PDA

View Full Version : suicide gana



RANGANA BLC
11-17-2012, 12:15 PM
megana oyagolonnge adahas metasambannda videos news me thread
ekata danna ,mokada meka dan style ekak wela pegana api podak hoyamu

chathuravt
11-17-2012, 12:31 PM
:b

Time Traveler
11-17-2012, 01:15 PM
:P

sudu pusa
11-17-2012, 02:34 PM
සියදිවි හානි කරගැනීම පරාජිතයින්ට පමණයි.

අද මම හිතුවා සියදිවි හානි කරගැනීම ගැන ලිපියක් ලියන්න ඕන කියලා. ආසන්නතම හේතු දෙකක් තියෙනවා. එකක් තමඉ දුරින් මගේ ඥාතියෙක් වෙන පුද්ගලගෙක් ගිය මාසේ සියදිවි හානි කරගැනීම.අනිත් කාරණය පුවත්පතක මම දැක්ක ලිපියක්.

මගේ ඥාතියා නම් නොයෙක් හේතු කාරණා නිසා අසහනයෙන් හිටපු ලකුණු පේන්න තියෙනවා. සමහර දේවල් පෞද්ගලික කාරණා. ඒ ආසන්නතම කාලයේ තමයි මට දකින්න ලැබුණෙ අර ප්‍රසිද්ධ විදුහලකදී ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියගිය දියණියගෙ මව ලියපු ලිපියක්.මීට පෙරත් හැම වසරකම ඇය ගැන දුක හිතෙන සටහනක් ඇයගෙ පියා අතින් ලියැවුණා. මෙවර ලිපියෙ ලියලා තිබුණේ ඒ පියාත් රෝගාතුර වෙලා මියගිහින් කියන එක.

සියදිවි හානි කරගැනීම කාලයක් ගෞරවාන්විත දෙයක් විදිහට සැලකිලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් ඩූමා රචනා කළ "මොන්තක්‍රිස්තෝ සිටුවරයා " පොතේ මොරේල් නම් චරිතය තමන් මූල්‍යමය බංකොලොත් භාවයට පත් වුණු වෙලාවෙ සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා.ඔහු තමන්ගේ පුතාට කියනවා "දුක් වෙන්න එපා, ලෙයින් අගෞරවය හේදිලා යනවා " කියලා.

බුදු දහමේ වුනත් සියදිවි හානි කරගැනීම ප්‍රාණඝාතය තරම්ම ප්‍රබල නැති අකුසලයක් කියලා තමයි සැලකෙන්නේ.

කොහොම වුනත් ස්වයං මෝහනයට පත්වෙලා යම් යම් දේවල් කියපු එඩ්ගා කේසි වගේම බොහෝ පුනර්භව සාධක වලත් පෙන්නුම් කරන්නේ සියදිවි හානි කරගන්න පුද්ගලයන්ගේ ඒ චර්යාව සසර පුරුද්දක් වන බව හා එබඳු පුද්ගලයන් මිතුරන් අඩු හුදෙකලා හා කනස්සලු චරිත වන බව.

අර දියණිය මොන කාරණයක් නිසාද සියදිවි හානි කරගෙන තිබුණෙ කියලා ඔයාලට මතකද? පාසැලට ජංගම දුරකතනයක් අරගෙන ඇවිත් ඒක අහුවුණු එකට. ඒක අපරාදයක් නෙවේනේ.අග්නිදිග ආසියාවේ විශාලම බෞද්ධ පාසැලටත් ඉස්සර ජංගම දුරකතන ගේනවා. ඒවා අහුවෙනවා. හැබැයි කවුරුත් සියදිවි හානි කරගත්තේ නෑ.මෙතන ප්‍රශ්නෙ වුනේ ඒක තමන්ගේ දෙමවුපියන්ට දැනගන්න ලැබෙයි කියන බය.ඒ දෙමවුපියො ඒ දුව ව මලක් වගේ සියළු සැප සම්පත් මැද හදාගෙන තිබුණත් එක දෙයක් දෙන්න අමතක කරලා තිබුණා. ඒ තමයි විශ්වාසය.ඇයට තහවුරු වෙලා තිබුණනම් මොනදේ වුනත්,ඒ වෙලාවෙදි බැන්නත් ගැහුවත්, දෙමවුපියන් තමන්ට ආදරෙයි, තමන් එක්ක ඉන්නවා කියන එක, එහෙනම් තාමත් ඇයත් ඒ දෙමව්පියොත් සතුටින් ඉන්නවා.

