PDA

View Full Version : සුජාතේ බලා පජාත වූ දා



රත්නෙ ලමයා
01-30-2013, 12:17 PM
ජාතික රුපවාහිනියේ විකාශය වන සුජාත දියණි නම් මාලා නාටකය ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

බාල, තරුණ, මහලු සියලුම කාන්තාවන් සතියේ දිනයන්හි සවස 6.30 සිට 7.30 දක්වා දහසකුත් වැඩ පැවතියද ඒ සියල්ල නවතා පුරා පැයක් සුජාත දියණිය බැලීමට රුපවාහිනිය ඉදිරියේ රැස්ව සිටියි.

එහෙත් මෙම නාටකය කෙරෙහි බොහෝ පුරුෂයන්ගේ කැමැත්තක් නොමැත. ඔවුන් පවසන්නේ මේ තුලින් ලංකාවේ කාන්තාවන්ගේ මනස විකුර්ති කර ඇති බවයි.

අප මෙ පිළිබඳ ශ්‍රී ලකාවේ පාසල් වල සොයාබැලීමක් කල අතර එහිදී අනාවරණය වුයේ ඇතැම් පාසල්වල ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් චන්ගුමි මෙන් කතා කිරීමටත්, ඇඳුම නවා එය තුලට දෑත දමාගෙන චන්ගුමි මෙන් ඇවිදීමටත් පුරුදුව සිටින බවයි.

මේ අතර ප්‍රථමික පන්තිවල පිරිමි ළමයින් Ben 10 අනුගමනය කරමින් කඩදාසි වලින් ඔරලෝසු සාදාගෙන පිටසක්වල ජීවින් සොයමින් විවේකයක් ලද හැමවිටම පාසල පුරා දුවන බව දක්නට ලැබිණ.

තවද ජාතික පුවත් පතක් වාර්තාකර සිටියේ චන්ගුමිගේ රුපය ලබාගැනීමට කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම් වලටද යොමුව ඇති බවයි.

මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආහ් .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පිරිමින් මෙයට විරුද්ධ වීමට මුලික හේතු වශයෙන් පහත කරුණු අප සොයාගන්න ලදී.

ස්වාමිපුරුෂයා වැඩ නිමවී ගෙදර පැමිණියද, ඔහුගේ පැමිණීම ගැන සැලකිල්ලක් නොදක්වා, තේ එකක් වත් නොදී, කතාබස් නොකර සුජාත දියණි බැලීමට බිරිඳ පුරුදුව සිටීම.
තම බිරිඳ හෝ මව සුජාත දියණිය අවසන් වීමෙන් පසු (7.30) රාත්‍රී ආහාර පිලියල කිරීමට යොමුවීම් මත රාත්‍රී ආහාරය ප්‍රමාද වීම හෝ නාට්‍ය අතරතුර සාදා ඇතිනම් රෝස්ව පැවතීම.
වැඩ නිමවී තම පෙම්වතිය සමග දුරකතනයෙන් කතා කිරීමට (මල් කැඩිමට) ඇති අවස්ථාව මෙම පැය තුල ඇහිරියාම.
දුරකතනයෙන් පෙම්වතිය අමතනවිට සහ ඇය හමුවීමට යන අවස්ථාවන්හිද පෙම්වතිය චන්ගුමි ගැන කියවීමට පටන් ගැනීම සහ සුජාත දියණියන්සේ හැසිරීමට උත්සහ ගැනීම තුල පෙම්වතුන්ට එය හිසරදයක් වීම.
පෙම්වතියන් ඔවුන්ගේ දුරකථනයන්ට සුජාත දියණි ගීතය යොදා තිබීම.

මේ හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරුණයන් සුජාත දියණිට විරුද්ධව Face Book හරහා ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. මේ අතර සුජාත දියණියට එරෙහිව "පජාත දියණි (https://www.facebook.com/PajathaDhiyani?ref=stream)" නමින් Face Book පිටුවක්ද ආරම්භ කර තිබන අතර එයට මේ වන විට 8500 කට අසන්න සාමාජික කැමැත්ත හිමිව තිබේ.

සුජාත දියණිට පෙම් බැඳී ශ්‍රී ලාංකික සුවහසක් වූ කාන්තාවන්ට නෙතට කදුළක් උන්නාවූ ප්‍රවෘත්තියක් වුවද ,සුජාත දියණිය නුදුරේදීම අවසන වනබව අවසාන වශයෙන් සටහන් කල යුතුය.



