PDA

View Full Version : ගම්මඩුව



රත්නෙ ලමයා
11-11-2012, 09:32 AM
සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි.


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/002.jpg

අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි.
ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම ගොවියා වාර්ෂිකව සිදුකරන කාර්යයකි.


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/0121.jpg
ආතුරයෝ


එක් ගමෙක පමණක් නොව ගම් හතක පමණ පිරිසක් එකතුවන ගම්මඩු ශාන්තිකර්මය විවිධ හේතූ නිසා ක‍්‍රමයෙන් අපගෙන් ඈත්වී අභාවයට යමින් පවතී. පාරම්පරිකව හා විවිධ ගුරුගෝල සම්බන්ධතා මත පැවතෙමින් ආ මේ මහා ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය පරම්පරාව කෙළවර වීමත්, නාගරීකරණයත්, කුල බලපැමත්, ආර්ථික ව්‍යුහයේ වෙනස්වීමත්, රැුකියා සඳහා ගමෙන් පිටවීමත්, විදේශගතවීමත්, ගුරුමුෂ්ටි තබා ගැනිමත් වැනි හේතූ නිසා ද රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය වැනි නවීන රසවින්දනාත්මක මෙවලම් නිසා ද තර්ජනයට ලක් වී ඇත. ගම්මඩුවේදී පත්තිනි දේවිය, දෙවොල් දෙවි ප‍්‍රධාන සතරවරම් දෙවියන් ප‍්‍රාදේශීයව වෙනස්වුවත් සමන්දෙවි
නාථදෙවි විෂ්ණු දෙවි කතරගම දෙවි විභීෂණ දෙවියන්ගෙන් සතර දෙනෙක් පුද ලබති.
දෙවොල් මඩුවේදී අනුගමනය කරන පුජා රටා ස්තී‍්‍ර පුරුෂයන් අතර ප‍්‍රජනන ක‍්‍රියාවලිය උත්තේජනය කිරීමේ සියුම් පණිවුඩයක් ද දෙයිග පරපුර පවත්වාගෙන යෑමෙන් පොළොවේ සශ්‍රීකත්වය වර්ධනය වෙතියි යන විශ්වාසය මෙම ශාන්ති කර්මයට ද පසුබිම් වී ඇතැයි පැරැණියෝ කියති


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/0191.jpg
පැන් ඉස ගුරුන්නාන්සේලා ආරක්ෂා කරයි

ගම් මඩුවක ප‍්‍රධානයා කපුපත්තිනි, පත්තිනිහාමි පත්තිනි මහත්මයා, කපුරාල නොහොත් කපු මහත්මයාය. මඩු ශාන්ති කර්මයට එක්වන ඇදුරන් නිති තිසරණ පන්සිල් රකින නුවණැති, ශාස්ත‍්‍ර මනාකොට උගත් අය විය යුතුය. මහත් ඝෝෂා හඬින් කතාකරන ශබ්ද නගා අඩි තබමින් වටපිට බලමින් ගමන් කරන වැඩි උස් හෝ මිටි නොවන තළෙලූ පැහැපත් පී‍්‍රති ජනක කතා ඇති ඇදුරන්ම යෝග්‍ය යැයි දක්වයි. හිසකෙස් වඩා බොකුටුව දත් බොල්ලෑ දෑසින් කබ කඳුළු ගලන ඇඟ, කොරළ ඇති, වපර ඇස් ඇති, දත් අවලක්ෂණ ඇදුරන් යාගයට නොගතයුතු බව පැරැණි යාග කවිවලින් පැවැසෙයි. වාචාල බස් දොඩන, සුරාසොඬ, අවකල් කි‍්‍රයා ඇති ඇදුරන්ගෙන් ශන්තියක් නොලැබේ.


මඩුපුර යාග කවි
උකුල් ඇටය නෙරවා පස්ස දික් වන
කකුල් බකල වී තොල් කබර සෑදෙමින
මයිල් නැතිව ඇඟ තැන තැන කැලල් වන
කෝල් මුර යාගයට නොගනු මේ දන

සුභ වැඩක් ඇරැඹීමට ප‍්‍රථම කප් සිටුවීම පුරාණයේ සිට පැවතෙන සිංහලයාගේ චාරිත‍්‍රයකි. ගම්මඩුවක් නටන බව ඊට සතියකට හෝ දෙකකට කලින් කප් සිටුවා භාරහාර වෙති. කිරි සහිත රුකකින් හත් රියනක් උසට කපාගත් කණුවක් කපා ගනියි. කප සිටවූ දා සිට දින ගණන අනුව නවදා ගී මඩුව, හත්දා ගී මඩුව, පස්දා ගී මඩුව, තුන්දා ගී මඩුව වශයෙන් වෙයි.
රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි බමුණුකුලට මිණි තොරණින් හත්දවසක් යාග කළයි වෙළෙඳ කුලට පිළිතොරණින් පස් දවසක් යාග කළයි ගොවි කුළයට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/0231.jpg

උඩින් දෙපසට විහිදෙන සේ පල දෙකේ පියස්සකින් යුත් මඩුව (පොල් අතු සෙවිලි කළ) දිගින් රියන් හැටකි. පළලින් රියන් විස්සකි නැත්නම් තිහකි. මඩුව ඉදිරිපිට නැටුම් හා පුද චාරිත‍්‍ර ඉටුකිරීම සඳහා කොටසකි. මඩුවේ සිට මෙම කොටස වැටකින් වෙන්කරනුයේ් පිටත සිට නැරැඹිය හැකි ලෙසයි. මෙම වැට ද ගොක් කොළ වලින් සරසයි. මඩුවේ එක් පසෙක අලංකාර තොරණක් ඉදිකරයි. සෙසු පැති හා තොරණට මුහුණ ලා ඇති ඉදිරි මායිමේ මල් පැල පුද ලබන සෙසු දෙවියන් උදෙසාය.


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/030.jpg
සැන්දෑ සමය

තොරණ ගේ, පත්තනි තොරණ හෙවත් මකර තොරණ රඹ පතුරු සැරසිලි මොස්තරයෙන් මෙන්ම දේශීය මාලා කර්ම, ලතා කර්ම, රටාවන්ගෙන් ද අලංකෘත වෙයි. දිග හත් රියනක් විය යුතුයැයි සම්මතයෙකි.
තොරණ පුවක් පටි බැඳ, හබරලකොළ. කෙසෙල් කොළ, කෙසල් පතුරු, පොල් කොළ, ගොක් කොළ, ඉරටු, ඉඳිකටු (ඉඳිගසේ කටු) ආදියෙන් කෙරෙන සැරසිලිවල දී වල් බෙලි, වල්ල පට්ටා ආදි පට්ටා විශේෂයෙන් තොරණ නිමකර පලාපෙති, වඩිම්බු, ලියපත්, තිරිඟි තල හා ගල්බිංදුව වැනි කැටයම් මෝස්තරවලින් හැඩකරයි රජවරුන් දෙදෙනකුගේ රූප, ගජබා රජු හා කේරළයේ සේරමාන් පෙරුමාල් රජු දෙපස ද ගිරා, පරවි හා වටු රුප ද චිත‍්‍රනය කරයි.

පොරණ පළමු නිරිඳුගෙ ලෙඩ හරින්න ට
කරන යාග බමුනන් කැඳවමින් සි ට
පුරණ පති දහම් පත්තිනි දෙවි නම ට
තොරණ දැකපු බලයෙන් දොස ගියෙ දුර ට
ගිරා පරවියො මයුරකෝකිල වටට සදමින් ආසනේ
සරා රන්කොත් පිහිටුවාගෙන මුදුන මකරිඳු වාහනේ
සරා සුදු උඩුවියන් බඳිමින් රඟට සිතුවම් කරමිනේ
විරාජිත මේ තොරණ බලයෙන් සියළු විපරිත හරිමිනේ


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/0331.jpg
සැන්දෑ සමයේ පන්දම් පාලි

පත්තිනි දෙවියන් ප‍්‍රමුඛ දෙවියන් වෙනුවෙන් කැප කරන පූජාවස්තුවක් වන තොරණ ආසන තුනකින් සමන්විත වෙයි. ප‍්‍රධාන ආසන පත්තිනි දේවියගේ පත්තිනි සළඹ අඹය දුන්න ආදී පූජා භාණ්ඩ තැන්පත් කිරීමටයි.
කේරළයේ වේරමාන්පූර්හි සේරමාන් පෙරුමාල් රජුගේ හිසරදයක් දුරලීමට ගම්මඩුව මුලින්ම පැවැත්වු බව ජනවහර ගෙන හැරපායි. එනමුත් දෙවොල් මඩු කවි වලදී මුල් ස්වරූපයට දේශීයත්වයක් කාවද්දා දේශීය රජකු හැටියට ද දක්වයි

එකල් පෙර දවසා
සේරමානන් රජුගේ සිරසා
ගිනිජල් ගති රොසා
එදා ගම්මඩු ගන්න එනිසා[/

විවිධ පෙදෙස්හි ගම්මඩුවෙහි සුළු වෙනස්කම් තිබුනත් පහතරට සබරගමුව හා උඩරට පෙදෙස්හි ගම්මඩුවේ බොහෝ වෙනස්කම් වෙයි. එනමුත් පත්තිනි භාගය වාහල භාගය හා දෙවොල් භාගය යනුවෙන් පත්තිනි දේවිය, දෙවොල් දෙවි, වාහල දෙවි වෙනුවෙන් කොටස් තුනකි.
පහතරට ගම්මඩුව මැල කැපීම, පහන් පූජාව කාල පන්දම් පිහිටැවීම, පිදේනි දීම, යහන් පිදීම, බිසෝකප සිටුවීම, තොරණ යාගය, පත්තිනි නැටුම, තෙල්මෙ නැටුම, වාහල නැටුම, අඹ විදමන, රාම මැරිල්ල හා මරා ඉපැද්දීම, දෙවොල් නැටීම හා මැල පෑගීම, කිරි ඉතිරවීම, ගරා නැටුම දෙවියන්ට පින්දීම හා දානය වශයෙන් පෙළ ගැස්වෙයි.


මඩු පේ කිරීම
දෙවොල් මඩු ශාන්ති කර්මය ආරම්භක දින මඩු පේ කරයි. පසු දිනයේ මඩුව නටයි. මඩුව පැවැත්වීම සඳහා කපු මහතා ගමේ සීමාවට පැමිණ සක් පිඹ තමන් පැමිණි බව දන්වයි. උඩුවියන් පාවඩ සහිතව දේවාභරණ රැගත් කපු මහතා ගැමියන් සමඟ ගම සතර කොනේ මල් යහන් වෙත බෙර හා තූර්ය වාදන සහිතව පේලි යයි. මල් යහන්වල පහන් දල්වා යාතිකා කර දෙවියන්ට පින්දී ගම්මඩු භූමියට එති.
තොටමෙට යාම හා ඔරුමාල බත් පූජාව
පසු දින නානුමුරය සඳහා කපු මහතා ඇතුළු ඇදුරෝ තොටමෙට යති. සන්ධ්‍යාවට පෙර ගංතොටත්, ඇළක්, දොළක් වෙත ගොස් දිවුල්, නුග, කලාඳුරු, නෙල්ලි ආදී කොළ යුෂ ද දෙහි, සඳුන්, කපුරු කහ මුසුකළ ජලයට බහා පිළියෙළ කළ නානුවලින් හිස් සෝදා නා පිරුවට ඇඳ යාගයට සූදානම් වෙති. ගම්මඩුවකදී නානුමුරයට පසුව ඔරුමාල බත පූජා කරයි. නොඉඳුල්ව පිසින ලද බතක් සමග හත් මාළුවක් නෑඹිලියක දමා ජලයට දමයි. තොටෙ දී ජලයට කරන පූජාව තොටමේ පූජාවයි.

ලක්හිමි නැසු තරහළු කළ වාද යෙ න
නෙත් මකවා පඩිපුර ගිනිලූ තෙදි න
සිත් පහදවා තපසට වැඩි අනුහසි න
සත් පත්තිනි දෙවි තොටඹෙට වරන් දෙ න



මිල්ල කැපීම
කැලේ ගොසින් අමු මිල්ල කපන් නේ
කැලේ වටට උඩු වියන් බඳින් නේ
රැලේ පුළුන් ලෙස දුම විහිදෙන් නේ
මැලේ ගසන්නයි දොවොල් යකුන් නේ


බොහෝ අවස්ථාවලදී මඩුවක් ඉදි කරන්නේ දෙවොලක් ආශි‍්‍රතවය. එහෙයින් මිල්ල ගසක් ඒ අසල නොතිබුනහොත් මිල්ල ගසක් සොයා දුර යාමට සිදුවන හෙයින් කලින් මිල්ල ගසක් කපා ගෙනවුත් දෙවොල අසල සිටුවා කහ දියර ඉස ගොක් රැුහැන් ඇද ශුද්ධ පවිත‍්‍රකොට තබති. කවි කියමින් බෙර වයමින් කුඩා පෙරහරකින් ගොස් කහ දියර ඉස භූමිය ශුද්ධ ස්ථානයක් බවට පත්කර මැල කපයි. කැපූ මිල්ල ගස පසුදා ගිනි පෑගීම සඳහා පෙරහරින් ගෙනවුත් මඩුවේ ඉදිරිපස මහල් දෙවියන් පුද ලබන මල්පැල පිටුපස සිටුවා ඇති රුක් අත්තන ගසේ තැන්පත් කරයි.


හළං දෝවනය
අලුතෙන් ළිඳක් කපා උඩුවියන් පාවඩ ඇතිව එතනට පේලියෙන් ගොස් අලුතෙන් පැන් කලයක් පෙරා මඩුවට වඩමවාගෙනවුත් දේවාභරණ සෝදයි. එම හළං සේදූ ජලය ආතුර පිරිසට පානය කිරීමට හා මුහුණ අත් පා දෝවනය කිරීමට දීමෙන් සියළු රෝග උවදුරු නැතිවී ශක්තියක් ලැබෙන බව විශ්වාසයයි.


බිසෝකප සිටුවීම
කප යනු කණුව යන අර්ථය දෙයි. දෙවොල් මඩු හා ගම්මඩුවලදී පත්තිනි දේවියට බිසෝ යනුවෙන් ආමන්ත‍්‍රණය කරයි එහෙයින් පත්තිනි දේවිය වෙනුවෙන් සිටවූ කණුව බිසෝකප විය හැකි යැයි සිංහල විශ්ව කෝෂය දක්වයි. කප යනු කැප කිරීම යනුවෙන් ද අරුත් ගැන්වෙයි. ඉතා කොටට කැපූ බිසෝකප පත්තිනි තොරණ ආසන්නයේ සිටුවයි.

මෙසේ බිම මැන ගෙන
දෙපසේ ඇදුරු සිට ගෙන
ඉසේ දොස් හරිමින
බිසෝ කප් සිටුවන්න බිම මැන[


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/040.jpg
බිසෝකප

කුරුම්බර හත්කට්ටුවට, මහසොහොන් යකුට හා තුන් සමයමෙහි යකුට පිදේනි දීම

පෙරයම, මැදියම හා අලුයම යන තුන ්යාමයට කුරුම්බරයින්ට පිදේනි පුදයි. පිදේනි මුට්ටිය කැපකර කවි ගායනා කර මඩුවේ වහලයේ කෙළවර් හතරේ හෝ කත්තිරික්කවල තබයි.

එරන් ඔංචිල්ලා දෙවියෝ මවා පෙර
රුවන් ගමනකින් දෙවියෝ වැඩම කර
මෙවන් කරුණු දැකලා සිටියේ අසුර
වරෙන් මෙපුද ගන්නට ගිනි කුරුම්බර


යකුන්ට පිදේනි දීම
ආතුර හිසේ පිදේනි මුට්ටිය තබා මහසොහොන් යක්ෂයා ඇතුළු සමාගමේ යකුන්ට කවි කියා ආරාධනා කර මඩුවෙන් පිට යකුන් සඳහා වූ තට්ටුවලටත් දහ අට රියන් උස කුරාලයට ගොස් මහසොහොන් යකාටත් පුද කැප කරයි.


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/0361.jpg
සැන්දෑ සමයේදී කුරුම්බරයින්ට මහ සොහොන් යකුට හා සමාගමේ යකුනට පිදේනි කැප කරයි

පාට සුදුයි සිය ගත අමු සොහොනට දිලෙයි ඊට නා
කැඩපත සේ මුහු ණා
මිනිය අතකිනි මල් උර නා
බීත වෙලා වර ඒ මහ සොහො නා
සතර වරම් දෙවියන්ගෙ බල යෙන
කකුසඳ කෝණාගම මුනි බල යෙන
රට වට පායන ඉර හඳ බල යෙන
හැන්දෑ සමයම කළ ලෙඩ හරි මින
විට විට මුනි, දහම්, සඟ රුවන සහිත දරා
තුටුකර මෙයින් කිහි රැුළි පුල්වන් පව රා
අට විසියක් සෙනඟ පත්තිනි අතින් වරා
හැට හතරක් සමයන් යකුනි බැස වරා
ඉස වට සැඩපළු දරණ වෙලා ගති
ඇතෙකු කටින් අල්ලාගෙන ලේ බොති
අතකට රන්කුඹු සෙල්ල දරා ගති
මහ සොහොනා සමයමට බලා එති[


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/0381.jpg
සැන්දෑ ජාමයේ පිදේනි මුට්ටිය කැප කරයි

සඟල පේ කිරීම
දෙවොල් මඩුවේ ඉතිහාසය ගැබ් වූ කවි ගයා සඟල වඩා ආතුරයන්ට සුදු රෙද්දකින් සෙත් පතයි

දිනුඳු කුල අග පත්
දිණා ආසිරි විකු මත්
කාවේරි පුර මහ ත්
සේරමානන් නිරිඳු වැජ බෙත්
නොමනා වන ලෙඩ ත්
එරජ සිරසෙහි හට ගත්
පතිනි දෙවි අඟ පත්
පෙනී සිහිනෙන් කිවුය මෙපුවත්
දිලෙන මිණි බර නේ
සැදී සුරඟුන් ගුව නේ
කෑ මුකය නොදැ නේ
කිමෙක මහ රජ වෙහෙස විඳි නේ
පත්තිනි දෙවි තෙදින්
හලෝ පිරිපත නොලසින්
කෙළි පුද දෙන ලෙසින්
කියා නිරිඳුට ගියා අහසින්
සිව් පහළොස් රියන්
මඩුවක් තනා සුපසන්
සොළසක් යක් දෙසුන්
පේව එසඳෙහි මනා සුපසන්
සඟල ගෙන සුරතට
දුම්මල රැගෙන වමතට
භූමි දෙවි තුති කොට
ගන්න පාවා සඟල අඳිනට


සඟලේ විස්තර
සතර දෙකක් එක් අඟලක් සරභ ගනු
සරස වසා සිටිනා දස රුවට ගනු
සතර එක් අඟුල් බෝපත් තබා ගනු
හිමි සැට දාඟුලයි බෝපත් ලකුණු ගනු
පසඟුල් දිග කනඟුල් අඹ පුළුල කලා
තොසව රැුළි ලමින් අඳවන්ට දෙව්
නිසල පුබුදු පියුමකි සුවඳින් ලක ලා
මෙලෙසට කටිය වට තබමින් රැළි ලාලා
මෙසේ ලකුණු දැන සත් විදිය විසිතුරු
විසේ සවන් ගුරු ඇදුරන් තෙපුල් ගරු
තොසේ දෙවිඳු වැද නමකර පා තඹුරු
මෙසේ අඟුරු දුම්මල ලා වඩ මිතුරු
අසූ දහස් නරු තබමින් අඳින සළු
විසු තෙතිස් කෝටිය දෙවියන් නිය ළු
අසූ සාර ඉඩහල් උවිඳු සුළකු ළු
ඇසූ පටන් ආවඩමින් මෙකප මුළු


http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/1101.jpg
තොරණ ගෙය/පත්තිනි තොරණ

පේ බත කැම
පේ බත යනු ඇදුරන් වෙනුවෙන් සකස් කරන විශේෂ ආහාරයයි. කොට්ටෝරුවා විසින් වෙනම මඩුවක නැවුම් හැළි වලංවල නොඉඳුල්ව මෙම ආහාරය පිසියි. මේ සඳහා කිලිකුණුවලින් තොරව පෙරාගත් වතුරත් එළවලූත් භාවිතා කරයි. මෙම ආහාරය ඇදුරන් විසින් ආහාරයට ගැනීම පේ බත කෑම නම් වෙයි.


ගම්මඩුව ශාන්තිකර්මය

http://www.youtube.com/watch?feature=player_detailpage&v=p-sYqU-UEBk

මරු හිරා
11-11-2012, 09:33 AM
good post dude.!

*maheshi*
11-11-2012, 09:35 AM
ගොඩක් වටින විස්තර ටිකක්.
රෙප්++++

රත්නෙ ලමයා
11-11-2012, 09:38 AM
good post dude.!
thanks bro...... :k0243:

රත්නෙ ලමයා
11-11-2012, 09:40 AM
ගොඩක් වටින විස්තර ටිකක්.
රෙප්++++ ගොඩාක් ස්තූතී ..... :D:k0243:

sudu pusa
11-11-2012, 09:47 AM
තෑන්ක්ස් මචන්

shashi1987
11-11-2012, 11:02 AM
ගොඩක් වටිනවානෙ... ස්තූතියි මචන්....

Time Traveler
11-11-2012, 12:11 PM
:thumbsup::thumbsup::thumbsup:
පැරණි ශ්‍රී ලාංකික සංස්කෘතිය පිළිබඳව විස්තර දැනගත හැකි ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි සහෝ!රෙප් +2

hasithadn
11-11-2012, 12:22 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

රත්නෙ ලමයා
11-11-2012, 03:07 PM
:thumbsup::thumbsup::thumbsup:
පැරණි ශ්‍රී ලාංකික සංස්කෘතිය පිළිබඳව විස්තර දැනගත හැකි ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි සහෝ!රෙප් +2 :yes: :yes:

RoshanSZ
11-11-2012, 03:19 PM
nice post

සෝරෝ
11-11-2012, 03:27 PM
නියම පෝස්ට් එකක්... සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා... ගොඩක් වටිනවා...

RoshanSZ
11-11-2012, 03:38 PM
:yes:

sudu pusa
11-11-2012, 07:02 PM
රූකඩ මඩු යාග පොලේ කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? :(

රත්නෙ ලමයා
11-11-2012, 07:20 PM
රූකඩ මඩු යාග පොලේ කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? :(
:thumbsup::heartbeat:

රත්නෙ ලමයා
11-11-2012, 07:33 PM
රූකඩ මඩු යාග පොලේ කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? :(

ඒකාලෙ දැන් වගේ නෙවේනෙ මචන්. කොල්ලෙක් කෑල්ලක් සීන් කරන්න යන්නෙ ඔය වගේ රූකඩ පොලකට, නැතිනම් යාග පොලකට තමයි..... :51_002:

chathuravt
11-11-2012, 08:09 PM
:thumbsup::thumbsup::thumbsup:

PRASAD SAMPATH
11-11-2012, 08:39 PM
ගොඩක් වටින විස්තර ටිකක්. :thumbsup::thumbsup::thumbsup::thumbsup:

Ushantha
11-11-2012, 08:54 PM
ඇත්තටම වටිනා පෝස්ට් එකක් නේ. ස්තුතියි මචං දැනුම බෙදාගන්නවට..

akmeemana
11-11-2012, 08:57 PM
එල එල

CJA
11-11-2012, 09:18 PM
Good Post.. rep+