PDA

View Full Version : පිස්සු හැදෙන සද දියකිදුරිය

RANGANA BLC
01-18-2013, 04:34 PM
විලාසිතා හා සාගරය සම්පූර්ණයෙන් ම එකිනෙකට පරස්පර වුවද, මෙම ලෝකයන් දෙක එක් කරමින් සිදු කළ අපූරු ඡායාරූප පෙළක් පිළිබඳූ ව පසුගියදා වාර්තා විය.
මෙහි තව විශේෂත්වයක් වන්නේ මෙම ඡුායාරූප පෙළ ගෙන තිබුනේ ලොව විශාල මත්ස්‍යයා ලෙස හැඳින්වෙන තල්මස් මෝරුන් (Whale Sharks) සමග වීමයි.
ඇමෙරිකානු ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන ශෝන් හෙන්ඩි‍්‍රක්ස් හා කි‍්‍රස්ටියන් ස්මිට් ගේ අදහසකට අනුව කෙරුනු මෙම ඡායාරූප එකතුව කාචගත වූයේ පිලිපීනයේ ඔස්ලොබ් ධීවර ගම්මානය ආශ‍්‍රිතවය. එම කාර්යය සඳහා දින 5ක් ගතවී තිබුණි.
මෙම ඡායාරූප එකතුව සඳහා මෝස්තර නිරූපිකාවන් ලෙස එක් වී ඇත්තේ 32 හැවිරිදි හැනා ෆේ‍්‍රසර් හා 31 හැවිරිදි රොබර්ටා මැන්සීනෝ ය.
අඩි 25ක් පමණ වඩා ගැඹුරු මුහුදේ ඔවුන් මෙලෙස පෙනී සිටින්නේ කිමිදුම් උපකරණද නොමැතිවය.
දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ලොවපුරා වඩාත් ජනපි‍්‍රය වන්නේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙනි.
දිය යට මෝස්තර නිරූපිකාවක් වන රොබර්ටා මැන්සීනෝ ද ජාත්‍යන්තර තලයේ බේස් ජම්පින් කී‍්‍රඩිකාවකි.
මොවුන් දෙදෙනාගේ නිර්භීතභාවය, ස්වභාවික රූසපුව හා දිය යට මෝස්තර නිරූපිකාවක් ලෙස ඇති අත්දැකීම්, මෙම ඡායාරූප එකතුවේ අතිසාර්ථකත්වයට ඉවහල් වූ බව ශෝන් හෙන්ඩි‍්‍රක්ස් පවසයි.
මෙහිදී තල්මස් මෝරුන් හා එකට මෙම ඡායාරූප ගැනීමට පිලිපීනයේ ඔස්ලොබ් ධීවර ගම්මානයේ ධීවරයන්ගේ දැනුමද ප‍්‍රයෝජනවත්වූ බව ඔහු පවසයි.
ඔස්ලොබ් හි ධීවරයන් සමග ඉතා සමීප සබඳතාවයක් ගොඩනගා ඇති මෙම සතුන්, සෑම දිනකම නොගැඹුරු මුහුදට පැමිණෙන බවත්, ධීවරයන් විසින් ඔවුන්ට කුඩා කූනිස්සන් කෑමට ලබාදෙන බවත් හෙන්ඩි‍්‍රක්ස් වැඩිදුරටත් පවසයි.
මෙම ඡායාරූප ෆොටෝෂොප් නිර්මාණ යැයි බොහෝ පුද්ගලයන් සිතුවද, ෆොටෝෂොප් මාදුකාංගය මගින් සිදුකර ඇත්තේ වර්ණ හා ආලෝකය වෙනස් කිරීම් පමණක් බව හෙන්ඩි‍්‍රක්ස් අවධාරණය කරයි.
ලොව විශාලතම මත්ස්‍යයන් වන තල්මස් මෝරුන් ගේ දිග අඩි 30ක් පමණ වුවද, ඔවුන් ආහාරයට ගන්නේ මුහුදු ජලයේ වෙසෙන කුඩා ප්ලැන්ක්ටන් ජීවීන් පමණි.
කෙසේවෙතත්, මේ වන විට වඳවී යාමේ තර්ජනයට ලක්වීමේ අවදානමක් (Vulnerable) ඇති මෙම අහිංසක සත්ත්වයා, මිනිසුන්ගේ නොදැනුවත්කම හා කෑදරකම හේතුවෙන් ධීවරයන්ගේ ගොදුරු බවට පත්වේ. එවැනි අභාග්‍යසම්පන්න අවස්ථාවක් පසුගියදා ශ‍්‍රී ලංකාවෙන් ද වාර්තා විය.

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE51A8000005DC-529_964x624.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE5147000005DC-265_470x649.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE4F5A000005DC-136_470x649.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE4FF7000005DC-841_964x641.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE51A3000005DC-586_964x639.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE4EF9000005DC-826_470x686.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE51F4000005DC-656_470x686.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE4F56000005DC-547_964x632.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE4F67000005DC-816_964x623.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE519F000005DC-260_964x633.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE5121000005DC-895_964x633.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE4F52000005DC-739_470x700.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE4EE5000005DC-131_470x700.jpg

http://i.dailymail.co.uk/i/pix/2013/01/08/article-2259016-16CE51B6000005DC-714_964x1441.jpg

ගත්තේ ශ්‍රී ලංකා මිරර් .කොම් එකෙන්

yohan
01-18-2013, 04:58 PM
:shocked:

Ushantha
01-18-2013, 05:06 PM
:D ලස්සනයි...

මරු හිරා
01-18-2013, 05:55 PM
:cool:

masterchif
01-18-2013, 06:00 PM
:yes:

danukamax
01-18-2013, 06:06 PM
ඔක්සිජන්වත් නැතුව මුන් මොන මගුලක් කරනවද මන්ද මේ තල්මහත් එක්ක:D

thasneen
01-18-2013, 06:14 PM
ඔක්සිජන්වත් නැතුව මුන් මොන මගුලක් කරනවද මන්ද මේ තල්මහත් එක්ක:D

:yes:

RANGANA BLC
01-18-2013, 07:44 PM
ඔක්සිජන්වත් නැතුව මුන් මොන මගුලක් කරනවද මන්ද මේ තල්මහත් එක්ක:D

අඩි 25ක් පමණ වඩා ගැඹුරු මුහුදේ ඔවුන් මෙලෙස පෙනී සිටින්නේ කිමිදුම් උපකරණද නොමැතිවය.
දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ලොවපුරා වඩාත් ජනපි‍්‍රය වන්නේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙනි.

mekata thamyi ban kohomada kapawima

danukamax
01-18-2013, 08:10 PM
අඩි 25ක් පමණ වඩා ගැඹුරු මුහුදේ ඔවුන් මෙලෙස පෙනී සිටින්නේ කිමිදුම් උපකරණද නොමැතිවය.
දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ලොවපුරා වඩාත් ජනපි‍්‍රය වන්නේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙනි.

mekata thamyi ban kohomada kapawima

ඇත්තටම පුදුම වැඩක් බන්....

thasneen
01-18-2013, 08:29 PM
අඩි 25ක් පමණ වඩා ගැඹුරු මුහුදේ ඔවුන් මෙලෙස පෙනී සිටින්නේ කිමිදුම් උපකරණද නොමැතිවය.
දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ලොවපුරා වඩාත් ජනපි‍්‍රය වන්නේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙනි.

mekata thamyi ban kohomada kapawima

:yes:

RANGANA BLC
01-18-2013, 08:33 PM
මට කියපන්කො දන්න කෙනෙක් ස්පෑම් වෙන්නේ ඇයි ලින්ක් එකක්

සිංහයා
01-18-2013, 09:37 PM
බොහොම අහිංසක සතෙක්..දැන් දැන් ලංකාව මුහුදු තිරය අවට දැක ගත හැකි..:):....මොකද ලොකේ ගොඩක් වෙසෙන දුර්ලබ ගනයේ තලමසුන්,මුල්ලන්,මො රුන් ශ්‍රි ලංකවට අවට මුහුදු තිරයට පැමිණිනෙවා.ඇත්තටම කියනවා නම් ශ්‍රි ලංකාවට විතරයිමයි වගේ.මොකද ශ්‍රි ලංකා අවට මුහුදු තිරිය බොහෝ සමුද්‍ර ජිවින්ට හිතකර නිසා..:):..කිව්වත් වගේ ගොඩක් ධීවරයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා නොදැනුවත් කම මත‍ හො දැනුකම මත.මේ ලඟදිත් අහුවුණා දැලකට .......

ඡයා රූප නිර්මාණත්මකයි..
ඔබට ස්තුතියි...:D

RANGANA BLC
01-18-2013, 09:44 PM

රත්න දීප ජන්මභූමි
ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි..

ආදි සිංහලේ
වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ
මාතෘ භූමියයි….

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හැලූ ලේ කඳයි..

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

ගංඟා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුළෙන් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයන්ගෙ ඒ යශෝ ගීතයයි…

බෝඩිම, පිට 42,23
පසුවදන:

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය.
at 9:40 AM 3 අදහස්

මහගම සේකර.. Mahagama Sekera: බෝඩිම (http://mahagamasekera.blogspot.com/search/label/%E0%B6%B6%E0%B7%9D%E0%B6%A9%E0%B7%92%E0%B6%B8)

සිංහයා
01-18-2013, 10:19 PM
Bump

සිංහයා
01-18-2013, 10:46 PM
[
රත්න දීප ජන්මභූමි
ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි..

ආදි සිංහලේ
වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ
මාතෘ භූමියයි….

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හැලූ ලේ කඳයි..

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

ගංඟා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුළෙන් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයන්ගෙ ඒ යශෝ ගීතයයි…

බෝඩිම, පිට 42,23
පසුවදන:

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය.
at 9:40 AM 3 අදහස්

මේ ලංකා භුමියේ ඉපදිම නු‍‍ඹෙයි මගේ ලොකු වසනාවක්.අවුරුදු 30ක යුද්ධයෙන් පසු මේහි වටිනා කම වඩ වඩාත් දැනේනට පටන් ගෙන ඇත.‍ත්‍රිකුණාමලය, මිරිස්ස , කල්පිටියේ ලොකයේ ප්‍රධහනම සහ වටිනාම තල්මසුන්,මුල්ලන් නරඹන් සථාන බව අප බොහො ශ්‍රි ලංකිකයන් දැන ගෙන් සිටියේ නැත.ඩිස්කවරි චැනලය යුද්ධය පැවති සමයේදි ද කිහිප වාරයක්ම ත්‍රි කුණාමලය මුහුදු තිරයට පැමිණියා තල්මසුන් සිනාමකරණයට. ඔවුන්ගේ අදහස් මත ත්‍රිකුණාමලය තරම් තල්මසුන් නැරඹිමට වටිනා ස්ථානයක් නැති තරම්ය.‍බොහො තල්මසුන් පැමිණිමට හෙතුව ශ්‍රි ලංකාව අවට ඔවුන්ට බොහො හිතකර පරිසරයක් නිර්මාණය වි තිබිමත්.තල්මසුන් අහාරයට ගන්නා කුඩා ඉස්සන් විශෙෂ බහුලව තිබිමත්ය.

මේ ලොකයේ අනිකුත් රටව‍ල් එකම එක දෙයකට උරුමකම් කියනවා නැතහොත් ප්‍රසිද්ධයි. නමුත් මදක් සිතන්න ශ්‍රි ලංකාව ඉතිහාසයෙන්ද , නොයකුත් පරිසරක මට්ටම වලින්ද ,දෙශගුණික මට්ටම,වන ලැහැබ්,සතුන්,මුහුද ු තිරයන්ගෙන් සියල්ලන්ගෙන්ම සම්පුර්ණ රත්න දීපයක්....:):

රත්න දීප ජන්මභූමි ,ලංකදීප විජයභූමි, මේ අපේ උදාර වූ, මාතෘ භූමියයි..:):

asitha sandaruwan
01-18-2013, 10:54 PM
නියමයි බන්

Dj | නිමන්ත
01-19-2013, 12:51 AM
රන්ගන අයියේ ඇත්තටම මුන්ට පිස්සුද කොහෙද... හි හි හී මම ඉතින් හැමෝටම සලකනවනි ඔන්න ඔයාටත් සැලකුවා

Dj | නිමන්ත
01-19-2013, 12:53 AM
මට කියපන්කො දන්න කෙනෙක් ස්පෑම් වෙන්නේ ඇයි ලින්ක් එකක්

මම කියල දෙන්නම් දැන් නෙවේ හෙට...

shashi1987
01-19-2013, 08:53 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

Eranga 44
01-19-2013, 11:33 AM
:shocked:

සෝරෝ
01-19-2013, 12:48 PM
පික්ෂු නැත්තං සෝක්..... :D

Time Traveler
03-24-2013, 12:13 PM
:cool:

yohan
03-24-2013, 04:54 PM
ඕකිව මාලුම කාපිය...........:D

apkumara
03-24-2013, 04:57 PM
age mail calin wanawa:shocked:

janith nilanga
03-25-2013, 12:50 PM
:yes: Ane manda Hithagannath amarui............:shocked::shocked:

janith nilanga
03-25-2013, 12:53 PM
Pissu kellekda koheda.....WAthure athalda danne..............:p:p:p:p:p