රත්නෙ ලමයා
01-29-2013, 05:38 PM
http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/01/achala-law.png
‘ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා. පරීක්ෂණවල ප්‍රතිඵලවලින් පසු වම් අත කපා දැමූ අචලා ප්‍රියදර්ශනී සිසුවියට වන්දි මුදලක් පවා ගෙවීමට සිදුවෙනවා’ යයි මාතර රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් පැවසීය.
මෙම සිසුවියගේ අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ වෛද්‍යවරයාගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද හෙතෙම කීවේය.
රෝගීන් දහදෙනකුට මේ ආකාරයේ ප්‍රතිකාර කිරීමට නියමිතව තිබියදී සීමාව ඉක්මවා රෝගීන් සියයකට වැඩි පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් අත්වැරදි සිදුවිය හැකි බවද පැවසූ ඔහු මෙවැනි අත්වැරදි ශ්‍රී ලංකාවේ පමණක් නොව ඕනෑම රටක සිදුවෙන අතර එම වැරදි හිතාමතා සිදුකරන ඒවා නොවේ යයිද සඳහන් කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනීම ලබන අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාව මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝ්හලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ වම් අත කපා දැමූ අතර මාතර රෝහලේ වරදින් වම්අත කපා දැමීමට සිදුවී ඇති බව හෙළිවී තිබේ.
මේ අතර ඇයගේ ඇඳ ඉහපත, රෝහලේ අධ්‍යක්ෂිකා සමන්ති සමරකෝන් මහත්මිය භාරයට ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇයට නියෝග කර තිබේ.
මාතර මහ රෝහලේ අදාළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් වරදක් සිදු නොවුණ බවටත් එය තාක්ෂණික වරදකින් සිදුවූවක් බවටත් පෙන්වමින් අදාළ වෛද්‍යවරයාව එයින් මුදා ගැනීමේ මෙහෙයුමක අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු නිරත වන බව අමාත්‍යංශ අරංචි මාර්ග කියයි. ඒ අනුව මේ ඇඳ ඉහපත වෙනස් කිරීමේ ඉඩක් පවතින බැවින් ඇඳ ඉහපත අධ්‍යක්ෂවරිය භාරයට ගන්නා ලෙස නියෝග කර ඇති බවද වාර්තා වේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී සිදුවූ සිදුවීම් කිහිපයක් තාක්ෂණික වරදකින් සිදුවූ බවට පෙන්වීම හේතුවෙන් මෙම නියෝගය ගෙන ඇති බව වාර්තා වේ. ජනවාරි 31 වැනිදා වන විට නීති ශිෂ්‍යාව සම්බන්ධයෙන් පැවැති විමර්ශනයේ වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එහි වාර්තා වහාම ලබාදෙන ලෙස අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
මෙම පරීක්ෂණ කටයුතුවලදී ඊට අදාළ තාක්ෂණික සහයෝගය ලබා ගැනීම සඳහා විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ ශල්‍ය විශේෂඥ වෛද්‍ය සරත් කොල්ලූරේ සහ ශල්‍ය විශේෂඥ වෛද්‍ය රත්නසේන යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
lankaCnews-
මේ වෙනකොට ඇඳ ඉහපත තමන්ට අවාසිනොවෙන විදිහට වෙනස් කරල ඇති ,අපි නොදන්න දොස්තරලා.ඔන්න ඕකයි අපේ රටේ වෛද්යසේවයේ තත්වය මචන්ලා.MBBS (SL)