PDA

View Full Version : ලෝක බෞද්ධ සංස්කෘතියේ අද්විතීය සංස්කෘතික ගබඩාව



masterchif
01-11-2013, 03:14 PM
ලෝක බෞද්ධ සංස්කෘතියේ අද්විතීය සංස්කෘතික ගබඩාව http://img600.imageshack.us/img600/8366/horyujipagoda.jpg
හෝර්‍යු-ජී පන්සලෙහි භූමියේ ඇති නිර්මාණයන් දැනට ලෝකයේ නොනැසී පවතින පැරණිතම දැවමය නිර්මාණ වේ. අසූකා යුගයේ (අවු. 1300කට පෙර) සිට නොනැසී පවතින සිතුවම්ද මෙහි පවතී. හෝර්‍යු-ජී පන්සල පිළිබඳව සොයාගැනීම්කොට ඇත්තේ ඓතිහාසික ලියකියවිලිවලිනි. ‘යකුෂි ත්යෝරයි’ (ෙබෙසාජ්යගුරු) නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව පිටුපසින් දිස්වන කැටයම් සහිත ප්‍රභා මණ්ඩලයකි. එය ස්ථානගතකොට ඇත්තේ පන්සලෙහි ප්‍රධාන ශාලාවේ නැගෙනහිර පැත්තට වනසේය. වර්ෂ 747 දී හෝර්‍යු-ජී පන්ස‍ලේ සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුවක් ‍ලේඛනගතකොට වාර්තා සකසන ලදී.
මෙම වාර්තාවලට අනුව ‘යෝමෙයි’ අධිරාජ්‍යයා මෙම පන්සල සහ බුදුරජාණන් වහන්සේගේ සිතුවම් නිර්මාණය කිරීමට ‍පොරොන්දු ප්‍රකාශයක් ඉදිරිපත්කොට ඇත්තේ ඔහු තමන්ට වැළඳුණු රෝගයක් සුවපත් කරගැනීම සඳහා කරන යාඥාවක් ලෙසය. නමුත් ඔහුට සිය ‍පොරොන්දුව ඉටුකරගැනීමට ඔහුගේ ෙදෙවයෙන් කිසි දිනක ඉඩක් නොලැබුණි. එයින් ටික කලකට පසු ඔහු මියගියේය. ඉන්පසුව එයින් ශෝකයට පත් අධිරාජ්‍යයාගේ බිසව ‘සුයිකෝ’ ) සහ කිරීටය භාරගත් ‘ෂෝතොකු’ කුමරුන් විසින් යෝමෙයි අධිරාජ්‍යයාගේ අවසාන කැමැත්ත පරිදි වර්ෂ 607 දී හෝර්‍යු-ජී පන්සල සහ බුදුන්ගේ ප්‍රතිමාව විශාල කැපකිරීමකින් යුතුව නිර්මාණය කොට අවසන් කර ඇත.
http://img706.imageshack.us/img706/2162/ricp.jpg
670 වර්ෂයේ අප්‍රේල් 30 වන දින එක් අවාසනාවන්ත රාත්‍රියක පන්සල් භූමියේ ඉතාම ශීඝ්‍රයෙන් පැතිරී යන විශාල ගින්නක් ඇතිවූ බව ජපන් ඉතිහාස වංශකතාවල සඳහන් වේ. කෙසේ වෙතත් 19 වන සියවසේ අගභාගයේදී ජපානයේ සිටි ඉතිහාසඥයන් ඒ පිළිබඳව සැකසහිත බැවින් එම විශ්වාසය තහවුරු කරගැනීම පිණිස විවිධාකාර ගැටලු ඉදිරිපත් කරන්නට විය. මේ ගැටලු අතර පිළිතුරු නොලැබුණු ගැටලුද විය.
නමුත් හෝර්‍යු-ජී පන්සල ගැන ජනප්‍රවාදයේ පවතින ප්‍රකටම පුරසාරම වනුයේ ෂෝතොකු කුමරා විසින් එය ඉදිකළ කාලයේ පටන්ම එහි පවත්වාගෙන එනු ලබන සියවස් දහ හතරකට වඩා පැරණි සම්ප්‍රදායානුකූල ප්‍රතිපත්ති මාලාවයි.
http://img543.imageshack.us/img543/9105/90792933.jpg
එහි පුරෝගාමියා ලෙස කටයුතු කර ඇත්තේ එකල ශ්‍රේෂ්ඨතමයකු හා දූරදර්ශී පාලකයෙක්ව සිටි ‘ෂෝතොකු’ කුමරා වේ. ජපානයේ බුදුදහමේ ප්‍රාරම්භකයා ලෙස ෂෝතොකු කුමරා හැඳින්විය හැක.
අද හෝර්‍යු-ජී පන්සල බටහිර පරිශ්‍රයේ නිර්මාණයවී ඇති අතර මහල් පහකින් යුතු විහාර ගෙය මධ්‍යගත වන ලෙස ඒ වටා නිර්මාණයවී ඇත. ඒ අතර ප්‍රධාන ශාලාව සහ නැගෙනහිර පරිශ්‍රයද පිටතින් දර්ශනය වේ. වර්ග මීටර 187,000ක බිම් ප්‍රමාණය කිසිවිටකත් ආදේශ කළ නොහැකි සංස්කෘතික භාණ්ඩාගාරයකි. හත්වන සියවසේ සිට එම උරුමයන් පසු සියවස්වලටද උරුම කිරීම හා විවිධ යුගවල පැවැති හරයන් සංරක්ෂණය කිරීම නොකඩවා කිරීම යනාදිය තුළින් ජපානයේ ඉතිහාසයේ සම්පූර්ණ ගමන්මග පැහැදිලි වේ
http://img255.imageshack.us/img255/500/yakushi7thchoryujimid.jpg
http://img571.imageshack.us/img571/1992/byodointemplephoenixhal.jpg තවද 2,300කට අධික සංස්කෘතිකමය සහ ඓතිහාසික ගොඩනැගිලි මෙන්ම ලිපිද හෝර්‍යු-ජී පන්සල සතුව ඇත. ඒවායින් 190ක් පමණ ජාතික වස්තූන් සහ වැදගත් සංස්කෘතිකමය දේපළ වශයෙන් නම්කොට ඇත. 1993 වසරේ දෙසැම්බර් මාසයේ හෝර්‍යු-ජී පන්සල ලෝක බෞද්ධ සංස්කෘතියේ අද්විතීය සංස්කෘතික ගබඩාවක් ලෙසද, ප්‍රථමවරට (ජපානයේ සෑම වර්ගයකටම වස්තූන්ගෙන්) ලෝක උරුමයෙන් කොටසක් ලෙසද යුනෙස්කෝව විසින් නම්කර ඇත.

උපුටා ගැනිම ලක්බිම පුවත්පතෙන් :nerd::nerd:

shashi1987
01-12-2013, 08:28 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

PRASAD SAMPATH
01-12-2013, 08:30 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::14_002::1 4_002::14_002::14_002::14_002:

Eranga 44
01-12-2013, 11:32 AM
:cool:

Viraj_rox
01-12-2013, 11:53 AM
හොද ලිපියක්