PDA

View Full Version : Movies.zoom.lk



HEDZ
11-06-2012, 07:32 AM
http://movies.zoom.lk/wp-content/uploads/2012/11/header-logo.png

එකතැන පල්වෙමින් තිබු උපසිරැසි කලාව අලුත් මගකට වගේම සිංහල උපසිරැසිය යන්න අලුත් තැනකට අරන් එන්න අපි ගත් උත්සහාය අප සාර්ථක කරගත්තේ අවුරුදු 2ක් වත් යාමට කලින්ය.ඒ සදහා ඔබෙන් ලැබුනු උදව්ව අත්වැසිම වගේම දිරිගැන්විම විශාල ශක්තියක් උනා.ඒ වගේම වෙබ් අඩවිය පටන්ගත් මුල් අවධියේ සිටම ඔබෙන් ඉල්ලිමක් අප වෙතට ආවා.ඒ සිංහල උපසිරැසි දෙනවා වගේම චිත්‍රපටි ගැන විස්තරයක් ලබා දෙන්න කියන ඉල්ලිමයි.
සිංහල උපසිරැසි ලබා ගැනිමට වගේම චිත්‍රපටි මොනාද කියන විස්තර හොයලා බලන්නත් හැමෝම සුම් එකට ගොඩවදින්න අමතක කරන්නේ නෑ.හැබැයි සුම් අප ලබා දෙන්නේ සිංහල උපසිරැසි ගැන්වු නිර්මාණ පමණයි.නමුත් ලෝකය චිත්‍රපටි දස දහස් ගණක් නිර්මාණය වි තිබෙනවා.හැම චිත්‍රපටියම ඔබට සිංහල උපසිරැසි සමගින් සමිප කරන්න හැකියාවක් නැති නිසා අප අලුත් වෙබ් අඩවියක් පටන් ගත්තා.මේ ඒ අඩවියයි.මෙතනින් ඔබට චිත්‍රපටි ගැන හැම විස්තරයක්ම දැනගන්න පුලුවන්. උපසිරැසි ගැන්ව්මේදි සහාය උනා වගේම මේ සදහාත් ඔබේ සහාය අපිට ඕන වෙනවා.ඒ ඔබ දන්න අලුත් පරණ ඔනෑම හින්දි,ඉංග්‍රිසි,ද මිළ වෙනත් භාෂාවක උනත් ඕනම චිත්‍රපටියක් ගැන විස්තරයක් ලියලා අපිට එවන්න.අප අනිවාර්යෙන්ම ඔබේ ලිපියට ඉඩක් ලබා දෙනවා.

සුම් වෙබ් අඩවිය මෙතරම් කෙට් කාලේකින් ආ ගමන විශාලයි.මේ අලුත් වෙනසත් එක්ක ඒ ගමනට තවත් ශක්තියක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.ඔබට චිත්‍රපටියක් ගැන විස්තරයක් මේ අඩවියේ පල කිරිමට කරන්න තියෙන්නේ ඉතාමත් සුළු දෙයයි ඔබ චිත්‍රපටියක් තෝරගන්න ඒ චිත්‍රපටිය ගැන හොද විස්තරයක් සදහන් කරලා අපි වෙත එවන්න.ඒ වගේම ලිපිය එක්ක ඔයාගේ පලවෙන්න ඕන නමත් අපිට එවන්න.වැඩි විස්තර වගේම ලිපි එවන්න අපේ සුපුරුදු ඊමේල් ගිනුම වන [email protected] වෙත ඊමේල් පණිවිඩයක් එවන්න

අපේ අලුත්ම සයිට් එක බලන්න මෙතනින් පිවිසෙන්න
movies.zoom.lk (http://movies.zoom.lk/)

sahanyugantha
11-06-2012, 07:44 AM
Patta hodai:thumbsup::clap::thumbsup::clap:

thilinaz
11-06-2012, 07:58 AM
maxxa wadakne, zoom ekata jayawewa!!!!

Viraj_rox
11-06-2012, 08:04 AM
අලුත් වැඩක් නියමයි

shashi1987
11-06-2012, 08:07 AM
zoom එකේ අලුත් වැඩක්..... මේක නියමයි. මේක දිගටම කර‍ගෙන යන්නත්, තව අලුත් දේවල් කරන්නත් “ZOOM" එකට මගේ උනුසුම් සුභ පැතුම්.

*maheshi*
11-06-2012, 08:38 AM
මේක ඇත්තටම හොද දෙයක් හොදම ෆිල්ම්වල ලිපි පලකරනන් පටන්ගන්න එක හොද දෙයක් වේවි

SurangaWanni
11-06-2012, 08:44 AM
සැමදා නවමං සොයමින් සයිබර් අවකාශය තුල සැරිසරන රසික රසිකාවියන් හට
අළුත්ම චිත්‍රපට වගේම ලෝකය පුරා ජනප්‍රියත්වයට පත් වූ සියළුම වර්ගයේ චිත්‍රපට
ලබාගත හැක එකම තැනක් නිර්මාණය කිරීමට වෙහෙස වෙන zoom.lk කණ්ඩායමට
මාගේ උණුසුම් සුභ පැතුම්!!!!

kickass
11-06-2012, 08:47 AM
අපි හැමදාමත් ZOOM.LK එක්ක. :clap::clap::clap:

thasneen
11-06-2012, 09:00 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

Niyamai Machoooo

Time Traveler
11-06-2012, 11:21 AM
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:
එල...එල... ඇඩ්මින් අයියාගේ තවත් අලුත්ම වැඩක්. ෆිල්ම්වල විස්තර තියන ලිපි පලකරන්න පටන්ගන්න එකනම් හරිම වටිනවා.
ජයවේවා! ජයවේවා! අපි හැමදාමත් zoom.lk සමගයි.

CJA
11-06-2012, 11:41 AM
Great Wrk...

Agent47
11-06-2012, 12:18 PM
Good work....ela ela..
:thumbsup::thumbsup:

Dilshan
11-07-2012, 04:12 PM
මේක නියමයි දිගටම කරගෙන යමු

මරු හිරා
11-07-2012, 04:39 PM
ජයවේවා!

JDS2012
11-07-2012, 06:02 PM
Bump

chathuravt
11-07-2012, 06:47 PM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gif

Sameera Karunaratne
11-07-2012, 07:21 PM
අහන්න දෙයක් නෑ....
අපේ ZOOM එක මේ පටන්ගත්ත අලුත් වැඩේ....
විතරක් නෙමෙයි ZOOM එක පටන් ගන්න හැම වැඩ්ක්ම
වගේ අති සාර්ථක වෙයි...
අයෙ ඒකෙ දෙකක් නෑ.......!
ඔන්න මම මගෙ මුලු හදවතෙනම සුභ පැතුව..!
ජයෙන් ජයම වේවා...!

(යහළුවනේ අපි මෙක සිංහල එක කරමු...)

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :40_002::40_002::clap:

tharaka
11-07-2012, 07:28 PM
නියම වැඩක්
මේ කාර්‍යය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
ජයවේවා

princekrish
11-07-2012, 07:32 PM
..zoom වෙත ජයෙන් ජය පතමු..

sahan
11-08-2012, 05:12 PM
maxxza vadak kollane... fatta fata fata... jaya veeva zoom

11-08-2012, 07:55 PM
supiri wadak dear.....................:thumbsup::thumbsup::thum bsup::thumbsup:

Punisher
11-08-2012, 07:56 PM
:) :) මමත් ලිපියක් ලිව්වෝ...

Udara|රොකියා
11-08-2012, 08:07 PM
:) :) මමත් ලිපියක් ලිව්වෝ...

ඇයි අපිට Raz 3 වලට සබ් දෙන්නේ නැද්දෝ ????????????

Punisher
11-08-2012, 08:39 PM
ඇයි අපිට Raz 3 වලට සබ් දෙන්නේ නැද්දෝ ????????????

දාලා තියන රිප් එකේ ෆිල්ම් එකේ කැලි අඩුයි.එක සබ් දාලා දුන්නොත් බලන අයට අප්සට් යනවා.හොද වෙලාවට හොල් එකේ ගිහින් බැලුවේ නැත්නම් මට තෙරෙන්නෙත් නැති වෙනවා

CJA
11-08-2012, 09:09 PM
දාලා තියන රිප් එකේ ෆිල්ම් එකේ කැලි අඩුයි.එක සබ් දාලා දුන්නොත් බලන අයට අප්සට් යනවා.හොද වෙලාවට හොල් එකේ ගිහින් බැලුවේ නැත්නම් මට තෙරෙන්නෙත් නැති වෙනවා

අප්පට සිරි එහෙමද.. මම බාන්න හිටියේ.. හොද වෙලාවට..

Udara|රොකියා
11-08-2012, 09:17 PM
දාලා තියන රිප් එකේ ෆිල්ම් එකේ කැලි අඩුයි.එක සබ් දාලා දුන්නොත් බලන අයට අප්සට් යනවා.හොද වෙලාවට හොල් එකේ ගිහින් බැලුවේ නැත්නම් මට තෙරෙන්නෙත් නැති වෙනවා

එහෙමද ? ඒත් ඉතින් වෙන තැන වලනම් ඕක හෙට අනිද්දට දෙයි.
කියපු එක හොඳයි හැබැයි

CJA
11-08-2012, 09:19 PM
එහෙමද ? ඒත් ඉතින් වෙන තැන වලනම් ඕක හෙට අනිද්දට දෙයි.
කියපු එක හොඳයි හැබැයි

:yes::yes:

Punisher
11-08-2012, 09:32 PM
එහෙමද ? ඒත් ඉතින් වෙන තැන වලනම් ඕක හෙට අනිද්දට දෙයි.
කියපු එක හොඳයි හැබැයි

කොපි දෙකක් හරියට ඉවර වෙනවා.හරිනම් සැබැ රන් ටයිම් එක පැය 2යි විනාඩි 19යි වෙන්න ඕන.හැයැබි කොපි වල තියෙන්නේ පැය 2 විනාඩි 14යි.
සම්පුර්ණයෙන් තියන එවා කොලිටි එක නම් අන්තිමයි.