PDA

View Full Version : ලෝ ප්‍රකට 'පයිරට් බේ' හි නිර්මාපකයින් තිදෙනා



nirmalrv8
03-04-2013, 05:42 PM
http://www.the-tshirts.com/wp-content/uploads/images/340/The-Pirate-Bay-Text-Black-TShirts.jpg

පයිරට් බේ කියන්නේ ඔයාලා හැමෝම දන්න විදිහට ටොරන්ට් ෆයිල්ස් ගණුදෙනු කරන වෙබ් සයිට් එකක්.Bit Torrent Protocol හා සම්බන්ධ වෙමින් Peer To Peer Technology භාවිත කරන මෙම අඩවිය එළිදැක්වුනේ 2003 වසරේදී ස්වීඩනයේදීයි.

2009 වසරේදී ඇතිවූ ප්‍රකාශන හිමිකම් (Copy Right Laws) සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මෙහි නිර්මාපකයින් තිදෙනා හිර භාරයට ගත්තා.විශේෂයෙන් හොලිවුඩ් නිමැවුම්වල ප්‍රකාශන හිමිකම් සියල්ලක්ම පාහේ පයිරට් බේ තුළදී නොසළකා හැරුනු නිසා ඔවුන් විසින් අඩවියට විරුද්ධව නඩු පැවරුවා.මේ නිසා බොහෝ රටවල්වල මෙම අඩවිය තහනම් වුනු අතර අඩවියේ කතෘන් තිදෙනා වූ ගොඩ්ෆ්‍රිඩ් ස්වාතම්,ෆෙඩ්‍රික් නේජ් හා පීටර් සුන්ඩේ හට වසරක සිර දඩුවමක් හා ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක දඩයක් නියම වුනා.


ගොඩ්ෆ්‍රිඩ් ස්වාතම්

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Gottfrid_portrait.jpg/220px-Gottfrid_portrait.jpg

1984 දී මෙලොව එළිය දුටු ගොඩ්ෆ්‍රිඩ් ස්වාතම් කියන්නේ අවුරුදු 28ක තරුණයෙක්.ඇනකාටා ලෙසත් හඳුන්වන ලබන මොහු ස්වීඩනයේ පරිගණක විශේසඥයෙක්.2006 මැයි 31 සිදුවූ පයිරට් බේ වැටලීම සම්බන්ධයෙන් ගුඩ් කොපි බෑඩ් කොපි, ස්ටීල් දිස් ෆිල්ම් හා ද පයිරට් බේ - අවේ ෆ්‍රොම් කී බෝඩ් වැනි චිත්‍රපටවලත් මොහු පෙනී සිටියා.පහතින් දැක්වෙන්නේ එම වැටලීමයි


http://upload.wikimedia.org/wikipedia/commons/5/55/TBP_Pirate_Independence_Day_-_31_May%2C_2008.gif

ඇමරිකාස් ඩම්බස්ට් සෝල්ජර්ස් නැමැති අඩවිය ආරම්භ කළ මොහු එහි පළ කළේ ඉරාක යුද්ධයේදී මිය ගිය ඇමරිකානු සොල්දාදුවන්ගේ විස්තරයි.එම අඩවිය නරඹන්නන්ට සොල්දාදුවන්ගේ මිය යන මොහොත කොතරම් අමිහිරි නිශ්ෂබ්ද සිදුවීමක්දැයි කියන්නටත් ගොඩ්ෆ්‍රිඩ් අවස්ථාව සලසා දුන්නා.මෙම අඩවියට ISP පහසුකම ලබා දීමට උත්සුක වූ ෆෙඩ්‍රික් නේජ්ට අනුව 'ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන ' එම අඩවිය වසා දමන ලෙස බල කිරීම නිසා ඔවුන්ට එය නතර කිරීමට සිදුවි තිබෙනවා.2011 ඔක්තොම්බර් මාසයේදී ගොඩ්ෆ්‍රිඩ්ට එරෙහිව ගොනුවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව සිරගත කිරීමට උසාවියෙන් අවසර ලැබුණා.


