්....
ඕවා ඔහොම තමයි බං
හිත හදාගන්න බලපන්
කෙල්ලන්ගේ හැටි ඔය

sudu pusa
05-24-2011, 12:56 PM
එකට අත්වැල් බැඳන් ආ නුඹ
ගිලිහුනේ මගේ පෙර පවින්
ආදරේ මග වැරදුනා මට
නැවත එන්නට බැරි ලෙසින්

ආදරේ මතකයට නැගෙනවා නුඹේ
තනිකමින් සිත පෙලෙද්දී
දුර ගිහින් නුඹ මගේ දිවියෙන්
නැවත ලං වෙන්නට බැරි ලෙසින්...

http://img689.imageshack.us/img689/1298/roseb.gif (http://imageshack.us/photo/my-images/689/roseb.gif/)

බලපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි....

Dulin
05-24-2011, 05:32 PM
ඕවා ඔහොම තමයි බං
හිත හදාගන්න බලපන්
කෙල්ලන්ගේ හැටි ඔය

කෙල්ලන් පාරේ යන බස් වැනිය එකක් වැරදුනොත් අනිකේ යා හැකිය...

sudu pusa
05-29-2011, 01:16 PM
තොප මා අඳුරු ලොව
සොඳුරු නොකරයි
මංමුලාවූ තොප
වල්මත් වූ මා දිවිය ගැන
ගුප්ත අඳුරේ
නෙත් රූ අඳිනු වැනිය
එය සසල කරවයි
මා හද නිබඳ
ඉඳින් නිබඳ
ගතින් නොරඳ
පලායව වහා
ගිලන් වූ තොප සිත
මෙහි හොවා
එය මට
තනි රකිනු ඇත
සදා....

බලපු කමෙන්ට් කරපු අයට සේරටම ස්තූතියි....

Punisher
05-29-2011, 03:03 PM
තොප මා අඳුරු ලොව
සොඳුරු නොකරයි
මංමුලාවූ තොප
වල්මත් වූ මා දිවිය ගැන
ගුප්ත අඳුරේ
නෙත් රූ අඳිනු වැනිය
එය සසල කරවයි
මා හද නිබඳ
ඉඳින් නිබඳ
ගතින් නොරඳ
පලායව වහා
ගිලන් වූ තොප සිත
මෙහි හොවා
එය මට
තනි රකිනු ඇත
සදා....




මේක නම් කාත් එක්ක හරි මල පැනලා ලියපු එකක්ද කොහේද

sudu pusa
05-30-2011, 02:33 AM
මේක නම් කාත් එක්ක හරි මල පැනලා ලියපු එකක්ද කොහේද

ඇතතටම ඔව්
පූසි අප්සට් කථාවක් දාලා තිබ්බා

sudu pusa
05-30-2011, 01:31 PM
දෛවයේ සරදම් ඔබෙන් ලද
දරාගන්නට නොහැකිවුනි මට
ඔබෙන් ලද උණුසුමද අරගෙන
සමුගනිමි මම ඔබෙන් සදහට...

පෙරුම් පිරුවෙමි අහිංසක ලෙස
පැතුම් පැතුවෙමි සදා සතුටට
කියනු මැන පෙම්වතිය ඔබ මට
නොදැනුනිද ආදරය ඔබ හට....


ගගන තලයට වඩා වැඩි වුන
ප්‍රේමයක් ඇත තවම සිත තුල
මට දුකක් ගෙන දුන්න කුමරිය
ආදරෙයි දිවි තිබෙන තුරු මම...

ගායනය
රොෂාන් ප්‍රනාන්දු

Demax
05-30-2011, 05:02 PM
දෛවයේ සරදම් ඔබෙන් ලද
දරාගන්නට නොහැකිවුනි මට
ඔබෙන් ලද උණුසුමද අරගෙන
සමුගනිමි මම ඔබෙන් සදහට...

පෙරුම් පිරුවෙමි අහිංසක ලෙස
පැතුම් පැතුවෙමි සදා සතුටට
කියනු මැන පෙම්වතිය ඔබ මට
නොදැනුනිද ආදරය ඔබ හට....


ගගන තලයට වඩා වැඩි වුන
ප්‍රේමයක් ඇත තවම සිත තුල
මට දුකක් ගෙන දුන්න කුමරිය
ආදරෙයි දිවි තිබෙන තුරු මම...

ගායනය
රොෂාන් ප්‍රනාන්දු


sinduwe link ekath dammanam thamai hoda

sudu pusa
05-31-2011, 12:49 PM
http://www.youtube.com/watch?v=TKqqq3jXkiE
sinduwe link ekath dammanam thamai hoda

sudu pusa
05-31-2011, 01:20 PM
නමුදු සිතුවත්
මා මෙලෙස
අසරණවූ
මගේ ලෝකයට
අත පොවන්නට
බැඳුමෙන් බැඳී ඇත
නොහැකි
නිබඳ ඔබ
බැඳුනු සෙනෙහස
අපේ හදවත් සනසමින්
මුකුලිත වූවත්
හදේ ගැස්මක් දැනෙයි
නිබඳ සිතන විට
කැදලි තැනූ
ඔබේ ලොව ගැන
නොහැක මා හට
කූඩු කඩාලා
පව් බලන්නට
පතමි ඔබෙ දිවි මගට
ආසිරිමල් වැසි වසින්නට
තනිවුනාවේ මා
සුපුරුදු අදුරු ලොව තුල...

dani_baba
05-31-2011, 05:46 PM
පුසට පුසි බුටක් තියලා වගේ..අන්තිම කිව්යෙන් එක තමයි තේරුනේ නම්

sudu pusa
06-01-2011, 09:10 PM
ඔබෙ දෙතොල් පොති ලිහී
පිපුණු හසරුල් විලේ
සඳඑලිය ගලායයි
රැලි ලමින් සැලි සැලී

මෙවන් සුව පෙර නොවිදි
තුන්සිතම සලිත වී
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

නාගසක් දළුදමා වසන්තය එළැඹිලා
මදපවන් රැල් වැදී
සැළෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණතෙක්
ඔබ මගේ ඔබ මගේ

යුග ගනන් පැමිණි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

අහස් තල පොලෝ තල
ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත්
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සියොලගම තැවෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ.....

