PDA

View Full Version : ලංකාවේ අශ්චර්යය..............



බොරලුගොඩ
01-06-2011, 08:07 AM
සන්ධාන ආණ්ඩුව මෙවර බලයට ආවේ ලංකාව ආශ්චර්යක් කොරන්න කියාය.මුහුදෙන් වටවූ දූපතේ පොල් ගෙඩිය රු 60 ත් පනින විට ආශ්චර්යය ඉහින් කනින් මෝදු වන බවද පෙනෙන්න්ට තිබුනි.
ඒ වැනි දෙකයි පනහේ සිල්ලර වැඩ වලින් පමණක් ආශ්චර්යය කොරන්න බැරි නිසාදෝ ආණ්ඩුවේ ඇමැත්තෙක් ගැහැනුන්ගේ ඇඳුම නිසා රටට දැයට ආගමට වන හානිය වැලැක්වීමේ කර්ත්*යවයට අත ගසා ඇත . වටින් ගොඩින් ඇහෙනා කාරණා වලට අනුව මේ ඇමැත්තාට මේ උදාරතර සිතුවිල්ල පහල වන්නට ඇත්තේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දී වීමටද බොහෝ දුරට ඉඩ ඇත . හොර පොට් එකකදී ඇති උනත් අදහස නම් මරුය

අශිලාචාර මුස්ලිමුන් ගේ දැඩි පාලනයේ පවතින රටවල් හැරුණු විට ශිෂ්ටාචාරයට පත් මිනිසුන් මිනිසාගේ ඇදුමට නීති පනවන්නේ නැත . කාන්තාව හා පුරුෂය වෙනස් කොට සැලකිම ශිෂ්ටාචාරී මිනිසුන් විසින් අතහැර දමන ලද්දේ මීට දශක ගණනාවකට පෙරය .ඉතින් ලෝකයම ඉස්සරහට යද්දී රටක් පිටුපසට ඇදගෙන යාමත් අවිහිංසාව හා මානව අයිතීන් මුල් කරගත් බෞද්ධ දර්ශනය ඉදිරියට දමා එය සිදු කිරීමත් ආශ්චර්යය දනවන කරුණු කාරණාමය .

කාන්තාවගේ අසභ්*ය තැන් නිර්ණය කිරීමට කමිටුවක්ද පත් කර ඇත උන්ට අසභ්*ය කුමක්ද යන්න අපි දන්නේ නැත කොහොම උනත් දැනට කියවෙන හැටියට නම් කොට සායවල් , කෙටි අත් සහිත හැට්ට අදිය තහනම් වනු ඇත . ඉන් පසු රටේ උදා වන තත්වය කෙබදුද ?

පලමුව අසභ්*ය ඇඳුම් වැටලීමේ බලකායක් නිර්මාණය කර ඔවුනට අවශ්*යකර ටේප් පටි, අතිරේක රෙදි , ඉඳිකටු ආදිය සැපයිය යුතුය . මෙම කණ්ඩායම් ප්*රසිද්ධයයි සැලකෙන සැම තැනකම ( අමාත්*යාංශ ගොඩනැගිලි , ජිනා මැඩම්ගේ පොට් එක වැනි තැන්ද ඇතුලුව ) පැය 24 පුරා රාජකාරියට යෙදිය යුතුය

මීට අමතරව ප්*රසිද්ධ ස්ථාන වන කලා මාධ්*යන්ට පහත කාරණා ගැන සැලකිල්ලට ගැනීම සිදුවනු ඇත

සියලුම රියලිටි වැඩසටහන්,සංගීත විඩියෝ, මෙගා නාට්*ය ෆැෂන් ශෝ ආදි වැඩසටහන් බොහොමයක් සංශෝධනය කිරීමට සිදුවනු ඇත( කඩේ යන නොයන සියලු චැනල වල ) .අබා චිත්*රපටය ටීවී එකේ දැමීමට පෙර සැහෙන දුරට සංස්කරණය කිරීමට සිදුවනු ඇත . බොහෝ විට කුම්භක බූතාගෙ චරිතය වෙනුවට කලු කොටු කැබැල්ලක් පෙන්වීමට සිදුවිය හැක

