PDA

View Full Version : ලොවක් මවිත කළ 'ඩා වින්සි'



nirmalrv8
03-05-2013, 05:32 PM
http://farm1.static.flickr.com/45/128800819_5e582ed768.jpg

ලියනාඩෝ ඩි සර් පියෙරෝ ඩා වින්සි (1452 අප්‍රේල් 15- 1519 මැයි 2) ඉතාලි ජාතික මහා ප්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය. පියෙරෝ ඩා වින්සි නම් නොතාරිස්වරයෙකුට සහ කත්රිනා නම් ගැමි තරුණියකට දාව අවජාතක දරුවකු ලෙසින් ෆ්ලෝරන්ස් කලාපයේ වින්සි හිදී උපත ලැබීය. වරෝචියෝ නම් සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියාගේ කලාගාරයෙන් ලියානාඩෝ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වැඩි කොටසක් මිලාන්හි ලූඩොවිකෝ ඉල් මෝරෝ ගේ සේවයේ සිටියදී කළ ඒවා වෙයි. පසුකාලීනව ඔහු රෝමය, බොලොඥ්ඥ සහ වැනිස් නගරයන්හි සේවය කළ අතර අවසාන භාගයේදී පළමුවන ෆ‍්‍රැන්කොයිස් රජු විසින් ඔහුට ලබාදුන් නිවසේ ගත කළේය.ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.

ඔහුගේ කෘතීන් දෙකක් වන මොනාලිසා සහ අවසන් රාත්‍රිභෝජන සංග‍්‍රහය වඩාත්ම ජනප්‍රිය, වඩාත්ම ප්‍රතිනිෂ්පාදනයට ලක්වූ, කතාබහට ලක්වූ ආලේඛ චිත‍්‍රය හා ආගමික සිතුවම් වෙයි. ඒවයේ කීර්තිය හා සම තත්වයට පත්විය හැකි එකම නිර්මාණය වූයේ මයිකල් ආන්ජලෝගේ ආදම්ගේ නිර්මාණය පමණකි.



මොනාලිසා
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Mona_Lisa,_by_Leonardo_da_Vinci,_from_C2RMF_retouc hed.jpg/250px-Mona_Lisa,_by_Leonardo_da_Vinci,_from_C2RMF_retouc hed.jpg

අවසන් රාත්‍රිභෝජන සංග‍්‍රහය
http://www.patrickgarvin.com/images/last_supper_original.jpg

මයිකල් ආන්ජලෝගේ ආදම්ගේ නිර්මාණය
http://www.freescop.com/wp-content/uploads/2012/08/the-creation-of-adam-by-michelangelo-on-sistine-chapel-ceiling-1024x661.jpg


ඉංජිනේරුවකු ලෙස ලියනාඩෝ හෙලිකොප්ටරය, සූර්ය බලශක්තිය, කැල්ක්‍යුලේටරය පිලිබඳ සංකල්පගත කිරීම් සහ භූ තලයන්ගේ චලන පිලිබඳ ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කළ අතර ඒවා බොහොමයක් ඔහුගේ කාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් වූ ඒවා විය. ඔහුගේ කාලයේ නිර්මාණය කිරීමේ ශක්‍යතාවය පැවතියේ ඔහුගේ සැලසුම් වලින් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණකි. නමුත් කම්බිවල ආතන්‍ය බලය මැනීම සඳහා ඔහු සැලසුම් කළ යන්ත‍්‍රය සහ ස්වංක්‍රීය බීරළු ගොතනය වැනි ඔහුගේ කුඩා නිර්මාණයන් කිහිපයක්ම ලෝකයට ඉදිරිපත් වූ අතර ඒවා නිෂ්පාදන ලෝකයට ඇතුල්විය. විද්‍යාඥයකු ලෙස ඔහු කාය විච්ඡේද විද්‍යාව, සිවිල් ඉංජිනේරු විදයාව, ප්‍රකාශ විද්‍යාව සහ ද්‍රවගති විද්‍යාව යන ක්ෂේත‍්‍රයන්හි දැනුම් මට්ටම වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් සේවයක් කළේය.සමහරක් විට ඔහු දැනට ජීවත් වූ වැඩිම විවිධ දක්ෂතාවලින් යුත් පුද්ගලයා ද විය හැකිය.



ලියනාඩෝ ඩා වින්සි සැලසුම් කල හෙලිකොප්ටරය
http://www.leonardo-da-vinci-biography.com/images/da-vinci-helicopter.jpg

විට්‍රෑවියන් මිනිසා
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/22/Da_Vinci_Vitruve_Luc_Viatour.jpg/300px-Da_Vinci_Vitruve_Luc_Viatour.jpg




අවසාන වශයෙන් එතුමාගේ අත්සන මෙලෙසය...
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e2/Firma_de_Leonardo_Da_Vinci.svg/238px-Firma_de_Leonardo_Da_Vinci.svg.png




විකීපීඩියා විශ්ව කෝෂයෙන් උපුටා ගන්නා ලදී

KUKULAMMA
03-05-2013, 06:08 PM
good post.keep it up:yes:

Isuru1990
03-05-2013, 06:35 PM
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචෝ! රෙප් ++

Axio
03-05-2013, 06:43 PM
Patta wadagath lipiyak machan...

Rep +

nirmalrv8
03-05-2013, 10:38 PM
ඔයාලා යමක් ඉගෙන ගත්ත නම් ඒක මට සතුටක්. :thumbsup: ප්‍රතිචාරවලට ස්තූතියි යාලුවෙනේ... :heartbeat:

KH7
03-05-2013, 11:09 PM
You must spread some Reputation around before giving it to nirmalrv8 again.

මරු හිරා
03-06-2013, 07:18 AM
:cool:

shashi1987
03-06-2013, 08:28 AM
නියම පෝසට් එකක් යාළුවා...

nirmalrv8
03-06-2013, 04:21 PM
You must spread some Reputation around before giving it to nirmalrv8 again.
අවුලක් නෑ මචා දෙන්න try කළාට ස්තූතියි :heartbeat:

Eranga 44
03-06-2013, 04:33 PM
:cool:

chathurazeez
03-06-2013, 06:50 PM
:cool:

yohan
03-06-2013, 06:54 PM
:cool:

PRASAD SAMPATH
03-06-2013, 08:45 PM
:cool: