PDA

View Full Version : 2012 දෙසැම්බර් 21



මරු හිරා
12-02-2012, 09:40 PM
http://4.bp.blogspot.com/-u3c47x4M8fo/TwAJ47PKTUI/AAAAAAAAEnM/Ay1bvvBFXQs/s400/doomsday120101ns400_17fva13-17fva17%255B1%255D.jpg


ලෝක විනාශය පිලිබඳ මායා රෝගය රුසියාව හා එහි අසල්වැසියනුත් වෙලාගෙන තිබෙනවා. දිව්‍ය ලෝකයට සහ අපායට සංචාර සූදානම් කරන අතර මිනිසුන් කෑම හා ඉන්ධන රැස් කරනවා. නිලධාරීන් තත්වය සමනය කිරීමට ප‍්‍රසිද්ධියේ අනාවැකිය ප‍්‍රතික්ෂෙප කරනවා.

2012 දෙසැම්බර් 21 සිදුවන මේ සඳහා ඇත්තේ සති 3ක් පමණක් නිසා මිනිසුන් භාණ්ඩ රැස් කිරීමට හා නගර හැරයාමට පටන් ගෙන තිබෙනවා. එක් ජනප‍්‍රිය මතවාදයක් අනුව දෙසැම්බර් 21 වනදා ක්ෂීර පථයේ මධ්‍යය සමඟ සූර්යයා එක එල්ලේ පිහිටන නිසා පෘථිවිය අඳුරු වී ස්වභාවික ව්‍යසනයන් රැසක් සිදු වන බව කියවෙන එකයි.

ලෝක විනාශය පිලිබඳව වූ වෙලඳ ආයතන විවිධ ද්‍රව්‍ය ඇතුලත් ‘ගැලවීමේ කට්ටල’ විකිණීමට පටන් ගෙන තිබෙනවා. අපායට සහ දිව්‍ය ලෝකයට යන
තහවුරු කරන ලද චාරිකා සංවිධානය වන අතර යුක්රේන ආයතනයක දිව්‍යලෝක චාරිකාවක් ඩොලර් 15 ක්ද අපායේ චාරිකාවක් ඩොලර් 18ක් ද වෙනවා.

නෞකාවක යන ගැලවීමේ චාරිකාවක් සඳහා ආසනයක් සඳහා ගාස්තුව රූබල් 80000ත් 150000ත් අතර වන බව අන්තර්ජාල දැන්වීම් වල පලකර තිබෙනවා. බාර් සහ රාත‍්‍රී සමාජ ශාලා විවිධ තේමා යටතේ විනෝද උත්සව සංවිධානය කර තිබෙනවා. රුසියාවේ වේගයෙන් පැතිර යන ලෝක විනාශ ඏතිකාවට අධිකාරීන් විරුද්ධ ප‍්‍රතිචාර දක්වනවා.

මාධ්‍ය වලට මේ පිලිබඳව මත පලකිරීමෙන් වලකින ලෙස ඩූමා පාර්ලිමේන්තුව විසින් විවෘත ලිපියක් නිකුත් කර තිබෙනවා. විවිධ විද්‍යාඥයන් සහ මායා සංස්කෘති විශේෂඥයන් මායා කැලැන්ඩරයේ අවසානය ලෝක විනාශය නොවන බව දැක්වීමට උත්සාහ කලත් කටකතා ඊට වඩා වේගයෙන් පැතිරී යනවා. :snicker:

මින් පෙරද ලෝකයේ අවසානය පිලිබඳව අනාවැකි බොහොමයක් පලවු අතර ඒවා සත්‍ය වූයේද නැත. මේ මතය මෙතෙක් දුරට ජනප‍්‍රිය වූ හේතුව කිසිවෙක් තවම නොදනී.


Source = Hot and fast news blog

Time Traveler
12-02-2012, 10:00 PM
:36_002::giggle::36_002:
ලෝක විනාශය පිලිබඳ මායා රෝගයෙන් පෙළෙන මුලාවට පත්වෙච්ච අසරණ මිනිස්සු රවටලා කපටි බිස්නස්කාරයෝ ටිකනම් හොඳට සල්ලි හම්බකරගන්නවා වගේ.

පෝස්ට් එකට ස්තූතියි මචන්!රෙප් +2

CJA
12-02-2012, 10:12 PM
:b

rep+

Punisher
12-02-2012, 10:19 PM
තව දවස් 19යි නේ

CJA
12-02-2012, 10:22 PM
තව දවස් 19යි නේ

:yes::yes:

Time Traveler
12-02-2012, 10:35 PM
තව දවස් 19යි නේ

:P

yositha
12-03-2012, 07:14 AM
siraawata ohoma wei da bn ??
aiyoooooooo afi iwaraiiiiiiiiiiiiii :'(:'(:'(:'(:'(:'(:'(

shashi1987
12-03-2012, 08:05 AM
ලෝක විනාසයත් විකුනගෙන කන්නේ........:lol::lol::lol:

chathuravt
12-03-2012, 08:09 AM
තව දවස් 19යි නේ

:yes::yes::yes::thumbsup::thumbsup::thumbsup:

Agent47
12-03-2012, 08:12 AM
loke winasa wen ne na..............:k0236:
mama kiyanne....:growl::growl:

Agent47
12-03-2012, 08:13 AM
siraawata ohoma wei da bn ??
aiyoooooooo afi iwaraiiiiiiiiiiiiii :'(:'(:'(:'(:'(:'(:'(

:P:P:P

Agent47
12-03-2012, 08:14 AM
තව දවස් 19යි නේ

:zip_it:

Time Traveler
12-03-2012, 11:00 AM
siraawata ohoma wei da bn ??
aiyoooooooo afi iwaraiiiiiiiiiiiiii :'(:'(:'(:'(:'(:'(:'(

එදාට මුකුත් වෙන්නෙ නෑ බං. ඔහොම බයවුනොත් එදාට විනාශවෙන්නෙ ලෝක නෙමෙයි, අපිමයි.
:38_002:

මරු හිරා
12-03-2012, 06:44 PM
එදාට මුකුත් වෙන්නෙ නෑ බං. ඔහොම බයවුනොත් එදාට විනාශවෙන්නෙ ලෝක නෙමෙයි, අපිමයි.
:38_002:


ඔව් බන් මේ ෆිල්ම් එකක් බලල් කට්ටියට වෙච්ච ආතල් එකක් තමයි මේක
නැත්නම් ඔහොම කැලැන්ඩර් මගුලක් තියනවද කියලවත් අපි දන්නෙ නෑ. එදාට මුකුත් වෙන්නෙ නෑ වෙනද වගේම අගේට තියෙයි

thasneen
12-03-2012, 07:27 PM
loka winase business 1k wela ban munta mona karothda honda

madura199
12-03-2012, 09:10 PM
:)

sudu pusa
12-03-2012, 09:15 PM
:lol:

මරු හිරා
12-03-2012, 09:46 PM
:P

Time Traveler
12-03-2012, 09:55 PM
:giggle::giggle::giggle::giggle::giggle::giggle::g iggle::giggle::giggle::giggle::giggle::giggle::gig gle::giggle: මෝඩයින්ගේ දිනය


:79::79::79::79::79::79::79::79:

2012 දෙසැම්බර් 21

biri
12-04-2012, 09:36 AM
ලෝක විනාශය පිලිබඳ මායා රෝගයෙන් පෙළෙන මුලාවට පත්වෙච්ච අසරණ මිනිස්සු රවටලා කපටි බිස්නස්කාරයෝ ටිකනම් හොඳට සල්ලි හම්බකරගන්නවා වගේ.
එල වැඩක් මචන්***:clap::32_002::thumbsup:
Thank Xමචන්

dishantd
12-04-2012, 11:58 AM
උබ කියන කතාව ඇත්ත මචන්. ගොඩක් එව්න් දැන් මේක business එකක් විදිහට හරවගෙන.ඇත්තටම මොනව හරි විනාස වෙනව නම් මුලින්ම විනාස වෙන්න ඕනේ ඕකුන්ව.Facebook එකේ බලපන් මිනිස්සුන්ව ගොනට අන්දන තරම්

Thread එක සිරා :thumbsup:

chathu28
12-04-2012, 01:23 PM
:yes:

danukamax
12-04-2012, 01:23 PM
math ticket ekak ganna one apayata yanna....

Time Traveler
12-04-2012, 02:55 PM
ඔව් බන් මේ ෆිල්ම් එකක් බලල් කට්ටියට වෙච්ච ආතල් එකක් තමයි මේක
නැත්නම් ඔහොම කැලැන්ඩර් මගුලක් තියනවද කියලවත් අපි දන්නෙ නෑ. එදාට මුකුත් වෙන්නෙ නෑ වෙනද වගේම අගේට තියෙයි


loka winase business 1k wela ban munta mona karothda honda


ලෝක විනාශය පිලිබඳ මායා රෝගයෙන් පෙළෙන මුලාවට පත්වෙච්ච අසරණ මිනිස්සු රවටලා කපටි බිස්නස්කාරයෝ ටිකනම් හොඳට සල්ලි හම්බකරගන්නවා වගේ.
එල වැඩක් මචන්***:clap::32_002::thumbsup:
Thank Xමචන්



උබ කියන කතාව ඇත්ත මචන්. ගොඩක් එව්න් දැන් මේක business එකක් විදිහට හරවගෙන.ඇත්තටම මොනව හරි විනාස වෙනව නම් මුලින්ම විනාස වෙන්න ඕනේ ඕකුන්ව.Facebook එකේ බලපන් මිනිස්සුන්ව ගොනට අන්දන තරම්

Thread එක සිරා :thumbsup:

ඔව් මචන්ලා, වැඩිය දැනුමක් නැති අහිංසක මිනිසුන්ව රවටලා, බයකරලා 2012 ලෝක විනාශය පිළිබඳ මිත්‍යාව බිස්නස් එකක් හැටියට හරවාගෙන තමුන්ගේ ආදායම සරුකරගන්න හදන ඔය පල්හොරුන්ට යන්න වෙනමම අපායක් අළුතෙන්ම හැදෙන්න ඕනේ. අනික ඔය විදියට මිනිස්සු බයකරන එකෙන් ලෝකේ සමහර අය දැනටම බයවෙලා මියගිහිල්ලත් තියනවා. තවත් සමහරු මානසික රෝගීන් වෙලත් තියනවා. කොච්චර නරක දෙයක්ද ඒක? හැබැයි ලෝකේ මිනිස්සුන්ගෙන් ඉතාමත් සුළුතරයක් තමයි ඔය ලෝක විනාශය පිළිබඳව තදින්ම එල්බගෙන/විශ්වාසකරගෙන ඉන්නේ. අපි නම් යම් උගත්කමක් ඇතිව, ඒ උගත් දේවල් අනුවයි ලෝකේ දිහා බලන්නේ. අපි දන්නවා 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය පිළිබඳ කතාව අන්තර්ජාලය හරහා වැඩිදියුණු වී නිර්මාණය වූ පට්ටපල් මිත්‍යාවක් බව. අනවබෝධය නිසා තමයි සමහර මිනිසුන් මේ වගේ රැවටිලි වලට හසු වී මුලාවට පත්ව විපතට පත්වෙන්නේ. තවත් යම් යම් අය මේ වගේ දේවල් වලින් මිනිසුන්ව බයකරලා වින්දනයක් ලබනවා. ඒක මානසික රෝගයක්.
ඉතින් දෙසැම්බර් 21 ටික ටික පහුවෙන කොට ඔය හොර බිස්නස් කරයින්ට රැවටිලා තමුන් කරගත්තු මෝඩකම් ගැන මේ අහිංසක මිනිස්සුන්ට පසුතැවිලි වෙන්නට සිද්ධවෙනවා. මට ඒ ගැන කණගාටුයි. ඒත් ඉතින් මොනවා කරන්නද? අපිට මේ ලෝකේ මිනිසුන්ගේ අදහස්, ආකල්ප වෙනස්කරන්න බෑනේ.

Ushantha
12-04-2012, 05:18 PM
:P

Sameera Karunaratne
12-04-2012, 05:19 PM
පිස්සු නැත්තන් සෝක්..!


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol:

dedunuvideo
12-04-2012, 06:40 PM
tawa dina 15 :P

Time Traveler
12-04-2012, 08:25 PM
ලෝක විනාශ කතාව අමූලික බොරුවක් - මායාවරුන්ගේ නායකයා කියයි...

http://1.bp.blogspot.com/-ln-GmnkGn7c/UKWzqOzgAmI/AAAAAAAATEM/62sQTGLo25Y/s1600/images.jpeg

මායාවරුන්ට කැලැන්ඩර් දෙකක් තිබුණා...

පළමු කැලැන්ඩරයේ ක්‍රිස්තු පූර්ව 3114 දී අවසන් වුණා.

එදා ලෝක විනාශයක් සිදුවුණේ නැහැ...

මායා කැලැන්ඩරයට අනුව මේ දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශයක් සිදු නොවන බවත් එදිනට සිදුවනුයේ තම කැලැන්ඩරයේ අලුත් දවසක් උදාවීම පමණක් බවත් මායාවරුන්ගේ දැනට සිටින නායක පිලිපේ ගෝමස් ප්‍රකාශ කරනවා.

මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ දරුවන් ලෝක විනාශය පිළිබඳ ගැටලුව නිසා තාරකා විද්‍යාව ඉගෙනීමටත් බියක් දක්වනවා. මායා කැලැන්ඩරය දෙසැම්බර් 21 දිනෙන් අවසන් වන නිසා ලෝක විනාශයක් ගැන කතා කිරීම ආරම්භ වුනා.

http://4.bp.blogspot.com/-2mRHtlXgJpI/UKWzt5p1DqI/AAAAAAAATEU/H6WGhU0am98/s1600/images1.jpeg
මායා කැලැන්ඩරය අවසන් වන දිනයේ ලෝක විනාශය සිදුවන බවට ලෝකයේ ජනතාව අතර පැතිර යන දුර්මතය බැහැර කළයුතු බව පවසන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා ලෝක විනාශය ගැන ඇසූ සමහරුන් දිවිනසා ගැනීමටත් ඉඩකඩම් විකුණා දැමීමටත් කටයුතු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

මෙරට තුළද එසේ ඉඩකඩම් විකුණා දැමීමට කටයුතු කළ පුද්ගලයන් සිටින බවද ලෝක විනාශය
පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්යවරයා කීය‍. උතුරු අමෙරිකාව හා දකුණු අමෙරිකාව සම්බන්ධ වන කොටසේ මායාවරුන් ස්වල්පයක් දෙනා අදත් ජීවත් වෙනවා.

මායාවරුන්ට කැලැන්ඩර් දෙකක් තිබුණා. පළමු කැලැන්ඩරයේ ක්‍රිස්තු පූර්ව 3114 දී අවසන් වුණා. එදා ලෝක විනාශයක් සිදුවුණේ නැහැ. ඊළඟට ආරම්භ වූ කැලැන්ඩරය මේ වසරේ දෙසැම්බර් 21 දිනෙන් අවසන් වනවා. ඉන්පසු අලුත් කැලැන්ඩරයක් එනබවද මායාවරුන් පෙන්වාදෙන බවද මහාචාර්යවරයා පැවසීය‍.

උපුටාගත්තේ hotandfastnews.com (http://www.hotandfastnews.com/2012/11/blog-post_3657.html) වෙබ්අඩවියෙනි.