සුජාත දියණි සමාජයට කර ඇති බලපෑම


http://2.bp.blogspot.com/-dBckRDvoyk8/UQf1bWnWwkI/AAAAAAAABCo/qcaGHEFBU14/s1600/Gossip9+diyani+x14.jpg

http://3.bp.blogspot.com/-KJOFJN-Zrc0/UQf1bk6qLwI/AAAAAAAABCs/RBph3F9HLaU/s1600/Gossip9+diyani+x19.jpg

http://1.bp.blogspot.com/-MKIHN3baCs0/UQf1bw2sgxI/AAAAAAAABC0/ZEZFQMuP1jc/s1600/Gossip9+diyani+x5.jpg

http://4.bp.blogspot.com/-s3EJoIeMl1Y/UQf11OjKbcI/AAAAAAAABDE/KGLTXPFFE4Q/s1600/Gossip9+diyani+x11.jpg


"පට්ට ආතල් සුජාත දියනි " ත්‍රෙඩ් එක මෙතනින් (http://www.zoom.lk/forums/chatterbox/8666-%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7-%E0%B6%86%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%92.html #post215543)

මරු හිරා
01-30-2013, 12:48 PM
ලංකාවේ එවුන් හැමදාමත් කරන්නෙ මොකක් හරි මෝඩ ආතල් එකක් බදාගෙන ඔහොම කරන එක තමයි. එක අතකට ඉස්සර සිරසෙ ගිහිපු මහ ගෙදර, ප්‍රවීනා වගේ පට්ට මෝඩ ආතල් වලට පිස්සු හැදිලා වගේම තමයි මේකත්. රජයෙන් බදු ගහපු නිසා ඒ ගොන් දෙපැයේ නම් මෝඩ ආතල් යන එක අඩු උනා. හැබැයි මේක රජයෙන්ම දෙන ආතල් එකක් නිසා මුකුත් කියන්න කෙනෙක් නැතුව ඇති. මම නම් දකින විදිහට මේ කොරියන් කතාව ඔය කියන තරම්ම නරක එකක් නෙවෙයි. මේක බලල මෙහෙ එවුන් මෝඩ වැඩ කරන එක තමයි උන්ගේ ගොන්කම. FB එකෙත් කෙල්ලො වැඩි හරියක් දැන් profile pic එකේ දාගෙන ඉන්නෙත් චන්ගුමී තමයි. ඕකත් තව ටික කාලෙකින් ඉවර උනාම තව මොකක් හරි එයි. හඬ කවල තියන විදිහ නම් පට්ට චා. සබ් එක්ක විතරක් ගියා නම් හොඳයි.

RANGANA BLC
01-30-2013, 12:48 PM
oka ewara unama thwa magulak yanewalu pajatha diyani]

Sameera Karunaratne
01-30-2013, 01:16 PM
ඒක බලන්න බෙහෙතකට වත් හිතෙන්නෙ නැත්තෙ හඩ කවල තියන් විදිහට, උන් නිකන් කතා කරන්නෙ පොතක් කියනවනව වගේනෙ..

shashi1987
01-30-2013, 01:18 PM
මම නම් කතා එකක්වත් බලන්නෑ, මම Tv බැලුවොත් ඒ cricket match එකක්, news බලන්න විතරයි. අනිත් වෙලාවට මම කරන්නෙ Game ගහන එක. කතා බැලිල්ල පැත්තකින් තියලා, Game ගහපල්ලා...

රත්නෙ ලමයා
01-30-2013, 03:16 PM
මම නම් කතා එකක්වත් බලන්නෑ, මම Tv බැලුවොත් ඒ cricket match එකක්, news බලන්න විතරයි. අනිත් වෙලාවට මම කරන්නෙ Game ගහන එක. කතා බැලිල්ල පැත්තකින් තියලා, Game ගහපල්ලා...

:thumbsup::thumbsup:

Duleesha
01-30-2013, 03:21 PM
මීට වැඩිය ඔෂීන් හොඳයි. මේ කතාවෙ කතා විලාශය අහගෙන ඉන්න අපහසුයි

Ushantha
01-30-2013, 07:00 PM
මම ඕක එක දවසක් වත් බලලා නෑ නේ බන්.. බලන්න වෙන්නෙත් නෑ.. මරැ හිරා නම් වරද්දන්නැතුව වලනවලු නේද?..

රත්නෙ ලමයා
01-30-2013, 07:17 PM
මම ඕක එක දවසක් වත් බලලා නෑ නේ බන්.. බලන්න වෙන්නෙත් නෑ.. මරැ හිරා නම් වරද්දන්නැතුව වලනවලු නේද?..

:giggle::giggle:

chathu28
01-30-2013, 07:21 PM
මම නම් කතා එකක්වත් බලන්නෑ, මම Tv බැලුවොත් ඒ cricket match එකක්, news බලන්න විතරයි. අනිත් වෙලාවට මම කරන්නෙ Game ගහන එක. කතා බැලිල්ල පැත්තකින් තියලා, Game ගහපල්ලා...

මාත් කරන්නේ ඕක තමඊ....:yes:

PRASAD SAMPATH
01-30-2013, 10:17 PM
මම නම් කතා එකක්වත් බලන්නෑ, මම Tv බැලුවොත් ඒ cricket match එකක්, news බලන්න විතරයි. අනිත් වෙලාවට මම කරන්නෙ Game ගහන එක. කතා බැලිල්ල පැත්තකින් තියලා, Game ගහපල්ලා...


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

Nipuna51
01-31-2013, 07:11 AM
:k0243: ele ela

nnjeevana
01-31-2013, 10:56 AM
ලංකාවේ එවුන් හැමදාමත් කරන්නෙ මොකක් හරි මෝඩ ආතල් එකක් බදාගෙන ඔහොම කරන එක තමයි. එක අතකට ඉස්සර සිරසෙ ගිහිපු මහ ගෙදර, ප්‍රවීනා වගේ පට්ට මෝඩ ආතල් වලට පිස්සු හැදිලා වගේම තමයි මේකත්. රජයෙන් බදු ගහපු නිසා ඒ ගොන් දෙපැයේ නම් මෝඩ ආතල් යන එක අඩු උනා. හැබැයි මේක රජයෙන්ම දෙන ආතල් එකක් නිසා මුකුත් කියන්න කෙනෙක් නැතුව ඇති. මම නම් දකින විදිහට මේ කොරියන් කතාව ඔය කියන තරම්ම නරක එකක් නෙවෙයි. මේක බලල මෙහෙ එවුන් මෝඩ වැඩ කරන එක තමයි උන්ගේ ගොන්කම. FB එකෙත් කෙල්ලො වැඩි හරියක් දැන් profile pic එකේ දාගෙන ඉන්නෙත් චන්ගුමී තමයි. ඕකත් තව ටික කාලෙකින් ඉවර උනාම තව මොකක් හරි එයි. හඬ කවල තියන විදිහ නම් පට්ට චා. සබ් එක්ක විතරක් ගියා නම් හොඳයි.

kathawa sampuna aththa macho

thasneen
01-31-2013, 11:09 AM
මම නම් කතා එකක්වත් බලන්නෑ, මම Tv බැලුවොත් ඒ cricket match එකක්, news බලන්න විතරයි. අනිත් වෙලාවට මම කරන්නෙ Game ගහන එක. කතා බැලිල්ල පැත්තකින් තියලා, Game ගහපල්ලා...



:yes::yes:

yohan
01-31-2013, 05:57 PM
ලංකාවේ එවුන් හැමදාමත් කරන්නෙ මොකක් හරි මෝඩ ආතල් එකක් බදාගෙන ඔහොම කරන එක තමයි. එක අතකට ඉස්සර සිරසෙ ගිහිපු මහ ගෙදර, ප්‍රවීනා වගේ පට්ට මෝඩ ආතල් වලට පිස්සු හැදිලා වගේම තමයි මේකත්. රජයෙන් බදු ගහපු නිසා ඒ ගොන් දෙපැයේ නම් මෝඩ ආතල් යන එක අඩු උනා. හැබැයි මේක රජයෙන්ම දෙන ආතල් එකක් නිසා මුකුත් කියන්න කෙනෙක් නැතුව ඇති. මම නම් දකින විදිහට මේ කොරියන් කතාව ඔය කියන තරම්ම නරක එකක් නෙවෙයි. මේක බලල මෙහෙ එවුන් මෝඩ වැඩ කරන එක තමයි උන්ගේ ගොන්කම. FB එකෙත් කෙල්ලො වැඩි හරියක් දැන් profile pic එකේ දාගෙන ඉන්නෙත් චන්ගුමී තමයි. ඕකත් තව ටික කාලෙකින් ඉවර උනාම තව මොකක් හරි එයි. හඬ කවල තියන විදිහ නම් පට්ට චා. සබ් එක්ක විතරක් ගියා නම් හොඳයි.

එකෙන්ම පට්ට චා...............මෙහෙම්ට් කට්ටිය අදිනවනේ...............

:(