PDA

View Full Version : විද්‍යා ප්‍රබන්ධ වලින් සැබෑ ලෝකයට පැමිණි පරිගණක උපාංග …



Naveen
10-12-2012, 09:52 PM
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQjEE3fmUChj8KKpT2kev7B5X0MI8kHG E9ahpOifySGFkbms5D3ew&t=1

අලුත්ම දෙයක් ගැන කියන්න හදන්නෙ… මට කියන්න ඔයාලගෙන් කව්ද SpellBinder බලල නැත්තේ …? අපි පොඩි කලේ මෙයාල අපේ වීරයෝ නේද..? SpellBinder බලල නැතත් ඔයාල විද්‍යා ප්‍රබන්ධ බලල ඇති රුපවාහිනියේ. එහෙමත් නැතිනම් විද්‍යා ප්‍රබන්ධ පොත් කියවල ඇති. එහෙමත් නැත්නම් චිත්‍රපටි බලල ඇති..

ඉතින් ඔයාලට මතකද ඒවායේ තිබ්බ තාක්ෂණික උපාංග. සමහර ඒවා කියාත්මක කලාම වෙන වෙන ලෝක වලට යනවා.. වෙන වෙන මාන වලට යනවා.. සමහර උපකරණ හරිම භයන්කරයි. සමහර ඒවා හරිම ලස්සනයි. තවත් සමහර ඒවා පිටසක්වලින් අපු ඒවා වගේ . අපිටත් ඒවා තිබුන නම් කියල හිතිච්ච වර ඕන තරම් ඇති.

මන් මුලින්ම SpellBinder එකේ ෆොටෝ එකක් දැම්මේ SpellBinder කතාව කියන්න නම් නෙමේ. අද ඔයාලට කියන්න යන්නේ මේ වගේ විද්‍යා ප්‍රබන්ධ වල තියෙනවා වගේ උපකරණ සැබෑ ලෝකෙත් දැන් තියෙනවා කියල කියන්න. ඉතින් ඒ වගේ පරිගණක වලට සම්බන්ද කල හැකි උපකරණ 10 ක් ගැන ඔයාලට කියන්නම්. කැමතියි නේද SpellBinder එකේ ආශ්කගේ ඇදුම වගේ ඇදුමක් අපිටත් තිබ්බනම්.. අපි බලමු එහෙම දේවල් තියෙනවද කියල..?

Harman Kardon Soundsticks III


http://gadgetzonen.dk/wp-content/uploads/harmankardonsoundsticksiii-lg.jpg

මොකක් කියලද හිතෙන්නේ..? හරියට පිට සක්වල ජීවීන්ගේ gestation pod එකක් වගේ නේද ..? එත් මේක එහෙම උපකරණයක් නෙමේ.. මේක 2.1 channel speaker system එකක් . මෙම Harman Kardon Soundsticks උපකරණය ඔයාලගේ පරිගණක යට හරි ඕන ශබ්ද නිකුත් කරන උපකරණයකට කෙලින්ම සම්බන්ද කරන්න පුළුවන්. මෙහි මුලික නිෂ්පාදනය New York City’s Museum of Modern Art හි ස්ථිර පදර්ශන භාණ්ඩයක් ලෙස තබා තිබෙනවා.

Mad Catz Cyborg R.A.T. 9


http://www.trickslanka.com/wp-content/uploads/2012/10/rat-9-gaming-mous-100007295-gallery.jpg

මොකක් කියලද හිතන්නේ..? හ්ම්ම්… Robot කෙනෙක්.. එහෙම නේද හිතුවේ… එහෙනම් ඔයාල වැරදියි.. Robot ලට බය අයට නම් මේක මහා නපුරු හීනයක් වෙයි.ඇත්තටම මේක Mouse එකක්. මේක තම දැනට නිපදවල තියෙන හොදම , customizable Mouse එක.මේක හරියට “Transformers” එකෙන් අපු දෙයක් වගේ නේද..? Games සෙල්ලම් කරන අයට නම් R.A.T. ව කැමති විදිහට transform කරලා භාවිත කරන්න පුළුවන් වේවි.

Netgear R6300 WiFi Router


http://img2.targetimg2.com/wcsstore/TargetSAS//img/p/14/14/14145830.jpg

හ්ම්ම්ම්.. මේක දැක්ක ගමන් ම “2001: A Space Odyssey (http://en.wikipedia.org/wiki/2001:_A_Space_Odyssey_%28film%29) ” මතක් වුනේ කාටද? Space Odyssey කතාව බලල තියෙන ඔයාලට නම් මේ වගේ තනි කළු පාට ආනත වුණු ලොකු පෙට්ටියක් වගේ දෙයක් දැක්කම Space Odyssey එකේ monolith එක මතක් වෙන්නම ඕනේ. එත් මේක monolith එකක් නම් නෙමෙයි. මේක 802.11ac router එකක්. පරිබෝගිකයන්ගේ හිත ඇදගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි ඉතා ආකර්ශනීය ලෙස Netgear R6300 WiFi Router එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ, දැනට ලෝකේ තියෙන කර්යක්ෂමම routers වලින් දෙවැනි තැන ඉන්නෙත් Netgear R6300 WiFi Router එකම තමයි.