පීටර් සුන්ඩේ

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/Peter_sunde_close_up.jpg/220px-Peter_sunde_close_up.jpg

සම්පූර්ණ නමින් පීටර් සුන්ඩේ කොල්මිසොපි වන මොහුත් 1978 දී උපන් වයස අවුරුදු 34ක තරුණයෙක්.brokep නමිනුත් හැඳින්වෙන ඔහු පරිගණක සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති විශේසඥයෙකි.The Pirate bay වෙනුවෙන් මාධ්‍යයට පෙනී සිටින පුද්ගලයා ලෙස මොහු ප්‍රචලිතය.The Pirate Bay හි වැඩ කිරීමට ප්‍රථමයෙන් ඔහු ජර්මානු වෛද්‍ය ආයතනයක සේවය කළා.2003 දී සුන්ඩේ The Pirate Bureau හි සාමාජිකයෙක් වුනා.2011 අගෝස්තුවේදී නේජ් හා සුන්ඩේ විසින් බේ ෆයිල්ස් BayFiles (http://bayfiles.com/) අඩවිය විවෘත කළා.එයින් ඔවුන්ගේ අරමුණ වුනේ නීත්‍යානුකූල බෙදා ගැනීමක් සිදු කිරීමයි.සුන්ඩේ හා ලිනස් ඔල්සන් ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ flattr Flattr - Social micropayments (http://flattr.com/) අඩවියෙන් Micropayments පද්ධතියක් පිහිටවුනා.සුන්ඩේ මෙහිදී ප්‍රකාශ කළේ අන්තර්ගතයන් බෙදා ගැනීමට මෙන්ම මුදල් බෙදාගැනීමටද ඔවුන් විසින් මිනිසුන්ව උද්යෝගී කළ යුතු බවයි.


ෆෙඩ්‍රික් නේජ්

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Fredrik-neij-portrait.jpg/220px-Fredrik-neij-portrait.jpg

1978දී ඉපදුණු ෆෙඩ්‍රික් නේජ් වයස අවුරුදු 34ක අයෙක්.TiAMO ලෙසත් හැඳින්වෙන මොහු PRQ web hosting සේවයේ අයිතිකරු වනවා.වර්තමානයේ The Pirate Bay අඩවිය host කරන්නෙත් එම ආයතනයයි.ඉහත සඳහන් කළ චිත්‍රපටි වල මොහුත් පෙනී සිටිනවා.DCP networks ආයතනයේත් මොහු සේවයේ යෙදෙනවා.

yohan
03-04-2013, 06:02 PM
:yes:

Axio
03-04-2013, 06:15 PM
Good post machan...!

Rep +

මරු හිරා
03-04-2013, 07:43 PM
Good post machan...!

Anushiz
03-04-2013, 07:55 PM
හොද ලිපියක් නොදන්න දෙවල් ටිකක් දැනගත්තා

PRASAD SAMPATH
03-04-2013, 09:18 PM
good post

Eranga 44
03-04-2013, 09:38 PM
:yes:

azzer
03-04-2013, 10:12 PM
Good post machan...!

KH7
03-04-2013, 10:34 PM
Good post machan...!

Rep +

Magenuth Rep+

03-05-2013, 08:14 AM
හොද ලිපියක්

shashi1987
03-05-2013, 08:19 AM
:yes:

nnjeevana
03-05-2013, 08:31 AM
thnx 4 sharing

biri
03-05-2013, 05:39 PM
:oo:

KUKULAMMA
03-05-2013, 06:08 PM
good post.keep it up:yes:

nirmalrv8
03-05-2013, 10:37 PM
බොහොම ස්තූතියි මචංලා ප්‍රතිචාර වලට :heartbeat: