PDA

View Full Version : පොතක් ගැන යමක්-1



d.malan9
01-10-2013, 01:37 PM
මෙම ලිපි පෙළ තුලින් මා බලාපොරොත්තු වනුයේ මා කියවූ පොත පත පිළිබඳ කෙටි හැදින්වීමක් කිරීමටයි. කියවීමට පොතක් සොයන කියවන රුචිකත්වයෙන් යුත් කිසිවෙක් හට, එය යම් උපකාරයක්‌ වනු ඇත.

රෝහිත මුණසිංහගේ එළියකන්ද වද කඳවුර (K-Point) (ISBN:955-573-379-1)

මානව හිමිකම් උල්ලංගනය වීම පිළිබඳව අප රටේ මෑත කාලයේදී ඉතා වැඩි වශයෙන් කතා බහ කරන බව අප දන්නා කාරණයකි. මෙහි දරුණුතම තත්වය නම් විදෙස් රටවල් වලින් මෙම කරුණ සම්බන්ධයෙන් සිදුකරන බලපෑම් පිළිබඳවය. බොහෝවිට අපට අසන්නට ලැබෙන්නේ මෙවැනි බලපෑම් විදෙස් රටවල් වලින් අපට එල්ල කරනුයේ අප රට අරාජික කිරීමේ අරමුණින් බවයි. එහි සත්‍යතාව කෙසේ වුවත් පසුගිය යුද සමයේදී මෙන්ම වර්තමානයේදදී මෙවැනි මානව හිමිකම් කඩවීම පිළබඳව අප රටට දැඩි අවධානයක් යොමු වීමට මුලිකම කරුණක් නම් අප රටට මානව හිමිකම් කඩකිරීම පිළිබඳව ඉතා හොඳ ඉතිහාසයක් තිබීම නිසා යැයි මට හැගේ. මෙම කෘතියෙන් එලෙස මානව හිමිකම් කඩකිරීමේ උච්චිතම අවස්තාවක් විස්තර කෙරේ.


පොත ගැන

1988-89 බිහිසුණු යුගයේදී අප රටේ වදකාගාර පවත්වාගෙන ගොස් ඇති බව ඔබ බොහෝ දෙනෙක් අසා ඇති බව විශ්වාස කරමි. "එළියකන්ද" හෙවත් "K-Point" යනු මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙවැනි එක් වදකාගාරයකි. K-Point (Kill Point) යනු මෙම වදකාගාරය පවත්වාගෙන යනු ලැබු පුද්ගලයින් විසින් (කතුවරයාට අනුව එවකට ලංකාවේ හමුදාව) එය හදුන්වන ලද නාමයයි. එළියකන්ද වද කදවුර නමැති කෘතියෙන් එහි කතුවරයා වූ රෝහිත මුණසිංහ , එම වද කදවුරේදී ඔහු ලද අත්දැකීම් විස්තර කරයි. නවකතාවක් ශෛලියෙන් ඉදිරිපත් කර ඇති මෙම කෘතිය කියවනවිට ඔබගේ ශරීරය කිලිපොලා යනු නොඅනුමානය. මක් නිසාද යත් එහි විස්තර කර ඇති ඇතැම් කරැණු මා අසා ඇත්තේ "අවීච මහා නරකාදිය" ගැන කියවන විටයි. මෙම පොත කියවූ මට ඇතිවූ එක් ගැටළුවක් නම්, මෙම වදකාගාර වල සිටි සිරකරුවන් (JVP කාරයින් හා කතුවරයාට අනුව JVP එකට කිසි සම්බන්ධයක් නැති අයවලුන්) කතුවරයා විස්තර කරන ලද නොයෙකුත් වද බන්ධන කෙසේ ඉවසා සිටියේද යන්නයි. මා මෙම කෘතියෙහි දකින විශේෂිත කරුණක් නම් මෙහි කතුවරයා මෙම කෘතිය රචනා කිරීමේදී බොහෝවිට කිසිවෙකුටත් කඩේ නොයා (විශේෂයෙන් JVP එකට) ද්වේශයෙන් තොරව මැදහත් භාවයකින්මෙම කෘතිය රචනා කර තිබීමයි. කතුවරයා සිය පෙරවදනෙහිද ඒ පිළිබඳව සටහන් කර ඇත.
ත්‍රාසය, භීතිය පිරි නවකතා කියවවීමට හෝ එම වදකාගාර පිළිබඳව දැනගැනීමට කැමති නම්, සත්‍ය සිද්දීන් මත පදනම්ව රචනා කර ඇති සරසවි ප්‍රකාශනයක් වන එලිකන්ද වද කදවුර නම් වූ මෙම පොත කියවන්න.


http://img13.imageshack.us/img13/1251/eliyakanda.jpg

thasneen
01-10-2013, 07:33 PM
bmp

CJA
01-10-2013, 09:11 PM
:cool:

shashi1987
01-12-2013, 08:30 AM
;)

PRASAD SAMPATH
01-12-2013, 08:50 AM
:k0243:

sahanyugantha
01-12-2013, 09:39 AM
bump

Eranga 44
01-12-2013, 11:57 AM
bump