සියදිවි හානි කරගන්න එක ඉතාම පහසු පලායාමේ ක්‍රමයක්.මිනිස්සු ්ට ධෛර්යය අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න. මම කතන්දර වලට ආසයි.( ඒත් ප්‍රබන්ධ විශ්වාස කරන්නේ නෑ.)සත්‍ය කතාවක් මත පදනම් වුණු වානේ පන්නරය ලැබූ හැටි පොතේ පාවෙල් කොර්චාගින් මතකද? මුළු සිරුරම අවසඟ වෙලා ගියත් පාවෙල් සටන් කරනවා.මිනිහෙකුට අවශ්‍ය අන්න ඒ වගේ ජීවිතයක් තමයි. ඒක තමයි වීරයෙකුගෙ ජීවිතය.

කොහොම වුනත් හැම වෙලාවෙම හැම කෙනෙකුටම වීරයෙක් වගේ හිතන්න බෑනෙ. අනිත් එක තමන්ගේ ජීවිතයේ වටිනාකම් එක්ක නොයෙක් සිදුවීම් තමන්ට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහරවිට හිතෙනවා "මීට වඩා වෙන්න හානියක්වත් අපහාසයක්වත් නෑ" කියලා.(කොහොම වුණත් ගොඩක් අත්දැකීම් පරණ වෙනකොට තමයි හිතෙන්නේ ඒවා සිද්ධ වෙලා තියෙන්නේ වෙන්න තිබුණු හොඳම විදිහට කියලා). ඒ වගේ වෙලාවකට පත්වෙච්ච කෙනෙක්ව තේරුම් ගන්න එකත් ඔවුන් එක්ක ඉන්න එකත් විශ්වාසය ලබාදෙමින් උදව් කරන එකත් කරන්න පුළුවන් කිසිම වෙලාවක මඟහරින්න එපා. ඒකත් අභය දානය දීමක් තමයි.



ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts): සියදිවි හානි කරගැනීම පරාජිතයින&# (http://thoughtsoflucky.blogspot.com/2011/09/blog-post.html)

sudu pusa
11-17-2012, 02:37 PM
http://4.bp.blogspot.com/-vK1Ht7QEnKk/Tx6at65y5hI/AAAAAAAAARk/diOrwxMS3pY/s400/393343_330377076982868_100000317340594_1079863_714 509863_n.jpg


සියදිවි හානි කරගන්නවා කියන්නෙ මොකක්ද?කෙනෙක් ඇත්තටම තමන්ගෙම ජීවිතේ අකාලයේ නැති කරගන්නෙ ඇයි?ප්‍රශ්නයක් නේද?බුදුදහමට අනුව නම් සියදිවි නසා ගැනීම අකුසලයක්.සියදිවි හානි කරගන්න,එහෙමත් නැත්තම් කෙනෙක් තමන්ගෙ ජීවිතේම තමන් විසින් නැති කරගන්න මූලික වෙන්නෙ "චේතනාව".ඒ නිසා කෙනෙක් නරක ,කිළුටු සිතුවිල්ලකින් දෙයක් කලොත් ඒ දේ නිසා වෙන අකුසල කර්මය ගොනා පසුපස එන කරත්ත රෝදෙ වගේ පස්සෙන් එනවා.ඒ නිසා බුදුදහමට අනුවත් සිය දිවි හානි කරගැනීම විශාල අකුසල කර්මයක් කියලයි හඳුන්වන්නෙ.


හුඟාක් දෙනෙක් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න ඕනෙ කියලා සිතුවිල්ලක් ආ සැනින් ක්ෂණිකව තමන්ට පහසුම ක්‍රමයක් එහෙම නැත්තම්,ඒ අවස්ථානුකූලව ජීවිතෙන් සදහටම සමුගන්න ක්‍රමයක් තෝරාගන්නවා.සමහරු වහ බොනවා,තව සමහරු ගඟේ මූදේ පනිනවා, තවත් අය එන කෝච්ච්යට බෙල්ල තියනවා.තවත් සමහරු ගේ ඇතුළෙම පරාලෙක හරි,වත්තෙ ගහක හරි එල්ලෙනවා.ඒ වගේම නින්දෙන්ම මැරෙන්න,ජීවිතේ නැතිකරගන්න ඕනෙ අය නිදි පෙති බොනවා.ක්ෂණික ආවේගය නිසා බොහෝ දෙනා වැරදි තීරණවටල ඇවිත් මේ විදියෙ විවිධාකාර ක්‍රම වලින් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න පෙළඹෙනවා.


කෙනෙක් තමන්ගෙ ජීවිතේ විනාශ කරගන්න පෙළඹෙන්නෙ ඇයි?? ජීවිතේට මූණ දෙන්න ආත්ම ශක්තිය නොමැති කම නිසා එහෙම වෙන්න පුළුවන්.ඒ වගේම කෙනෙක්ට දරාගන්න බැරි පීඩනයක්, මානසික හිංසාවක් ඇතිවීම නිසාත් ඒ වගේ තීරණයකට එන්න පුළුවන්.


දුප්පත්කම,පවුල් ආරවුල්,ලෙඩ රෝග,මුදල් අර්බුධ, නීතිමය ප්‍රශ්න නිසා කෙනෙක් ජීවිතේ නැති කරගන්න පෙළඹෙන්න පුළුවන්.නමුත් හුඟාක් දුරට කතාබහට ලක් වෙන කාරණයක් තමා "ප්‍රේමය" නිසා සිය දිවි හානි කරගැනීම.


හැමෝම කතා කරන, හැම කෙනෙක්ම කැමති,නිතර දෙවේලේ අපි ඇලී ගැලීගෙන කතා කරන ප්‍රේමය නිසා ඇයි සියදිවිහානි කරගන්න පෙළඹෙන්නෙ??ප්‍රේමය කියන්නෙ කෙනෙක්ව මරණයට පත් කරන්න,එහෙමත් නැත්තම් ජිවිතෙන් ඈත් කරන්න පුළුවන් දරුණූ සාධකයක් ද?


ඇත්තටම ප්‍රේමය, එහෙමත් නැත්තම් මේ ආදරේ කියන්නෙ මොකක්ද?


"ප්‍රේමය" එහෙමත් නැත්තම් ආදරය කියන වචනයට නිවැරදි ,නිශ්චිත අර්ථකතනයක් දෙන්න පුළුවන් කිසිම කෙනෙක් ඉන්නවා කියලා මම නම් විශ්වාස කරන්නෙ නෑ..මොකද ඒ තරමටම සංකීර්ණ වගේම එක එක ස්වරූප වලින්,එක එක ආකල්ප වලින් වගේම විවිධාකර වූ අදහස් හැඟීම් තුළින් ගොඩනැගුනු දෙයක් තමා ප්‍රේමය,එහෙම නැත්තම් මේ ආදරය කියලා කියන්නෙ.ඒ වගේම වැඩිපුරම කියැවෙන්නෙ,බොහෝ දෙනෙක් කතා කරන්නෙ,යොවුන් ප්‍රේමය,එහෙමත් නැත්තම් මේ තරුණ තරුණියො අතරේ ඇති වන ආදරය ගැන තමයි.


අද ලෝකයේ බහුතරයක් ගීත,චිත්‍රපට,නාට්‍ ය,නවකතා ඇතුළු හැම කලා නිර්මාණයකම වගේ ප්‍රධානතම මාතෘකාව,සාධකය වෙලා තියෙන්නෙ ආදරයයි.වැඩිපුරම යොවුන් ආදරයයි.ඒ තරමටම මේ මුළු විශ්වයම මූලිකත්වයක් දීලා තිබෙන හැඟීමක් විදියට ආදරය හැඳුන්වූවාට වැරද්දක් නම් නෑ මම හිතන්නෙ..


"ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ
අචින්ත්‍යයි... පාරිශුද්ධයි... සුරම්‍යයයි..."


නන්දා මාලිනියන්ගේ ගීතයෙන් කියැවෙන ප්‍රේමය අචින්ත්‍යයි.. පාරිශුද්ධයි...සුරම ‍යයි....එහෙම ප්‍රේමයකට පුළුවන්ද කෙනෙක්ගෙ දිවි තොර කරන්න.. ?? නෑ මම නම් හිතන්නෙ නෑ..


බහුතරයක් දෙනා,මේ ආදරය ,ප්‍රේමය නිසා ජීවිතේ නැති කරගන්නෙ , ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම් නිසායි.තමන් ආදරේ කරපු පෙම්වතා තමාව රැවටීම,එහෙමත් නැත්තම් පෙම්වතිය මග හැරීම,වෙනත් සම්බන්ධකම් හසුවීම..මෙවැනි ප්‍රේම සම්බන්ධ හමුවේ ඇතිවෙන විවිධ ප්‍රශ්න නිසා, නිස්කාරණේ තමන්ගෙ ජීවිතෙන්ම පළීගන්න හිතාගෙන ජීවිතෙන් සමුගන්න තීරණය කරනවා.


ඒත් මම හිතන්නෙ නම් සැබෑ ආදරවන්තයෙක් කිසිදාක ප්‍රේමයෙන් පැරදීම නිසා දිවිතොර කරගන්නෙ නෑ..ප්‍රේමය වගේම,විරහවත්,වෙන් වීමත් දරාගන්න සැබෑ ප්‍රේමවන්තයෙක්ට,එ ෙමත් නැත්තම් සැබෑ ආදරවන්තයෙක්ට පුළුවන් වෙන්න ඕනෙ.මගේ අදහස එහෙමයි.


පෙම්වතිය පිටුපෑ වේදනාව,ඒ නිසා හිතේ ඇතිවෙන වෛරය,තරහව,ක්ෂ්ණීක කෝපය ,ඒ වගේම පෙම්වතා පළා ගිය දුක, දරාගන්න,විඳගන්න හිත ශක්තිමත් නොවීම,ඒ හැඟීම දරාගන්න තරම් බුද්ධිය මුහුකුරා නොයෑම මෙලෙස ක්ෂණිකව ජීවිතේ නැති කරගැනීමට පෙළඹීමට හේතු සාධක වෙන්න පුළුවන්.

කෙනෙක්ට විරහව දරාගන්න ,කවියක් ලියන්න,සිංදුවක් අහන්න,වේදනාව අකුරු කරන්න,දුක තුනී කරගන්න ,වෙන මාර්ගයකින් හිත හදාගන්න ආත්ම ධෛර්‍යක්,හැකියාවක තිබෙනවනම්,ජීවිතය නැති කරගන්න කෙනෙක් පෙළඹෙන්නෙ නෑ..ඒ මගේ මතය.මම වැරදිද දන්නෙ නෑ..හැබැයි විරහා වේදනාව නිසාම ලෝකෙ බොහෝ වටිනා දේවල් නිර්මාණය වෙලා තියෙනවා.

ෂා ජෙහාන් කියන මෝගල් අධිරාජ්‍යයා,තමන්ග දේවිය, මුම්ටාස් දේවිය සිහිවෙන්න ටජ් මහල ඉදි කරේ,ආදරේ වෙනුවෙන්.අදටත් දස දහස් ගණනක් පෙම්වතුන්,ආදරේ සංකේතයක් විදියට හඳුන්වන්නේ ටජ් මහල යි.මේ ලෝක ප්‍රසිද්ධ ටජ් මහල තනන්න ෂා ජෙහාන් රජතුමා,මුම්ටාස් දේවිය වෙනුවෙන් ජීවත් වුනා.ඔහු මුම්ටාස් දේවිය වෙනුවෙන් ඔහුගේ හිතේ ඇය කෙරේ තිබුණූ දයාව, ආදරය ලෝකයට ඔප්පු කළා.සැබෑ ආදරවන්තයෝ අන්න එහෙමයි....

අපේ කාලයේ පෙම්වතුන්ටත් ටජ් මහලක් හදන්න බැරි වුනත්,අවුරුදු ගාණක් තිස්සෙ තමන් රැක බලගත්ත අම්මා තාත්තා වෙනුවෙන්,ගෙවුණූ ජීවිත කාලෙ වෙනුවෙන් ,අඩුම ගානෙ තමන්ගෙ අනාගතේ වෙනුවෙන්වත් ජීවත් වෙන්න ධෛර්‍ය තියෙන්න ඕනෙ.දුක වේදනාව දරාගෙන නැගී සිටින්න ශක්තියක් තියෙන්න ඕනෙ.තමන්ට අහිමිවුනු ආදරේ නාමයෙන් හරි, ජීවිතේ දිනන්න හයියක් තියෙන්න ඕනෙ.

හොඳ ආගමික පරිසරයක්,සෞන්දර්‍ ාත්මක රසවින්දනයක්, සාමාන්‍ය හෝ උගත් බුද්ධි මට්ටමක්,ඒ වගේම ජිවිතේ ගැන යථාර්තවාදී ආකල්පයක් තියෙන කෙනෙක් ,කිසිම දවසක ප්‍රේමය නිසාවත්,වෙන කිසිම හේතුවක් නිසාවත් ජිවිතෙන් පලා යන්න හිතන්නෙ නෑ කියලයි මම නම් හිතන්නෙ.මොකද එහෙම පරිසරයක ජීවිතේ ගෙනයපු,ගෙනියන කෙනෙක්,කොයිතරම් කඩා වැටුණත් ජිවිතේ ආයෙමත් නැගිටින්න හිතනවා.

අවසාන වශයෙන් ,මගේ නම් අදහස ප්‍රේමයෙන් පැරදීම,හෝ ඒ හා සම්බන්ධ වෙන අර්බුධයක් නිසා හෝ සිය දිවි හානි කරගැනීමනම් අනුවණ ක්‍රියාවක්.ප්‍රේම ේ නාම්යෙන් ජීවත්වීමකියන්නෙත මහා අකුසල කර්මයකින් ගැලවීමක්.

ජීවිතේ හුඟාක් කෙටියි.මේ කෙටි කාලෙත් තවත් කෙටි කරගන්න හදන උත්සාහයෙදී විශාල පවක් අකුසලයක් කරන්න කලින්,එක මොහොතකට හිතන්න පුළුවන් නම් මේ ජීවිතේ ලැබුනේ මොනතරම් අමාරුවෙන්ද කියලා?මේ ජීවිතේ දෙන්න තමන්ගෙ අම්මා මොන තරම් දුකක් විඳින්න ඇත්ද කියලා?මේ ජීවිතේ මේ තරම් හරි දුරක් එන්න ඒ තාත්තා මොනතරම් දුක් ගැහැට උහුලන්න ඇත්ද කියලා ??

ප්‍රශ්න බාධක ගැටළු හමුවේ ජීවිතෙන් පලා යන වුන් කිසිදාක වීරයෝ නොවේ!!!!සියළු බාධක අභියෝග හමුවේ ජීවිතේ තව තවත් වැළඳගන්නවුන් සැබෑම වීරයෝ වේ!!!!




෴෴ හිතුවක්කාරිගේ හිත ෴෴: -සියදිවි නසාගැනීම සහ ප්‍රේමය - (http://hithugeduka.blogspot.com/2012/03/blog-post_15.html)

sudu pusa
11-17-2012, 02:38 PM
මටත් මැරෙන්න ඕනි :k0233:

akmeemana
11-17-2012, 02:59 PM
මටත් මැරෙන්න ඕනි :k0233:

bala bala inne mariyan :):

sudu pusa
11-17-2012, 04:40 PM
bala bala inne mariyan :):

හොද කෑම වේලක් කන්න ඕනි :k0233:

thasneen
11-17-2012, 06:02 PM
හොද කෑම වේලක් කන්න ඕනි :k0233:

umbata merannoneda ?kanda oneda?

මරු හිරා
11-17-2012, 06:28 PM
:O

gayan159
11-17-2012, 06:34 PM
හොද කෑම වේලක් කන්න ඕනි :k0233:


umbata merannoneda ?kanda oneda?

muta guti kalla amathaka welada koheda mea kinawa aththe guti kala marenna ona kila wen athi.
yaman hoda sara ballek gawata eka ethuru thika sudu pusata karala dewi

RANGANA BLC
11-17-2012, 07:39 PM
suicide gana math drawya gana adahass dakkuwata sthuti
kattiya kiyamuda balanna adaraya mewata balapanne kiyala

RANGANA BLC
11-17-2012, 07:48 PM
tanks

sudu pusa
11-17-2012, 08:12 PM
umbata merannoneda ?kanda oneda?

කාලා මැරෙන්න ඕනි :D

sudu pusa
11-17-2012, 08:13 PM
suicide gana math drawya gana adahass dakkuwata sthuti
kattiya kiyamuda balanna adaraya mewata balapanne kiyala

ආදරේ කියන්නේ මොකක්ද කියන එක තේරුම් නොගන්න නිසා තමයි ඒ වගේ මැරෙන්න හදන්නේ මැරෙන්නේ
ආදරේ කියන්නේ මැරි මැරී උපදින එක නෙමෙයි

thisaru
11-17-2012, 11:59 PM
fun

Agent47
11-18-2012, 12:23 AM
Suicide කරගන්නේ තමන්ගේ ජිවිතය ගැන අඩු තෘප්තියකින් ඉන්න අය ....එක්කෝ මානසික ලෙඩක් හින්ද ...නැත්තන් හැමදේම වැරදියට සිද්ද වෙනවනම්...
හරියට ලොකු වලක ඉන්න මිනිහෙක් වගේ ..කොච්චර උඩ පැන්නත් ගොඩ එන්නෑ වගේනම් ජිවිතේ එපා වෙනවනේ.....එත් කවදාවත් උත්සාහය අත හරින්නැති එඩිතර මිනිස්සු කවදාවත් suicide කරගන්නෑ
හරියට මන් වගේ:cool:;)

කවදාවත් Suicide කරගන්න හිතන්නවත් එපා ........එක පාරක් එහෙම හිතපු කෙනෙක්නම් පොඩි ප්‍රශ්නයක් ආවත් Suicide කරගන්නවා

;);)

Agent47
11-18-2012, 12:31 AM
මටත් මැරෙන්න ඕනි :k0233:
:shocked:;):k0243:

shashi1987
11-18-2012, 08:00 AM
මමත් සියදිවි හානිකර ගත්තා............

sudu pusa
11-19-2012, 11:07 AM
මමත් සියදිවි හානිකර ගත්තා............

වාසනා වේවා....!!

Sahan Jazz
11-19-2012, 07:19 PM
මමත් එක පාරක් සියදිවි නසා ගත්තා.... පට්ට ඕය්.. :40_002:.