PDA

View Full Version : මුලු ලංකාවම වඳ වෙන අනතුරක



Amila
03-05-2013, 01:22 AM
ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ යුරේනියම් පිරවීමේදී විකිරණ කාන්දුවක් වී තිබෙන බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රෝනිකල් වබේ අඩවිය වාර්තා කර තිබේ. පසුගිය 22 වැනිදා සිට තූත්තුකුඩි, කන්‍යාකුමාරි ආදී ප්‍රදේශවල සිටි ජනතාව ඉවත් වෙමින් සිටී. එදින රෑ පල්ලිවල සීනුව නාද කර අනතුරු ඇඟවීමක් ද කර තිබේ.මේක නිරන්තරයෙන් සිද්ධ වෙන කාන්දුවීමක් යැයි කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ, ඊයේ (03) කොළඹ නි‍පෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, මෙම න්‍යෂ්ටික බලාගාරවලින් පිට වන විකිරණ මිනිසුන්ට සහ පරිසරයට ඉතාම හානිකරයි. ෆුකුෂිමා බලාගාරයේ වුණු පිපිරුමෙන් පස්සේ ඇමරිකානු මුහුදේ සිටින ටූනා මත්ස්‍යයන්ගේ සිරුරුවල විකිරණ අඩංගුයි කියා සොයා ගත්තා.

ඒ වගේම ඒ අනතුරෙන් මාස 18කට පස්සේ, බලාගාරයේ සිට කිලෝමීටර් 700ක් දුරින් පිහිටි කුඹුරුවල සහල්වල විකිරණ අඩංගු බව සොයා ගත්තා. එහෙත් ලංකාව තිබෙන්නේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 500ක් ඇතුළත.

2006 සහ 2010 වසරවල කූඩන්කුලම් ප්‍රදේශයේ භූචලන දෙකක් ඇති වී තිබෙනවා. ඒ වගේම 2004 වූ සුනාමි ව්‍යසනයේදී මේ ප්‍රදේශයට විශාල හානියක් වුණා. එවැනි අනතුරක් ඉදිරියේදීත් වීමේ අවදානම පවතිනවා. මෙවැනි අනතුරක් තිබියදීත් ආණ්ඩුව 2011 - 2030 ජාතික භෞමික සැලැස්මක් හදලා ඒකේ පංචමහා කේන්ද්‍ර අතරේ එකක් විදියට බලශක්තිය නිපදවා අලෙවි කිරීම නම් කර තිබෙනවා. මේ සූදානම් වෙන්නේ ලංකාවේත් න්‍යෂ්ටික බලාගාරයක් පිහිටු වීමට බව පැහැදිලියි. ජර්මනියේ, රුසියාවේ ඉවත් කරන බලාගාර තමයි මේ ගෙනත් ස්ථාපිත කරන්න හදන්නේ.

කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව මහතා,

මේ සියවස මානව සමාජයේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක සියවසක් ලෙස හඳුන්වා තිබෙනවා. මිනිසා තවදුරටත් පෘථිවිය මත පවතිනවාද නැද්ද කියන සංවාදය මේ සියවසේදී පෙරට ඇවිත් තිබෙනවා.
කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාවලිය ආරම්භ කළ පළමු අවස්ථාවේදීම විකිරණ කාන්දුවක් වී තිබෙනවා. එහෙම නම් මෙතනින් පස්සේ තත්ත්වය පැහැදිලියි. ඒ නිසා ඉතාම බරපතළ අවදානමක් තිබෙනවා. මේ බලාගාරයේ පාවිච්චි වෙන්නේ රුසියාවේ අඩු තාක්ෂණය බව අපි මීට පෙරත් පෙන්වා දුන්නා. දැන් ඔවුන් යුරේනියම් පුරවන්නේ ලංකාවේ විකිරණ මාපක සවි කරන්නෙත් නැතිව. ඒ ගැන කවුද වගකියන්නේ ?
ඉන්දියාවේ මධ්‍යම රජය සහ මීට වගකිව යුතු ආයතන කියලා තිබෙනවා, විකිරණ කාන්දුවක් නෑ කියලා. ඔවුන් මේක පිළිගන්නේ නෑ. ඔවුන් පමණක් නොවෙයි, ලෝකයේ කිසිම රටක් තමන්ගේ රටේ තිබෙන න්‍යෂ්ටික බලාගාරවලින් විකිරණ කාන්දුවක් වෙනවා කියලා ඉතිහාසයේ කවදාවත්
පිළිනොගෙනම බැරි අවස්ථාවක හැර පිළිගෙන නෑ. විකිරණ කාන්දුවක් වෙලා තියෙනවාද කියලා ඔවුන්ගෙන් අහන එක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. මේ වන විට ඔවුන් මේ වෙනුවෙන් බිලියන ගණනක් ණය වෙලා, විශාල මුදලක් වියදම් කරලා තිබෙනවා. ඒ නිසා ‘ ඔව් විකිරණ කාන්දුවක් වෙලා තියෙනවා, ඒ නිසා අපි මේ ව්‍යාපෘතිය අතහැර දමනවා’ කියලා බලාගාරය වහලා දාන්නේ නෑ. ඒ වෙනුවට එහෙම එකක් නෑ කියලා සඟවනවා.
එවැනි කාන්දුවක් වෙලා තියෙනවාද කියලා දැන ගන්න වෙන්නේ ලංකාවේ විකිරණ මාපක සවි කරලා තිබෙනවා නම් පමණයි. ඒත් ලංකාවේ ආණ්ඩුව එවැනි විකිරණ කාන්දුවක් වෙල තියෙනවා, ඒක මාපකවල සටහන් වෙලා තියෙනවා කියලා කියන්න ඕනෑ. එහෙම කියන්නේත් නැත්නම් ඒක දැන ගන්න වෙන්නේ මළ දරු උපත්, නිල් දරු උපත් වෙද්දී, පිළිකා ඇති වෙද්දී.
ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහලා තියෙන්නේ, හානියක් වුණොත් වන්දි ගන්න. එවැනි අනතුරක් වුණොත් කවුද වන්දි ගන්න ඉතිරි වෙන්නේ ?
අද සිංහල බෞද්ධයා වඳ වෙනවෝ කියලා කෑ ගහන අයටත් අපි කියන්නේ මේ බලාගාරය නිසා සිංහල විතරක් නොවෙයි, දෙමළ, මුස්ලිම් සියලුදෙනා වඳ වෙන්න පුළුවන්. මේක තමයි ජනතාව වඳ භාවයට පත් වෙන ඇත්ත ප්‍රශ්නය. ඒ නිසා බොරුවට කෑ ගහන අයටත් අපි කියනවා, මේක තමයි ඇත්ත ප්‍රශ්නය මේ වෙනුවෙන් හඬ නඟන්න කියලා.

මෙහෙයුම් කමිටු සාමාජික සුරේන්ද්‍ර අජිත් රූපසිංහ මහතා,

විකිරණ කාන්දුවක් වෙනවාද කියලා නිරීක්ෂණය කරන්න ක්‍රමවේදයක් ලංකාවේ ආණ්ඩුවට නෑ. ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ දේශාපලන න්‍යාය පත්‍රයට යටවෙලා වැඩ කරන්නේ. ලංකාවේ ජනතාවගේ ජීවිතවලට, ඔවුන්ගේ ආරක්ෂාවට ආණ්ඩුව වගකිව යුතුයි. මෙහෙයුම් කමිටු සාමාජික ප්‍රසාද් මංජුල අම්බලන්යාය මහතාද එක් විය.

රන්මලී සෝමසිරි

- අද ලක්බිම පත්තරෙන් උපුටා ගන්නා ලදි -

Axio
03-05-2013, 05:17 AM
Happa... thanks for the info machan...!!!

මරු හිරා
03-05-2013, 07:58 AM
හොඳ පොස්ට් එකක්
රෙප් 7+++++++

03-05-2013, 08:05 AM
හොද පෝස්ට් එකක් සහෝ

shashi1987
03-05-2013, 08:10 AM
:shocked::shocked::angry::angry:

nnjeevana
03-05-2013, 08:19 AM
Rep++

PRASAD SAMPATH
03-05-2013, 08:42 AM
:thumbsup::thumbsup:

Punisher
03-05-2013, 09:13 AM
බඩුම තමයි
සොම්බි මිනිස්සු තමයි ඹවායින් පස්සේ ඉන්නේ

copper
03-05-2013, 01:25 PM
යකෝ අපි ඉවරයිනේ මෙහෙම ගියොත්

Thisara Dinushka
03-05-2013, 02:02 PM
හොඳ පොස්ට් 1ක්

KH7
03-05-2013, 03:13 PM
හොද පෝස්ට් එකක් සහෝ
Rep+

KUKULAMMA
03-05-2013, 04:40 PM
:D

Isuru1990
03-05-2013, 06:41 PM
අම්මෝ බයේ බෑ බන්. මිනිස්සුන්ගේ මෝඩ අමණ වැඩ හින්දා මේ ලෝකෙ ඉක්මනට විනාශවෙයිද මන්දා.
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචෝ! රෙප් ++

nilanmarasingha
03-22-2013, 02:36 PM
aneeeeeee??????????????

Time Traveler
03-22-2013, 02:57 PM
:sad::59::O:?::54_002::50_002:
හොඳ පෝස්ට් එකක්. බොහොම ස්තූතියි!

madhawa.
03-22-2013, 05:13 PM
දෙයියනේ සින්හලයන්ගෙ අවසානයද???????????????ලෝකෙ අවසානයද??????????????/