Razer Artemis Concept Controller


http://www.trickslanka.com/wp-content/uploads/2012/10/razer-artemi-100007294-gallery.jpg

දැනටමත් Mechwarrior Online Game එකේ ළගදීම එන්න නියමිත release එක බලාපොරොත්තුවෙන් ඉන්න අයට නම් මේක හොඳ ආරංචියක්. Razer’s Artemis Concept Controller එක භාවිතයෙන් මේ ගමේ එක සාර්ථකව , වින්දනීය ලෙස play කරන්න පුළුවන්. මෙම උපකරණය යාන්ත්‍රික යතුරුපුවරුවකින් , force-feedback mechstick එකක් සහ 8-inch display එකකින් පරිපුර්ණයි. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ගමීක සදහා පමණයි , හරියට Steel Battalion Xbox game එකට තියෙන joysticks දෙකක් සහ foot pedals තියෙන Controller එක වගේ. Mechwarrior Online Game එකේ එන Mech suits එක තවමත් විද්‍යා ප්‍රබන්දයක් විතරයි. එත් මේ උපකරණය නිසා අපිව එක අදියකින් විද්‍යා ප්‍රබන්දයට ලං කරනවා නේද?

Gyroxus Full-Motion Control


http://www.guiadacasa.com/blog/wp-content/gallery/cadeiras-para-pc/cadeiras-para-pc-9.jpg

පිස්සු හැදෙන සඳ කිව්වලු.. මේ මොකක්ද මේ..පැත්තකින් බැලුවම නාවික නිලධාරියෙක් ගේ පුටුවක් වගේ නේද? එත් සැලූන් එකක, SPA එකක තියෙන පුටුවක් වගෙත් පේනවා නේද? Gyroxus Full-Motion Control කියන්නේ එක්තරා විදිහක පුටුවක් තමයි. Games play කරන්න තමයි භාවිත කරන්නේ. නමුත් මේ Control එකට කිසිම ආකාරයකින් power ලබා දෙන්නේ නෑ. මෙම පුටුව ගොඩක් games වල එන ස්වභාවික චලන Game players ලට ලබා දෙන්න උදව් වෙනවා. Game player පුටුවේ එහා මෙහා චලනය වෙන විට game character එකත් ඒ චලන රටාවට අනුව චලනය වෙනවා.

Thermaltake V1 Cooler


http://www.trickslanka.com/wp-content/uploads/2012/10/thermaltakev-100007307-gallery.jpg

ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් ක්‍රියා කරන ඔබේ engine block එකෙන් වැඩි උණුසුමක් නිපදවෙනවද? එහෙනම් Thermaltake V1 cooler එක භාවිත කරන්න ඔයාලට පුළුවන්. මේක නිෂ්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් ක්‍රියා කිරීම නිසා රත් වුණු CPU සිසිල් කිරීමට. මෙය multiple fins, Dual-V architecture සහ ultra-shiny නිමාවකින් යුක්තයි. නීල් පාට LED light එකක් නිකුත් කරන 110 mm fan එකක් සමග මෙය එකතු කර බලන්න. Science fiction effect එක දැන් සම්පුර්ණයි නේද?

Mad Catz S.T.R.I.K.E. 7


http://www.trickslanka.com/wp-content/uploads/2012/10/strike7_0-100007297-gallery.jpg

Mad Catz ල නැවතත් විද්‍යා ප්‍රබන්ද ලැයිස්තුවට එකතු වෙන්නේ S.T.R.I.K.E. 7 keyboard එකත් එක්ක. මේක හරියට පිට සක්වල ජීවින් ගෙනාපු Gadget එකක් වගේ නේද? TFT-LCD touchscreen එකක් සහිත මෙහි advanced macros program කරන්නත් පුළුවන්.

Alienware Area-51


http://www.trickslanka.com/wp-content/uploads/2012/10/area5-100007291-gallery.jpg

ඔයා උදේ නැගිටිනකොටම මේ වගේ දෙයක් ඔය දිහා එක එල්ලේ බලන් ඉන්නවා වගේ දැක්කොත්.., එක්කෝ ඔයා PC game වලට ගොඩක් අස කෙනෙක් , නැත්නම් ඉතින් පිටසක්වලින් අපු කෙනෙක්. H.R. Giger තමයි මේ වගේ Aliens ලව මුලින්ම ඇන්දේ . ඉතින් මේ The Area-51 කියන්නේ Alienware ලගේ පළවෙනි gaming system එක. මෙමගින් ඉතා ඉහල ආශ්වාදයක් game players ලට ලබා දෙනවා.

Logitech diNovo Mini


http://www.trickslanka.com/wp-content/uploads/2012/10/1_-100007292-gallery.jpg

Logitech diNovo Mini කියන්නේ pocket-sized wireless keyboard එකක්. මෙයින් PC එකක් හරි ඕනෙම entertainment system එකක් පාලනය කරන්න පුළුවන්. diNovo Mini keyboard (http://www.logitech.com/en-us/keyboards/keyboards/dinovo-mini) එක Bluetooth හරහා හෝ USB හරහා සම්බන්ද කරන්න පුළුවන්. මේක ගොඩක් devices සමහ හොදින් ක්‍රියා කරනවා.

Neurowear Necomimi


http://www.trickslanka.com/wp-content/uploads/2012/10/ef66_brainwave_cat_ears_uni-100007302-gallery.jpg

“Star Trek: The Original Series” එක බලපු යාලුවෝ මේක දන්නව ඇති. මේ වගේම outfit එකක් ඒ Series එකේ එන space vixen ඇදගෙන ඉන්නවා ඔයාල දැකල ඇති. මෙම Necomimi headset එක හදුන්ව දුන්නේ Neurowear විසින්. මේකෙත් පොඩි sci-fi ගතියක් තියෙනවා නේද? මේක ඔයාගේ ඔලුවට ගෙන මේ කන් දෙක වගේ එක ලග තියෙන sensor ඔයාගේ නළල දිහට press කලාම මෙහි ඇති පද්ධතිය මගින් ඔයාගේ brain waves කියවල visual cues මේ පපූසෙක්ගේ වගේ තියෙන කන් දෙකට එවනවා. Neurowear එකට අනුව ඔය ඒ වෙලාවේ මොනාහරි ගැන concentrate කරගෙන හරි stressed වෙලා හරි නම් හිටියේ මේ කන් දෙක ඉස්සිලා තියෙනවා. ඔයා relax වෙලා නම් හිටියේ මේ පූස් කන් දෙක පහලට නැමිලා තියෙනවලු.

Punisher
10-12-2012, 10:05 PM
මාර දේවල් නේ තියෙන්නේ! :yes: :yes:

Time Traveler
10-12-2012, 10:10 PM
නියමයි මචන්. රෙප් +2

gayan159
10-12-2012, 10:11 PM
wow mewa serama ganna athnam

hasithadn
10-12-2012, 10:13 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

Naveen
10-12-2012, 10:14 PM
මාර දේවල් නේ තියෙන්නේ! :yes: :yes:

:yes:

Naveen
10-12-2012, 10:14 PM
නියමයි මචන්. රෙප් +2

ThanKxx

මරු හිරා
10-12-2012, 10:19 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

CJA
10-12-2012, 10:21 PM
පිස්සු හැදෙනවනෙ..

You must spread some Reputation around before giving it to Naveen again.

Agent47
10-12-2012, 10:23 PM
:cool: :cool: :cool:

Castiel
10-12-2012, 10:51 PM
නියමයි නියමයි, :):

Daedunu
10-13-2012, 01:16 AM
thanx! rep+

shashi1987
10-13-2012, 08:28 AM
වැදගත් මචන්....Thanks..:cool:

Methsara
10-13-2012, 10:37 AM
නියමයි නවීන් අයියේ!

prasannapt
10-13-2012, 11:11 AM
ela ela:k0243:

Dj | නිමන්ත
10-13-2012, 01:48 PM
පෝස්ට් එකනම් නියමයි මාරදේවල් නේ තියෙන්නේ
You must spread some Reputation around before giving it to Naveen again.

sujeewa
10-13-2012, 01:50 PM
Rep+

Dj | නිමන්ත
10-13-2012, 06:48 PM
නියම පෝස්ට් එකක් රෙප් ඇඩ් කලා ++++

tanuja
10-13-2012, 07:09 PM
elaz! rep +

kasun sanjaya
10-14-2012, 04:11 PM
නියමයි මචන් .මාර යි ආ .............:cool::cool::cool:

Methsara
10-15-2012, 09:46 PM
නවින් අය්යේ. ඔයටත් රෙප් එකක්.

chathuravt
10-20-2012, 08:05 AM
:thumbsup::thumbsup:

Sameera Karunaratne
10-23-2012, 06:23 PM
:cool: