PDA

View Full Version : 2012 සහ ලෝක විනාශය



sandushashi
12-08-2012, 12:14 PM
2012 නමින් ඉංග්රීයසි චිත්රදපටයක් පසුගිය දිනවල මෙරට සිනමා ශාලාවල ප්රදදර්ශනය විය. එහි අන්තර්ගතය ගැන සිංහල බෞද්ධයෙක් ලෙස අපගේ ඇසින් බලා විචාරයක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

මෙම චිත්ර්පටය විද්යාි ප්රාබන්ධ කථාවකි. එහිදී ප්රාධාන වශයෙන් වර්ෂ 2012 දී සිදුවීමට නියමිත ලෝක විනාශයක් ගැන කථාවක් ඉදිරිපත් කෙරේ. චිත්රකපටයේ කථාව කෙටියෙන් විස්තර කරතහොත්, මුලින්ම 2009 වසරේ දී තරුණ ඉන්දියානු භූ විද්යා්ඥයෙක් විසින් පෘථිවිය තලය පුරාම සිදුවන ශීඝ්රව වෙනස්කම් රාශියක් අතර සම්බන්ධයක් මතුකර ගනී. මේ පිළිබඳ ඔහු විසින් හිතවත් ඇමරිකානු භූ විද්යාහඥයකුට කරුණු සහිතව පැහැදිලි කිරීමක් කරනු ලැබේ. එම කරුණා අනුව ක්රිවයාත්මකවන ඇමරිකානු භූ විද්යා්ඥයා විසින් ඇමරිකානූ ජනාධිපති ඇතුළු රජයේ බලධාරීන් පිරිසකට පෘථිවිය පුරාම සිදුවන මෙම ක්රිනයාවලිය පිළිබඳ දැනුවත් කිරීමක් කරනු ලැබේ. පසුව මතුකරගන්නා කරුණු අනුව පෘථිවිය පුරාම සිදූවන අදාල විපර්යාස දාමය වසර කිහිපයකින් සිදුවන නොවැලැක්විය හැකි ලෝක විනාශයක පෙරනිමිති බව ඇමරිකානු රජය තීරණයකට එළඹේ. ඒ අනුව ඇමරිකානු රජය, කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සිය රට වැසියන් හෝ ලෝ වැසියන් දැනුවත් නොකර වෙනත් සැලැස්මක් ක්රිතයාත්මක කිරීම ආරම්භ කරයි. ඒ අනුව ඔවුහු 2010 ජී-8 සමුළුවේදී වෙනත් රටවල රාජ්යත නායකයන් පිරිසක්ද දැනුවත් කිරීමෙන් පසු සාමුහිකව රහස්යඅ ව්යාහපෘතියක් ආරම්භ කරති. එම සැලසුම අනුව ඉන්දියාවේ හිමාල අඩවියේ ආක් නැමති සුවිශාල ආරක්ෂිත නෞකා රාශියක් ඉදිකිරීම ආරම්භ කෙරේ. එම රහසිගත ව්යායපෘතියේ අරමුණ වන්නේ 400,000 පමණ ප්රමමාණයක තෝරගත් මිනිසුන් පිරිසක් එම ආරක්ෂිත නෞකාවන්ට තුල රැඳවීම මඟින් ලෝක විනාශයෙන් පසු පෘථිවියෙන් මනුෂ්ය වර්ගයාගේ වඳ වීම වලක්වා ගැනීමයි. ඉන්පසූ චිත්ර පටයේ කතාව ගලා යාමේදී විවිධ වූ පරිගණක තාක්ෂණික හරඹ මඟින් ලෝක විනාශය නිර්මාණය කොට ප්රේ.ක්ෂකයාහට ඒ පිළිබඳ ප්රයබල හැඟීමක් ඇති කරවන ආකාරය අපට දක්නට ලැබේ. අවසානයේදී “ආක්” නම් ආරක්ෂිත නාවික යාත්රාමවන්ට ගොඩ වූ පිරිස පමණක් ලෝක විනාශයෙන් පසු දිවි ගලවාගන්නා ආකාරය චිත්රරපට කථාවේ දක්වා තිබේ. චිත්ර පටයේ අවසාන භාගයේදී දිවි ගලවා ගැනීම සඳහා ආරක්ෂිත නාවිකා යාත්රාචවන්ට ගොඩවීමේදී විශාල තදබදයක් සහ එකිනෙකා පරයා යාත්රා වන්ට ගොඩ වීමේදී ඇතිවන කලහකාරීත්වය මැඩපැවැත්වීමේදී පමණක් මනුෂ්යි ගුණාංග ගැන යම් තරමක කතිකාවතක් අන්තර්ගත වී ඇත.

අපගේ අවබෝධයේ සැටියට නම් ඉහත දැක්වූ 2012 චිත්රාපට කතාන්තරය කිසිසේත්ම අලුත් නිර්මාණයක් නොවේ. මෙය බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ අඩංගු නෝවාගේ කතාවේ(Noah’s Story) අන්තර්ගතයේ ප්රේතිනිර්මාණයකි. බයිබලයට අනුවදෙවියන් විසින් ලෝකය නිර්මාණය කිරීමෙන් කලකට පසු ලෝක විනාශයක් සිදුකරනු ලැබේ. එනම් දෙවියන් සහ මිනිසුන් අතර ගිවිසුමක් පවතින අතර මිනිසුන් විසින් අදාල ගිවිසුම කඩනු ලැබූ විට දෙවියන් විසින් ලෝක විනාශයක් සිදු කිරීම මඟින් දේව කැමැත්තට අනුව ලෝකය යාවත්කාලීන කරනු ලැබේ. පරණ තෙස්තමේන්තුවේ දැක්වෙන නෝවාගේ කථාවද එවැනි ලෝක විනාශයක් පිළිබඳ අවස්ථාවකි. නෝවා යනු දෙවියන් විසින් තෝරාගත් පුද්ගලයෙකි. එම කථාවට අනුව දෙවියන් ලෝක විනාශයට පෙර ගුණ යහපත් පුද්ගලයෙක් වූ නෝවාට ගොඩබිම මැද විශාල නැවක් තනන ලෙස උපදෙස් ලබා දෙයි. තවද එම නැව නෝවාගේ ගුණයහපත් පවුලට සිටීමට සහ ලොව සෑම සත්ත්ව වර්ගයකින්ම ජෝඩුව බැගින් තැන්පත් කිරීමට ඉඩකඩ සහිතව ඉදිකරන ලෙස දෙවියන්ගෙන් ඔහුට උපදෙස් ලැබේ. ඒ අනුව වැඩ කටයුතු අරඹන නෝවාට ජලය නොමැති ගොඩබිම් මධ්යෙයක විශාල නැවක් තැනීම ගැන සෙසු මිනිසුන්ගේ උපහාසයටද ලක්වීමට පවා සිදු වුවද ඔහු ඉවසීමෙන් තම කාර්යය කරගෙන යයි. මෙලෙස ඔහු විසින් ආක්(ARK) නැමති විශාල නැවක් තනා ලොව සෑම සත්ත්ව වර්ගයකින්ම ජෝඩුව බැගින් එහි තැන්පත් කරනු ලැබේ. අවසානයේ නෝවාගේ පවුලට සහ නැවේ තැන්පත් කල සත්ත්ව ජෝඩුවලට පමණක් දෙවියන් විසින් සමස්ත පෘථිවියම යටවන පරිදී වස්සවන ලද මහා වර්ෂාවෙන් දිවි ගලවා ගැනීමට ඉඩ සැලසේ. ඉන්පසු දින ගණානාවකට පසු ජලය බැසයාමෙන් පසු නෝවාගේ ගුණයහපත් පවුලෙන් නැවත යහපත් මිනිස් පරම්පරාවක් ආරම්භ වේ. තවද ආරක්ෂිතව නැවේ දිවි ගලවාගත් සත්ත්ව යුගලයන්ගෙන්ද අඵත් සත්ත්ව පරම්පරාවන් මෙලොව ඇති වේ.

2012 චිත්රබපට කථාවේ හරය නෝවාගේ කථාවේ හරයට බෙහෙවින්ම සමාන බව පෙනේ. එනම් කතා දෙකේම ලෝක විනාශයක් ගැන සඳහන් වේ. තවද කථා දෙකෙහිදීම විශේෂයෙන්ම නාවික යාත්රාවවන් සහ ඒවාට තෝරාගත් මිනිසුන් පැටවීමක් ගැන සඳහන් වෙති. එපමණක් නොව චිත්රිපටයේ මෙන්ම නෝවාගේ කථාවේද එම ආරක්ෂිත නෞකා හඳුන්වා ඇත්තේ “ආක්” යන එකම නාමයකිනි. බටහිර විද්යාථ ප්ර බන්ධ, චිත්රතපට සහ සෙසු කලා කෘතීන්හි ඔවුන්ගේ ආගමික කාරණා අන්තර්ගත නැති බවට තර්ක ඉදිරිපත් කරන ඇතැම් පිරිස්වලට 2012 චිත්රෘපටය සහ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් වන නෝවාගේ කථාව අතර ඇති සමීප සම්බන්ධය හඳුනාගැනීම වැදගත් විය හැකිය. මෙහිදී අප හඳුනාගත යුතු කාරණය වන්නේ බටහිර විද්යාදව හෝ බටහිර කලාව අනාගමික නොවන බවයි.

මෙහිදී ලෝක විනාශයන් ගැන අපගේ බෞද්ධ සූත්රම සහ ග්රතන්ථයන්හි කරුණු ඉදිරිපත් කොට ඇති අවස්ථාවන් තිබේදැයි සලකා බැලීමද වැදගත් විය හැකිය. එවැනි කාරණා කිහිපයක් සප්ත සූර්යෝද්ගමන සූත්රටය, අග්ගඤ්ඤ සූත්ර ය, බුහ්මජාල සූත්රැය සහ අනාගත වංශයෙන් අපට ඉදිරිපත්කල හැක.

සප්ත සූර්යෝද්ගමන සූත්රැයේ දැක්වෙන පරිදි ඉදිරි කාලයකදී ක්රනම ක්රටමයෙන් සූර්යයන් හතක් පායන අතර අනුපිලිවෙලින් මෙලොව ජලයෙන්, ගින්නෙන් සහ වායුවන් විනාශ වේ. මෙහිදී විනාශ වන්නේ මනුෂ්යප ලෝකය පමණක් නොවන අතර ආශ්රි්ත දිව්යි ලෝක සහ ඇතැම් රූපාවචර බ්ර හ්ම ලෝකයන් කිහිපයක්ද විනාශ වෙති. එනමුත් රූපාවචර බ්රවහ්ම ලෝක අතරින් කිහිපයක් සහ අරූපාවචර බ්රූහ්ම ලෝක විනාශ නොවෙති. ලෝක විනාශය ලංවන කාලය වන විට මිනිසුන් ඉතාමත් බහුල වශයෙන් සමාධි භාවනා වඩා ඉන් ධ්යා න වඩවාගෙන මරණින් මතු ලෝක විනාශය බල නොපාන්නා වූ ආභස්සර නම් බ්රිහ්ම ලෝකයක නැවත උපදින බව සඳහන් වේ. එසේ ධ්යාශන වැඩීමට අසමත් වන සුළු පිරිස සහ සත්ත්වයින් ලෝක විනාශයේදී මරණින් මතු සූර්්යඑයන් සහිත වෙනත් ලෝක ධාතූන්හි උපත ලබන බවද දැක්වේ.

ලෝක විනාශයෙන් පසු නැවත ලෝකය සහ මනුෂ්යැ ජීවය ඇතිවන ආකාරය අග්ගඤ්ඤ සූත්රවයේ මනාව විස්තර සහිතව දැක්වේ. එනම් ආභස්සර බ්ර්හ්ම ලෝකයෙන් චුතව මුලින්ම මෙලොව උපදින මනුෂ්යමයන් අහසින් පාවී ගමන් යන සියුම් හා එකිනෙකාට සමාන ශරීර සහිත, දීරඝ ආයුෂ ඇත්තන් වූ බවද දැක්වේ. එමෙන්ම එම මුල් මිනිසුන්ගේ ගැහැණු පිරිමි වශයෙන් ලිංග භේදයක්ද දක්නට නොතිබණ අතර ඔවූහු ඕපපාතිකව(මවු කුසකින් හෝ බිත්තරයකින් නූපදීමෙන්) උත්පත්තිය ලදහ. එම සියුම් ශරීර සහිත වූ මුල්ම මිනිසුන් ආමරසය නම් මිහිමත වූ රසවත් යමක් ආහාරයට ගැනීමෙන් රළු ශරීර ඇත්තන් බවට ක්රඑමයෙන් පත්වේ. පසුකාලීනව ඔවුහු ධාන්යත ආදීය අනුභව කොට තව දූරටත් රළු වූ ශරීර ඇත්තන් බවට පත් වන අතර ලිංග භේදයද පහල වේ. ඉන්පසුව ක්රසමානුකූලව විවිධ කරුණු නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහීම, දුරාචාර ඇතිවීම සහ අරවුල් විසඳා ගැනීම සඳහා සම්මතයෙන් පාලකයන් පත්කර ගැනීමද අග්ගඤ්ඤ සූත්රනයේ දක්වා ඇත. තවද බ්රාහ්මජාල සූත්රවයේදීද බ්රාහ්ම සංකල්පය බිහි වූ ආකාරය අග්ඤ්ඤ සූත්රරයේ සඳහන් කරුණු අනුව යමින් තව දුරටත් පෙන්වා දී ඇති බවද හඳුනාගත හැක.

බෞද්ධයන් අතර ප්ර.චලිත අනාගත වංශය ග්රඅන්ථයේ සාමන්යය මනුෂ්යඅ ආයුෂ ප්රතමාණය දූරාචාරයන් නිසා ක්රසම ක්ර්මයෙන් වර්ෂ 10ක් දක්වා අඩූ වී ඉන්පසු නැවතත් යහපත් කල් මනූෂ්යු කල්ක්රිරයාව නිසා අයුෂ උපරිම වශයෙන් වර්ෂ අසංඛයක් වැනි අති විශාල කාලයක් දක්වා ක්ර මයෙන් වැඩි වන බව දක්වා ඇත. අනතුරුව නැවතත් විවිධ පරිපාලන දුරවලතා සහ දුරාචාරයන් නිසා ආයුෂ පිරිහීම ඇරඹී මනුෂ්යානයුෂ වසර 80,000 වන කල්හි කේතුමතී නම් සශ්රිතක නුවරක මේ මහා භදුකල්පයේ පහල වන අවසාන බුදුරජාණන් වහන්සේ වන මෛත්රිහ බුදුන් පහල වන බව අනාගත වංශයේ දැක්වේ.

කල්පය යනු ලෝක විනාශයට අදාල තවත් වැදගත් බෞද්ධ සංකල්පකි. මහා කල්පයක් යනු ලෝකය නිර්මාණය වී, ඉන්පසුව පැවතී, විනාශ වී නැවතත් ලෝකය නිර්මාණය වීමට ගතවන සමස්ත කාලයයි. සංවට්ඨායි කල්පයක් යනු ලෝක විනාශයකින් පසු නැවත වාරයක් ලෝකය බිහි වීමෙන් පසුව ඊළඟ විනාශයට පෙර ලෝකය සත්වයින් සහිතව සජීවීව පවතින්නා වූ අතර මැදි කාලයයි. බුදුවරුන් පහළ වන්නේ මෙම සංවට්ඨායී කල්පය තුලදීය. මහා කල්පයක් තුළ උපරිම වශයෙන් පහළ වීමට ඉඩ ඇත්තේ බුදු වරුන් පස්(5) නමක් පමණි. එලෙස උපරිම වශයෙන් එනම් බුදූ වරුන් පස් නමක් පහල වන කල්පයක් භද්රඇ කල්පයක් ලෙස හැඳින්වේ. අප ජීවත් වන්නේ භද්රන කල්පයක වන අතර දැනට මෙලොව කකුසඳ, කෝණාගමණ. කාශ්යංප සහ ගෞතම බුදුන් වහන්සේලා සතර නම පහළ වී ඇති සේක. අනාගතයේ මෛත්රි බුදුන් මෙලොව පහළ වීමෙන් පසු කාලයාගේ අවෑමෙන් ලෝක විනාශයක් සිදුවන බවට ඉඟියක් බෞද්ධ පොත පත ඇසුරෙන් අපටද ලබා ගත හැක. මෙම විශ්වාසය මෙරට ආදී බෞද්ධයන් අතරද තිබූ බවට සාක්ෂියක් ලෙස රුවන්වැලි සෑ මඵ විහාරයේ අතීතයේ ඉදිකොට ඇත්තා වූ ද දැනටත් පැහැදිලිව දැකගන්නට ඇති කකුසඳ, කෝණාගමණ. කාශ්යයප සහ ගෞතම බුදුන් වහන්සේලා සතර නමගේ සහ මෛත්රිට බෝසතුන්ගේ කිරිගරුඬ පිළිමයන් ගැන සඳහන් කළ හැකිය. පැරැණ්නන් එම පිළිම ඉදි කළ විශේෂ හේතුව ලෙස වියතුන් දක්වා සිටින්නේ කකුසඳ, කෝණාගමණ. කාශ්යදප සහ ගෞතම යන බුදු වරන් වහන්සේලා සිව්නමම රුවන්වැලි සෑ භූමියට වැඩමකොට නිරෝධ සමාප්ති සුවයෙන් වැඩ සිටි බැවින් එය පූජනීය බිමක් වන බවත්, අනාගතයේ මෛත්රිප බුදුන්ද එහි වැඩමකොට නිරෝධ සමාප්ති සුවයෙන් වැඩ හිඳින බවයි. මෙහිදී විශේෂ කාරණය වන්නේ අපට අටවිසි(28) බුද්ධ සංකල්පයක් තිබියදී කකුසඳ, කෝණාගමණ. කාශ්යශප, ගෞතම සහ මෛත්රිබ බුදුන් වහන්සේලා පස් නම පමණක් විශේෂයෙන් රුවන්වැලි සෑ මඵවේ කිරිගරු ඬ ගලින් අඹා තිබීමයි. තව දුරටත් මෙහිදී අපට සඳහන් කළ හැක්කේ මෙම මහා භද්රනකල්පයට අයත් බුදුන්වහන්සේලා පස් නම පමණක් පැරැණ්නන් විසින් රුවන්වැලි සෑ මඵවේ ඇඹීමට විශේෂ හේතුවක් ඇති බවයි. කකුසඳ බුදුන්ට පෙර ලෝක විනාශයක් සිදු වූ බැවින් උන්වහන්සේට පෙර බුදු බව ලැබූ බුදුන්වහන්සේලා දැනට පවතින රුවන්වැලි සෑ මඵ භූමියට වැඩමකොට නිරෝධ සමාප්තියෙන් වැඩ සිටීමට අවස්ථාවක් නොලද සේක. එමෙන්ම මෛත්රිි බුදුන්ගෙන් පසු නැවත ලෝක විනාශයක් සිදු වන බැවින් උන්වහන්සේට පසුව බුදුවන බුදුරජාණන්වහන්සේ ාටද දැනට පවතින රුවන්වැලි සෑ මඵවට වැඩමකොට නිරෝධ සමාප්තියෙන් වැඩ සිටීමට අවස්ථාවක් නොලැබෙන බවද අපට පහසුවෙන් අවබෝධකරගත හැක. එනම් රුවන්වැලි සෑ භූමියද මෙම ලෝකය නැවත ප්ර තිනිර්මාණය වීමත් සමඟ ආරම්භ වූ අතර මෛත්රිො බුදුන් පහළ වීමෙන් පසුව සිදුවන ලෝක විනාශයත් සමඟ එම භූමියද විනාශ වන බවද අපට වටහාගත හැක. මෛත්රිප බුදුන් තවමත් පහල වී නොමැති බැවින් අපට නම් මෑතකාලින අනාගතයේ සිදුවන ලෝක විනාශයක් පිළිබඳ අනාවැකිය අඵත්ම කාරණයකි. මේ අනූව මෙරට සිංහල බෞද්ධයන් අතර ලෝක විනාශය පිළිබඳ අපගේම බෞද්ධ ආකල්ප තිබූ බවද, 2012 දී ලෝක විනාශයක් සිදුවන බව දැනට අපට පිළිගත හැකි කාරණයක් නොවන බවද සඳහන් කළ යුතුය.

මෙයින් දක්වා සිටියේ මා “2012” විද්යා2 ප්ර බන්ධ චිත්ර පටය දුටු ආකාරයයි. මේ ලිපිය කියවන ඔබ වෙනත් විධියකින් “2012” චිත්ර”පටය දකින්නට ඇත. අපි සියලු දෙනාම දකින්නේ එකම චිත්ර පටයක් නොවන බව නැවත නැවතත් සිහිතබා ගනිමු.

උපුටා ගැනීමක්

මරු හිරා
12-08-2012, 12:17 PM
Font size eka 4 dapan
kiyawanna epa wenawa nathnam

shashi1987
12-08-2012, 12:57 PM
:yes:

sandushashi
12-08-2012, 03:27 PM
http://www.smilchat.net/smiley/spirituel/prier0.gif

Time Traveler
12-08-2012, 08:46 PM
පෝස්ට් එකට ස්තූතියි මචන්!
:)

danukamax
12-08-2012, 10:03 PM
එල පෝස්ට් එක...

HSGKING
12-09-2012, 06:25 AM
thnkx

hasithadn
12-09-2012, 07:54 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

sandushashi
12-09-2012, 08:11 AM
http://www.smilchat.net/emoticone/expressions/heureux/3d-yep.gif

Rep වලට තැන්ක්ස්