හින්දි, දෙමල , ඉංග්*රීසි චිත්*රපට පෙන්වීම තහනම් වන අතර සුපර් සික්ස් වැනි ඉස්සරහට එන්න තිබෙන චිත්*රපට තිරගත නොකරම තිස්ස නාගොඩවිතානට භාර දිය හැක
ෆැෂන් ශෝ , සංගීත විඩියෝ , ටෙලි නාට්*ය , චිත්*රපට නියාමනයට වෙනම ඒකකයක් ස්ථාපිත කල යුතුය එහිදී කලු කොටු දමා කාන්තාවගේ වැහිය යුතු තැන් ඇමතිගේ කමිටුවේ නිර්දේශයන්ට අනුකූලව විය යුතුය . සියලුම ස්විමින් පූල් ලඟ දියරෙදි සැපයීමේ ඒකකයක් පිහිටවිය යුතු අතර හැකිනම් උරහිස කොටසත් වැසෙන සේ නව දිය රෙද්දක් නිර්මාණය කල හැක . මිස් ශ්*රී ලංකා තරඟයේ නාන ඇදුම් වටයටත් මෙම දිය රෙද්දම භාවිතා කල හැක. ඇමතිගේ කමිටුව විසින් දණ හිසින් පහල කොටසත් අසභ්*ය යැයි තීරණය කලහොත් පාසල් , පොලිස් .හෙද නිල ඇදුම්ද සංශෝධනය කල යුතුය .

මෙකි හා අදාල තවත් කරණා ඉටු කර ගැනීමට ඉරාන රජයේ පූර්න අනුරාගිකත්වය ලබා ගත හැකි අතර අවශ්*ය වුවහොත් ලිබියාවෙන් වුවත් උදව් ලබා ගත හැක .මෙම දේශප්*රේමි යෝජනාව ක්*රියාත්මක කිරිමේ අවසන් තීරණය ජනපතිවරයාගේය එතනින් වැඩේ නතර උනහොත් එහෙමය නැති උනොත් අනර්කලී නඟාට සාරිය ඇන්දවීමේ සුභ නැකතින්ම වැඩේ පටන් ගත හැක



උපුටා ගැනිමකි......සියලු අයිතින් මෙය ලියු පුද්ගලා සතු විය යුතුය...

Punisher
01-06-2011, 08:15 AM
රටේ වෙන ගැටලු නෑ වගේ මේ සිගිති ආතල් ගන්නේ.ලංකාවේ ඕනම කෙනෙක්ට තමන් කැමති ඇදුමක් ඇදීමේ අයිතිය තියෙන්න ඕන.

tintin
01-06-2011, 06:52 PM
mama nam kiyanne na meka gataluwak neme kiyla.......bt meeta wadaa gatalu lankaawe tiye..... anika oya dewal ati karnneth rate wagakiwayutu udaVya kiyana kotasamai kiyla dan weddi minissu dannawa..... eeka therum aran anunta magic penwanne natuwa girlsla girlsla VDyata innawa nam eka kamituwak wat ooni na.......

pita rata wala kohomat chaarayak nane.....e nisa eyala penwana 1 balaagena api ape paaduwe indiya nam kaatawath hinsaawak na ne......:36_002::36_002::36_002::36_002:

senarath
01-06-2011, 06:56 PM
borulu malli mara dewal ne hoya ganne hebetama

dani_baba
01-06-2011, 06:59 PM
munta pissu bun me wage moda chun thamai ithin ganne

dani_baba
01-06-2011, 07:00 PM
borulu malli mara dewal ne hoya ganne hebetama

boru nemei meka adaderana.lk eketh dala thibuna.lankawath muslim ratak wage karanna hadanne

Punisher
01-06-2011, 07:11 PM
munta pissu bun me wage moda chun thamai ithin ganne

kiyala wadak na bun! pol gediyak rs60 thawa baduwala ganan hugak wadi! ewata wisadum nathuwa me wage wada karanawa
pissu nathnam shoke http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/0002031E.gif

Ushantha
01-17-2011, 01:37 PM
:32_002::32_002:Kawaruth ekka pol gas hitawapalla... Ilaga athmedi wath aduwata pol ganna puluwan wei... :) :32_002:

Time Traveler
03-22-2013, 10:21 AM
:oo:

madhawa.
03-22-2013, 10:33 AM
රටේ වෙන ගැටලු නෑ වගේ මේ සිගිති ආතල් ගන්නේ.ලංකාවේ ඕනම කෙනෙක්ට තමන් කැමති ඇදුමක් ඇදීමේ අයිතිය තියෙන්න ඕන.
මුන්ට කරන්න වෙන වැඩ නැතුවද මන්ද බන් මේවගේ ගොන් ආතල් ගන්නෙ,

shashi1987
03-22-2013, 01:52 PM
:yes:

nilanmarasingha
03-22-2013, 02:02 PM
ale appe mandanneeeeeee