වික්ටර් රත්නායක



කඳුලින් මතු වුන නව රජ දහනේ
දොම්නස් කිරුළකි මගේ උරුමයට
පෙරදා හදවත සුවඳින් නැහැවුන
ඉමිහිරි සිතුවිලි කුසුම් වියැකිලා

පාළුව ඝණදුර මා වට කරමින්
අතීත සිතුවිලි යදමින් බැඳිලා
සිරකරුවෙකු සේ කුටියක තනිවුන
සුසුමට මගෙ දිවි දිය වෙනවා

බලාපොරොත්තුව මිණිමුතු ඔබලා
තැනූ මාළිගා බිදී වැටුනදා
මියගිය සෙනෙහස මිහිදන් කල තැන
හඬා වැටෙමි හදවතින් මගේ

පැතුමන් වියැකී දෙතොල් පෙති අතර
සුසුමින් ජීවය මං මුලා වෙද්දී
පතමින් සුභ වන් ඉසුරු හෙටක් මම
සමුගමි සදහට දෙනෙත් පියා....

අනුත්තර සමරසිංහ

හැමෝටම ගොඩාක් ස්තූතියි....

බොරලුගොඩ
06-05-2011, 08:26 AM
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc3/26440_102812363084856_100000682795672_82356_370038 4_n.jpg

gceal
09-06-2011, 04:06 PM
ela ela machan

:::N E O:::
01-18-2012, 05:22 PM
:thumbsup::thumbsup:

sudu pusa
05-26-2012, 02:40 AM
http://www.zoom.lk/forums/tags.php?tag=%26%233508%3B%26%233540%3B%26%233523% 3B%26%233535%3B%26%233484%3B%26%233546%3B+%26%2335 23%3B%26%233538%3B%26%233501%3B%26%233540%3B%26%23 3520%3B%26%233538%3B%26%233517%3B%26%233538%3B

sudu pusa
05-26-2012, 02:40 AM
:heartbeat:

Hash
05-26-2012, 11:46 AM
ela ne

harsha0101
05-26-2012, 11:58 AM
:thumbsup:

Ushantha
05-26-2012, 01:21 PM
පූසා මාර ඩයල් එකක් නේ

anushanga
05-30-2012, 09:38 PM
:40_002::40_002::40_002::40_002::40_002::40_002::4 0_002::40_002::40_002::40_002::40_002::40_002::40_ 002::40_002::40_002::40_002::40_002::40_002::40_00 2::40_002:

Clearsky
06-03-2012, 07:13 PM
නෙතේ කඳුළු නැතේ...

හදේ පැතුම් ඉකිබිදිනා රාවය
සවනත නොගැටී සිදී ගියාවේ
ආදරයෙන් හද ගැහෙනා රාවය
මතුදා ඔබහට නොම හැඟුනාවේ

ලොව නිදිගත් සද නිදි එළවූ සිත
ඔබ හමුවන්නට ඉගිල නොඒ නම්
කඳුළින් මා නෙත යලිදු පිරෙනු නැත
නොලැබෙන සෙනෙහස ගැන සිතලා

කඳුලු නැතේ යලි නෙතට හඬන්නට
හදවත උතුරන තැවුල් නිවන්නට
අවසර දෙමි ඔබහට සමු ගන්නට
යන්නට ඔබගේ සිහින ලෝකයට

සසර පුරා පැතු පැතුම් ගිලිහිලා
නොසිතූ විලසින් අප හමු වීලා
ඒ හමුවීමේ පව මට දීලා
ඔබ පිටවෙනු මැන මගෙන් මිදීලා

නිදහස් වන්නට ඉඩ නොලැබෙන ලෙස
අප හදවත් වට පවුරු බැදී නැත
දෙපිය නඟන්නට සවි නැති වන ලෙස
දෑතට දෙපයට විලංඟු ලා නැත

කඳුළින් සුසුමින් හදවත පුරවා
මෙතුවක් හැඬුමුත් පලයක් නොවුනිය
සුළගේ දැවටී ඉවත ගියා මිස
එහඬ ඇසුනු කිසිවෙක් ලොව නොවුනෙය.....

http://img651.imageshack.us/img651/8317/red20roses.jpg (http://imageshack.us/photo/my-images/651/red20roses.jpg/)


:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

sudu pusa
06-04-2012, 06:45 PM
ela ne


:thumbsup:


පූසා මාර ඩයල් එකක් නේ


:40_002::40_002::40_002::40_002::40_002::40_002::4 0_002::40_002::40_002::40_002::40_002::40_002::40_ 002::40_002::40_002::40_002::40_002::40_002::40_00 2::40_002:


:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

තෑන්ක්ස් හැමෝටම :thumbsup::):):)

Sithum Dinesh
09-11-2012, 09:39 AM
:thumbsup::thumbsup: