PDA

View Full Version : ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත



රත්නෙ ලමයා
10-20-2012, 08:25 PM
ඇඩොල්ෆ් හිට්ලර්

http://img210.imageshack.us/img210/2761/200pxbundesarchivbild18.jpg

බර්ලින් නුවර භූගත මාළිගාවක සිටි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් තම නළලතට වෙඩි තබාගනිමින් සියදිවි නසාගත් බව කියවේ.මේ වෙඩි තබා ගැනීමත් සමගම ඔහු සිටි බිම් අතුරණයට රුධිරය රූරා වැටුණු අතර ටික වෙලාවකින් පිළිස්සුනු ආමන සුවදක් වාතාශ්‍රයට එක්වන්නට විය.

පසු කාලයක හිට්ලර්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍යවරු පවසන්නේ හිට්ලර් සමග සිටි සගයා එම සිදුවීම වූ සැනින් එහි පැමිණි පුද්ගලයකු බවයි.

දින දෙකකට පෙර හිට්ලර් තම පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් සරණ පාවා ගත්තේය. එහෙත් රුසියන් හමුදා ළඟම එන බව දැනගත් ඇය සිය දිවි නසාගත්තාය. හිට්ලර් දැන් තමා ගේ අවසානය උදා වෙමින් පවතින බව දැන ගත්තේය. ඒ සමඟම වඩා යුහුසුළු වූ ඔහු තම සෙවනේ හැදී වැඩුණු බැල්ලට සහ ඇගේ පැටවුනට සයනයිඩ් පෙති දී තම අවසන් ආරක්ෂක වලල්ලට ද සමු දුන්නේය.


http://img252.imageshack.us/img252/2266/bundesarchivbild183m120.jpg

අප්‍රේල් 30 වන දා දවල් 3:30 පසු වන විට හිට්ලර් තම වෝල්ටර් පී.පී.කේ වර්ගයේ පිස්තෝලයෙන් තම හිසට වෙඩි තබා ගන්නා ලදි. නළලත දකුණත වෙඩි වැදුණු ස්ථානයෙන් රුධිරය ගලා යන්නට විය. ඇතමුන් පවසන්නේ වෙඩි තබා ගත් ඔහුගේ හිස මේසයකට හේත්තු වී තිබූ බවයි. හිට්ලර් ගේ සමීපතම SS හමුදාවේ කිහිප දෙනෙකු පසුව හිට්ලර් ගේ සහ ඊවාගේ සිරුරු පුළුස්සා දමා ඇත.

හිට්ලර් මිය යාම පිළිබඳව තවමත් විවිධ මත වාද ඇත. අළුතම මතවාදය වන්නේ හිට්ලර් සහ ඊවා බර්ලින් සටනින් පසුවද ජීවත් වූ බවයි.



සදාම් හුසේන්

http://img.timeinc.net/time/moy/1990/images/saddam.jpg

සදාම් හුසේන් යනු ඉරාකයේ ආඥාදායක පාලකයා විය.අවසන් මොහොතේ හෝ යුක්තියේ පිහිට අපේක්ෂාවෙන් බන්ධනාගාරයේ ගත කල ඔහුට එවැනි නිදහසක් ගැන සිතන්නට තිබු ඉඩ කඩ සීමාසහිත විය.

සදාම් හුසේන් ගේ අවසානය වුයේ ඔහුගේම රටේ ඔහුට එරෙහිව අර ඇදු අය ඔහුව එල්ලා මැරීමයි.ඔහුගේ අවසන් මොහොතේ ඇසුණු එකම ශබ්දය වුයේ ගෙල කැඩී යාමේ හඩ පමණි.2003 දෙසැම්බර් මාසයේදී ඔහුද පසුගියදා ගඩාෆි සිටි ආකාරයටම බංකරයක සැගවී සිටියේය.කෙසේ වෙතත් අවසානයේ සදාම් ද අල්ලාගනු ලැබිය.එය ප්‍රකාශයට පත්කල එක්සත් ජනපද හමුදා නිලධාරියකු කියා සිටියේ සදාම් හුසේන් අත්අඩන්ගුවට පත්වන අවස්ථාවේ දී මියෙකු මෙන් අල්ලාගත් බවයි.

ඉන් අනතුරුව පොලවයට ඇති බංකරයක මියගොස් සිටියවුන් රැගෙන යන මිනිපෙට්ටයක් මෙන් ඔහු කුදලාගන ආ බව ද වාර්තා වී ඇත.කෙසේ වෙතත් එක්සත් ජනපද හමුදාව කියා සිටියේ සදාම් හුසේන් තමන්ට සතුරු සේනාවට කිසිදු ප්‍රහාරයක් දියත් නොකරම යටත් වූ බවයි.ඒ ඔහු උපන් ප්‍රදේශය වන ටික්රික් නුවරදීය.


http://i.telegraph.co.uk/multimedia/archive/01438/saddamHussein_1438080c.jpg

ඝන රැව්ලක් වැවී ඉතා කෘෂ පෙනුමකින් යුතුව සිටි ඔහු දැඩි වෙහෙසට පත්ව සිටි බව බැලු බැල්මට පෙනෙන්නට තිබිණ.අල්ලාගන්නා අවස්තාව වන විට දින 250 ක් පුරා එක දිගට වෙහෙසට පත්ව සිටි අයකු වූ බව මෙයින් හොදින්ම පෙනීගියේය.ඉරාකයේ විශේෂ විනිශ්චය සභාව 2006 නොවැම්බර් 05 වැනි දින මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කරන ලද සියලු අපරාධ වලට ඔහු වරදකරු කරන ලදී.ඒ අනුව මරණ දඩුවම ලැබුණු සදාම් හුසේන් මිය යනතුරු එල්ලා තැබිය යුතු බවට නියෝග කැරුණි.

නඩුවේ තීන්දුව ලබාදී මාස තුනකට පසු බැග්ඩෑඩ් හිදී දෙසැම්බර් 30 වැනිදා උදේ හයට පමණ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා සදාම් හුසේන් කොන්ක්‍රීට් වලින් ආවරණය කරන ලද විශේෂිත කුටියක්‌ තුලට ගෙන ගියේය.මුහුණු ආවරණ දමාගත් පිරිසක් ඔහු ඉදිරියේ සිටි අතර සදාම් හුසේන් ද සුදු කමිසයකින් හා අදුරු පැහැති කබායකින් සැරසී සිටියේය.අවසන් මොහොතේ කෑ නද දුන් ඉරාකයේ හිටපු ආඥාදායක සදාම් හුසේන් ‘දෙවියනි ඔබ ශ්‍රේෂ්ටයි ’යනුවෙන් කියා සිටියේය


http://2.bp.blogspot.com/-XgtLWh3Mf7k/UC6ishsYGUI/AAAAAAAAASE/Rqapmm7XWr0/s1600/saddam-hussein-execution.jpg

සදාම් සිය අතේ ශුද්ධ වූ කුරානයේ පිටපතක් රදවාගෙන සිටියදී පහසු ගැටයක් ගසා ඇති තොන්ඩුව ඔහුගේ බෙල්ලෙහි රුවා තිබිණ.අනතුරුව ස්වල්ප වෙලාවකින් විශාල ශබ්දයකින් පසු ඔහුගේ ගෙල බිදී යන ශබ්දය එම කුටියෙන් ඇසීමත් සමග ක්‍රියාත්මක වූ වෛද්‍යවරයකු සදාම් හුසේන්ගේ හද රිද්මය පිරික්සා බලා තීරණය කලේ සදාම් හුසේන් මියගොස් ඇති බවයි.


http://3.bp.blogspot.com/-WYg5B3svYss/UC6iyQW5R4I/AAAAAAAAASM/_X4Oxuxe6VE/s1600/president-hussein-dead.jpg

ඉතා දැඩි ආරක්ෂක විධි විධාන යටතේ ක්‍රියාත්මක වුවද ජංගම දුරකතනයකින් ලබාගන්න ලද දර්ශන මාධ්‍ය වෙත නිකුත් වුයේ සදාම් හුසේන්ගේ මරණය පිලිබදව ලෝකයට හෙළි කරමිනි.එම දර්ශනවල ඉරාක නායකයාගේ ගෙල කැඩී ඇති ආකාරයත් එහි සිටි සොල්දාදුවෙක් ඉරාක නායකයාට අපවාද කරන ආකාරයත් විනිසුරුවරයා නිශ්ශබ්දතාවය රකින ලෙස ඔහුට අණකරන ආකාරයත් හොදින් දකින්නට ලැබේ.


බෙනීටෝ මුසෝලිනී


http://img408.imageshack.us/img408/7842/benitomussolini1646270c.jpg

ජර්මන් හමුදා නිල ඇදුමකින් සැරසී වෙස්වලාගත් බෙනීටෝ මුසලෝනි සිය සහකාරිය වූ ක්ලේරා පෙටස්චි සමග ස්විට්සර්ලන්තයට පලා යමින් සිටියේය.මෙය ඉතාමත් දුෂ්කර කාර්යයකි.ඔවුන් සමග පැසිස්ට් අන්තවාදී සගයන් පහළොස දෙනෙකු ද සිටියේය.ඒ 1945 අප්‍රේල් මස 27 වැනි දිනයයි.මේ පලායන කණ්ඩායම කොමියුනිස්ට් නිලධාරීන් හා සොල්දාදුවන් පිරිසක් විසින් නවතන ලදී.

එලෙස අල්ලාගත් මුසලෝනි ඇතුළු පිරිස පසුවදා ගිවිලිනෝඩ් මෙසේග්‍රා නමැති ගම්මානයේදී වෙඩි තබා ඝාතනය කළහ.තම අවසන් මොහොතටද නිර්භීතව මුහුණ දුන් මුසලෝනි සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියේ තම පපුවට වෙඩි තබන ලෙසයි.සොල්දාදුවන් වෙඩි තැබීම සදහා කාලය පමා කලේ නැත.මුසලෝනි සිය දුර්දාන්ත පාලනයේ හුස්මද සමග අවසන් ගමන ගියේය.වෙඩි වැදී බිම වැටුණු මුසලෝනි අසලට පැමිණි සොල්දාදුවෝ යලිත් ඔහුගේ පපුවට වෙඩි තැබුහ.

වෙඩි තබා මරා දැමු මුසලෝනි,ඔහුගේ බිරිද සහ සගයන් සියලු දෙනාගේ සිරුරු මිලානෝ නුවර ඉන්ධන පිරවුම්හලකට ගෙන ගිය සොල්දාදුවෝ එය කිසිදු ගව්රවයකින් තොරව එහි දමාගියහ.

ඔවුන් එසේ කර ඇත්තේ තම හිටපු නායකයාගේ පාලනය අවසාන බව පැවසෙමින් තම රට වැසියන්ට වෛරය පිරිමසිමේ අවසතාවක්ද ලබා දෙමිනි.මියගිය මුසලොනිට කිසිදු ආකාරයක ගව්රවයක් ලබාදීමට කවරෙකු හෝ ඉදිරිපත් වී නැත.ඔහුගේ සිරුර තිබුන ස්ථානයට රැස්වූ ජනතාව පැය ගණනක් එම ප්‍රාණය නිරුද්ද වූ සිරුරට කෙල ගසමින් පරිභව කල බවත් ඇතැම් පුද්ගලයෝ ඒ සිරුරට පාදයෙන් පහර දුන් බවත් කාන්තාවන් පවා ගල් මුල් වලින් මළ සිරුරට දමා ගැසූ බවත් වාර්තා විය.අවසානයේ මුසලොනිගේ ඉරණම කොතරම් ඛේදජනකද යන්න පෙනී ගියේ ඔහුගේ සිරුරට එල්ල කල ගල්මුල් ප්‍රහාර හේතුවෙන්ම හිස් කබලේ හැඩය පවා වෙනස්ව තිබීමෙනි.


http://img207.imageshack.us/img207/8003/mussolinihangingwithmis.jpg
මුසෝලිනී සහ පිරිසගේ සිරුරු එල්ලා තිබූ අයුරු

පැය කීපයකට පසු මස් එල්ලීමට භාවිතා කරන කොකු දෙකක මේ ආඥාදායකයාගේත් ඔහුගේ බිරිදගෙත් සිරුරු දෙක එල්ලුහ.එවිට එය හදුනාගත නොහැකි තරම් විරූපී ගිය අපිලිවෙලින් යුතු බිය උපදවන සුළු විරූපී සිරුරු බවට පත්ව තිබිණ.

මේ පාලකයා සහ බිරිද අහිංසකයන් වූයේනම් ඉතාලි ජාතිකයෝ මේ දර්ශනය දැක සැබවින්ම කදුළු සලනු ඇත.එහෙත් සිදුවුයේ ඔවුන් මේ විසුළු සහ බයංකාර විරූපී මළ සිරුරු දෙක දැක සතුටින් උදම් අනමින් ජයඝෝෂා නැගීමයි.


ජොසෆ් ස්තාලින්



http://img510.imageshack.us/img510/6488/stalinlh100907.jpg

1953 මාර්තු 5 වැනිදා වයස අවුරුදු 74 දී මොස්කව් නුවර තම නිවසේ දී රුසියානු පාලක ජොසෆ් ස්තාලින් මිය යන ලදි. ඒ වන විට ඔහුට ආඝාතය වැළදී තිබුණෙන් ඔහු ඇඳ මත දවස් හතරක කාලයක් ගත් කරමින් සිටියේය. මිලියන 20ක ජනතාව මරා දැමීමට වග කිවයුතු ඔහු මේ මිනිසුන් මරා දමන ලද්දේ සගාත අවස්ථාවලදී විරේක ඖෂධ ලබා දීමේ කූඨෝපාය භාවිතා කරමිනි.

ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ස්තාලින් මිලියන 60ක සංහාරයකට වගකිව යුත්තෙකි. බොහෝ විට විශ්වාස කරන්නේ මිලියන 14.5ක ප්ර්මාණයක් කුසට ආහාර නොදී ඝාතනය කළ බවත් ඔහුගේ දේශපාලන මති මතාන්තරයන්ට එරෙහි වූ මිලියන 9.5ක ජනතාවක් අමු අමුවේ මරා දමන ලද බවත්ය.
දෙවැනි ලෝක යුද්ධය ලඟ ලඟම පැමිණුනු නිසා ඔහුගේ සොල්දාදුවන් දුර්වල තත්වයකට පත් වන්නට විය. 1934 දී සර්ගි කිරොව් ගේ එනම් ස්තාලින් ගේ දැඩි විරුද්ධවාදියා ගේ මිය යාම ස්තාලින් ගේ සතුරන් මර්ධනය වීමට ප්‍රධාන හේතුවක් විය. ස්තාලින් වයස්ගත වීමත් සමඟ පැරනොයිඩ් නම් අසාමාන්‍ය ලෙස බියට පත් වීමේ රෝගයට ගොදුරු වී සිටියේය.


ඉයන් ඇන්ටනෙස්කු


http://img269.imageshack.us/img269/2387/220pxionantonescu.jpg

ලොව බිහිවන ආඥාදායකයන් බොහෝ දුරට මුග්ධ බවේ ගිලී සිටින පුද්ගලයන් බව නොරහසකි. ඉයන් ඇන්ටනෙස්කු ඉන් වෙනස් පුද්ගලයකු නොවූ අතර තුවක්කු බැරලයක් බිම තබා ගෙන සිටින විටකදී වුවද ඔහුගේ හිසේ ඇති තොප්පිය නොවැටී හිසේ තබා ගැනීමට තරම් ඔහු එඩිතර අයෙකු වූවේය.

රුමේනියවේ අපරාධ නායකයා වූ හෙතෙම මිනිසුන් හාර ලක්ෂයක් පමණ මරා දැමීමට වගකිව යුත්තා වූවේය. යුධ අපරාධ, සාමයට එරෙහි අපරාධ, එමෙන්ම රජයට එරෙහි අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් 1946 දී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. මේ සියළු චෝදනා වලට ඔහු වරදකරුවා වී මරණ දඬුවම නියම වුවද ඔහු වෛර කරන ඔහුගේම රෙජිමේන්තුවේ සිව් දෙනෙක් විසින් ඔහුගේ අවසානය සිදු කරන ලදි. වෙඩි තබන කණ්ඩායමේ හතර දෙනෙකු එකවිට වෙඩි උණ්ඩ මුදා හැරියේ කිසිදු ගෞරවයකින් තොරවය.


http://img534.imageshack.us/img534/8937/article20515520e7651ef0.jpg
ඇන්ටනෙස්කු මියගියේද යන්න සැකහැර දැන ගැනීමේ අටියෙන් වෙඩි තැබූ එක් නිලධාරියෙක් ඔහුගේ සිරුර අසලට ගොස් යළිත් වෙඩි තැබුවේය.



රෆායෙල් ටෘජිලෝ


http://img820.imageshack.us/img820/9140/200pxrafaelleonidastruj.jpg

ඩොමිනිකන් රිපබ්ලිකන් ආඥාදායකයා ලෙස හැඳින්වූ රෆායෙල් ටෘජිලෝ සිය රියදුරා සමඟ මහා රාත්‍රියේ ගමන් කරමින් සිටියේය. චිකාගෝ නුවර සිට හඹා ආ මැර කල්ලියක් සටන් ජවනිකා රැගත් චිත්‍රපටියක් සිහිපත් කරමින් ඔහුගේ රථය ලුහුබැඳ ගොස් හෙතෙම මහ මඟ මරා දැමුවේය.


http://img265.imageshack.us/img265/7147/be068800.jpg

ඝාතනය වන විට ටෘජිලෝ ගමන් ගත් රථය

ටෘජිලෝ හඳුන්වන ලද්දේ "ද බොස්" යනුවෙනි. 1930 සිට 1961 දක්වා අවුරුදු 30ක කාලයක් තුල දුර්දාන්ත අපරාධ යුගයක ඔහු මුලසුන දරා තිබේ. ඔහුගේ දේශපාලන මෙවලම් වුයේ ද වද හිංසා පැමිණවීම සහ මරණයට පත් කරලීමයි. 1937 දී ඔහු විසින් හයිටි රාජ්‍යයේ දහස් ගණන් ජනතාව සමූලඝාතනය කරන ලදි.

බිහිසුණු රාත්‍රියේ ටෘජිලෝ හඹා ආ ඝාතකයන් පළමු වෙඩි තැබීමේදී ටෘජිලෝ මරා දැමීමට සමත් නොවූහ. ප්‍රතිඵලය වූයේ ටෘජිලෝ ගේ රියදුරා වෙඩි වරුසා මැද ඒ වන විටත් ටෘජිලෝ රැගෙන පළා යාමට තැත් කිරීමයි. අතිශය බිහිසුණු සටන් වලින් පිරී ගිය ඒ රාත්‍රියේ වෙඩි වරුසා මැද රියදුරා ටෘජිලෝ රැගෙන පළාගිය ද වෙඩි පහර හැටක් වැදී සිටි ටෘජිලෝ රථයේම මිය ගියේය.



:47_002::47_002:

මරු හිරා
10-20-2012, 08:35 PM
ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් මචෝ

Time Traveler
10-20-2012, 08:40 PM
වටිනා පෝස්ට් එකක්.ස්තූතියි! ඔන්න රෙප් දෙකක්ම.

Angel_senuri
10-20-2012, 08:42 PM
me ekakwath danagena hitapu ewa nemei.Balanna thaman karapu waradi anthima mohothedi balapana hati.Watinawa hodatama.Thank you so much

chathuravt
10-20-2012, 08:46 PM
http://8wayrun.com/attachments/thank-animation-gif.19780/

Naveen
10-20-2012, 08:55 PM
Thanks

CJA
10-20-2012, 08:55 PM
elaz.. rep+

රත්නෙ ලමයා
10-20-2012, 09:27 PM
thanx a lot for comments,,,,,,,,, :thumbsup::thumbsup::thumbsup:

Punisher
10-20-2012, 09:45 PM
මොන බලවත්තු උනත් අන්තිමට මැරිලා තියෙන්නේ සත්තු වගේ

Mal Baba
10-20-2012, 10:46 PM
මාරු මචන්

රත්නෙ ලමයා
10-21-2012, 12:22 PM
me ekakwath danagena hitapu ewa nemei.Balanna thaman karapu waradi anthima mohothedi balapana hati.Watinawa hodatama.Thank you so much
:rolleyes: :yes:

shashi1987
10-22-2012, 08:21 AM
ස්තූතියි මචන් රෙප්+

Ushantha
10-22-2012, 08:37 AM
ඇත්තටම වටිනා විස්තර ටිකක් මචං. රෙප් ++

Sameera Karunaratne
10-22-2012, 12:39 PM
ගොඩක් වටිනා .ස්තූතියි!

kasun sanjaya
10-23-2012, 01:00 PM
නියමයි ..............:cool::cool::cool: