PDA

View Full Version : වඳවීගිය සත්වයින්(Extinct Animals)



Ushantha
10-14-2012, 12:10 PM
http://1.bp.blogspot.com/-9MuW08zJlBI/T8Rwp0sxgmI/AAAAAAAABd4/6CbGHdK_d9M/s1600/Titana-banner.JPG

බෝවා (Boa) යනු දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල සර්ප විශේෂයකි. බෝවා කොන්ස්ට්‍රික්ටර් හා ඇනකොණ්ඩා බෝවා කුළයට අයත් වන අතර මොවුන් සියල්ලම විෂ රහිත, තම ගොදුරු මිරිකා පොඩිකොට ගිල දමන විශාල සර්ප වර්ගයකි. අප දන්නා පිඹුරාද (python) ගොදුරු මිරිකා ගිලදමන සර්පයෙකු වන නමුත් ඔවුන් ජීවත් වන ප්‍රදේශ හා වර්ගයා බෝ කිරීම අතින් වෙනස්ය. බෝවා වර්ගයේ සර්පයින් ජීවී පැටවුන් බිහිකරන අතර පිඹුරන් බිත්තර දමයි.

විශාල සර්ප වර්ග

http://2.bp.blogspot.com/-Yb82pZED1h8/T8R-NocY4PI/AAAAAAAABeU/IKLj39fwQ_g/s1600/snakes.jpg


*බෝවා කොන්ස්ට්‍රික්ටර් (Boa constrictor): වාර්තාගත උපරිම දිග අඩි 14ක් පමණ
*කොළපැහැ ඇනකොණ්ඩා (Green anaconda - Eunectes murinus): වාර්තාගත උපරිම දිග අඩි 20ක් පමණ
*ආසියාතික පිඹුරා (Asiatic reticulated python-Python reticulatus): වාර්තාගත උපරිම දිග අඩි 23ක් පමණ

අඩි 25ක් පමණ දිගින් යුතු ඇනකොණ්ඩාවන් ගැන වාර්තාවී ඇතත් සාමාන්‍යයෙන් පිලිගන්නා ආකාරයට ලොව දිගින් වැඩිම සර්ප වර්ගය වන්නේ ආසියාතික පිඹුරාය. එහෙත් මහතින් හා ශක්තියෙන් වැඩිම සර්පයා වන්නේ ඇමේසන් වනයේ ඇනකොණ්ඩා වර්ගයයි.


ටයිටැනබෝවා

ටයිටැනබෝවා යනු ටයිටැනික් බෝවා යන්නයි (ටයිටැනික්=අතිවිශා ල). ඒ අනුව ටයිටැනබෝවා මීට වසර මිලියන 50කට පමණ පෙර ප්ලෙයෝසීන යුගයේ ජීවත්වුනු බෝවා කුළයට අයත් අතිවිශාල සර්පයෙකි.

අමෙරිකාවේ ප්‍රමුඛතම පර්යේශණ ආයතනයක් වන ස්මිත්සෝනියන් ආයතනයේ හා ෆ්ලෝරිඩා විශ්වවිශ්‍යාලයේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් 2004 වසරේදී දකුණු ඇමරිකාවේ කොලොම්බියා රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ කරන ලද ගවේශණයකදී ටයිටැනබෝවාගේ ෆොසිල මුල්වරට සොයාගන්නා ලදී.මෙම ෆොසිල සම්බන්ධයෙන් සිදුකල පර්යේශණ වලට අනුව ටයිටැනබෝවාට සිය මුඛය අංශක 180ක් තරම් පලලට විවෘතකල හැකි බව සොයාගැනුනු අතර ඒ අනුව ඔහුට හොඳින් වැඩුනු කිඹුලෙකු එකවර ගිලදැමීමේ හැකියාව ඇතැයි නිගමනය කෙරුණි.

http://4.bp.blogspot.com/-t_cHikE97To/T8R_mtJHNGI/AAAAAAAABec/q2TIH1HCaY0/s1600/Titanoboa-Monster-dinosaurs-631.jpg
ටයිටැනබෝවා හා ඔවුන්ගේ ගොදුරු බවට පත්වුනු ඩයිරසෝර් කිඹුලා (C) Jason Bourque / University Of Florida

අඩි 40කට වඩා දිගින් වැඩිවූ බවට සැක කෙරෙන ටයිටැනබෝවාගේ කඳෙහි පලල්ම ස්ථානය මීටරයකට වඩා විශ්කම්භයෙන් වැඩිවූ බවට විශ්වාස කෙරේ.

http://2.bp.blogspot.com/-e5psGRHYS4Y/T8S_JBazyYI/AAAAAAAABeo/vX4vpZUgTbM/s1600/titanoboa-4221.Jpeg

මෙම සත්වයාගේ විශාලත්වය කොතරම්ද යන්න සිතා ගැනීමට පහත ඡායාරූපය ඔබට උපකාරීවනු ඇත. මෙම ඡායාරූපයේ සිටිනා ජේසන් බර්ක් නම් විද්‍යාඥයා ටයිටැනබෝවා සොයාගත් ගවේශණ චාරිකාවේ සාමාජිකයෙකු වන අත ඔහුගේ දකුණතේ (රූපයේ වම්පස ) ඇත්තේ ටයිටැනබෝවාගේ කශේරුකාවේ එක් ෆොසිලකරණය වූ අස්ථියක් වන අතර ඔහුගේ වම් අතෙහි ඇත්තේ දැනට බරින් වැඩිම, ශක්තිමත්ම සර්පයා වන කොළපැහැති ඇනකොණ්ඩාගේ කශේරුකාවේ අනුරූප අස්ථියයි. අස්ති දෙකෙහි විශාලත්ව වෙනස බැලීමෙන් ටයිටැනබෝවා මොනතරම් විශාල සර්පයෙකු වන්නට ඇතැයිද යන්න ඔබටම සිතාගන්නට පුලුවන් නේද?

http://4.bp.blogspot.com/-thossvWjfK8/T8TGv17gJTI/AAAAAAAABe0/RE59dFKQqs0/s1600/snakex-large.jpg

ටයිටැනබෝවා ෆොසිල කශේරුකා අස්ථියක් හා සංසන්දනය කරනවිට දැන් ලොව විශාලම සර්පයා වන ඇනකොණ්ඩාගේ කශේරුකා අස්ථි මොනතරම් කුඩාද?

ටයිටැනබෝවා ෆොසිල සොයාගත් පර්යේශණ චාරිකාව සංවිධානය කල ස්මිත්සෝනියන් ආයතනය ඔවුන්ගේ සුප්‍රසිද්ධ ස්මිත්සෝනියන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ටයිටැනබෝවාගේ ජීවප්‍රමාණ ප්‍රදර්ශණාකෘතියක නිර්මාණය කොට මහජන ප්‍රදර්ශණයට තබා ඇති අතර ස්මිත්සෝනියන් ආයතනයට අයත් ස්මිත්සෝනියන් චැනල් නම් රූපවාහිනී නාලිකාව මෙම සර්ප විශේෂය ගැන අධ්‍යාපනික වාර්තා චිත්‍රපටයක්ද නිමාණය කොට තිබේ. ටයිටැනබෝවා බරින් ටොන් එකක් පමණ වන්නට ඇතැයි ගණන් බලා ඇත.

http://1.bp.blogspot.com/-3RkQz5akm34/T8RxrNYq7wI/AAAAAAAABeA/Vwg_qFJX4wI/s1600/Titanoboa.jpg

ස්මිත්සෝනියන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ මහජන දැක්මට තබා ඇති ටයිටැනබෝවාගේ ජීවප්‍රමාණ ප්‍රදර්ශණාකෘතිය

උපුටා ගැනීමකි.
විද්‍යා ගවේෂණ

Time Traveler
10-14-2012, 12:15 PM
තවත් වටිනාම ලිපියක් මචන්. ස්තූතියි!
ඔන්න අරවා දුන්නා(රෙප්) හොඳේ. :36_002:

Punisher
10-14-2012, 12:22 PM
වටින කියන ලිපියක් නේ
රෙප්++++

Ushantha
10-14-2012, 12:31 PM
තවත් වටිනාම ලිපියක් මචන්. ස්තූතියි!
ඔන්න අරවා දුන්නා(රෙප්) හොඳේ. :36_002:
ස්තිතුයි මචන්


වටින කියන ලිපියක් නේ
රෙප්++++
එළ එළ තැන්කූ හොදේ

මේ නූල දිගටම කරගෙන යන්න අදහසක් තියෙනවා. ඔයාලගේ සපෝට් එක තමයි ඕන. උඹලටත් වදවෙලා ගිය සත්තු ගැන විස්තර ලැබුණොත් මේකේ පෝස්ට් කරන්න.

Methsara
10-14-2012, 01:17 PM
ඉගෙනගන්න අපිට මේව හරියට වටිනවා .තෑන්ක් යූ අය්යේ.

shashi1987
10-14-2012, 01:18 PM
වටිනවා බන්.. දිගටම ලියපන්.. මගෙන් සුභ පැතුම්...............

Naveen
10-14-2012, 01:31 PM
very important post ,thanks
rep+++

Viraj_rox
10-14-2012, 01:37 PM
වටින ලිපියක්

මරු හිරා
10-14-2012, 02:43 PM
රෙප්++++

dushan075
10-14-2012, 03:12 PM
rep++

hasithadn
10-14-2012, 03:21 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

kasun sanjaya
10-14-2012, 03:33 PM
හුගක් දේවල් දැනගත්තා . ස්තුතියි :yes::yes::yes:. රෙප් +++

Ushantha
10-14-2012, 03:37 PM
ඉගෙනගන්න අපිට මේව හරියට වටිනවා .තෑන්ක් යූ අය්යේ.
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

වටිනවා බන්.. දිගටම ලියපන්.. මගෙන් සුභ පැතුම්...............
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

very important post ,thanks
rep+++
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

වටින ලිපියක්
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

රෙප්++++
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

rep++
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

Ushantha
10-14-2012, 03:40 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

හුගක් දේවල් දැනගත්තා . ස්තුතියි :yes::yes::yes:. රෙප් +++
http://yoursmiles.org/bsmile/fun/b0212.gif

Ushantha
10-14-2012, 05:07 PM
අපේ මුතුන්මිත්තන් පණපිටින් ගිලදැමූ කිඹුල් රාජයා!

http://4.bp.blogspot.com/-45XGxH8Gnw0/T8N7AIxwRnI/AAAAAAAABdQ/eAk0os3qdl8/s1600/Untitled.png

ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් නම් විද්‍යාත්මක නාමය ලබාදී ඇති මේ දැවැන්ත කිඹුල් වර්ගය මීට වසර මිලියන 2-4 අතර කාලයේ අප්‍රිකාවේ කෙන්යා රාජ්‍යයේ ටර්කානා විල අසබඩ ප්‍රදේශයේ සැරිසැරූ බවට ෆොසිල සාක්ශි හමුවී තිබේ. දැනට ලොව වෙසෙන විශාලතම කිඹුල් වර්ගය වන ලවණ ජල කිඹුලා (salt water crocodile-Crocodylus porosus) මීටර් 6ක් පමණ දිගට වැඩෙන අතර ෆෝර්බ්‍යාර්නාසන් කිඹුල් වර්ගය මීටර් 8කට වඩා විශාලව (අඩි 27 පමණ) වැඩෙන්නට ඇතැයි දැනට හමුවී ඇති ෆොසිල සාක්ශි දරයි.


http://3.bp.blogspot.com/-arpT2dxV0Jk/T8ODGG5jZmI/AAAAAAAABdc/NCwxuYkrMt8/s1600/Untitled.png

කෙන්යාවේ ටර්කානා විල අසබඩ ප්‍රදේශය ආදී මානවයින්ගේ ෆොසිල විශාල වශයෙන් හමුවන ප්‍රදේශයක් වන අතර [ටර්කානා විල අසබඩින් හමුවුනු ආදි මානවයින් ගැන ලිපිය කියවන්න] එම මානවයින්හා මෙම කිඹුල් වර්ගය සමකාලීනයන් වේ. මේ අනුව මෙම දැවැන්ත කිඹුලන් ජලය ගැනීම සඳහා විලට පැමිණි ආදී මානවයින්ට පහරදී ගිල දමන්නට ඇතැයින් විද්‍යාඥයින් සැක පහල කරයි. හොඳින් වැඩුනු නූතන හෝමෝ සැපියන් මානවයෙක් සාමාන්‍යයෙන් අඩි පහකටව වඩා උස් වූවත් ආදි මානවයින්ගේ සාමාන්‍යයෙන් අඩි 4කට වඩා උස් නොවුනු නිසා ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් මෙම කුඩා මානවයින් අපහසුවකින් තොරව සම්පූර්ණයෙන්ම ගිල දමන්නට ඇතැයි සැළකේ.
මෙම කිඹුල් විශේෂය කොතරම් විශාලද යත් ඔවුන්ගේ ෆොසිලකරනය වූන් හිස් කබලක් එසවීමට මිනිසුන් 4දෙනෙකුගේ ශක්තිය අවශ්‍ය වේ!

http://1.bp.blogspot.com/-Q9rm3w_gamw/T8OD9VP442I/AAAAAAAABdk/3pA2tyAuFpI/s1600/crocodylus-thorbjarnarsoni-size.jpg

http://1.bp.blogspot.com/-WtgU2D9Q1UA/T8OEfLWPERI/AAAAAAAABds/u4t9UD-Xyao/s1600/new-species-extinct-giant-crocodile-skull_52854_600x450.jpg

ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් කිඹුලාගේ ෆොසිලකරණයවූ හිස්කබලක් - ඡායාරූපය National Geographic

උපුටාගැනීමකි
විද්‍යාගවේෂණ

සෝරෝ
10-14-2012, 05:28 PM
මෙවුං ගෙවල් වල ඇති කරන්න බැරි ද.... :D

Ushantha
10-14-2012, 05:37 PM
මෙවුං ගෙවල් වල ඇති කරන්න බැරි ද.... :D

පුලවන් එකෙක් ඕනද. මරැ හිරා ළග 5 ඉන්නවලු:D

සෝරෝ
10-14-2012, 05:39 PM
5ක් මදි.. මම මේ බැලුවේ 6ක් ඇති කරන්න..... :D


පුලවන් එකෙක් ඕනද. මරැ හිරා ළග 5 ඉන්නවලු:D

Ushantha
10-14-2012, 05:49 PM
5ක් මදි.. මම මේ බැලුවේ 6ක් ඇති කරන්න..... :D

6 වෙනි එකා නේ. ම්.. හරි නේ. පොඩි කිඹුල් පැටියෙක් අල්ලන් චිකන් කන්න දීලා ලොකු කරගමු..

THECN
10-14-2012, 07:14 PM
ගොඩක් වැදගත් ස්තූතියි සහෝ ..........

sujeewa
10-14-2012, 07:36 PM
වටින කියන ලිපියක් නේ
රෙප්++

Isuru1990
10-14-2012, 10:51 PM
good post. thanx machan! rep+

nuwan_dhananjaya
10-15-2012, 08:59 AM
thnx niyama lipiyak

රත්නෙ ලමයා
10-15-2012, 10:02 AM
Fantastic, Brother !!!! :58_002:

රත්නෙ ලමයා
10-15-2012, 10:04 AM
http://2.bp.blogspot.com/-Yb82pZED1h8/T8R-NocY4PI/AAAAAAAABeU/IKLj39fwQ_g/s1600/snakes.jpg :06:

chathuravt
10-20-2012, 08:00 PM
:thumbsup::thumbsup::thumbsup:

Angel_senuri
10-20-2012, 08:05 PM
good info.Thank you frnd.REP++

raveendra
10-20-2012, 08:44 PM
වටිනවා මචන්. රෙප් 2++

Sameera Karunaratne
10-23-2012, 06:30 PM
patta watinawa bn welawata mun dn nathe
danuwath kalata tks